BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා රු. කෝටි හතරකට (4) අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
(02.07.2026 – hirunews.lk)
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද ප්‍රදර්ශනයකදී විකිණීමට තිබෙන වාහන විකුණා දෙන බව පවසා රු. කෝටි හතරකට (4) අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(2) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
මෙම සැකකරු මෙලෙසම ජාවාරම් කරන ලද වාහන සම්බන්ධයෙන් නඩුවක් හෝමාගම අධිකරණයද පවතින බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
සිද්ධියට අදාලව වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරු ව්‍යාජ නමක් භාවිතා කරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ප්‍රදර්ශනවලදී විකුණා ගැනීමට නොහැකි වාහන විකුණා දෙන බව පවසා මෙලෙස මුදල් වංචා කර ඇති බවයි.
සිද්ධියට අදාල සැකකරු එම අනුස්මරණ ශාලාව තුළ පවතින ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශන කුටි දෙකක් (2) පවත්වාගෙන යමින් වාහන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයා සහ වාහනය විකුණන පුද්ගලයාද මුණ ගැස්වීමට සලස්වා මෙම ජාවාරම සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වන බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ෴
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් රු. ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා (2) රිමාන්ඩ්
(02.07.2026 – hirunews.lk)
ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක් ඔස්සේ ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවල තිබූ රු. ලක්ෂ 84 ක මුදලක් ලබාගෙන වෙනත් ගිණුම්වලට යොදවා වංචා කළ බව කියන සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙක් (2) ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(2) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කරනු ලැබුවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කඳුරුවෙල ප්‍රදේශයේ පදිංචි ‘කේ. ප්‍රේමලාල්’ සහ ‘තරිඳු දිල්ෂාන්’ නමැති පුද්ගලයන් දෙදෙනෙක් (2).
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙලෙස ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතු තිබූ රු. ලක්ෂ අසූ හතරක (84) මුදල් ලබා ගෙන වෙනත් ගිණුම්වලට දමා වංචා කර ඇති බවයි ෴
අල්ලස් ගත්තැයි ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනෙක් (2) රිමාන්ඩ්
(02.07.2026 – hirunews.lk)
රුපියල් 5,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවකු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කරනු ලැබුවා.
පුද්ගලික අලෙවි ආයතනයකට අයත් වෙළෙඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා මහනගර සභාවට ගෙවිය යුතු බදු මුදලට අදාළ ලේඛන කඩිනමින් ලබාදීමේ පොරොන්දුව මත සැකකරුවන් රුපියල් 5,000 ක අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
සිද්ධියට අදාල දෙවන (2) සැකකරු ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබා දීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැමැත්ත පළ කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ෴
පැය 4 ක ප්‍රකාශයක් ලබා දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CID යෙන් පිටවෙයි
(02.07.2026 – hirunews.lk)
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘වරුණ ජයසුන්දර’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එතැනින් පිටව ගොස් තිබෙනවා.

‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා ෴
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
(02.07.2026 – hirunews.lk)
රාජ්‍ය ආයතන වෙත බැංකු කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ නව පහසුකම හදුන්වාදීමේ සමාරම්භක උත්සවය තිබිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (02) පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් ආවරණය වන පරිදි ක්‍රෙඩ්ට් හා ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමට අවස්ථාව සැලසෙන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ ෴
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
(02.07.2026 – 17:36 +0530 – sinhala.adaderana.lk)
සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ මෙම සංශෝධන නියෝග නිකුත් කර ඇති අතර, ඒවා ජුනි 23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
නව සංශෝධන අනුව, සීනි අන්තර්ගත දියර ආහාරවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන් හඳුන්වා දී තිබේ.
එමෙන්ම, වීදුරු බෝතල්වල ඉඩකඩ සීමිත අවස්ථාවල භාවිත කළ හැකි විකල්ප ලාංඡනයක් ද හඳුන්වා දී ඇත.
මෙම සංශෝධන මඟින් “ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට” (Business to Business) සැපයෙන ආහාර නිෂ්පාදන සඳහා ද නව අර්ථ නිරූපණයක් ඇතුළත් කර ඇති අතර, එවැනි නිෂ්පාදන සෘජුව පාරිභෝගිකයන්ට අලෙවි නොකර තවදුරටත් සැකසුම්, පිළියෙළ කිරීම හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත කරන ආහාර ලෙස අර්ථ දක්වා තිබේ.
නියෝගයට අනුව මිලිලීටර් 100 ක සීනි ග්‍රෑම් 8.0 ට වැඩි බීම සඳහා රතු වර්ණයත්, ග්‍රෑම් 2.5 සිට 8.0 දක්වා ඇම්බර් වර්ණයත්, ග්‍රෑම් 2.5 ට අඩු බීම සඳහා කොළ වර්ණයත් යොදාගත යුතු බව නව උපලේඛනයේ සඳහන් වේ.
ජිවිත අවදානමේ හෙලන පිටකොටුවේ පදික වෙළඳුන් – බලධාරීන් නම් නිහඬයි (02.07.2026)
+
ණය කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක් අපි (02.07.2026)
+
වෛද්‍යවරු වහාම මාධ්‍ය කැඳවයි – රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා යනවා (02.07.2026)
+
ඔයාගේ පොඩි එකා හැමවෙලේම ෆෝන් එකේද? – එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ දැනටම ඔබ පරක්කුයි (02.07.2026)
+
වාහනයක් ගන්න ඉන්න ඔබට ආයෙත් ප්‍රශ්නයක් – මොකද්ද මේ අලුත් 40% කතාව (02.07.2026)
+
රටේ නීති දෙකක් ක්‍රියාත්මක වීම භයානක දෙයක් | සලේ ගැන විමර්ශන ස්වාධීනව කරනවා නම් හොඳයි : පාඨලී (02.07.2026)
+
“ඉහල මැදි ආදායම් ලබන රටක් වුණත් දරිද්‍රතාවය දෙගුණ වෙලා” | ලංකාවට ලැබුණු සහතිකය ගැන හර්ෂ කට අරියි (02.07.2026)
+
“මිහින්තලේ හාමුදුරුවෝ එක්ක ප්‍රශ්ණයක් තියෙනවා නම් ඒක වෙනම බේරගන්න”| සිවිල් ක්‍රියාකාරීන් සැරවෙයි (02.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴