විදේශ විනිමය වංචා පිටුපස ඇති තිත්ත ඇත්ත සඟවා මහජනයාට විහිළු කිරීම දුෂ්ඨ ක්‍රියාවක් – ජාතික සංවිධාන කියයි

විදේශ විනිමය වංචා පිටුපස ඇති තිත්ත ඇත්ත සඟවා මහජනයාට විහිළු කිරීම දුෂ්ඨ ක්‍රියාවක් – ජාතික සංවිධාන කියයි


විදේශ විනිමය වංචා පිටුපස ඇති තිත්ත ඇත්ත සඟවා මහජනයාට විහිළු කිරීම දුෂ්ඨ ක්‍රියාවක් – ජාතික සංවිධාන කියයි

(01.07.2026 – lankaleader.com)

ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය වංචා සිදුවන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය මුල්කරගෙන එම වංචාකරුවන් හෙළිදරව් කළ යුතු බවට විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන් :

“ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම උගුරට හොරා බෙහෙත් බොන්න හදනවා. විනිමය වංචාවලට හේතුවෙන ඇත්ත හේතුව සඟවනවා. විශේෂයෙන්ම හාස්‍යයට කරුණ වන්නේ මේ ගැන රවි කරුණානායක මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කිරීම. රනිල් වික්‍රමසිංහ මහතා 2017 දී රවි කරුණානායකව විදේශ විනිමය වංචා නඩුවෙන් ගලවා ගැනීම සඳහා නව විදේශ විනිමය පනතක් ගෙනාවා. ඒ මගින් විනිමය වංචා අපරාධ වරදවල් ලෙස සැලකීම ලිහිල් කළා. ඒ නිසා නව පනත යටතේ රවි කරුණානායකට විරුද්ධව තිබූ නඩු කටයුත්ත අහෝසි වුනා. එහෙම නැතිනම් අද ඔහු ඉන්න ඕනෙ පාර්ලිමේන්තුවේ නොවෙයි, හිර ගෙදර.

මීට පෙර හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හෙළිදරව් කළා ඩොලර් බිලියන 50 ක් විදේශ රටවල රඳවාගෙන සිටින බවට. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ පනත අහෝසි කරලා නැවත තිබුන පනත බලාත්මක නොකර විනිමය වංචා පාලනය කරන්න බැහැ කියන එක ආණ්ඩුව පිළිගන්න ඕන.”


රවි සහ ශානිට බරපතල පාස්කු චෝදනා | විමර්ශනයේ රහස් මෙන්න (30.06.2026)

+

උසස් පෙල නඩුවට මොකද වෙන්නේ ? මෙන්න විශේෂ දැනුම්වත් කිරීම (01.07.2026)

+


ඒක ගිහිං සුරේෂ් සලේගෙන් අහගන්න – ගම්මන්පිලගේ මාධ්‍ය හමුව උණුසුම් වෙයි (02.07.2026)

+


ශ්‍යාමා රු. ලක්ෂයකට රූම් එක ගත්තෙ ඇයි? හැමෝම හංඟපු ඇත්ත, මාධ්‍යවලින් කිව්ව කතා බොරු! (02.07.2026)

+


පියා අන්තරාදායක අඩවියක….? පල්ලේගම හිමිගේ මීළඟ සැලසුම? පියාට රු. කෝටියක් දුන්නාද? (02.07.2026)

+


ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට දැනුම්දීමක්

(02.07.2026 – 13:04 +0530 – sinhala.adaderana.lk)

ලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස එළැඹෙන සැප්තැම්බර් 30 වනදාට පෙර ලියාපදිංචිය සිදුකළ යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා ‘අද දෙරණ’ට සඳහන් කළේ, ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් මේ දිනවල සමීක්ෂණයක් සිදුකරන බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා :

“දැනට ශ්‍රී ලංකාව පුරාම තිබෙන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන ලියාපදිංචි නොවීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාම දැනුවත්කරලා තමන්ගේ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් තිබෙන මූලික තොරතුරු ලබා ගැනීමේ සමීක්ෂණයක් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. මේ වන විට එම තොරතුරු ලබා නොදුන් දැනටත් වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන පවත්වගෙන යන කෙනෙක් ඉන්නවානම් අපි ලබා දී තිබෙන ගූගල් පෝරමය පුරවා එම තොරතුරු අපිට ලබා දෙන්න පුළුවන්. මේ ලියාපදිංචිය වැදගත් වෙන්නේ ඉදිරියේදී රජය විසින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවන විශේෂ වැඩසටහන් වෙනුවෙන් ඒ අයට දායකත්වය ලබා දෙන්න පුළුවන්. වැඩිහිටියෝ පස් දෙනෙක්ට (5) වඩා නේවාසික රැකවරණය දෙන කෙනෙක් ලියාපදිංචි නොවෙනවානම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ සියලු දෙනාට පුද්ගලිකව ලිපි යොමු කරලා තියෙනවා සැප්තැබර් 30 දිනට කලින් ලියාපදිංචි කටයුතු සිදු නොකළොත් අපි ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට. දැනට වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාව පවත්වාගෙන යන දැනට ලියාපදිංචි නොවුණු 311 ක ලේඛනයක් තියෙනවා. ඒ 311 ටම අපි පුද්ගලිකව ලිපි යොමු කරලා තියෙනවා” ෴


මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

(02.07.2026 – 12:42 +0530 – sinhala.adaderana.lk)

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඊ-ආර්ථික සංගණනය’ (e-Census 2026) ආරම්භ කර තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වන්නේ රටේ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ නවතම සහ විශ්වසනීය සංඛ්‍යාන තොරතුරු සම්පාදනය කිරීමය.

දත්ත මත පදනම් වූ ආර්ථික සැලසුම්කරණයකට ශක්තිමත් පදනමක් සපයන මෙම සංගණනය, රටේ පවත්නා සියලුම කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ හා සේවා කටයුතු ආවරණය කරමින් ක්‍රියාවට නැංවේ.

මෙම සංගණනයේ පළමු අදියර ලෙස, සේවක සංඛ්‍යාව 50 හෝ ඊට වැඩි විශාල පරිමාණ ආයතනවල තොරතුරු රැස් කිරීම ඊයේ (01) සිට ආරම්භ කර ඇත.

මෙම නවීන ඩිජිටල් ක්‍රමවේදය යටතේ අදාළ ආයතනවලට අන්තර්ජාලය ඔස්සේ ආරක්ෂිතව, පහසුවෙන් සහ කාර්යක්ෂමව, තමන්ට පහසු වේලාවක ඕනෑම ස්ථානයක සිට ස්වාධීනව තොරතුරු ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා දී තිබේ.

මෙමඟින් දත්ත රැස්කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්, පිරිවැය-ඵලදායී සහ පරිසර හිතකාමී වන අතර, තොරතුරුවල නිරවද්‍යතාව මෙන්ම කාලීනභාවය ද ඉහළ නැංවීමට ඉමහත් දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊ-සංගණනය මඟින් රැස් කරනු ලබන මෙම දත්ත, ජාතික සංවර්ධන සැලසුම්කරණය, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය, ආයෝජන ප්‍රවර්ධනය සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කරනු ලබයි.

මෙලෙස ලබාදෙන සියලුම තොරතුරු සංගණන ආඥාපනත සහ සංඛ්‍යාලේඛන ආඥාපනත යටතේ පූර්ණ රහස්‍යභාවයෙන් ආරක්ෂා කරන බවද සඳහන් වේ.

මෙම තොරතුරු සංඛ්‍යානමය කටයුතු සඳහා පමණක් භාවිත කරන අතර, පුද්ගල හෝ ආයතන මට්ටමේ කිසිදු තොරතුරක් බාහිර කිසිදු පාර්ශ්වයකට අනාවරණය නොකරන බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

මෙම ක්‍රමවේදය යටතේ තොරතුරු ලබාදීමට අපේක්ෂා කරන, සේවක සංඛ්‍යාව 50 හෝ ඊට වැඩි සියලුම කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ හා සේවා ආයතන, ප්‍රථමයෙන් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස ලියාපදිංචි විය යුතුය.

ලියාපදිංචියෙන් අනතුරුව, අදාළ ආයතනය සඳහාම සකස් කරන ලද විශේෂිත සබැඳියක් ඊ-තැපෑල මඟින් ලබාදෙන අතර එය භාවිත කරමින් සංගණන තොරතුරු සෘජුවම මාර්ගගතව ලබාදිය හැකිය.

Press Note_Sinhala (1) by poornima


නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

(02.07.2026 – 08:34 +0530 – sinhala.adaderana.lk)

නව යොවුන් වියේ දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට පාසල් ළමුන් සහ විශ්වවිද්‍යාල ළමුන් අතර ද ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

“HVI සහ STI (Sexually Transmitted Infections) කියන ලිංගාශ්‍රිතව බෝවන රෝග සම්බන්ධයෙන් විශේෂයෙන් නව යොවුන් තරුණ තරුණියන් අතර, පෙර වසරවලට සාපේක්ෂව යම් වැඩිවීමක් තියෙනවා. ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකකය විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සමහර පාසල් සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තියෙන නිසා සහ සමහර විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන නිසා, අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡා කරලා, ළමා කටයුතු අමාත්‍යවරියත් සම්බන්ධ වුණා. රජය හැටියට අදාළ පාර්ශ්වයන් එකතු කරගෙන තිබෙන ප්‍රවණතාවයන් වළක්වා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. සමහර අය නොදැනුවත්ව ගොදුරු වූ බව ඔවුන්ගේ පැත්තෙන් කිව්වා.”

මේ අතර සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තිරවලට අධික ලෙස ඇබ්බැහි වීම මඟින් දරුවන් පසුකාලිනව විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹවීමේ ප්‍රවණතාවක් පවතින බව මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම මඟින් මොළයේ සිදුවන රසායනික සංයුතීන්ගේ වෙනස්වීම් හේතුවෙන් දරුවන් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹිය හැකි බවය ෴


තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

(02.07.2026 – 06:05 +0530 – sinhala.adaderana.lk)

තවත් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිවේදනයක් නිකුත් කර තිබේ.

1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව Infinity Rover (Pvt) Ltd විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.

ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන / යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.

  1. Tiens Lanka Health Care (Pvt) Ltd
  2. Best Life International (Pvt) Ltd
  3. Mark – Wo International (Pvt) Ltd
  4. V M L International (Pvt) Ltd
  5. Global Lifestyle Lanka (Pvt) Ltd
  6. Fast3Cycle International (Pvt) Ltd
  7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
  8. OnmaxDT
  9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
  10. Fastwin (Pvt) Ltd
  11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
  12. Ride to Three Freedom (Pvt) Ltd
  13. Qnet/ Questnet
  14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
  15. Ledger Block
  16. Isimaga International (Pvt) Ltd
  17. Beecoin App and Sunbird Foundation
  18. Windex Trading
  19. The Enrich Life (Pvt) Ltd
  20. Smart Win Entrepreneur (Pvt) Ltd
  21. Net Fore International (Pvt) Ltd./ Netrrix
  22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
  23. SGO/sgomine.com
  24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
  25. Infinity Rover (Pvt) Ltd

ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ

(02.07.2026 – hirunews.lk)

හෝමාගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව රුපියල් විසි පන්දහසක (25,000) දඩ මුදලක් ගෙවන ලෙසට නියම කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

හෝමාගම ඩිපෝ පරිශ්‍රයේ බස් රථ අලුත් වැඩියා කටයුතු වලින් පසුව ඉවතලන ටයර් , යකඩ හා වෙනත් උපකරණ තුළ ඩෙංගු මදුරු කීටයින් ඇති බවට මීට මාස දෙකකට (2) පමණ පෙර අනාවරණය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අවවාද කොට යහපත් ප්‍රතිචාරයක් නොවීම නිසා රතු නිවේදන පවා නිකුත් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.

එහෙත් එහි පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දැක්වූ නොසැලකිළිමත් භාවය නිසා පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමඟ ඉහත ස්ථානවල වැසි ජලය එක්රැස් වී විශාල වශයෙන් ඩෙංගු මදුරු කීටයින් බෝ වී දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත වී තිබුණා.

ඒ අනුව පසුගිය දා පිටිපන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීත් නිලධාරීතුමා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිදුකළ හදිසි ඩෙංගු පරීක්ෂාවේ දී යළිත් වරක් මදුරු කීටයින් සහිත ස්ථාන බොහොමයක් හමුවී ඇති බවයි වාර්තා වෙන්නේ ෴


ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක (3) ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග

(02.07.2026 – hirunews.lk)

නියමිත නිෂ්පාදන දින, කල් ඉකුත් වීමේ දින ඇතුලු ඇසුරුම් දවටනයේ නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දක්නට නොලැබුණු චීන ආහාර විකුණන ලද සුපිරි වෙළඳසැල් තුනක් 3 ක එම ආහාර සියල්ල විනාශ කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (02) නියෝග නිකුත් කළා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න හමුවේදී යි.

එක් වෙළඳසලකට රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් නියම වූ අතර අනෙක් වෙළඳසල් දෙකට (2) රු. ලක්ෂ තුනක (300,000) දඩ මුදලක් නියම කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාලව චීන ආහාර නිෂ්පාදනය කරන ලද වෙළඳසැල් අටක් (8) වැටලීම් කළ බවයි.

එම වැටලීම්වලදී සිද්ධියට අදාල වෙළෙදසල් තුනෙහි (3) අලෙවි කිරීමට තිබූ කිසිදු ආහාර ද්‍රව්‍ය දවටනයක එම නිෂ්පාදනය පිළිබඳ කිසිදු තොරතුරක් දක්වා නොතිබුණ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල වෙළඳසැල් තුනෙහි (3) දක්නට ලැබෙන සියලු ආහාර විනාශ කරන ලෙසට නියෝග කළා.

මෙම සිද්ධියට අදාලවම ඊයේ(1) දින අධිකරණයේදී මෙම සංකීර්ණයේ වෙළෙඳසලකට රු. ලක්ෂ තුනක (300,000) දඩයක් නියම කළ බවට පාරිභෝගික අධිකාරිය දන්වා සිටියා.

කොළඹ 3, ආර්.ඒ. ද මැල් මාවත සංකීර්ණයේ පිහිටා තිබූ චීන ආහාර නිෂ්පාදනය කරන ලද වෙළඳසැල්වලට මෙලෙස දඩ මුදල් නියම විය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *