රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23 ක් භාෂාත්‍රයෙන්ම අන්තර්ජාලයට
රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23 ක් භාෂාත්‍රයෙන්ම අන්තර්ජාලයට
(01.07.2026 – sinhala.lankanewsweb.net)
- ජුලි මස 01 දින සිට 05 වන දින දක්වා යෙදී ඇති රාජ්‍ය භාෂා සතියට සමගාමීව රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් භාෂාත්‍රයෙන්ම අන්තර්ජාලයට
- රජයේ කාර්යාලයකට පැමිණ තමා දන්නා භාෂාවෙන් කිසියම් අවශ්‍යතාවක් ඉටු කරගැනීමට නොහැකි වුවහොත් එම පුරවැසියාට තමන් මේ රටේ කොන්වුණු, දෙවැනි පෙළ පුරවැසියෙක් හැටියට දැනෙනවා. – රාජ්‍ය පරිපාලන ඇමති මහාචාර්ය චන්දන අබයරත්න
- සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට නම්, සෑම පුරවැසියෙකුටම තම භාෂාවෙන් රාජ්‍යය සමඟ සම්බන්ධවීමේ අයිතිය ප්‍රායෝගිකව තහවුරු කළ යුතුයි. – අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර
අමාත්‍යවරුන් දෙපල මෙම අදහස් පළ කළේ ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ රජයේ කාර්යාලවල මහජන සේවා සඳහා භාවිත වන පොදු ආකෘති පත්‍ර 23 ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර අන්තර්ජාලයට මුදාහැරීමේ විශේෂ සමාරම්භක උත්සවය අද (ජූලි 01) පෙරවරුවේ කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි නිල මැදුර ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී ය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ ගරු රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින්
https://moha.gov.lk/ වෙබ් අඩවිය හරහා මෙම ත්‍රෛභාෂා ආකෘති පත්‍ර සමූහය නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘eForms System’ ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ දියත් කර ඇත. වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන මඟින් හා ග්‍රාම නිලධාරී කාර්යාල ඔස්සේ මහජනතාව වෙත සේවා සැපයීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුතු ඉඩම්, සමාජ සේවා සහ විවිධ බලපත්‍ර ලබාගැනීමට අදාළ පොදු ආකෘති පත්‍ර 23ක් මෙලෙස භාෂාත්‍රයෙන්ම සකස් කර තිබේ. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් ස්වදේශ කටයුතු අංශයේ විශේෂ කමිටුවක් විසින් මෙම ආකෘති පත්‍ර සම්පාදනය කර ඇති අතර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් භාෂාත්‍රයට පරිවර්තනය කර ඇත.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූලව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශයේ පූර්ණ දායකත්වයෙන් යුතුව සකස් කරන ලද අතර ජුලි මස 01 දින සිට 05 වන දින දක්වා යෙදී ඇති රාජ්‍ය භාෂා සතියට සමගාමීව මෙම ආකෘති පත්‍ර රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය ස්වදේශ කටයුතු අංශයේ නිල වෙබ් අඩවිය වන
https://moha.gov.lk/ වෙත වෙබ් අඩවියට වෙත මුදා හැරීම මෙහිදී සිදු විය.
මෙහිදී රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ මෙම පියවර රටේ ශිෂ්ටත්වයේ ප්‍රමාණය මැනිය හැකි සන්ධිස්ථානයක් බවත් රජයේ කාර්යාලයකට පැමිණ තමා දන්නා භාෂාවෙන් කිසියම් අවශ්‍යතාවක් ඉටු කරගැනීමට නොහැකි වුවහොත් එම පුරවැසියාට තමන් මේ රටේ කොන්වුණු, දෙවැනි පෙළ පුරවැසියෙක් හැටියට දැනෙන බවයි.
වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසී ය :
“මිනිසුන් වඩාත් ශිෂ්ටසම්පන්න සබඳතාවලට අවතීර්ණ වෙලා තවම කෙටි කාලයයි වන්නේ. ඒ කාලය තුළත් වැඩිපුරම තිබුණේ ගැටුම්. ලෝකයේ ප්‍රධාන ආගම්වල හර පද්ධතීන් ගැන අපි හොඳින් දැනගෙන සිටියත්, මානව උන්නතිය වෙනුවෙන් ඉටු කළ යුතු යම් යම් අතිශය සංවේදී සහ තීරණාත්මක කරුණු වලදී අපි අවධානය යොමු කරලා තියෙන්නේ ඉතාම අඩුවෙන්.”
ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’ පොතේ සිලිඳුගේ නඩු විභාගය සිහිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ භාෂාව නොදැනීම නිසා එදා සිටම පුරවැසියා අසරණ වූ බවයි. එමෙන්ම වර්තමානයේ පවතින ආකෘති පත්‍රවල භාෂාව සිංහල ජනතාවට පවා ඇතැම් විට තේරුම් ගැනීමට අපහසු බවත්, ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් සහ වැඩිහිටි දීමනා අයදුම්පත් පවා වයෝවෘද්ධ ප්‍රජාවට තනිවම පුරවා ගැනීමට නොහැකි තරම් සංකීර්ණ බවත් ඔහු පැවසීය. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට පැවත එන ක්‍රමවේදයන් සහ ආකෘති පත්‍ර රැසක් තවදුරටත් වෙනස් විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.
“මේ වෙනස්කම් ඔක්කොම එකවරම කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් අද තබන මේ පියවර, අනාගතයේ දැවැන්ත පරිවර්තනයක් සඳහා දායක වෙයි. මෙවැනි පියවරකින් අපට ජාත්‍යන්තර තලයේදී තිබුණු යම් යම් කළු පැල්ලම් ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම පුරවැසියන්ට තමන් සමාන ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේක දැවැන්ත, යෝධ පියවරක්.”
මෙහිදී විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට නම්, සෑම පුරවැසියෙකුටම තම භාෂාවෙන් රාජ්‍යය සමඟ සම්බන්ධවීමේ අයිතිය ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නානායක්කාර මහතා මෙසේ ද අවධාරණය කළේ ය :
“අපේ රටේ පැවති යුද්ධය ඇතිවීමට භාෂා ගැටලුව ප්‍රධාන හේතුවක් වුණා. රාජ්‍ය ආයතනයක කිසියම් රාජකාරියක් ඉටු කර ගැනීමේදී තමන් දෙවන පුරවැසියෙක් යන්න නොව සියලු දෙනා සමානයි යන හැඟීම ඇති විය යුතුයි. ආකෘති පත්‍ර 23 ක් භාෂා තුනකින් ලබාදීම සමහරුන්ට කුඩා කාර්යයක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා, මේ වගේ කුඩා පියවර තමයි විශාල සමාජ පරිවර්තනයන්ට මූලික වන්නේ කියලා.
බහු සංස්කෘතික, බහු භාෂාමය සහ බහු ආගමික සමාජයක් ලෙස ශ්‍රී ලංකාව තුළ සෑම පුරවැසියෙකුටම තම මව් භාෂාවෙන් රාජ්‍ය සේවාවක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීම රාජ්‍යයේ මූලික සමාජ වගකීමක්. පුද්ගලයකු රාජ්‍ය ආයතනයකට පැමිණෙන විට, තමන්ගේ භාෂාව නිසා බියක්, අපහසුතාවයක් හෝ අහිමි වීමේ හැඟීමක් ඇති විය යුතු නැහැ. රාජ්‍යය කියන්නේ සියලු දෙනාට අයත් පොදු නිවසක්. ඒ නිසා එහි දොරටු සියලු භාෂා වලින් විවෘත විය යුතුයි. අනාගතයේ දී සියලු ජන කොටස්වලට විශ්වාසනීය සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට නම්, මෙම වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යා යුතුයි.”
මෙම නව වැඩපිළිවෙළ යටතේ රජයේ ඉඩම් ලබාගැනීම, අනවසර ඉඩම් නියාමනය, ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත්, වැඩිහිටි හා ආබාධිත දීමනා, වගා හානි ආධාර මෙන්ම විවිධ දැව හා කැනීම් බලපත්‍ර ලබාගැනීමට අදාළ අයදුම්පත් මින් ඉදිරියට ඕනෑම අයෙකුට වෙබ් අඩවියෙන් පහසුවෙන් බාගත කරගත හැක.
ඉදිරියේදී මෙම ආකෘති පත්‍ර කාර්යක්ෂමව භාවිත කිරීම සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කරමින් විශේෂ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද රජය සැලසුම් කර ඇත ෴
මාලිමා ගල් අඟුරු ඩීසල් මාෆියාව පැලවත්තේ හොරකම සංඛ හෙළිකරයි ! (01.07.2026)
+
ඩඩ්ලි ද වසන්තට කිව්වෙ, හාල් ලීසිං ක්‍රමේට දෙන්ඩ කියලා ? (01.07.2026)
+
ජේවීපීකාරයෝ දැන් වංසේ කබල්ගාන්නේ ඇයි ? (01.07.2026)
+
කැමරාව අතින් වැසූ ලාල්කාන්තගේ වියරු මානසිකත්වය (01.07.2026)
+
සලේ හදිසියේ උපවසාය අත් හැරියේ ඇයි? කටාගෙන් සල්ලි ගත් පොලිස් ලොක්කෝ කැඳවන්න යයි! (01.07.2026)
+
මාලිමාවේ රදලයෝ සහ Funගොයියෝ (01.07.2026)
+
ආණ්ඩුවේ සොහොන් ලකුණු සහ විපක්ෂය දඩයම් කිරීමේ මෙහෙයුම (01.07.2026)
+
සාක්ෂි ඔක්කොම එක්ක තෙල් බවුසර් පැන්නීමේ ජවිපෙ මෙහෙයුම මෙන්න.. සංඛ චන්දිම අබේවික්‍රම හෙළිකරයි ! (01.07.2026)
+
හෙණ වැදී මිය යමින් පණ අදින ආසියාවේ කඳුළු බිංදුව (01.07.2026)
+
ඓශ්චර්‍ය ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය යළි අවුස්සයි ? (01.07.2026)
+
ධම්මරාජ මහා බෝසතානෝ : එල්නිනෝ-නියගයක් / වැස්සක් එන්නේ කවදාද? සොබාදහම ආණ්ඩු පෙරලන්නේ කාට බලය දෙන්නද? රටේ ඉන්ධන නිදි ඇති තැන් (01.07.2026)
+
ඩෙංගු අවධානම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
(01.07.2026 – hirunews.lk)
ඩෙංගු සහ වෛරස් උණ රෝග අවදානම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය අධ්‍යයන හා පරීක්ෂණ කටයුතු කල් දැමීමට සහ නේවාසිකාගාර වසා තැබීමට තීරණය කර ඇතැයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජුලි 13 වැනිදා දක්වා විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු තාවකාලිකව නවතා තැබෙන බවයි සඳහන් වෙන්නේ ෴
මෙරට සමාජය ඇතුළතින් ඛාදනය වෙමින් පවතීද? : අලුත් පාර්ලිමේන්තුව (01.07.2026)
+
මම දාපු Live එක දැකලා AG මහත්තයා ආවා – ඇවිත් කේන්තියෙන් ෆයිල් විසි කරලා – මට සතෙකුට වගේ කතා කරා (01.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴