ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34 ක් දක්වා ඉහළට
(01.07.2026 – hirunews.lk)
ජුලි 06 සිට අවම ගාස්තුව රුපියල් 34 දක්වා බස් ගාස්තු වැඩිවීම සඳහා ගමනාගමන කොමිසම සමග එකඟත්වයකට පැමිණි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඒ අනුව, කිලෝමීටර් 100 දක්වා සියයට 12 ක සහ ඊට වැඩි දුර සඳහා සියයට 20 ක ගාස්තු වැඩිවීමක් සඳහාත් එකඟත්වයකට පැමිණි බවයි ඔහු සඳහන් කළේ.
මෙම ගාස්තු සාමාන්‍ය සේවාව සහ සුඛෝපභෝගී සේවාවන් සඳහා වලංගුව වන බව ඔහු සඳහන් කළා.
එසේම ‘අර්ධ’ සහ ‘අධි සුඛෝපභෝගී’ සේවාවන් ඉදිරියේදී නොමැති බවයි සභාපතිවරයා පැවසුවේ.
+++
+
2027 වර්ෂය සඳහා තෝරා ගෙන ඇති පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි / පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබා දීමට කැබිනට් අනුමැතිය
(01.07.2026 – hirunews.lk)
එළඹෙන 2027 වර්ෂය සඳහා තෝරා ගෙන ඇති පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි / පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි / පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ 2026 වර්ෂයේ වැඩසටහන ක්‍රමවේදයන් දෙකක් (2) යටතේ මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
2027 වර්ෂය සඳහා වන පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහන 2026 තෙවන (3) පාසල් වාරය අවසානය වන විට නිම කිරීම සඳහායි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයේ ප්‍රගතිය මත පදනම්ව බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත්වලට අදාළව දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් පාසලටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීම සඳහාත්, මධ්‍යම, උතුර, උතුරුමැද හා ඌව යන පළාත්වලට අදාළව වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහාත්, තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා එක් අයෙකුට රුපියල් 3,000 ක වටිනාකමින් යුත් තිළිණපතක් බැගින් ලබා දෙමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා ෴
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ : කැබිනට් ප්‍රකාශක
(01.07.2026 – hirunews.lk)
මෙම ජූලි මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි ෴
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න : අධිකරණයෙන් නියෝග
(01.07.2026 – hirunews.lk)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපදය (Password) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (01) සැකකාර සුරේෂ් සලේට නියෝග කළා.
පෙර නඩු දිනයේදී පැමිණිලිකාර පාර්ශවය ඇතුළු විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම්වලට අදාළව පිටු 23 කින් යුත් නියෝගය අධිකරණයට ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දුන්නා.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව මෙම විමර්ශනයෙන් ඉවත් කරන ලෙස ඉදිරිපත්ව තිබූ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මීට අමතරව, තෙවන (3) සැකකරු වන සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නිවැසියන් විසින් ලබා දීමට ඉල්ලා සිටි පුවත්පත් සහ ලිඛිත ද්‍රව්‍ය ලබා දීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව, අපරාධ උච්චාරණයක් නොවන ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ අතර, එවැනි ප්‍රකාශයක් කිරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බව ද දන්වා සිටියා.
මෙම සිද්ධියට අදාල පළමු (1) සහ දෙවැනි (2) සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් සාක්ෂි නොමැති බව පවසමින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, තෙවැනි (3) සැකකරුගේ නීතිඥවරයා සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට කරන ලද ඉල්ලීමට අදාළ නියෝගය ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම, මෙම සිද්ධියේ තුන්වන (3) සැකකරු වන සුරේෂ් සලේව ඉදිරි නඩු කටයුතු පවතින දිනවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ (Video Technology) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ.
මෙම නඩුකරය ලබන සැප්තැම්බර් මස 02 වන දින නැවත කැඳවීමට නියමිතයි ෴
+++
සුරේෂ් සලේ උපවාසය අත්හරී
(01.07.2026 – hirunews.lk)
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ ආරම්භ කර තිබූ උපවාසය අත්හැරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඔහුගේ නීතිඥ කණ්ඩායම විසින් සිදුකරන ලද කරුණු පැහැදිලි කිරීම් සහ උපදෙස් මතයි.
ඒ අනුව, උපවාසය අත්හැරීම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේගේ වෛද්‍ය කණ්ඩායම මෙන්ම විමර්ශන සිදුකරන නිලධාරින් ද දැනුවත් කර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වනවිට සති 3 කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි පසුවන්නේ ෴
+++
මම දැක්ක අධිෂ්ඨානශීලිම පුද්ගලයා සුරේෂ් සලේ – දවස් 26 ක් ආහාර ජලය නැතුව එයා හිටියා (01.07.2026)
+++
නීතිඥවරු සලේට සැරවෙයි – සලේ උපවාසය අත්හරී (01.07.2026)
+
කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක – විමල් වීරවංශ
(01.07.2026 – hirunews.lk)
වර්තමාන රජයේ වැඩපිළිවෙල වන්නේ දවසට දෙදෙනා බැගින් අත්අඩංගුවට ගැනීම බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ මාධ්‍යවේදීන් නැගූ පැනයට පිළිතුරු ලබා දෙමින්.
වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍යවරයා :
“කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ. රජයේ සේවකයන්ට හීන හැදුවේ තමාගේම වෙච්ච වාහනයක් ගන්න පුළුවන් අනාගතයක් හදනවා කියලා. හැබැයි දැන් අන්තිමට හාල් කිලෝ විස්සක් ණයට දෙන තත්වෙට පත්වෙලා තියෙනවා. මේ රටේ රජයේ සේවකයා තමයි පොකුරු පිටින් ගිහින් තැපැල් ඡන්දෙ පෝලිමේ දුන්නේ. අද ඒ මිනිස්සු තමයි හොරකම් කරනවා කියලා ලාල්කාන්ත ඇමති ප්‍රසිද්ධියේ කියන්නේ. එතකොට මේ තරම් රජයේ සේවකයන්ට අවමන් සහගත ලෙස ප්‍රතිචාර දක්වන පාලනයක් මීට පෙර නිර්මාණය වෙලා නැහැ. මේ තමයි ඒ අතින් කැතම පාලනය” ෴
බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් (2) අවලංගුයි
(01.07.2026 – hirunews.lk)
ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් වාර දෙකක් (2) නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි, දිනපතා පස්වරු 04:00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රිය සහ පෙරවරු 05:55 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය මෙලෙස අවලංගු කර තිබෙනවා.
මෙම දුම්රිය ගමන් වාර දෙක (2) ධාවනය කරවීම සඳහා බලවේග කට්ටලයක් නොමැති වීම මෙම තීරණයට හේතුවී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මෑත කාලයේදී දිගින් දිගටම මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු වීම් වාර්තා වීම දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින එකක් බවත්, මෙලෙස දිනපතා ධාවනය වන දුම්රිය ගමන් වාර එකවරම අවලංගු කිරීම හේතුවෙන් කැළණිවැලි මාර්ගය භාවිත කරන දෛනික මගී ජනතාව දැඩි පීඩාවකට සහ අපහසුතාවයකට ලක්ව සිටින බවත් එම නිවේදනයේ සඳහන් ෴
+++
තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ වැඩ අවසන්
(01.07.2026 – 13:23 +0530 – sinhala.adaderana.lk)
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර මාසයකට අධික කාලයක් ගතව ඇතත්, එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් තලෙයිමන්නාරම් මාර්ගයේ ස්ථාන කිහිපයක් සෝදා යාම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවය.
කෙසේ වෙතත්, මේ වන විට එම මාර්ගය පැයට කිලෝමීටර් 120 ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි පරිදි මාර්ග අංශයේ නිලධාරීන් සහ සේවකයින් විසින් යථා තත්ත්වයට පත් කර අවසන් කර ඇති බව සඳහන් වේ.
මීට පෙර තලෙයිමන්නාරම් මාර්ගයේ දිනපතා උදෑසන දුම්රිය ගමන් වාර දෙකක් (2) සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, උතුරු ප්‍රදේශයේ ජනතාව, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ මඩු දේවස්ථානය වෙත ගමන් කරන බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එම සේවාව භාවිත කළහ.
දුම්රිය එන්ජින් හිඟය ඇතුළු හේතු දක්වමින් මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත්ව ඇති බවද එම වෘත්තීය සමිතිය සඳහන් කරයි.
ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ සේවා යළි ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී ෴
සුනඛයින් සම්බන්ධ නව පනත් කෙටුම්පත ගැන ගත් තීරණය
(01.07.2026 – 17:26 +0530 – sinhala.adaderana.lk)
මෙරට ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සහ සුනඛ ගහනය විධිමත්ව පාලනය කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද “ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ” නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.
දැනට පවතින (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත එකිනෙකට ඒකාබද්ධ කරමින් මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත.
මීට පෙර 2025 සැප්තැම්බර් 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා මූලික අනුමැතිය හිමි වූ අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය (අනුමැතිය) ද ලැබී තිබේ.
+
මෙන්න පොලිසියේ වැඩ. යන්න කිව්වා ගියේ නැහැ ගැහුවා (01.07.2026)
+
මෙරට බිහිවූ ධනවාදීම ආණ්ඩුව මාලිමා ආණ්ඩුවයි – සංජීව ඉදිරිමාන්න (01.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴