අධිබලැති යතුරුපැදි පහක් (5) අතුරුගිරියෙන් අල්ලයි
(30.06.2026 – hirunews.lk)
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී අධිබලැති යතුරුපැදි පහක් (5) අත්තඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතුරුගිරිය, මාලසිංහගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදීයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම යතුරුපැදි විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද ඒවා බවයි.
යතුරුපැදි හිමිකරු ද මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
අත්අඩංගුවට ගත් යතුරු පැදි :
- BMW වර්ගයට අයත් 1000cc බලයෙන් යුත් යතුරුපැදි දෙකක් (2),
- සුසුකි වර්ගයට අයත් 1000cc, 600cc සහ 400cc ධාරිතාවයෙන් යුත් යතුරුපැදී තුනක් (3)
මෙම යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර අංක තහඩු නොමැති බවටද අනාවරණ වී තිබෙනවා.
නමුත් ඉන් යතුරුපැදි දෙකකට (2) ව්‍යාජ අංක තහඩු යොදා ධාවනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම යතුරුපැදි මෙරටට ගෙන්වන ලද්දේ කවුරුන් විසින් ද කුමන කාලයේදී ද යන්න පිළිබඳව මේ වන විටත් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
+++
+
රටම ඩෙංගු වසන්ගතයෙන් භීතියට පත්වෙද්දී – ඒකාබද්ධ විපක්ෂය හදිසියේ වහාම රැස්වෙයි (30.06.2026)
+
ත්‍රස්වාදය වැලැක්වීමේ පනත වහාම වෙනස් වෙන්න ඕනේ – පනත එපා කියන්නේ ත්‍රස්වාදයට උඩගෙඩි දෙන අය (30.06.2026)
+
මිනින්තලා හිමිට ජන ගඟක් මැද නහුතෙටම යකා වැහෙයි – ජනතාවට වගකියන 225 න් එකෙක් ආවා ඒ නාමල් (30.06.2026)
+
නි. පොලිස්පතිවරයෙක් හරක්කටා ගෙන් කප්පම් අරන්
(01.07.2026 – lankacnews.com)
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ නමැත්තාගෙන් රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගත් බවට සැක කෙරෙන දේශපාලනඥයන්, නීතිඥයන් සහ ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් පිරිසකට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) එක්ව මෙම විශේෂ ඒකාබද්ධ විමර්ශනය මෙහෙයවනු ලබයි.
සැකකාර ‘හරක්කටා’ හට රැඳවුම් භාරයේ සිටියදී විශේෂ ආරක්ෂාව සැපයීම, ඔහුට එරෙහි විමර්ශන අඩාල කිරීම සහ ආහාර පාන ඇතුළු අනවශ්‍ය වරප්‍රසාද ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල් හුවමාරු වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.
විශේෂයෙන්ම, ඔහු ඝාතනයට ලක්වීමේ අවදානමක් පවතින බව පවසමින් රැඳවුම් නියෝගවලින් ඉවත් කර බන්ධනාගාරගත කිරීමට උත්සාහ කිරීම පිටුපස ද මෙම දූෂිත ගනුදෙනු පවතින බව විමර්ශනවලදී හෙළි වී ඇත.
රුපියල් කෝටි 12 ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මහා පරිමාණ දූෂණ ජාලයේ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම පහළ ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ද මෙම ජාවාරම්කරුගෙන් මුදල් ලබාගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇත.
මීට අමතරව, පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ද විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානයට ලක්ව සිටිති.
මෙම දූෂිත අල්ලස් ජාලයට සම්බන්ධ තවත් පිරිසක් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි ෴
+++
චරිත් අබේසිංහ, බැල්කනියේ ඉඳන් ගත්ත කෝල් එක, “ඔය ඉන්නෙ කේක් ගෙඩිය වගේ” (01.07.2026)
+
ඇල්පිටියේදී අත්අඩංගුවට ගන්න ගිය සැකකරුවෙකුට වෙඩි – සැකකරු පලායයි
(01.07.2026 – 07:53 +0530 – sinhala.adaderana.lk)
ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවෙකු පොලීසියට පහර දී පලාගොස් තිබේ.
ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සඳහා කහදුව ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරුවන් විසින් පොලීසියට පහරදීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය අහසට වෙඩි තබා ඇති බව සඳහන්ය.
අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු (2) එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර නිලධාරීන් දෙදෙනෙකු (2) ඔහු ලුහුබැඳ ගොස් තිබේ.
පසුව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේ එහි සිටි එක් (1) සැකකරුවෙකු විසින් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව වාර්තා වේ.
ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලීසිය ඔහුට වෙඩි තබා ඇති අතර සැකකරුගේ අතකට වෙඩි වැදී ඇති බව සඳහන්ය.
වෙඩි වැදුණු සැකකරුට අත්විලංගු දමා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව තවත් පිරිසක් පැමිණ සැකකරු රැගෙන පලාගොස් තිබේ.
අදාළ පුද්ගලයා ඝාතන සිද්ධියකට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පවසයි.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර තියුණු ආයුධයෙන් පහර කෑම කෑමට ලක්වූ පොලිස් නිලධාරියා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය ෴
මැණික්හින්න මුතු අලියා සිව්වැනි (4) බිල්ලත් ගනී – හිමිකරුගේ බාප්පා පාන් දන්සලෙන් කෑම දෙන්න ගොස් ජීවිතයෙන් වන්දි ගෙවයි
(01.07.2026 – hirunews.lk)
කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැණික්හින්න ප්‍රදේශයේදී “මුතු” නමැති හීලෑ අලියා පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (30) රාත්‍රි 08:00 ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ මැණික්හින්න ගණදෙවි විහාර භූමිය අසලදීයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න මුදුන්කොත් ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ (අලියාගේ අයිතිකරුගේ) බාප්පා කෙනෙකු වන අතර, “මුතු” නමැති මෙම අලියා අතින් මිනිස් ජීවිතයක් අහිමි වූ සිව්වැනි (4) අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
අලියා බැඳ තිබූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ දුරින් පැවැති පාන් දන්සලකින් පාන් රැගෙන විත්, අලියාට ආහාරයට දීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබෙනවා.
අලියා පුද්ගලයාට පහර දෙන අවස්ථාවේදී අවට සිටි පිරිස් ඔහුව බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වී ඇති බව සඳහන්.
පහරදීමෙන් අනතුරුව දේහය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පැය දෙකහමාරකට (2½) ආසන්න කාලයක් ගතවී ඇත්තේ, පහරදීම සිදුකළ ස්ථානයේම අලියා දිගින් දිගටම රැඳී සිටීම හේතුවෙන්
මීට පෙරද අවස්ථා තුනකදී (3) මිනිස් ජීවිත බිලිගත් මෙම අලියා, මෙවර තමන්ව රැකබලා ගත් පවුලේම සමීපතමයෙකු මෙලෙස බිලි ගැනීම ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 පනී – මරණ 32 දක්වා ඉහළට
(01.07.2026 – 10:13 +0530 – sinhala.adaderana.lk)
2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.
ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406 ක් වී ඇති අතර, මරණ 32 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,024 ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය.
ජූනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565 ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් හමුවූ බවද වෛද්‍යවරයා කියා සිටියේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,392 ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,006 ක් රෝගීන් වාර්තා වී තිබේ.
තවමත් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමට ජනතාව සම්පූර්ණයෙන්ම කටයුතු නොකිරීම මෙයට මුලික හේතුව බවද සඳහන් කර සිටි වෛද්‍යවරයා, ඉදිරියේ දී රෝගීන් ප්‍රමාණය අවම කරගැනීමට නම් මදුරුවන් බෝවන ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතු බවද අවධාරණය කළේය.
මේ අතර වැඩි වශයෙන් ඩෙංගු ව්‍යාප්ත වී ඇත්තේ රාජ්‍ය ආයතන සහ පාසල් ආශ්‍රිතව වන බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසද වෛද්‍ය කපිල කන්නංගර මහතා ජනතාවයෙන් ඉල්ලා සිටී ෴
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
(01.07.2026 – hirunews.lk)
මෙරට කලා ක්ෂේත්‍රයට කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 84 ක්.

මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ ‘මනමේ කුමාරයා’ගේ චරිතය නිරූපණය කරමින් රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වූ ඔහු ලූෂන් බුලත්සිංහයන්ගේ ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යයේ මුල් නිෂ්පාදනයට මෙන්ම පසු නිෂ්පාදනයට ද දායක වූ කලාකරුවෙක්.
ඔහුගේ මුල්ම වේදිකා නාට්‍යය ‘මුහුදු පුත්තු’ නාට්‍යය වන අතර ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයට ද ඔහුගේ දායකත්වය හිමිවුණා.
රසිකයන් අතර අතිශය ජනප්‍රිය ‘සෝබාව දේ මෙපුර සිරි විසිතුරු’ ගීතය ඔහු පිළිබඳ නිරන්තර මතකය අවදි කරන්නක්.
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
(01.07.2026 – hirunews.lk)
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් (2) සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක ‘සුගීෂ්වර බණ්ඩාර’ ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (01) නියෝග කළා.
එදිනට ඇප ලබා දීමේ නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.
සිද්ධියට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වුණා.
ලද පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබුණා.

මෙම සැකකරු, ඉකුත් 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා එම කාල වකවානුව තුළම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් (2) සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකළ බවයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට දැනුම් දුන්නේ.
සිද්ධියට අදාලව කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
මෙම සැකකරු ඉහත සඳහන් තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිත කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ.
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴