මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුව තරුණ රියදුරන්ගේ අපරික්ෂාකාරි බවයි
මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුව තරුණ රියදුරන්ගේ අපරික්ෂාකාරි බවයි
(30.06.2026 – 18:43 +0530 – sinhala.adaderana.lk)
අන්තරාදායක සහ අපරික්ෂාකාරි රිය ධාවනය කරන පිරිසට එරෙහිව ඉදිරියේ දී රථ වාහන නීතිවලට පමණක් සීමා නොවී අපරාධ නීතිය යටතේද දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා පවසයි.
අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙරට ධාවනය වන සමස්ත වාහන සංචිතයෙන් බහුතරයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවත් බොහෝ විට ඒවා පදවන්නේ අවුරුදු 18 ත් 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවත්ය.
සිදුව ඇති මාර්ග අනතුරුවල විමර්ශන වාර්තා අනුව මෙම පිරිස රථ වාහන නීති හෝ මහජනතාව සහ පදික ජනතාව ගැන කිසිදු තැකීමකින් තොරව ක්‍රියා කරන බවට අනාවරනය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
“27 වෙනිදා ලංකාවෙන්ම අන්තරායකර, අපරීක්ෂාකාරී රිය ධාවන නඩු 321 ක් වාර්තා වෙනවා. 28 වෙනිදා 315 ක්. සුදු ඉර කපාගෙන යනවා කියන එකේ දඩ පත්‍රිකාවේ වරදක් සටහන් වෙනවා. ඒක ඒ වෙලාවෙම දඩ ගෙවලා යන්න පුළුවන්; ‘GovPay’ මඟින් ගෙවන්න පුළුවන්, හරිම පහසුයි. බරපතළ වැරදිවලටත් ඒ යටතේ තමයි අපි දඩ පත්‍රිකාව ලබා දුන්නේ. නමුත් දැන් අපි පැහැදිලිවම කියලා තියෙනවා, විශේෂයෙන්ම අන්තරායකර, අපරීක්ෂාකාරී ලෙස වාහනයක් ඉස්සර කරන්න යන අවස්ථාවල සුදු ඉර කපාගෙන යනවා නම්, එය ඉදිරියෙන් එන රථ වාහනයට අන්තරාදායක නම්, ඔහුගේ සහ මගීන්ගේ ජීවිතවලට හානියක් වෙනවා නම්, පැහැදිලිවම අපි කියලා තියෙන්නේ අන්තරාදාය සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම යටතේ ඒ අයට චෝදනා ඉදිරිපත් කරන්න කියලා. මේ යටතේ තුන් වරක් (3) අධිකරණයකදී වැරදිකරු වුවහොත් රියදුරු බලපත්‍රය අත්හිටුවීම දක්වා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.”
“අනිවාර්යයෙන්ම මේ වගේ වැරදි, එනම් අන්තරායකර සහ අපරීක්ෂාකාරී රිය ධාවනයට දඩ පත්‍රිකාවක් නොදී, අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දක්වා යන්න කියලයි අපි උපදෙස් දීලා තියෙන්නේ.”
“මේ වෙනකොට මාර්ග රිය අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව ගිය අවුරුද්දට සාපේක්ෂව 100 කින් වැඩි වීමක් තියෙනවා. මාර්ග රිය අනතුරුවල 99% ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේවාට ගොදුරු වෙන්නේ පදිකයින්.”
“විශේෂයෙන්ම මේ වගේ මාරක අනතුරු සිදු කළහොත්; මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, බරපතළ තුවාල සිදු කිරීම සහ අන්තරාදායක රිය පැදවීම යටතේ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 272 වගන්තිය අනුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා.”
“විශේෂයෙන්ම වයස අවුරුදු 18, 20 සහ 22 වයස් කාණ්ඩවල අය. සමස්ත වාහන සංචිතය ගත්තොත් 51% ක් තියෙන්නේ යතුරුපැදි; 12% ක් තියෙන්නේ ත්‍රිරෝද රථ. මේවා පදවන පිරිස ගත්තොත් අවුරුදු 18-30 වයස් කාණ්ඩවල පසුවන්නන්. මේ අය තමයි රථ වාහන නීති ගැන හෝ මහජනතාව සහ පදික ජනතාව ගැන කිසිම තැකීමක් නැතුව රිය පදවන්නේ. සමහර බස් රථ රියදුරනුත් මේ වගේ හැසිරෙනවා. ඒ අය සම්බන්ධයෙන් ඉතා දැඩිව රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමීව අපරාධ නීතියත් ක්‍රියාත්මක කරනවා”.
+++
+
රටින් පිටට ගිය ඩොලර් තොග ගැන කට්ටිය සැරටම හොයන්න පටන් අරන් | ජනපතිගේ ප්‍රකාශයට විපක්ෂය වැඩ අල්ලයි (30.06.2026)
+
කන්ද උඩ තිබූ විශාල ගලක් වැටීමෙන් | විදුලි හා දුරකථන කනු දෙකක් ගැලවී බදුල්ල-වැලිමඩ මාර්ගය හරහා වැටෙයි (30.06.2026)
+
‘හරක්කටා’ සීඅයිඩීයේ ඉන්න කාලේ වෙච්ච දේවල් – ලොක්කන්ගේ මළගෙවල්වලටත් අතදිග ඇරලා දීලා (30.06.2026)
+
1 ශ්‍රේණියට ගහපු චක්‍රලේඛය පත්තු වෙයි – ආචර්යවරු ඇවිස්සෙයි – රතු කට්ට පැනලා – චක්‍රලේකය අහෝසි කරන්න කියයි (30.06.2026)
+
තෙල් හිඟයක් රටේ මවන්න මාලිමාව ගහපු සුපිරි ගේම ? – විශේෂ හෙළිදරව්ව (30.06.2026)
+
මේ කොම්පැනියත් අර ගල්අඟුරු කොම්පැනිය වගේම එකක් තමයි (30.06.2026)
+
වසන්ත සමරසිංහගේ වටෙටම පටි රෝල්… ජේවීපී හිඟන්නන්ගේ හිඟන යෝජනා (30.06.2026)
+
වෙළඳ ඇමති රජයේ සේවකයින්ගෙන් සමාව ගත යුතුයි… මේ කතාව බරපතළ අපහාසයක් (30.06.2026)
+
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ගැන සැඟවුණු කතාව (30.06.2026)
+
රඛිත ‘හරක්කටා’ එක්ක ගහපු ඩීල් ගැන කතාකරල අපිව අධිකරණයට ගෙනිච්චා. චමුදිත ඔයාගේ ගෙදරට ගැහුවෙත් දේශබන්දු (30.06.2026)
+
දවසේ වෙඩිල්ල ගේමක් බව තහවුරු වෙයි! ප්‍රබල දේශපාලකයෙකුගේ බෑනෙකුගේ බව කියන ගිනි අවියක් අල්ලයි! (30.06.2026)
+
ඊලඟට දයාසිරිද? ඇයි? (30.06.2026)
+
මේ සූදානම චන්ද මංකොල්ලයකටද? (30.06.2026)
+
මහන්සියෙන් නැගිටින මිනිහාට වටකර පහරදෙන කුහක දේශපාලනය? (30.06.2026)
+
ලක්ෂයක් මරලා හරි කඩුවෙල කුණු ටික ඇදපන් රංජන් (30.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴