සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ නිසා SJB දෙදරයි

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ නිසා SJB දෙදරයි


සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ නිසා SJB දෙදරයි

(29.06.2026 – lankacnews.com)

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පාතාල කල්ලි නායකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙම සිද්ධිය හේතුවෙන් පක්ෂයේ නායකයින් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බවත්, පක්ෂය තුළ මතභේදයක් හටගෙන ඇති බවත් වාර්තා වේ.

චරිත් අබේසිංහ වැනි පුද්ගලයන් මීට පෙර අධිකරණයෙන් දඬුවම් ලැබූවන් බව දැන දැනම ඔවුන් පක්ෂයට සම්බන්ධ කරගැනීමට මුල් වූ පිරිස පිළිබඳව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලා සිටිති.

පක්ෂය වෙනුවෙන් වසර ගණනාවක් කැපවූ ක්‍රියාකාරීන් සිටියදී, කිසිදු සොයා බැලීමකින් තොරව මෙවැනි පුද්ගලයන්ට පක්ෂයේ ඉහළ තනතුරු ලබාදීම පිළිබඳව ඔවුන් සිය අප්‍රසාදය පළ කර ඇත.

පක්ෂයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ මැදිහත්වීම මත චරිත් අබේසිංහ පක්ෂයට සම්බන්ධ කරගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

ඔහු පක්ෂයට සම්බන්ධ වී පැය 24 ක් ගතවීමටත් පෙර පක්ෂයේ ඉහළම තීරක මණ්ඩලය වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කිරීම පිටුපස කිසියම් ගනුදෙනුවක් පවතින්නේද යන්න පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව පක්ෂ ප්‍රබලයෝ පෙන්වා දෙති.

අවම වශයෙන් පක්ෂය වෙනුවෙන් කිසිදු වැඩකොටසක් ඉටු නොකළ අයෙකුට මෙවැනි වරප්‍රසාද හිමිවීම පක්ෂයේ අනන්‍යතාවයට හානියක් බව ඔවුන්ගේ මතයයි.

අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ඔහු දැරූ සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

මීට අමතරව ඔහු බහුජන බලය සංවිධානයේ ජාතික සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇති බව වාර්තා වේ ෴

+++

චරිත්+රඛිත ගැන, හර්බි අයියා (නො)කියන රහස – ආණ්ඩුව අත තියන්න බය ප්‍රබලයා? (29.06.2026)

+++

මධුවන්තිව සීඅයිඩීයෙන් හොයයි – ‍හරක් කටා වැලිසරට? – රාජුලා, පද්මේලා පන්නපු හැටි (29.06.2026)

+


IRD නිලධාරියෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(29.06.2026 – 15:33 +0530 – sinhala.adaderana.lk)

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු විසින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති බවට කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි වියෙහි පසුවන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් මීට පෙර ද මෙවැනි ආකාරයේ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය ෴


බුදුසසුන රැකගන්න බෞද්ධයාට ඇති වගකීම – පෝදා කාලින ධර්ම දේශනාව – පුජ්‍ය බලංගොඩ කස්සප හිමි (29.06.2026)

+


යාපනයේ උණුසුම් තත්ත්වයක් ඇතිවෙයි – පිරිසක් තිස්ස විහාරය වට කරයි – පොලිසියත් කැඳවයි – උණුසුම් දර්ශන (29.06.2026)

+


ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී

(29.06.2026 – hirunews.lk)

ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් දරුණු දියවැළකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි දහඅට හැවිරිදි (18) තරුණයන් පස්දෙනෙකු (5) පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) බේරාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

රාජගිරිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි 18 හැවිරිදි තරුණයන් පස්දෙනෙකු (5) මෙලෙස අනතුරට මුහුණ දී තිබුණා.

ඔවුන් ගල්කිස්ස වෙරළේ දිය නාමින් සිටියදී එකවරම මතු වූ ප්‍රබල දියවැළකට හසුව මුහුද දෙසට ගසාගෙන ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරිවල නිරතව සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් පිරිසකගේ ඇස ගැටී ඇත්තේ තරුණයන් පිරිස උදව් ඉල්ලා කෑගසන හඬයි.

ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් (38788) නාගහවත්ත, පොලිස් කොස්තාපල් (31996) කසුන් සහ පොලිස් කොස්තාපල් (98684) කොඩිතුවක්කු යන ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායම වහාම මුහුදට පැන, ගසාගෙන යමින් සිටි තරුණයන් පස්දෙනාම (5) නිරුපද්‍රිතව වෙරළට රැගෙන ඒමට සමත්ව තිබූ බවයි පොලිසිය පවසන්නේ.

වෙරළට රැගෙන ආ තරුණයන් පිරිස වෙත ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් වහාම අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදීමටද පියවර ගෙන තිබුණා ෴


සලේගේ බිරිඳ ගැන, කවුරුත් නොකියන තිත්ත ඇත්ත, සලේගේ පළිගැනීමේ සැළසුම එළියට? (29.06.2026)

+


ඉරිසියාවට කෑගහනවුන්ගෙ කතා නං වැඩක්ම නෑ (29.06.2026)

+

හාල් කිලෝ 20 ක් මාසෙකට ගෙවන්ඩ ගන්ඩ අපි හිඟන්නොද බං (29.06.2026)

+

අන්තිමට, ජේවීපීකාරයින්ට ගමේ ගොවියො කසිප්පුකාරයො වුණා (29.06.2026)

+


අනුරට බැරි ටිල්වින් හින්දද? (29.06.2026)

+

Mr. කොත්තු ඊලගට ගුටි කන්නෙ කවුද? (29.06.2026)

+


පාස්කු විමර්ශනයේ මෙතෙක් සැඟවූ මහා සාක්ෂි විනාශය (29.06.2026)

+

ත්‍රීවීල් පුරපතිත්, කැලී බල්තසාර්ට වඩා දෙයක් කොළඹට කලා! (29.06.2026)

+


ගඳ ගහන කොළඹ තැබීමට ගිය පොසොන් කලාපයට වෙච්ච වැඩේ (29.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *