පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට ඩිජිටල් මගපෙන්වීමක්

පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට ඩිජිටල් මගපෙන්වීමක්


පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට ඩිජිටල් මගපෙන්වීමක්

(28.06.2026 – 20:04 +0530 – sinhala.adaderana.lk)

පොසොන් සමයේ අනුරාධපුර නගරය වෙත පැමිණෙන සැදැහැවතුන්ට අපහසුතාවකින් තොරව සිය වන්දනා කටයුතු සිදුකරගැනීමට අත්වැලක් වෙමින් ‘ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය’, ‘මනුසත් දෙරණ’ හා එක්ව ඩිජිටල් මගපෙන්වීමක් සිදුකර තිබේ.

පොසොන් වන්දනා “posonvandana” ජංගම දුරකථන යෙදවුම ඔස්සේ වාහන නැවතුම් ස්ථාන පිළිබඳ තොරතුරු, දන්සැල් පවතින ස්ථාන පිළිබඳ තොරතුරු ඇතුළු තොරතුරු රැසක් සැදැහැවතුන්ට දැනගැනීමට ඉඩ සැලසේ.
( https://posonvandana.lk/ )

මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සල් 18,000 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18,129 ක් ලියාපදිංචි වී ඇති බවය.

එමෙන්ම අනුරාධපුර පුදබිම වෙත පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් රැසක් සූදානම්කර ඇති අතර පොසොන් කමිටුව ඉල්ලා සිටින්නේ නිසි පරිදී කසළ බැහැර කරමින් පූජා නගරය පිරිසිදුව තබාගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙසය.

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන සැදැහැවතුන්ට දිරන කසළ සහ නොදිරන කසළ ක්‍රමවත් ලෙස බැහැර කිරීම සඳහා කසළ මළු බෙදාදීමේ වැඩසටහනක් මනුසත් දෙරණ තවත් ආයතන කිහිපයක් සමඟින් අත්වැල් බැඳගනිමින් දියත් කර තිබේ.

හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කිරීමට නියමිත අතර පොසොන් කලාප ආශ්‍රිතව ඇති වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් ද පොසොන් සතිය පුරා පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

මේ අතර අරුණ පුවත්පත සංවිධාන කළ 2026 පොසොන් කලාපය මෙවර පැවැත්වෙන්නේ මුල්කිරිගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමිනි.

+


කොළඹ ගඳයි කැතයි කුණු පිරිලා විනාසයි ! (28.06.2026)

+


මේක මේ ජේවීපී ආණ්ඩුවේ සත්භාවය ගැන බරපතළ ප්‍රශ්නයක් (28.06.2026)

+

චරිත්ගේ සිද්ධිය සජබයට අදාළ නෑ (28.06.2026)

+


පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විවාදයේදී උත්තර නැති වූ ප්‍රශ්න (28.06.2026)

+


හරක් කටාට නඩු නොදා දත ගැලවූ හිටපු සී.අයි.ඩී. රැළක් ගැන පරීක්ෂණ අරඹයි! (28.06.2026)

+


එක දිගට අනතුරු ඇගවීම් – නිහඬ වෙන්න (28.06.2026)

+

මාලිමාවේ කුලය සහ බලය (28.06.2026)

+


චරිත් සහ රඛිත නිදහස් වෙන බී-වාර්තාවේ ඇත්ත (28.06.2026)

+

ජෙප්පො ඔහොම බයිට් එකට ගන්න එපා අයියේ.. මධුභාෂණ අභීතගෙන් ඉල්ලයි ! (28.06.2026)

+


පාතාල රහස් රැසක් සැගවූ වීඩියෝවට විජේදාස ගත් වාරණය ගලවන්න චමුදිත උසාවි යයි

(28.06.2026 – lankacnews.com)

තම නාලිකාව මගින් සිදුකල ආන්දෝලනාත්මක හෙළිදරව්වකට එරෙහිව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලබාගෙන තිබූ අධිකරණ වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් යළි අධිකරණය හමුවට යාමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තීරණය කර තිබේ.

‘Truth with Chamuditha’ යූටියුබ් නාලිකාව ඔස්සේ විජයදාස රාජපක්ෂ සහ රඛිත රාජපක්ෂ යන මහත්වරුන් ගැනද විස්තර ඇතිව තිබූ වැඩසටහනකට එරෙහිව මෙම වාරණ නියෝගය ලබාගෙන තිබුනි.

නමුත් ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හමුවේ එය ඉවත් කරවා ගැනීමට ඔහු නීතිමය පියවර ගැනීමට සූදානම් වෙයි.

මෙම තත්ත්වය උද්ගත වූයේ, සංවිධානාත්මක පාතාල කල්ලි නායක ‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කිරීමත් සමඟය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2023 වසරේ මාර්තු මස ඩුබායි රාජ්‍යයේදී මෙම අල්ලස් ගනුදෙනුව සිදුව ඇති බවයි.

රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණ හැන්දිගේ යන සැකකරුවන් එහිදී ‘හරක් කටා’ගේ බිරිඳ හමුවී තිබේ.

මුලින් රුපියල් කෝටි 50 ක මුදලක් ඉල්ලා ඇති ඔවුන්, පසුව එය රුපියල් කෝටි 20 කට එකඟ කරගෙන ඇති අතර ඉන් රුපියල් කෝටි 12 ක මුදලක් ‘ඩිරාම්’ වලින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම සිද්ධියේ වඩාත්ම තීරණාත්මක කරුණ වන්නේ, අල්ලස් සාකච්ඡා නිමවා සැකකරුවන් තිදෙනා (3) ඩුබායි සිට යළි දිවයිනට පැමිණි ගුවන් යානයේදීම හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද පැමිණ තිබීමයි.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අවධාරණය කළේ, හිටපු අමාත්‍යවරයා ද මෙම සංචාරයට සම්බන්ධ වී ඇති බැවින් ඒ පිළිබඳව ඉදිරියේදී ඉතා පුළුල් සහ සුවිශේෂී විමර්ශනයක් පවත්වන බවයි ෴


පොසොන් උදා වුණා විතරයි දහස් සංඛ්‍යාත බැතිමතුන්ගෙන් රුවන්වැලි සෑය පිරී ඉතිරී යයි (28.06.2026)

+++

පොසොන් ලබද්දිම මිහින්තලේ තිබ්බ ආලෝක පූජාවේ ලස්සන බලන්න – පුද බිමම ආලෝකයෙන් නෑවෙයි (28.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *