ළමුන් සේවයේ යෙදවීමේ වරදට දඩය රු. ලක්ෂය දක්වා ඉහළ දැමීමට අවධානය
ළමුන් සේවයේ යෙදවීමේ වරදට දඩය රු. ලක්ෂය දක්වා ඉහළ දැමීමට අවධානය
(28.06.2026 – 12:48 +0530 – sinhala.adaderana.lk)
ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයෙකු සදහා පනවනු ලබන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ සදහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව යම් පුද්ගලයෙකු ප්‍රසිද්ධ හෝ පෞද්ගලික කාර්මික ව්‍යාපාරයක ළමයෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් නඩු විභාගයකින් පසු වරදකරුවෙකු වූවහොත් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවිය යුතු වේ.
අදාළ දඩ මුදල මෙතෙක් පැවතියේ රුපියල් 10,000 ක් ලෙසය.
මෙම නව පනත් කෙටුම්පත මගින් වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් සහ මාස 12 කට නොඉක්මවන කාලයක් සදහා දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට යොමු කළ හැකි වේ.
එකී දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකටම හෝ එම වරදකරු යටත්විය යුතු බව අදාළ පනත් කෙටුම්පතේ සදහන් ෴
අකුරැස්ස ප්‍රා. ලේකම්වරිය පැදවූ කැබ් රථයට මාතර පදික මාරුවකදී පදිකයකු යට වෙයි – CCTV දර්ශන මාධ්‍යට (27.06.2026)
+++
+
‘හරක්කටා’ගේ රු. ලක්ෂ 2000 අල්ලස වටේ බෙදන හැටි සැකකරුවෙකු කියලා | සිද්ධියේ ප්‍රධාන සාක්ෂිය මෙන්න (28.06.2026)
+
සෙනඟ මැද්දේ මිහින්තලේ හිමිට යකා වැහෙයි – මයික් අරන් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසපු දේශනාව (28.06.2026)
+++
පොසොන් උත්සවයට සැරසුණු මිහින්තලේ මහ සෑය අහසට පේන විදිය (28.06.2026)
+++
+
මෙහෙණින් වහන්සේව එළවා දමන්න ආරාමයට මිනී ඔළුවක් ගෙනත් දාලා
(28.06.2026 – 14:53 +0530 – sinhala.adaderana.lk)
කැලණිය, නුංගමුගොඩ පිහිටි ආරාමයක දොර ඉදිරිපිට මිනී ඔළුවක් ගෙනැවිත් තැබූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහි වැඩසිටින මෙහෙණින් වහන්සේ එළවා දැමීමේ අරමුණින් මෙය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
එම මෙහෙණින් වහන්සේ පසුගිය 26 වෙනිදා භාවනා වැඩසටහනකට අනුරාධපුරයට වැඩම කොට නැවත ආරාමයට වැඩම කර අවස්ථාවේ දී ආරාමයේ දොර ඉදිරිපිට මිනී ඔළුවක් තිබෙන අයුරු දැක ඒ පිළිබඳ පෑලියගොඩ මූලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව එම ස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් යොදවා තිබූ අතර ඊයේ (27) පස්වරුවේ කොළඹ අලුත්කඩේ අංක පහ වැඩබලන මහෙස්ත්‍රාත් ශ්‍රියාන් පුංචිහේවා මහතා ස්ථානීය පරීක්ෂණය සිදුකළේය.
එහි තිබූ මිනී ඔළුව පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව මෙහෙණින් වහන්සේට ආරාමය තුළට යාමට අවසර ලබාදී ඇත.
මීට පෙර මෙම ආරාමයේ වැඩ සිටි මෙහෙණින් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව මෙම සිදුවීමට මුහුණදුන් මෙහෙණින් වහන්සේ 2024 වර්ෂයේ සිට එහි වැඩසිටින බව සඳහන්ය.
මෙම ප්‍රදේශයේම හිමිනමක් විසින් මෙලෙස මිනී ඔළුවක් ආරාමයේ දොර ඉදිරිපිට තබන්නට ඇති බවට මෙහෙණින් වහන්සේ චෝදනා කරයි.
සිද්ධිය සිදුවූ බව කියන 26 වෙනිදා පෙරවරුවේ එම හිමියන් විසින් මෙම ස්ථානයට ත්‍රීරෝද රථයකින් පැමිණ ආපසු යන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබේ.
මිනී ඔළුව ගෙනවිත් දැමූ බවට පැවසෙන හිමියන් විසින් ආරාමයේ සිටවා තිබූ බෝධීන් වහන්සේ විනාශ කර නාමපුවරුවද කඩා දැමූ බවට චෝදනා එල්ලවී ඇත.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථානය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
+++
වල්සාදුගේ කැත යෝජනාව ප්‍රතික්ෂේප කළ මෙහෙනින්වහන්සේගේ දොරකඩට මිනී ඔළුවක් ගෙනත් දාලා (28.06.2026)
+
මේ රටේ නායකයා වෙන්න ඉන්දියාවෙන් නියත විවරණ ගන්න වෙලා – මොහාන් සමරනායක (28.06.2026)
+
නගර සභාවෙන්ම මහමඟ කුණු – කඩුවෙල නගර සභාවේ අවැඩක් මෙන්න (28.06.2026)
+
‘පොලිස්පතිට කියන්න’ මහජන පැමිණිලි සේවාව සම්බන්ධයෙන් දැනුම්දීමක්
(28.06.2026 – 18:18 +0530 – sinhala.adaderana.lk)
මහජනතාවට තමන් මුහුණ දෙන යම් සිදුවීමක් හෝ පැමිණිල්ලක් සෘජුවම පොලිස්පතිවරයා වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇති ‘පොලිස්පතිට කියන්න’ (Tell IGP) ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් 2026 වර්ෂයේදී ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන ඇත.
මෙම සේවාව යටතේ දේශීය මෙන්ම විදේශීය ඕනෑම පුද්ගලයෙකුට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තමන්ගේ පැමිණිලි සහ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී තිබේ.
මෙම පැමිණිලි සේවාව මඟින් මහජනතාවට දේශීයව හෝ විදේශීයව සිට පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත සෘජුවම තොරතුරු සැපයීමේ හැකියාව පවතී.
- සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු
- විවිධ අපරාධ සහ සාමාන්‍ය පැමිණිලි
- රථවාහන වැරදි සහ මහජන පීඩා
- දූෂණ ක්‍රියා සහ අක්‍රමිකතා
මෙම පද්ධතිය හරහා ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ ඊට අදාළ විමර්ශන කටයුතු, අදාළ කොට්ඨාස භාර නිලධාරීන් (Divisional Officers) මඟින් නියමිත පොලිස් ස්ථාන වෙත වහාම දැනුම් දෙනු ලැබේ. ඉන් අනතුරුව ඒ සඳහා කඩිනමින් විමර්ශන නිලධාරීන් යොමු කිරීමට ද කටයුතු යොදා ඇත.
යම් හෙයකින් තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලට නිසි යුක්ති සහගත සාධාරණයක් ඉටු නොවුණේ නම්, මෙම ක්‍රමවේදය ඔස්සේම නැවත වරක් පොලිස්පතිවරයා සෘජුවම දැනුවත් කිරීමේ හැකියාව ද මහජනතාවට සලසා දී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
මහජනතාවට https://www.police.lk/ නිල පොලිස් වෙබ් අඩවියට පිවිස එහි ඇති ඊ-සේවාව (E-Service) යටතේ ස්ථාපිත ‘පොලිස්පතිට කියන්න’ (Tell Inspector General Of Police) සේවාව තේරීමෙන් හෝ පහත ක්‍රමවේද ඔස්සේ සිය පැමිණිලි යොමු කළ හැකිය :
- වෙබ් යොමුව : https://telligp.police.lk
- විද්‍යුත් තැපෑල (Email) : telligp@police.gov.lk
මහජනතාව සඳහා වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දිවයින පුරා පවතින ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 48 හිම විශේෂ පුහුණුව ලත් පරිගණක ක්‍රියාකරුවන් යොදවමින් ව්‍යාප්ත කර ඇත. මෙම සමස්ත ක්‍රියාවලියම පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ ෴
රු. කෝටි 02 ක හොර අරක්කු! මාලඹේ හොර අරක්කු තිප්පොල කොටුකළ ‘හිරු CIA’ මෙහෙයුම (28.06.2026)
+
VIP පල්ලේගම,තාත්තාට කෝටියක ලංසුවක්…? නීතිඥවරු පල්ලේගම හිමිට පිටුපායි? ආ කෙනා ඇත්තටම දැරියගේ පියාද? (28.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴