සුරේෂ් සලේට හෘදයාබාධයක් : පවුලේ ආරංචි මාර්ග

සුරේෂ් සලේට හෘදයාබාධයක් : පවුලේ ආරංචි මාර්ග


සලේට හෘදයාබාධයක් : පවුලේ ආරංචි මාර්ග

(27.06.2026 – hirunews.lk)

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

පවුලේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු හදිසියේ රෝගාතුර වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි.

මේ වන විට ඔහු රෝහලේ විශේෂිත වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

+++

+++

මනෝරි සලේ ගැන විශේෂ අනාවරණයක් | ජවිපෙ පාතාල සබඳතා හෙළි වෙයි (27.06.2026)

+


රඛිත, චරිත්, අරුණ අල්ලස් සිද්ධියට මිදිගම ලසාගේ නමත් ගෑවෙයි! (26.06.2026)

+

ජෙෆ්රි මොහොමඩ්ගේ පැටිකිරිය හෙළිවේ! මාකඳුරේ මදූෂ්ගේ හිතවතෙක්! (26.06.2026)

+

හරක් කටාගෙන් සල්ලි ගත්ත තවත් ලයිස්තුවක් එළියට! ඉතිහාසයේ ලොකුම අල්ලස් ගැනීම! (27.06.2026)

+


චරිත් එල්ලීමට පෙර අහන්නම ඕනෙ හඩපට දෙකක් (26.06.2026)

+

සජබෙට පිස්සුද ? හැටිද ? මාලිමාවෙ එහෙම වෙන්නෙ නෑ (26.06.2026)

+

ටිල්වින්ගෙ කෝල් එකේ ඇත්ත නැත්ත (26.06.2026)

+

හොරු රකින වරුණ (27.06.2026)

+

චරිත් ඉන්න තිබුනෙ මාලිමාවෙ (27.06.2026)

+


ජනපති කතාවේ පට්ටපල් බොරු! මවුලානාගේ ඇත්ත ලියවිල්ල හෙළිවෙයි (26.06.2026)

+

කුඩු සල්ලි බෙදපු ‘හර්බි’ මාලිමාවෙද? පැලවත්ත හොල්ලන හඬපටය (27.06.2026)

+


පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු අනුරලාගේ ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුකරණය (26.06.2026)

+

රාජ්‍ය සේවයට මාළිමා ආණ්ඩුවෙන් දුන්න පුදුම හිතෙන වරප්‍රසාදය මෙන්න (27.06.2026)

+


ගිනස් වාර්තාවකට රජයේ මුදල් වැය කළැයි නියෝජ්‍ය ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

(28.06.2026 – lankacnews.com)

ගිනස් වාර්තාවක් සඳහා රජයේ නොවන පෞද්ගලික සමාගමකට රාජ්‍ය අනුග්‍රහය සැපයීම සහ පවුල් පන්දහකින් පමණ රුපියල් 5000 බැගින් වූ විශාල මුදල් ප්‍රමාණයක් එකතුකිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ජන අරගල සන්ධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා :

“ජුනි 14 වෙනිදා ලෝකයේ වැඩිම ශිෂ්‍යයන් පිරිසක් සහභාගි වුණ භරත නාට්‍ය වැඩමුළුව ලංකාවේ පැවත්වුවා කියලා ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් අරගෙන ගියා. මෙතනදි ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වුණු භරත නාට්‍ය වැඩසටහනට හිමි ගිනස් වාර්තාව ලංකාවට ලැබුණා කියලා තමයි කිව්වේ. මේ නියෝජ්‍ය අමාත්‍ය ‘සුන්දරලිංගම් ප්‍රදීප්’ තමයි මේකෙ ප්‍රධානත්වය අරගෙන තිබුණේ. ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍ය ‘මහින්ද ජයසිංහ’ ඇතුළු රජයේ ප්‍රබලයින් කිහිපදෙනෙක්ම මේ වැඩේට ඇවිත් හිටියා. මේ වැඩසටහන පැවැත්වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිතව.

හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීමට අදාළ ගිනස් සහතිකයේ ලංකාවේ හෝ ලංකාවේ කිසිදු රාජ්‍ය ආයතනයක හෝ ලංකාවේ පුද්ගලයෙක්ගේ නමක් නැහැ. මේ ගිනස් සහතිකයේ අයිතිය ලැබිලා තියෙන්නේ ඉන්දියානු සමාගමට සහ ලංකාවේ තියන ඒ සමාගමේ ශාඛාවකට. නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් කොහොමද පෞද්ගලික ආයතනයක කටයුත්තකට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ කියන එක තමයි අපේ පළවෙනි ප්‍රශ්නය. අනිත් කාරණය තමයි මේ වැඩසටහනට ශිෂ්‍යයන් 5000 ක් පමණ සහභාගි වුණා. ඒ අයගේ පවුල්වලින් රුපියල් 5000 බැගින් විශාල මුදලක් මෙතනදි එකතු කරලා තියනවා. ඊට අමතරව දැන් නැවත මේ ළමයින්ගෙන් ලෝගෝ එකකට කියලා රුපියල් 3450 ක් සහතිකයට සහ 2350 ක් බැගින් එකතු කරන්න යනවා. මේ අම්මලා තාත්තලා දුෂ්කර ප්‍රදේශවල ඉඳන් තමන්ගේ ළමයා කොළඹ අරගෙන එන්න ඇවිත් මේ දවස් කිහිපයේ කොළඹ නවතින්න ආදී වශයෙන් විශාල මුදලක් වැය කරලා තියනවා. සමහර පවුල්වලට රුපියල් 30,000 ක් විතර මේ වැඩේ වෙනුවෙන් වියදම් වෙලා තියනවා. හැබැයි අන්තිමට මේ ඔක්කොම කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමකට ගිනස් වාර්තාවක් ලබාදෙන්න.

අපි අද මේකට සම්බන්ධ වුණු නියෝජ්‍ය අමාත්‍ය ‘සුන්දරලිංගම් ප්‍රදීප්’ට එරෙහිව ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව’ට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ කරුණු සියල්ල පැමිණිල්ලේ අඩංගුයි. මේ වැඩසටහනට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ කවර පදනමකින්ද සහ මේ අහිංසක දෙමාපියන්ගෙන් එකතුකරපු අතිවිශාල මුදල් ප්‍රමාණයට මොකද වුණේ කියලා රටට හෙළිදරව් කළ යුතුයි. අපි හිතනවා අනිත් පැමිණිලි වගේම කඩිනමින් අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙනුත් මැදිහත් වෙලා වගකිවයුත්තන් අධිකරණයට ගෙනියයි කියලා.”

අනුරාධ හිරිපිටියගේ

+++

ගෝල්ෆේස් පිටියේ ගිනෙස් වාර්තා අල්ලස් එකෙන් පත්තු වෙයි, නි.ඇමතිලා කිහිප දෙනෙකුටම මරාලයක් කඩා වැටෙයි (26.06.2026)

+++

භරත නටලා තිබ්බ ගිනෙස් වාර්තාව අස්සේ පත්තු වූ සල්ලි කතාවට උත්තර බදින්න සංවිධායකයින් මාධ්‍ය කැඳවයි (27.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *