ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදුන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදුන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්
(27.06.2026 – 14:08 +0530 – sinhala.adaderana.lk)
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ‘කරන්දෙණියේ රාජු’ නම් අපරාධකරුට විදෙස්ගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව සැකකරු අද (27) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.
‘කරන්දෙණියේ සුද්දා’ නම් අපරාධකරුගේ සහෝදරයා වන ‘කරන්දෙණියේ රාජු’ පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන එනු ලැබීය.
ඒ අනුව, සැකකරු මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන විමර්ශන සිදුකරන අතර එහිදී ඔහුට විදේශගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් විදෙස්ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබුණි.
එහිදී අනාවරණ වී ඇත්තේ 2023 වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කළ පුද්ගලයෙකු අදාළ ගුවන් ගමන් බලපත්‍රය සකස්කරදී ඇති බවය.
ඔහු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එම පුද්ගලයා මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවය.
ඒ අනුව 41 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
+
දන්සල්වලදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න : PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
(27.06.2026 – hirunews.lk)
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ පවසනවා.
වෙසක් පොහොයට සාපේක්ෂව මෙවර දන්සල් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවත් ඉන් වැඩිම දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ උතුරු මැද පළාතෙන් බවයි ඔහු සඳහන් කළේ.
දන්සල් ලබා දීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් වැළකී සිටීම වැදගත් බවද ඔහු අවධාරණය කළා.
ප්ලාස්ටික් භාජනවල උණුසුම් පානයන් සහ ආහාර ලබා දීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරන බවයි ඔහු පැවසුවේ.
උණුසුම් සහ සිසිල් ආහාර පොලිතින් තුළ ගබඩා කිරීම සෞඛ්‍යමය වශයෙන් ඉතා අවදානම් සහගත බවද ඔහු පෙන්වා දුන්නා.
මේ අතර පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය හමුවේ දන්සල් සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ඍජු බලපෑමක් එල්ල කළ හැකි බවටද ඔහු අනතුරු අඟවනවා.
මේ පිළිබඳව අදහස් දක්වන උපුල් රෝහණ :
“අපි කලින් අවස්ථාවලදි දැකලා තියෙනවා විශේෂයෙන් කෝපි දන්සල් සහ බීම දන්සල් වැනි පාන වර්ග ලබා දීමේදී භාවිතා කරන කප් හැමතැනම විසිරෙන ආකාරයට බැහැර කරනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ විසිරෙන භාජනවලින් ඩෙංගු මදුරුවන් ඇතිවීමේ අවධානමක් තියෙනවා” ෴
NDB බැංකුවේ සැක ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව රු. බිලියන 13.5 ක් බවට ඉන්දීය Deloitte ආයතනයෙන් තහවුරු කරයි
(27.06.2026 – hirunews.lk)
ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික සමාලෝචනයක (Forensic Review) අතුරු වාර්තාවක් එම බැංකුව වෙත ලැබී ඇති බව ඔවුන් නිවේදනය කරනවා.
ඒ අනුව මෙම විගණන කටයුතු සිදු කරනු ලබන්නේ ‘ඩෙලොයිට් ටූෂ් ටෝමාට්සු ඉන්දියා’ (Deloitte Touche Tohmatsu India LLP) ආයතනය විසින් වන අතර එම වාර්තාවේ සඳහන් කරුණු, මූලික සහ දර්ශක මට්ටමේ පවතින බවත්, වාර්තාවේ රහස්‍යභාවය ගිවිසුම අනුව සුරකින බවත් NDB බැංකුව අදාළ නිවේදනය හරහා පවසනවා.
කෙසේ වෙතත්, මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණ අනුව, අදාළ සැකකටයුතු ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් 13,579,664,684/- (රුපියල් බිලියන 13.5 කට අධික) ක් බවත් එම බැංකුව හෙළිදරව් කරනවා.
මෙම සිදුවීමට අදාළව NDB බැංකුව විසින් මීට පෙර අප්‍රේල් 02, 06 සහ 23 යන දිනවලදී ද කොටස් වෙළඳපොළට තොරතුරු වාර්තා කර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරිදි වැඩිදුර තොරතුරු ලබා දෙන බවයි NDB බැංකුව අදාළ නිවේදනය හරහා වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴
ගිං ගඟට දමා තිබු මළ සිරුර ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරුගේ බව හෙළිවෙයි
(27.06.2026 – 18:59 +0530 – sinhala.adaderana.lk)
දෑත් හා දෙපා කොන්ක්‍රීට් කණුවක ගැටගසා ගිං ගඟට දමා තිබු මළ සිරුර ‘ලොකු පැටී’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන ‘අල්මේදා’ නමැත්තාගේ බව පොලීසිය පවසයි.
අදාළ මළ සිරුර ගිං ගඟේ පාවෙමින් තිබියදී ඉකුත් 23 රාත්‍රියේ පෝද්දල පොලීසිය විසින් සොයාගනු ලැබීය.
මළ සිරුරේ හිසට දැඩි හානි සිදුව තිබීම හේතුවෙන් එය හඳුනාගැනීමට නොහැකි වූ අතර වැඩිදුරටත් පොලීසිය සිදුකළ සොයාබැලීමේදි අනාවරණ වී තිබුණේ, එය අහුංගල්ලේ පදිංචිකරුවකු වන ‘විරාජ් රෂ්මික ද සොයිසා’ හෙවත් ‘අල්මේදා’ නමැත්තාගේ බවයි.
එම පුද්ගලයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ කාන්තාවක් ඔහුගේ සිරුරෙහි වූ පච්චා මගින් මළ සිරුර හඳුනාගනු ලැබු බව පොලීසිය පවසයි.
එම පුද්ගලයාගේ මව්පියන් ද ඔහුව එහිදී හඳුනාගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ, වසර 4 ක පමණ සිට ඔහු සමඟ කිසිඳු සබඳතාවක් නොමැති බවයි.
මෙම මියගිය තැනැත්තා ‘ලොකු පැටී’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ අතර, පොලීසිය පැවසූවේ ත්‍රිකුණාමලය, අහුංගල්ල හා ගාල්ල ප්‍රදේශවල ‘ලොකු පැටී’ගේ මෙහෙයවීමෙන් සිදුකළ ඝාතන තුනකම (3) වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවයි.
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරු එක් අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද චෝදනා රැසක් පවතින බව සඳහන් වෙයි.
ඔහු පොලීසිය මඟහරිමින් සැඟව සිට ඇති අතර ‘කරන්දෙණියේ සුද්දා’ගේ පාර්ශ්වයට ද ඔහු දැඩි තර්ජනයක් වී ඇති බව ද වාර්තා වෙයි.
දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, තියුණු ආයුධයකින් ගෙලට පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි ෴
මාරක අනතුරු වළක්වා ගන්න පොලීසියෙන් දැඩි තීරණයක්
(27.06.2026 – 20:52 +0530 – sinhala.adaderana.lk)
මාර්ගවල අපරික්ෂාකාරී ලෙස රථවාහන පදවනු ලබන රියැදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා ලබාදීමකින් තොරව, ඔවුන්ට එරෙහිව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ඊයේ (26) දිනය දක්වා වූ ගත වූ කාල සීමාව තුළ පමණක් මෙරටින් මාරක රිය අනතුරු 1,292 ක් වාර්තා වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 1,357 කි.
ඊට අමතරව එම කාලසීමාව තුළ බරපතළ තුවාල සිදු වූ අනතුරු 2,512 ක් සහ සුළු අනතුරු 5,059 ක් ද වාර්තා වී තිබේ.
මෙම අනතුරුවලින් පදිකයින් 467 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 465 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.
නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම රියැදුරන්ගේ අධික වේගය සහ නොසැලකිලිමත් ධාවන රටාවන් බලපා ඇති බවය.
එමෙන්ම පසුගිය පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ දෙකක (2) සිදුවූ බස් රථ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 80 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
60 ට ආසන්න මගීන් සංඛ්‍යාවක් රැගෙන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද (27) අලුයම 01:10 ට පමණ අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණේ දියතලාව දුම්රිය ස්ථානය අසල මාර්ගයේදීය.
බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම ඊට හේතුව බව පොලිසිය සැක පළකරයි.
අනතුරින් බස් රථයේ රියැදුරා, කොන්දොස්තරවරයා ඇතුළු 42 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් 6 දෙනෙකු කාන්තාවන් වේ.
දියතලාව මූලික රෝහලේ වැඩබලන රෝහල් අධිකාරීවරයා ප්‍රකාශ කළේ, බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු බදුල්ල රෝහලට මාරුකර යැවූ බවය.
එමෙන්ම මාතර – තලල්ල මාර්ගයේ වජිරවංශ මාවත ප්‍රදේශයේදී ද ඊයේ (26) පෞද්ගලික බස් රථ 2 ක් මුහුණට මුහුණ ගැටීමෙන් 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
+
ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් රට ටෝක් දෙන්නේ – ගල් අඟුරු හොරා – කන්ටේනර් පන්නපු බිමල් තාමත් ආණ්ඩුවේ (27.06.2026)
+
ජනාධිපති පාර්ලිමේන්තුවට කඩාපාත් වෙලා අඬනවා – එයාගේ අඳෝනාව අහන්න නෙවෙයි මිනිස්සු එයාව පත්කරේ (27.06.2026)
+
පොලීසිය හදිසියේම මාධ්‍ය කැඳවයි – ලෝකයේ ඕන කෙනෙක්ට පැමිණිලි දාන්න ක්‍රමයක් (27.06.2026)
+
එදා වේල ටුවර්ස් ආණ්ඩුව විලිලැජ්ජයි – සමන් රත්නප්‍රිය ආණ්ඩුවට රිදෙන්න දෙයි (27.06.2026)
+
මූල්‍ය ආයතන වලින් ගහන ගේම් මෙන්න – ජිවිතකාලේම හම්බ කරපු සල්ලි විනාශයි (26.06.2026)
+
මට රජයේ සපෝට් එක තියනවා, ඌ දේශබන්දුට දීලා නෑ – තවත් හඬපටයක් ඔඩුදුවයි (27.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴