ඩොලර් මිලියන 700 ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු ‘ජිෆ්රි මොහොමඩ්’ රිමාන්ඩ්
ඩොලර් මිලියන 700 ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු ‘ජිෆ්රි මොහොමඩ්’ රිමාන්ඩ්
(25.06.2026 – hirunews.lk)
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් වසර තුනක් (3) තිස්සේ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික මුදලක් විදේශ රටවලට යැවූ බව කියන ප්‍රධාන සැකකරුවකු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘ජිෆ්රි මොහොමඩ්’ නමැත්තෙක්.
සිද්ධියට අදාල සැකකරු සම්බන්ධයෙන් 54(ආ) වගන්තිය යටතේ සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.
මූල්‍ය විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම සැකකරු විසින් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පමණක් නීතිවිරෝධී අයුරින් විදේශ රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි විසි එක්දහසකට (රු. කෝටි 21,000) අධික බවත් මොහු මෙරට ජාතික ධනය විදේශයන්ට ඇද දැමූ, මෙරට ඉතිහාසයේ විශාලතම සහ ප්‍රධානතම කළු සල්ලි ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවත් ය.
එය අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් වන අතර, මෙමඟින් මෙරට ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
විමර්ශන නිලධාරීන් සඳහන් කළේ කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් වටලා මෙම සූක්ෂ්ම ජාවාරම අනාවරණය කරගත් බවයි.
එහිදී ‘ජිෆ්රි මොහොමඩ්’ නමැති මෙම පුද්ගලයා අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
මීගමුවේ පිහිටි නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී මෙම සැකකරු ඉකුත් (19) වැනිදා අත්අඩංගුවට ගෙන අද (25) දිනය දක්වා රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පවා ඔහු සතුව රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් තිබී සොයාගත් බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 09 වැනිදා තෙත් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබුවා.
+++
+
දේශීය කර්මාන්තකරුවාගේ අද දවස | අලුත් පාර්ලිමේන්තුව | 2025.06.24
+
Hiru TV Balaya Live | Episode 647 | 2026-06-25
+
ඊළඟ ඡන්දෙදී මේ ආණ්ඩුවට ඡන්දේ දෙන්න එපා – A/L ළමයින්ට ආණ්ඩුව ලොකු අසාධාරණයක් කරන්නේ (25.06.2026)
+
ඇමති ක්‍රිශාන්තට විරුද්ධව පිවිතුරු හෙළ උරුමය CID එකට එයි – වත්තල උද්ඝෝෂණයේ ඇත්තම සිද්ධිය එළියට එයි (25.06.2026)
+++
ළඟදීම බෞද්ධ සහ කතෝලික ගැටුමක් ඇතිවෙනවා – නාමල් (25.06.2026)
+
භෞතචිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුට උදව් කළ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ OIC අත්අඩංගුවට
(26.06.2026 – hirunews.lk)
මහනුවර, තෙල්දෙනිය ප්‍රදේශයේදී අබිරහස් ලෙස මියගිය භෞතචිකිත්සකවරියකගේ (Physiotherapist) මෘත දේහයක් හමුවීමේ සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරුට රැකවරණය සලසමින්, ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා (OIC) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මරණය සම්බන්ධයෙන් දැනටමත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර, එහි ප්‍රධාන සැකකරුට නීතියෙන් බේරී සැඟවී සිටීමට ආධාර උපකාර කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු මත මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මින් පෙර යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.
ඒ ඔවුන් ඊයේ (25) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී යි ෴
මැලේසියාවේදී අත්අඩංගුවට ගත්, ‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ වෙඩික්කරු ‘මාටියා’ මෙරට ආරක්ෂක අංශ භාරයට
(26.06.2026 – hirunews.lk)
දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මෙ’ නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ‘මාටියා’ නැමැති පාතාල සාමාජිකයා මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (25) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.
මෙසේ පිටුවහල් කර ඇත්තේ ‘බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න’ නොහොත් ‘මාටියා’ නැමැති 42 හැවිරිදි අයෙක්.
කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනද (Red Notices) මින් පෙර නිකුත් කර තිබෙනවා.
මොහුට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ 2022 වසරේ ජූලි 22 වනදා ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළදී සිදුකළ ද්විත්ව ඝාතනයයි.
එහිදී ‘පස්පොඩ්ඩා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමඟ සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමටත්, එහි රැඳී සිටි තවත් පිරිසකට වෙඩි තබා තුවාල සිදුකිරීමටත් මොහු සෘජුවම සම්බන්ධ වී ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා (AirAsia) ගුවන් සේවයට අයත් AK-047 දරන ගුවන් යානයෙන් ඊයේ (25) රාත්‍රී 09:45 ට පමණ මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති අතර, ගුවන් තොටුපොළ වෙත පැමිණි වඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
එහිදී මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පෑලියගොඩ පිහිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
+++
+
ගොඨාභය මහත්තය එතුමාගේ තාත්තට දුන්න ප්‍රතිඥාව නිසා තමයි මාවයි විමල්වයි ආණ්ඩුවෙන් අයින් කරේ – උදය ගම්මන්පිල (26.06.2026)
+
සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
(26.06.2026 – hirunews.lk)
වර්ෂ 2023 සිදුවූ බව කියන අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25) රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියළු තනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කර ඇත්තේ, මෙම අල්ලස් සිද්ධිය සිදු වූ බව කියන 2023 වසර වන විට ඔහු සිය පක්ෂයේ සාමාජිකයකු ලෙස හෝ සංවිධායකවරයකු ලෙස හෝ කටයුතු කර නොමැති බවයි.
එසේම ඔහු එවකට සමගි ජන බලවේගයේ කිසිදු තනතුරක් නොදැරූ බවද මහලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
තවද, සමගි ජන බලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බවයි මහලේකම්වරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත්තේ ෴
+++
චරිත් අබේසිංහ ‘බහුජන බලයේ’ ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් නෙරපයි
(26.06.2026 – hirunews.lk)
බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ, ‘බහුජන බලය’ සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, බහුජන බලයේ ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි සඳහන්.
චරිත් අබේසිංහට එරෙහිව මතුව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සැලකිල්ලට ගනිමින් බහුජන බලය සංවිධානය මෙම තීරණය ගෙන ඇත ෴
කිලෝවොට් 300 ට වැඩි සූර්ය පැනල හෙට (27) සිට දින තුනක (3) කාලයක් ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
(26.06.2026 – hirunews.lk)
වහලය මත සවි කර ඇති කිලෝවොට් 300 ට වැඩි ධාරිතාවයකින් යුත් සූර්ය පැනල හෙට (27) සිට දින තුනක (3) කාලයක් ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ඉල්ලීමක් කරනවා.
විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකරන බවයි අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ෴
+
බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් (7) කොළඹ වරායට
(26.06.2026 – hirunews.lk)
මෙරට විදුලිබල පද්ධතිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය විසින් ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් (7) කොළඹ වරායට රැගෙනවිත් තිබෙනවා.
ඒ අනුව, මෙම බලශක්ති ගබඩා පද්ධති හත (7) පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි, මහියංගනය යන ප්‍රදේශවල ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව සවිකිරීමට නියමිත බවයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම පද්ධති හත (7) භාවිතයෙන් මෙගාවොට් 280 ක ප්‍රමාණයක් විදුලි බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන අතර, දෛනිකව මෙගාවොට් 70 ක් ජාතික විදුලි බල ජාලයට ලබා දීමට සැලසුම් කර තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴