උ.පෙළ වෘත්තීය විෂය – 12 ශ්‍රේණියට අයදුම්පත් කැඳවයි

උ.පෙළ වෘත්තීය විෂය – 12 ශ්‍රේණියට අයදුම්පත් කැඳවයි


උ.පෙළ වෘත්තීය විෂය – 12 ශ්‍රේණියට අයදුම්පත් කැඳවයි

(25.06.2026 – 17:40 +0530 – sinhala.adaderana.lk)

2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ ‘වෘත්තීය විෂය ධාරාවේ’ 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අද (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොසලකා සිසුන්ට 13 වසරක අධ්‍යාපනය සහතික කිරීමේ අරමුණින් මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සලකනු නොලැබේ.

2025 (2026) වසරේ හෝ පසුගිය වසර 3 ක් ඇතුළත අ.පො.ස. (සාමාන්‍ය) පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට මේ සඳහා අයදුම් කළ හැකිය.

12 සහ 13 ශ්‍රේණිවල පාසල් අධ්‍යාපනය ලබන අතරතුර දේශීය හා විදේශීය පිළිගැනීමක් සහිත NVQ Level 4 වෘත්තීය සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වේ.

සිසුන්ගේ මෘදු කුසලතා සංවර්ධනය සහ වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබේ.

සිසුන් තෝරාගන්නා ක්ෂේත්‍රය අනුව, රජයේ වෘත්තීය පුහුණු ආයතනයක් මඟින් ලබාදෙන NVQ 4 මට්ටමේ පුහුණුව සඳහා පාසල විසින්ම සිසුන් යොමු කරනු ඇත. මෙහිදී වෘත්තීය පුහුණු ආයතනයක මෙන්ම රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුව ලැබීමේ හැකියාව ද පවතී.

පුහුණුව සාර්ථකව නිම කරන සිසුන්ට හිමිවන NVQ 4 සහතිකය මඟින් දේශීය හෝ විදේශීය රැකියා අවස්ථා, උසස් අධ්‍යාපනය හෝ ස්වයං රැකියා (ව්‍යවසායකත්ව) ක්ෂේත්‍ර වෙත සෘජුවම පිවිසිය හැකිය.

ඒ අනුව අදාළ විෂය ධාරාව හැදෑරීමට අපේක්ෂිත පාසලේ විදුහල්පති වෙත 2026 ජූලි 08 වන දිනට පෙර අයදුම්පත්‍රයක් යොමු කළ යුතුය.

එම අයදුම්පත https://moe.gov.lk/ යන වෙබ් අඩවියෙන් බාගත කළ හැකි ය.

එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාව හා සම්බන්ධ වීමෙන් හෝ පහත දූරකථන අංක, වෙබ් අඩවි ලිපිනය හා https://www.facebook.com/VocationalStream/ යන Facebook පිටුව හරහාද ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

මෙම වැඩසටහන යටතේ,

  • සංචාරක හා ආගන්තුක සත්කාරය
  • මෝටර් රථ හා රථ වාහන තාක්ෂණ ශිල්පය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
  • සෞඛ්‍ය හා සත්කාර සේවා
  • මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය
  • රූපලාවන්‍ය ශිල්පය
  • ප්‍රාසාංගික කලා ඇතුළු ශිල්ප
  • ආහාර නිෂ්පාදනය සහ ඇඟලුම් ක්ෂේත්‍රය
  • විදුලිය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ පෑස්සුම් ශිල්පය
  • ලෝහ පිරිසැකසුම්කරණය සහ යන්ත්‍ර ක්‍රියාකරවීම
  • ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ හා උද්‍යාන අලංකරණය
  • කෘෂි, වැවිලි කර්මාන්තය සහ ජලජ සම්පත් තාක්ෂණය
  • ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප
  • වෙළඳ හා සැපයුම් ක්ෂේත්‍රය…

යන ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණු අවස්ථා සිසුන්ට විවෘතව ඇත ෴


2027 වසරේ පාසල්වල පළමු (1) ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

(25.06.2026 – hirunews.lk)

2027 වර්ෂයේදී රජයේ පාසල්වල පළමු (1) ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ නිල චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් 2026 ජූනි 25 දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ පුවත්පත් නිවේදනය 2026.06.29 දින රජයේ පුවත්පත්වල පළ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මීට අදාළව නිකුත් කර ඇති අංක 25/2026 දරන චක්‍රලේඛය සහ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය
( https://moe.gov.lk/ )වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


2025(2026) සාපෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අද (25) සිට

(25.06.2026 – 20:16 +0530 – sinhala.adaderana.lk)

2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (25) සිට ජූලි 08 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, පාසල් සහ පෞද්ගලික සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර වෙනත් ක්‍රමයක් හරහා අයදුම්පත් භාර නොගන්නා බවද සඳහන් වේ.

අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන
https://doenets.lk/ වෙත පිවිස ‘අපගේ සේවා’ යටතේ ඇති ‘Exam Information Centre’ මත Click කිරීම හරහා අයදුම් කළ යුතු වේ.

පද්ධතියට පිවිසීමේදී පරිශීලක ගිණුමක් ඇති අය තම විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු අතර, නව පරිශීලකයින් ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය භාවිතයෙන් ලියාපදිංචි විය යුතු බවද නිවේදනයේ සඳහන් වේ.

අයදුම්පත් සම්පූර්ණ කිරීමට ප්‍රථම තාක්ෂණික උපදෙස්, පොදු උපදෙස් කියවීම සහ උපදෙස් වීඩියෝව නැරඹීම, නිවැරදි ආකාරයට අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එක් විෂයයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රු. 200 ක් වන අතර එය ණය පත් (Credit Card), හර පත් (Debit Card) හෝ තැපැල් කාර්යාල මගින් ගෙවිය හැක.

ගෙවීමෙන් පසු අයදුම්පත PDF ආකාරයෙන් බාගත කර තබාගත යුතු අතර SMS දැනුම්දීමක්ද ලබාදෙන බව සඳහන් වේ.

එක් වරක් පමණක් online අයදුම් කළ හැකි අතර ගාස්තු ගෙවූ පසු මුදල් ආපසු නොගෙවනු ඇති බවද නිවේදනයේ අවධාරණය කර ඇත.

වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 278 5231 ඇතුළු නිල දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැක ෴


ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ‍ගෙනා රු. කෝටි 48 ක ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මීගමුවෙන් හමුවෙයි

(25.06.2026 – hirunews.lk)

තීරු බදු නොගෙවා නිසි අනුමැතියකින් හා තත්ත්ව පරීක්ෂාවකින් තොරව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 48 ක් පමණ වටිනා ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු (6) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (24) මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව දුන්ගල්පිටිය – පිටිපන ලෙල්ලම ආසන්නයේ සිදු කළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31 ත් 49 ත් අතර වයස්වල පසුවන මීගමුව සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

විමර්ශනයේදී මෙම ඖෂධ තොගය මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද යාත්‍රා 02 ක් සහ එම යාත්‍රා වල ස්කීපර්වරුන් දෙදෙනා (2) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


කෘෂිකර්මය අමු පිස්සෙකුට දීලා.. එයා යාළුවෝ එක්ක ආතල් ගන්නවා.. – දේශයේ ගොවි හඬ සංවිධානය

(25.06.2026 – hirunews.lk)

දේශීය අල ගොවියා ශක්තිමත් නොකර, ගොවියාගේ ගැටළු විසඳීමට ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට දේශපාලන හිතවතුන්ගේ මඩිය තර කර ඒ ඔස්සේ දේශපාලකයන් කොමිස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් මේවන විට ක්‍රියාත්මක බව දේශයේ ගොවි හඩ සංවිධානය පවසනවා.

නුවරඑළියේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංවිධානය සඳහන් කළේ, උද්ගතව ඇති ගැටලු වලට විසඳුම් ඉල්ලා රටපුරා අල ගොවීන් එක මිටට කොළඹට ගෙන්වා උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට තමන් සූදානම් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති තරිඳු රත්නායක :

“පෙර පැවති රජයන්වලට වසර ගණනාවක් පුරාවට හා වර්තමාන රජයට වසර දෙකක කාලයක් පුරාවට දේශීය අල ගොවියා පත්ව ඇති දැඩි පීඩාකාරි තත්ත්වය හා පාකිස්ථානයෙන් හා තවත් විදේශීය රටවල් කිහිපයකින් ආනයනය කරන ලද අර්තාපල් මෙරටට ගෙන්වීමෙන් ඇතිවන තත්ත්වය පවසන නමුත් වග කිව යුතු රජයක් හැටියට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන විට අරන් නැහැ.

රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය භාරදීලා තියෙන්නේ අමු පිස්සෙකුට සහ ඩිමෙන්සියා රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකුට.

ඔහු හැමදාම යහළුවොත් එක්ක එකතු වෙලා ආතල් අරගෙන ඉන්නවා හැරෙන්නට ගොවියා වෙනුවෙන් හා කෘෂිකාර්මික සංවර්ධයන වෙනුවෙන් කරපු දෙයක් නෑ.

කෘෂිකර්මය ක්ෂේත්‍රය ගැන පළපුරුද්දක් තියෙන පුද්ගලයෙකු රටේ ජනාධිපතිවෙලා ඉන්න විට කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න පුද්ගලයා තමන්ගේ ක්ෂේත්‍රයම විනාශ කරන්න උත්සාහ කරනවානම් එක්කෝ ඒ පුද්ගලයාව රජයෙන් ඉවත් කරන්න ඕන එහෙමත් නැත්නම් තමන්ට ඒ ගැන අවබෝධයක් අරගෙන වැඩ කරන්න බැරි නම් තමන් ඉවත් වෙලා යන්න ඕන.

මේ දෙකම නැතුව ගොවීන්ගේ දේශීය ගොවියාගේ ආර්ථිකය විනාශ කරලා ගොවියාගේ බඩට ගහන්න කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව අපි පෙළගැහෙන්නන ලෑස්තියි.

රජයට අවශ්‍ය අපිට කියලා උද්ඝෝෂණයක් කරවලා මේ වැඩේ විසඳ ගන්න නම් අපි ඒකටත් මේ දවස්වල කටයුතු කරනවා.

ඉදිරියේදී ප්‍රාදේශීය දේශපාලන නායක යනුත් උදලු මිටින් කන්න ලෑස්ති වෙලා ඉන්න මොකද ගොවි ජනතාවට දැන් එපාවටම එපා වෙලාන්නේ.

ඔය කොළඹ ඉඳන් කතා කරන ලාල් කාන්ත සහ නාමල් කරුණාරත්න ගමට බැහැල බලන්න එතකොට වෙන දේ හිතාගන්න බැරි වෙයි.

දේශී ගොවියාගේ ගැටළු විසඳා ගැනීමේ මූලික අධියරක් වශයෙන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට උද්ඝෝෂණ සංවිධානය කරනවා. ඒකෙන් එක් උද්ඝෝෂණයක් ජනාධිපතිවරයාගේ ප්‍රදේශයේ තඹුත්තේගම දී සිදුවෙනවා.

ඉදිරියේදී මෙවන් උද්ඝෝෂණ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන අන්දමින් ක්‍රියාත්මක කරලා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරන ගොවි මහතුන් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශය වටලා දැවැන්ත උද්ඝෝෂණයක් දේශයේ ගොවි හඬ සංවිධානය විසින් සංවිධානය කරනවා.”


ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විගණන අංශ 3 ක් කඩා පනී – ලේකම් යකා නටයි (25.06.2026)

+


කාඩිනල් උතුමාණනි මෙන්න සාමයේ පණිවිඩය ? (25.06.2026)

+


අන්න තඹුත්තේගම ගොවියො රම්බණ්ඩාගේ පුතාව හොයනවා… සරත්ලා නාමල්ලාව හොඳට අමතනවා (25.06.2026)

+

විපක්ෂයම අන්දොස් කළ සිදුවීම් දෙකක් එකවර පත්තු වීම… එකෙක් මෝඩයෙක් අනිකා තක්කඩියෙක් (25.06.2026)

+


පොහොට්ටුවේ ලේකම්ට අභීතගෙන් සැර උත්තරයක්! (25.06.2026)

+

ශානි අබේසේකර කියන්නෙ දේශපාලන ගණිකාවක් – ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අතුල සමරවීර ! (25.06.2026)

+


පැලවත්තේ අප්පුහාමිලා ඡන්ඳ නොතියන ක්‍රමේ මෙන්න (25.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *