විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට

විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට


විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට

(25.06.2026 – hirunews.lk)

හිටපු අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුතෙකු වන ‘නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ’, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන ‘චරිත් වසන්ත කුමාර අබේසිංහ’සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ‘වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග’ යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) ඔවුන්ව අත්අඩංගුවට ගැනුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක්කටා’ යන අය පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාල කටයුතුවලින් නිදහස් කර දීම සඳහාත්, අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී, ඉහත සැකකරුගේ බිරිඳ වන ‘මධුෂිකා මධුවන්ති’ යන අයගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.

සැකකරුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 5000 ක මුදලක් (කෝටි 50 ක්) අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000 ක් (කෝටි 20 ක්) දක්වා අඩු කර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200 ක මුදලක් (කෝටි 12 ක්) අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙනුයි ඔවුන්ව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම සැකකරුවන් තිදෙනා (3) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++

+++

චරිත් අබේසිංහ, ඇතුළට ගත්ත ඇත්තම හේතුව..? ජනප්‍රිය හාමුදුරු නමකුත් ලිස්ට් එකේ (25.06.2026)

+++

අපෙන් රු. කෝටි 12 අරන් ඉන්න වෙන්නේ නම් නෑ, අපිට අද කෙලවුනට කවදා හරි අපිටත් හරි යයි (25.06.2026)

+++

“චරිත්ව ගත්තේ, අවු. 2½ ක් වෙච්ච තුන් නිවුන් දරුවන් ඉස්සරහා” | චරිත්ට වැටුණ මාංචුවෙන් සජබ කැලඹෙයි (25.06.2026)

+++

චරිත් අබේසිංහට එරෙහිව සජබ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක කියයි

(25.06.2026 – hirunews.lk)

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත අබේසිංහ පිළිබඳව තම පක්ෂයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එසේම ඔහු වෙනුවෙන් ගතයුතු ඉහළම පියවර ගන්නා බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (25) පාර්ලිමේන්තුවේ දී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

තම පක්ෂයේ වැරදිකරුවන්ට සහ අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

+++

+++

රඛිත සහ චරිත්ට ආ නඳුන්ගේ අල්ලස් චෝදනාවේ ඇත්ත! (25.06.2026)

+++

රඛිත චරිත අරුණ නඳුන්ට ගහපු ගේම මෙන්න! ජුලි 4 තෙක් තිදෙනාම රිමාන්ඩ්! (25.06.2026)

+++

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්

(25.06.2026 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ‘නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ’, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ‘චරිත වසන්ත කුමාර අබේසිංහ’ගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ‘වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග’ යන අය ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින්.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකරුවන් ලබන ජුලි මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

+++

+++

හඬපට ඔඩුදුවයි, ඒත්….චරිත්ව නම් සජබෙන් එළවන් නෑ…? හරක් කටා හංඟන තිත්ත ඇත්ත (25.06.2026)

+


භෞතචිකිත්සකවරිය ඝාතනය වීම : “සර් මම එද්දි හැමදේම වෙලා, එක්කන් යද්දි එයා මැරුණේ” (25.06.2026)

+++

“ගෑණු යාලුකරන් සල්ලි ගන්න එක අපේ රස්සාව සර්” – අනියම් බිරිඳගේ පාපොච්චාරණය (25.06.2026)

+++

භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට (3) පැය 48 ක රැඳවුම් නියෝග

(25.06.2026 – hirunews.lk)

නුවරඑලිය සංචාරක නිකේතනයදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) සහ සැකකරිය (1) පැය 48 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස නුවරඑළිය පොලිසියට අද (25) අවසර ලබා දුන්නා.

ඒ, නුවරඑළිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

මෙසේ නුවරඑලිය පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ‘ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රීයාන් ජයසුන්දර’, සැකකරුගේ බිරිද වන ‘රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක’ (35) සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු ‘ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ’ (49) යන අයවලුන්.

ප්‍රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී ‘වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින්’ විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල නුවරඑලිය පොලිසිය වෙත ඊයේ (24) රාත්‍රියේ භාර දෙනු ලැබූවා.

ඝාතනයට සහයෝගය දැක්වු ‘කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු’ නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම ඝාතනයට අනුබල දුන් ‘ආරක්ෂක අංශ නිළධාරියෙකු’ අත්අඩංගුවට ගැනීම සදහා නුවරඑලිය පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

+++

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න නුවරඑළිය අධිකරණයෙන් නියෝග (25.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *