සරසවි හීනය සැබෑ කරගැනීමට රු. කෝටි 36 ක ‘හෂීස්’ අරන් ශ්‍රී ලංකාවට ආ කැනඩා පාසල් සිසුවිය අත්අඩංගුවට
සරසවි හීනය සැබෑ කරගැනීමට රු. කෝටි 36 ක ‘හෂීස්’ අරන් ශ්‍රී ලංකාවට ආ කැනඩා පාසල් සිසුවිය අත්අඩංගුවට
(25.06.2026 – divaina.lk)
කැනඩාවේ විශ්වවිද්‍යාලයක හෙද පාඨමාලාවක් හැදෑරීම සඳහා අවශ්‍ය කරන මුදල් ලබාගැනීම සඳහා රුපියල් කෝටි 36 කට ආසන්න වටිනාකමෙන් යුත් ‘හෂීස් මත්ද්‍රව්‍ය’ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් 18 හැවිරිදි කැනඩා ජාතික පාසල් ශිෂ්‍යාවක කටුනායක ගුවන්තොටුපළේදී පෙරේදා (23 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ කැනඩා විශ්වවිද්‍යාලයේ සේවය කරන රියැදුරකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය තමන්ට ලබා දුන් බවත් එය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර දුන් පසු ඩොලර් 12,500 ක මුදලක් ලබා දීමට ඔහු පොරොන්දු වූ බවත්ය. ඊට අමතරව විදේශ සංචාරයක් ලබාදීම සඳහා ද තමන්ට පොරොන්දු වූ බව 18 හැවිරිදි කැනඩා ශිෂ්‍යාව ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
තමන් ආර්ථික දුෂ්කරතාවලින් පිරුණු පවුලක සාමාජිකාවක බවත් හෙද පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීමට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කැනඩාවේ ටොරෙන්ටෝ ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඇය ප්‍රකාශ කර ඇත.
සැකකාර තරුණිය කටුනායක ගුවන්තොටුපළේ හරිත මාවත ඔස්සේ මත්ද්‍රව්‍ය තොගය සහිත ගමන් මලු දෙක රැගෙන පිටවී යෑමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරින් විසින් ඇය නවතා පරීක්ෂා කර ඇත. එහිදී මෙම හෂීස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවී තිබේ.
ගමන් මලු දෙකේ පැකට් 140 ක අසුරා මෙම හෂීස් මත්ද්‍රව්‍ය තිබූ බව රේගු නිලධාරීහු පවසති. සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදී ඇත ෴
දෙහිවල, නැදිමාලේ තවත් කුඩු ගබඩාවක් වටලයි
(25.06.2026 – divaina.lk)
කොළඹ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් මත්ද්‍රව්‍ය ගබඩාවක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය රුපියල් කෝටි 6 කට අධික වටිනාකමෙන් යුත් ‘හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 11 ක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාට ලැබුණු තොරතුරකට අනුව නැදිමාල ප්‍රදේශයේ නිවසක් වටලා එහි සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද සමග මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගන්නා ලදී.
මෙහි තිබී ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 10 ක් සහ ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ එකක් (1) සොයාගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය සුපිරි හෝටල්වල සාදවලට සහ ධනවත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවද අනාවරණය වී තිබේ ෴
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන ප්‍රදර්ශනය ජූනි 26 සිට 28 දක්වා
(24.06.2026 – divaina.lk)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය (Colombo EV Motor Show – 2026) තෙවන (3) වරටත් 2026 ජූනි 26 සිට 28 දක්වා දින තුනක් (3) පුරා පෙරවරු 10:00 සිට රාත්‍රී 09:00 දක්වා, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ වඩාත්ම අපේක්ෂිත හා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි මෙම ප්‍රදර්ශනය ‘ඒෂියා එක්ෂිබිෂන් ඇන්ඩ් කන්වෙන්ෂන් පුද්ගලික සමාගම’ විසින් සංවිධානය කර ඇත.
මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන කර්මාන්තයේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ප්‍රමුඛ වේදිකාවක් බවට පත්ව තිබේ. දේශීය හා ජාත්‍යන්තර නිෂ්පාදකයින්, සැපයුම්කරුවන්, ආයෝජකයින්, ව්‍යාපාරිකයන්, නවෝත්පාදකයින් සහ මහජනතාව එකම ස්ථානයකට එක්කරමින් පරිසර හිතකාමී ප්‍රවාහන තාක්ෂණයේ නවතම දියුණුව ප්‍රදර්ශනය කිරීම මෙහි අරමුණ වී ඇත.
පසුගිය වසරවල දැක්වූ ඉහළ ජනප්‍රියත්වය හේතුවෙන් මෙවර ප්‍රදර්ශනය සඳහා 75,000 කට අධික නරඹන්නන් පිරිසක් සහභාගී වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.
නවතම විද්‍යුත් වාහන, පරිසර හිතකාමී ප්‍රවාහන තාක්ෂණය, ව්‍යාපාරික ජාලගත වීමේ අවස්ථා සහවිශේෂ මූල්‍ය පහසුකම් පිළිබඳ එකම ස්ථානයකින් දැනුවත් වීමට කැමති සියලු දෙනාට මෙම ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස සංවිධායකයින් ආරාධනා කර සිටී.
සලේගෙ ලැප්ටොප් එකේ තිබ්බ රහස් සේරම තක්සලාවෙන් එලියට ? (24.06.2026)
+
වාදයෙන් තරිඳු ජයවර්ධන පැරදවිය යුත්තේ ඇයි ? පොහොට්ටු නායකයින් මේවා දකින්නේ නැද්ද ? (24.06.2026)
+
ලාල්කාන්තලා එල්නිනෝ කමිටුවෙනුත් ගාණක් හම්බකර ගනී වගේ (24.06.2026)
+
සජිත්ට ඔහුගේම පිරිසක් දේශපාලනයේ ඉන්නවාද ? රනිල්ට ජැක් ගහගෙන ඉන්නේ ඒකද ? (24.06.2026)
+
බෙදුම්වාදයට එරෙහි ජවිපෙ භූමිකාව ඉන්දියා අමෙරිකා බෙර පදයට නැටීම නොවේ (24.06.2026)
+
දයාට ප්‍රසාද්ගෙ දයාව (24.06.2026)
+
අභීතද තරිදුද දිනුම්? (24.06.2026)
+
ලාල් කාන්ත, දයා ගමගේ හවුල ප්‍රසාද් හෝදන්න පුලුවන්ද? (25.06.2026)
+
ඩොලර් මිලියන 34 ක අභිරහස සහ SL VLOG විවාදය (24.06.2026)
+
මට දාලා යන්න බැරි දේකට තියෙන්නෙ අම්මා විතරයි – හේමන්ත ශ්‍රීලාල් (24.06.2026)
+
බෑඟිරි ගසා පොළොවේ පස් කමින් අඬන්න ඇමති චතුරංග දැකපු දේ මෙන්න (24.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴