සිසුන් මුදලට සමත් කිරීමක් ගැන කොළඹ විශ්වවිද්‍යාලයට එරෙහි අල්ලස් විමර්ශන
සිසුන් මුදලට සමත් කිරීමක් ගැන කොළඹ විශ්වවිද්‍යාලයට එරෙහි අල්ලස් විමර්ශන
(23.06.2026 – gossiplankanews.com)
කොළඹ විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු සහ ඩිප්ලෝමා පාඨමාලාවල සිදු වූයේ යැයි පැවසෙන විවිධ දූෂණ හා අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඇතැම් විභාගවලට පෙනී සිටින සිසුන් මුදලට සමත් කිරීම සහ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් විවිධ අක්‍රමිකතා සිදුකරන ලදැයි කියන සිද්ධීන් මෙලෙස විමර්ශනයට ලක්වන බව වාර්තා වේ.
මෙම විමර්ශන කටයුතු ආරම්භ වී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් කරන ලද නිල පැමිණිල්ලකට අනුවය. එම පැමිණිල්ල මඟින් සිසුන් පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන් විසින් විභාගවලට පෙර තමන්ට හිතවත් සිසුන්ට ප්‍රශ්න පත්‍ර මුදාහරින බවයි. එමෙන්ම, මුදල් ලබාගනිමින් ලකුණු ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටත්, ආචාර්යවරුන්ගේ විවිධ අනිසි වුවමනාවන්වලට අනුගත නොවන සිසුන් විභාගවලින් අසමත් කර පළිගැනීමට ඔවුන් කටයුතු කරන බවටත් සිසුන් බරපතළ චෝදනා එල්ල කර ඇත.
විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා පවතින සම්මත ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති සහ ලකුණු ලබාදීමේ පිළිගත් රීති පද්ධතීන් ඇතැම් ආචාර්යවරුන්ගේ හිතුමතය පරිදි උල්ලංඝනය කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වේ. තවද, විභාගවලින් අසමත් කරන ලද ඇතැම් සිසුන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔවුන් නැවත සමත් කරමින් අලුතින් ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම ගැටලු සම්බන්ධයෙන් සිසුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳව කිසිදු නිසි විභාගයක් පැවැත්වීමකින් තොරව විශ්වවිද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති බව ද ඔවුහු පවසති.
විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙන සිසුන්, කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවල ගුණාත්මකභාවය සුරැකීමට මැදිහත් වන ලෙසත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ පාර්ශ්වයෙන් කරුණු විමසීම සඳහා උප කුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාගේ කාර්යාලය ඇමතූ විට, ඒ පිළිබඳව ලේඛකාධිකාරී සංජීවනී පෙරේරා මහත්මියගෙන් විමසන ලෙස දැනුම් දෙන ලදී. ඒ අනුව ලේඛකාධිකාරීවරියගේ කාර්යාලය සම්බන්ධ කරගත්ත ද, එහි සිටි නිලධාරිනියක ප්‍රකාශ කළේ ලේඛකාධිකාරීවරිය එම අවස්ථාවේදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වී සිටින බවයි ෴
2026 වසර විභාග කාලසටහනේ කිසිදු වෙනසක් නෑ – විභාග කොමසාරිස් ජනරාල්
(24.06.2026 – 15:26 +0530 – sinhala.adaderana.lk)
2026 වසර සඳහා අදාළ විභාග කාලසටහන කිසිදු වෙනස් කිරීමකින් තොරව අදාළ දිනයන්හිදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
අද (24) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේ හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ, 2025.09.14 වෙනදා නිවේදනය කළ පරිදි 2026 වසර සඳහා වූ විභාග කාලසටහන ඉදිරියේදී ක්‍රියාත්මක වන බවයි.
සියලුම විභාග සඳහා සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කාලය සලකා බැලීමෙන් අනතුරුව මෙම කාලසටහන සකස් කළ බව ද ඇය එහිදී පෙන්වා දුන්නාය ෴
ඩෙංගුවලට බේත්කරන IDH ඉස්පිරිතාලේ වහලා දාලා – චාමර සම්පත් කරන ඇඟ හිරි වැටෙන අනාවරණය (24.06.2026)
+
අභීත – තරිඳු විවාදය ගැන පොහොට්ටු මහලේකම්ගෙන් සැර ප්‍රකාශයක් (24.06.2026)
+
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි : අවසන් දිනය ජූලි 16
(24.06.2026 – hirunews.lk)
රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය – 2026 සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව 2026.06.22 දින සිට 2026.07.16 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
සියලුම අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන
https://doenets.lk/ හෝ
https://onlineexams.gov.lk/eic/ වෙත පිවිස ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ යුතුයි.
කිසිදු හේතුවක් මත පෞද්ගලික අයදුම්පත් භාරගනු නොලැබේ.
මෙම විභාගය සඳහා අයදුම් කළ හැක්කේ 2026 වර්ෂයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (එනම් 2027 වර්ෂයේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පළමුවරට පෙනී සිටීමට නියමිත) සිසුන් පමණක් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් පද්ධතියට ඇතුළු විය යුතු අතර, සිසුන්ගේ දත්ත නිවැරදිව ඇතුළත් කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්යයි.
මෙම විභාගය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පැවැත්වීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
- ක්ෂණික ඇමතුම් අංකය : 1911
- දුරකථන අංක : 011 278 4537 , 011 278 6616 , 011 278 4208
- ෆැක්ස් අංකය : 011 278 4422
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
(24.06.2026 – hirunews.lk)
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය – 2025 (2026) වර්ෂයේ සහතික පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර නිකුත් කරනු ලබන්නේ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ දන්වා සිටි යි.
එබැවින්, සහතික පත්‍ර ලබා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස්වරිය සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටි යි ෴
ජනතාවට බෙදා නොදුන් දිට්වා ආපදා සහන කාමරවල කුණුවෙලා
(24.06.2026 – 23:14 +0530 – sinhala.adaderana.lk)
‘දිට්වා’ ආපදාවලට ලක්වූ ජනතාව වෙත බෙදා හැරීම සඳහා වෙන්කර තිබූ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් බෙදා නොහැර, ගම්පොළ උඩුපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළම කල් ඉකුත් වී විනාශ වී තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුකළ නිරීක්ෂණයකදී ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ, එහි කාමර තුනක් (3) පුරා මෙලෙස ජනතාවට ලබා නොදුන් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙන අයුරුය.
එම නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙලෙස ගොඩගසා ඇති වියළි ආහාර ද්‍රව්‍ය බොහොමයක් මේ වන විටත් පරිභෝජනයට ගත නොහැකි පරිදි කල් ඉකුත්වී ඇති බවය.
උඩපළාත ප්‍රා. ලේ කාර්යාලයේ දිට්වා සහනාධාර අවුලක් – විගණන නිලධාරීන්ට ප්‍රා. ලේකම්ගෙන් බාධා (24.06.2026)
+
කතුන් අමාරුවේ දා තෙල්දෙණියෙන් බිල්ලක් ගත් අනංගයාගේ පැටිකිරිය (24.06.2026)
+++
රටම කැලඹූ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියගේ ඝාතකයා මහ රෑ – නුවරඑළිය පොලීසියට කුදලගෙන ආ හැටි (24.06.2026)
+++
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව
(24.06.2026 – 19:04 +0530 – sinhala.adaderana.lk)
රට තුළ ආන්දෝලනයක් මතුකළ භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව තිබේ.
ඒ අනුව එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවය.
ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අද (24) යාපනයේදී අත්අඩංගුවට ගැනීමත් සමග තවත් කරුණු අනාවරණය කරගැනීමට හැකිව ඇත.
සිද්ධියේ පසුබිම සහ මළ සිරුර සොයාගැනීම
පසුගිය ජූනි 17 වැනිදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගන්නා ලදී. මෙලෙස මියගොස් තිබුණේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ 34 හැවිරිදි ‘ශම්‍යා දර්ශනී’ නැමැති තැනැත්තියකි.
ඇයගේ පෙම්වතා විසින් ඇගේ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් තිබූ අතර, ඔහු සිරුර රැගෙන යන අයුරු CCTV දර්ශනවලද සටහන්ව තිබුණි.
පොලිස් විමර්ශන සහ සැකකරුවන් කොටුකර ගැනීම
දින 7 ක් පුරා සැකකරු සෙවීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරුණි.
‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය’ සහ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ (CID) තාක්ෂණික සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකදී සැකකරු වැල්වත්ත ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන් කරමින් සිටින බව අනාවරණය විය.
ඒ අනුව ක්‍රියාත්මක වූ ‘යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ’ නිලධාරීන්, සැකකරු ගමන් කරමින් සිටි බස් රථය චාවකච්චේරිය, කයිතඩි ප්‍රදේශයේදී වටලා සැකකරු, ඔහුගේ බිරිඳ සහ එක් දරුවකුව අත්අඩංගුවට ගත්තේය.
වෙස්වලාගෙන පලායාමේ උත්සාහය
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු තොප්පියක් සහ මුව ආවරණයක් පැලඳ සිටි අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සිට ඇත.
සැකකරු නිතර භාවිත කළ බොරු කොණ්ඩයක්ද (Wig) ඔහු සතුව තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදී. ඔවුන් යාපනය හරහා ඉන්දියාවට පලායාමට සැලසුම් කර තිබූ බවට පොලිසිය සැකකරයි.
සැකකරුගේ ප්‍රකාශය
තමා මියගිය කාන්තාව නැවතී සිටි කාමරයට යන විට ඇය ගෙල වැළලාගෙන සිටි බවත්, බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණියට රැගෙන ආ බවත් සැකකරු පවසයි.
කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තා මගින් මෙය ගෙල සිරකර මැරීමක් බව සනාථ කර ඇත. තවද ඇයගෙන් තමා මුදල් ලබාගත්තද එය රුපියල් කෝටි එකහමාරක් (1½) නොවන බවද ඔහු කියා සිටියි.
සැකකරුගේ බිරිඳගේ ප්‍රකාශය
සැකකරු විසින් රවටනු ලබන කාන්තාවන්ට තමා ඔහුගේ ‘වැඩිමහල් සහෝදරිය’ ලෙස හඳුන්වා දී මෙම වංචාවලට සහාය දුන් බව පවසා ඇත.
තමන්ට සිටින දරුවන් තිදෙනාගෙන් (3) දෙදෙනෙකු (2) පසුගිය 21 වැනිදා නාරම්මල පිහිටි මහගෙදරට ඇරලවූ බවද ඇය පැවසුවාය.
පලායාමට උදව් කළ අයෙක් අත්අඩංගුවට
‘නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතා’ගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුට නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයූ ‘කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ’ සේවකයෙකු (1) ද අත්අඩංගුවට ගැනුණි.
ඔහුගෙන් හෙළිවූ තොරතුරු
මරණය සිදුවූ 16 වැනිදා පස්වරුවේ ප්‍රධාන සැකකරු මළ සිරුර සහිත මෝටර් රථයෙන්ම කුණ්ඩසාලේ පිහිටි මෙම සේවකයාගේ නිවසට පැමිණ ඇත.
අනතුරුව සැකකරුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා (3) ද එම රථයෙන්ම කැඳවාගෙන විත් ප්‍රාදේශීය සභා සේවකයාගේ නිවසේ රැය පහන් කර තිබේ.
පසුදින සිරුර තෙල්දෙණියට රැගෙන යන විට ප්‍රාදේශීය සභා සේවකයා යතුරුපැදියකින් මෝටර් රථය පසුපසින් ගොස් ඇති අතර, සිරුර දැමීමෙන් පසු සැකකරුව නැවත යතුරුපැදියෙන් සිය නිවසට කැඳවාගෙන විත් ඇත.
පසුව මෙම පිරිස මාතලේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට ඇරලවීමටද ඔහු උදව් කර ඇත. සැකකරු මෙම සේවකයාගේ බිරිඳගෙන්ද රුපියල් ලක්ෂ 5 ක මුදලක් වංචා කර තිබේ.
සැකකරුගේ ස්ත්‍රී වංචා ජාලය
පොලිස් විමර්ශනවලට අනුව ප්‍රධාන සැකකරු වයස අවුරුදු 30 ට වැඩි, අවිවාහක කාන්තාවන් ඉලක්ක කර ගනිමින් විවාහ කරගන්නා බව පවසා රවටන මහා පරිමාණ වංචාකරුවෙකි.
මියගිය භෞතචිකිත්සකවරිය අම්පාර රෝහලේදී ඔහුට හමුව ඇත්තේ ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවකය.
සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති අතර, ඔහු විවිධ කූඨ උපක්‍රම මගින් කාන්තාවන් රැවටූ සමස්ත මුදල රුපියල් කෝටි දෙකකට (2) අධික බව අනාවරණය වී ඇත.
ඔහු කටුගස්තොට ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක්ද ආරම්භ කර ඇති අතර, එහි සේවය කළ තරුණියකගෙන් ද රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගැනීමට සූදානමින් සිට ඇත.
ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැනට නුවරඑළිය පොලිසිය වෙත භාරදී තිබේ.
+++
තෙල්දෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර තිබේ ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴