තෙල්දෙණියේ භෞතචිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්
තෙල්දෙණියේ භෞතචිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්
(24.06.2026 – hirunews.lk)
යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් භෞතචිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන සැකකාර පෙම්වතා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.
ඒ, පොලිස් භාරයට ගත් සැකකරුගේ බිරිඳ සහ කුඩා දරුවා ද සමගින්.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු සැකකරු අද (24) අළුයම අත්අඩංගුවට ගනු ලැබුවේ චාවකච්චේරිය – කයිතඩි ප්‍රදේශයේදීයි.
මෙහිදී සැකකරු බස් රථයකින් පැමිණෙමින් සිටින බව ‘වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය’, ‘යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය’ වෙත දැනුම් දී තිබුණා.
ඒ අනුව, බස් රථ පරීක්ෂා කිරීමට එම කාර්යාංශය කටයුතු කළ අවස්ථාවේදී කන්කසන්තුරය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි සැකකරු ඇගේ බිරිඳ සහ දරුවා පොලිස් භාරයට ගැණුනා.

මොවුන් ඉන්දියාවට පලා යෑමට සූදානම්ව සිටි බවටයි පොලිසිය සැකකරන්නේ.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු මුව ආවරණයක් සහ හිස් ආවරණයක් පැලඳ දමිළ ජාතිකයෙකු ලෙසත් ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙසත් වෙස්වලාගෙන සිටි බවයි.
එසේම, කාන්තාව සතුව තිබී හැඳුනුම්පතක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා හමුවී, පොලීසියට භාරවීමට සිටි බවයි. පසුව විමර්ශන නිලධාරින් හමුවේ සැකකරු පාපොච්ඡාරණයක් ද සිදුකර තිබෙනවා.
සැකකරුගේ දියණියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 21 වන දින පියා විසින් තමාව සහ සහෝදරයා මිත්තණියගේ නිවසේ දමා ගිය බවයි.
සැකකරු භෞතචිකිත්සකවරිය මිය යෑමෙන් පසු දින කිහිපයේ මීගමුව, හලාවත යන ප්‍රදේශවල සිට ඇති අතර එහිදීද ඔහු වෙස් වලාගෙනයි සිට ඇත්තේ. දින කිහිපයක් යාපනය ප්‍රදේශයේ රැදී සිටීමට දමිළ භාෂාවද පුහුණු වී තිබෙනවා. ඒ ඔහු දමිළ ජාතිකයෙක් බව හැඟවීම සඳහායි.
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී 33 හැවිරිදි අදාළ තරුණියගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 17 වනදායි. පසුව ඇය වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට අනාවරණය වුණා.
මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශනවලදී මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය, කඩුවෙල හා හොරණ යන අධිකරණවල නඩු පවතින බවට අනාවරණය වී තිබෙනවා.
ඊට, ‘විවාහ වන බවට පවසා රුපියල් කෝටි දෙකකට (2) ආසන්න මුදල් වංචා කිරීම්’ සම්බන්ධයෙන් ද නඩු පවතින බවටයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. මීට අමතරව, ‘විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා’ සහ ‘විදේශගත කරන බව පවසා’ මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ලවී ඇති බව පොලිසිය සඳහන් කළා.
සැකකරු තට්ටය සහිත පුද්ගලයෙක් වන අතර මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනාවරණය වුණේ.
එසේම මොහු ‘පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු’ බවට වාර්තා පළවුව ද එය අසත්‍යක් බව හෙළි වුණා.
අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය පොලිසියට භාර දීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.
+++
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරුට සහාය දුන් ප්‍රා.ස. රියදුරෙක් අත්අඩංගුවට
(24.06.2026 – 12:38 +0530 – sinhala.adaderana.lk)
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුට සහාය දැක්වූ ‘කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු’ අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයට ගොස් අද (24) දින මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා පැවසීය.
ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සැකකාර රියදුරුගේ මිතුරෙකු බවත්, සැකකරුගේ දුරකථන දත්ත ඔස්සේ රියදුරාව අත්අඩංගුවට ගත් බවත් සහකාර පොලිස් අධිකාරිවරියා කියා සිටියේය.
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ යාපනයේදී අද (24) අලුයම අත්අඩංගුවට ගැණුනි.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකක සිදුකළ මෙහෙයුමකදීයි.
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියකගේ මළ සිරුරක් ඉකුත් 17 වැනිදා තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගනු ලැබීය.
‘ශම්‍යා දර්ශනී’ නමැති 34 හැවිරිදි , ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව දින 7 ක් පුරා පොලිසිය සැකකරු සොයා පුළුල් විමර්ශනයක් සිදුකර තිබුණි.
ඒ අතරතුරදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස්මත ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා’ගේ සෘජු මෙහෙයවීම යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන ‘පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා’ගේ මෙහෙයවීමෙන් ‘පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්. චතුරංග මහතා’ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (23) දිනයේදී සැකකරු ගැවසුණු ප්‍රදේශවල ආවේෂණ කටයුතු ආරම්භ කළේය.
ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තාක්ෂණික සහය ද ලබාගෙන තිබේ.
එහිදී අනාවරණ වී ඇත්තේ, සැකකරු වැල්වත්ත ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන්කරමින් සිටින බවය.
ඒ අනුව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් විසින් සැකකරු ගමන් කරමින් සිටි බස් රථය චාවකච්චේරිය, කයිතඩි ප්‍රදේශයේදී නවත්වා තිබේ.
එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ, සැකකරු සමග ඔහුගේ බිරිඳ හා දරුවකුද සිටින බවය.
සැකකරු මුව ආවරණයක් පැළඳ සිට ඇති අතර ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිට ඇති බව පොලීසිය පැවසුවේය.
එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔහු පවසා ඇත්තේ, තමන් යාපනයේ සිට වව්නියාවට ගොස්, කුරුණෑගලට ගොස් එහි සිටින තම අනෙක් දරු දෙදෙනා (2) හමුවී පොලීසියට භාරවීමට සූදානමින් සිටි බවය.
කෙසේවෙතත් ඔහු යාපනයෙන් සිය පවුලද සමග ඉන්දියාවට පලායෑමට සූදානමින් සිටි බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව මේවන විට ඔහුව යාපනයේ සිට ‘නුවරඑළිය පොලීසිය’ වෙත ‘වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්’ විසින් රැගෙන එමින් තිබේ ෴
+++
තෙල්දෙණියේ තරුණියගේ මරණය සිදුවී ඇත්තේ ගෙල සිරකිරීමෙන්! (24.06.2026)
+++
තෙල්දෙණියෙ අනංගයාගේ පැටිකිරිය එළියට (24.06.2026)
+++
චම්පික (දිනෙත්) ඇල්ලූ, ඕලූගල සර්ගේ සුපිරි මෙහෙයුම, “මම භාරවෙන්න හිටියේ සර්…” (24.06.2026)
+++
හුස්ම ගන්නත් බය හිතෙන තෙල්දෙණිය ඝාතනයේ ප්‍රධාන සැකකරු සහ බිරිඳ දැමූ වැඩ කිඩ එළියට (24.06.2026)
+
අතුරුදන් වූ තරුණියක සෙවීමට පොලිසිය මහජන සහය පතයි
(24.06.2026 – hirunews.lk)
හාලිඇල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇති බවට ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඇය සොයා ගැනීම සඳහා මහජන සහයෝගය ඉල්ලා සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
තම දියණිය අතුරුදන්ව ඇති බවට ඉකුත් මාර්තු මස 06 වැනි දින හාලිඇල ප්‍රදේශයේ පදිංචි අදාල තරුණියගේ මව විසින් ඇටම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
මෙම සිදුවීමට අදාලව වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද කරුණු වාර්තා කර ඇති බව පොලිසිය පවසනවා.
- නම : රත්නායක මුදියන්සේලාගේ කාවින්ද්‍යා භවනි
- වයස : අවුරුදු 19
- ජාතික හැඳුනුම්පත් අංකය : 200750204474
- ලිපිනය : හෙල මොරේතොට, හාලිඇල
අතුරුදන් වූ තරුණිය උස අඩි 5 යි අඟල් 6 ක් පමණ වන, සාමාන්‍ය සිරුරක් හිමි තළෙලු තරුණියක් බවත්, ඇයගේ කොණ්ඩය ඉණ දක්වා වවා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසනවා.

ඒ අනුව, මෙම ඡායාරූපයේ සිටින තරුණිය පිළිබඳව යම් තොරතුරක් වෙතොත්, වහාම ඇටම්පිටිය පොලිසියේ ස්ථානාධිපති : 071 859 1528 හෝ ඇටම්පිටිය පොලිස් ස්ථානය : 055 229 4965 අමතන ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා ෴
ග්‍රාම නිලධාරින් අද (24) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
(24.06.2026 – hirunews.lk)
ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය අද (24) සිට ක්ෂේත්‍ර රාජකාරි සීමා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වී තිබෙනවා.
ඒ, ග්‍රාම නිලධාරින් සඳහා අනුමත කර ඇති ඉන්ධන දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින්.
ඒ අනුව, සඳුදා දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමෙන් වැළකීම, මාසික කොට්ඨාස දින රැස්වීම් හැර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කැඳවනු ලබන අනෙකුත් සියලු රැස්වීම් ද වර්ජනය කරන බවයි ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය කියා සිටියේ.
එමෙන්ම, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් සියලු වැඩසටහන් සඳහා සහයෝගය ලබානොදීමට ද එම සන්ධානය තීරණය කර තිබෙනවා ෴
+++
+
Drone තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගැනීම අද (24) සිට
(24.06.2026 – hirunews.lk)
රට තුළ උද්ගතව ඇති ඩෙංගු අධිවසංගත තත්ත්වයක් සමඟ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ නගර සභාව සහ ක්ලීන් ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලය එක්ව අද (24) දින ඩෙංගු පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා ළඟාවිය නොහැකි ස්ථාන පරීක්ෂා කිරීමට Drone තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා.
ඒ අනුව ළඟාවිය නොහැකි ස්ථානවල මදුරු කීටයන් බෝ වි ඇතිදැයි පරීක්ෂා කිරීමේ කටයුතු කොළඹ නගර ප්‍රදේශය තුළ සිදුකෙරුණා
මෙම අවස්ථාවට ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන් සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ ෴
+++
ඩෙංගු රෝගීන් 50,000 ට ආසන්න වෙයි
(24.06.2026 – hirunews.lk)
දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ට ආසන්න වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව ඊයේ (23) දිනය දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287 ක්.
එමෙන්ම, මෙම මාසයේ ඊයේ (23) දිනය දක්වා ඩෙංගු රෝගීන් 14,446 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10,085 ක්.
එමෙන්ම, මේ දක්වා සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 29 ක් වනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴