සුවසැරිය ශිල්පීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්
සුවසැරිය ශිල්පීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්
(22.06.2026 – hirunews.lk)
1990 සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ (EMT) දැනුම, කුසලතා සහ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය මඟින් අලුතින්ම හඳුන්වා දුන් ‘පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව’ (Diploma in Paramedical Sciences for Emergency Medical Technicians) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී අද (22) ආරම්භ කෙරුණා.
මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි එක් වූ අතර, එහි පළමු කණ්ඩායම ලෙස සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් තිස්දෙනෙකු (30) මෙම පාඨමාලාව හැදෑරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මාස හයක් (06) පුරා පැවැත්වෙන මෙම ඩිප්ලෝමා පාඨමාලාවට සමගාමීව, මෙම ශිල්පීන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේ, 1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක ‘සුවසැරිය’ ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් හා ගුණාත්මක සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සම්පාදනය කළ මෙම පාඨමාලාව බෙහෙවින් ඉවහල් වන බවයි.
‘ජීවිතයක් සුරැකීම’ යන්න ප්‍රමුඛ අභිමතාර්ථය කරගනිමින් ආරම්භ වූ සුවසැරිය පදනම වර්තමානයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතකින් බලාත්මක කර තිබෙනවා.
ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ‘සුවසැරිය’ ජාතික හදිසි ගිලන්රථ සේවාව මේ වන විට සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබනවා.
මෙම සමාරම්භක උත්සව අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ, මහාචාර්ය වජිර දිසානායක, සුවසැරිය පදනමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රීලාල් ද සිල්වා සහ වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය ගෝමින්ද පොන්නම්පෙරුම ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලය සහ සුවසැරිය පදනම නියෝජනය කරමින් විද්වත් පිරිසක් සහභාගි වී සිටියා ෴
සුරේෂ් සලේ ලැප්ටොප් හා දුරකතන මීට වසර තුනකට (3) පෙර හමුදාපතිට බාර දීලා
(22.06.2026 – lankacnews.com)
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය යුද හමුදා සේවා කාලය අවසන් කර විශ්‍රාම ගන්නා අවස්ථාවේදී, තමන් භාරයේ තිබූ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ඇතුළු සියලුම රාජකාරි භාණ්ඩ යුද හමුදාපතිවරයා වෙත නිසි පරිදි භාර දී ඇති බව ඔහුගේ නීතීඥ සංජීව වීරවික‍්‍රම මහතා පවසයි.
නීතීඥවරයා අවධාරණය කරන්නේ මීට වසර තුනකට (3) පෙර සුරේෂ් සලේ මහතා යුද හමුදාවෙන් ඉවත් වන විට, ඔහු භාවිතා කළ නිල ඇඳුම්, අත්සටහන් පොත්, නිල වාර්තා, ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවි සහ වාහන මෙන්ම සියලුම ඩිජිටල් උපකරණ හමුදාපතිවරයා වෙත බාර දී ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, යුද හමුදාපතිවරයා කැඳවා එම භාණ්ඩ නිසි පරිදි භාර දී තිබේද යන්න විමසා බැලිය හැකි බව නීතීඥ වීරවික‍්‍රම මහතා පෙන්වා දෙයි.
දැනට සිදු කෙරෙන කිසිදු විමර්ශනයකට අදාළ වන උපකරණයක් මේ වන විට සුරේෂ් සලේ මහතා සන්තකයේ නොමැති බව ඔහු සහතික කරයි.
මේ වන විට සලේ මහතා සතුව පවතින්නේ 2024 වසරේදී මිලදී ගන්නා ලද HP වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ iPhone 12 වර්ගයේ ජංගම දුරකතනයක් පමණක් බවත්, ඒවා මෙම විමර්ශනවලට අදාළ කාල සීමාවෙන් පසුව ලබාගත් ඒවා බවත් නීතීඥවරයා සඳහන් කළේය.
එම උපකරණවල පවතින්නේ සලේ මහතා සහ ඔහුගේ බිරිඳ අතර සිදුවූ පෞද්ගලික සන්නිවේදනයන් සහ දියණියගේ ඡායාරූප වැනි පෞද්ගලික දත්ත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම පෞද්ගලික උපකරණවල මුරපද ලබා නොදීමට තීරණය කර ඇත්තේ පුද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂා කිරීමේ අයිතිය මත පදනම්ව බව නීතීඥවරයා පවසයි.
කිසිදු අපරාධයකට සම්බන්ධ බව තහවුරු නොකර පුද්ගලයෙකුගේ පෞද්ගලික දත්ත සහ පවුලේ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය අයිතියක් නොමැති බවත්, එවැනි දත්ත ලබා ගැනීමට නම් මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර නිසි අවසරයක් ලබා ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
මුරපද නොමැතිව වුවද විමර්ශන සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඇති ආයතන පවතින නමුත්, තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට හානි වන කිසිදු තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදෙන බව නීතීඥ සංජීව වීරවික‍්‍රම මහතා අවධාරණය කළේය ෴
ධම්මරාජ මහා බෝසතානෝ : ශ්‍රී පාදයේ ඇත්ත කතාව – නිවස තුළ තරුණියගේ අභිරහස් මරණය – 2026-06-23
+
කළුතර හෝටලයකදී රු. ලක්ෂ 10 ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
(23.06.2026 – hirunews.lk)
කළුතර උතුර හෝටලයක් තුළදී රුපියල් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරී සිදු කරන පොලිස් පරීක්ෂකවරයෙක්.
පුද්ගලයකු ඊයේ (22) සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයත් වාහනයක් සම්බන්ධයෙන් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කර තිබෙනවා.
එකී වාහනය සම්බන්ධව අධිකරණය වෙත අපරාධමය චෝදනා ගොනු නොකර හරිමින් සාමාන්‍ය පරිදි අධිකරණය වෙත කරුණු වාර්තා කර එම වාහනය හිමිකරුවන පැමිණිලිකරුට ලබා ගැනීමට කටයුතු සිදුකර දීම සඳහා රුපියල් ලක්ෂ 11 ක මුදලක් ඉල්ලා තිබූ බවයි පොලිසිය පවසන්නේ.
එකී මුදලින් ඉකුත් 30 වැනිදා රුපියල් ලක්ෂයක (100,000) මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන, ඒ සඳහා එකඟ වූ පරිදි ඉතිරි රුපියල් ලක්ෂ 10 ක මුදල ඊයේ (22) රාත්‍රියේදී කළුතර හෝටලය තුළදී ලබා ගනිද්දී එහි සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
මළ ගෙදරදී සලේ ගැන ඇහුණ කතා : “සලේව අත්අඩංගුවට අරන් කරන විගඩම නිසා අපිව ජාත්‍යන්තරව කොන්වෙලා” (23.06.2026)
+
පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම ට පැය 24 ක ජල කප්පාදුවක්
(23.06.2026 – 10:11 +0530 – sinhala.adaderana.lk)
ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, හෙට (24) ප.ව. 6 සිට අනිද්දා (25) ප.ව. 6 දක්වා පැය 24 ක කාලයක් පහත දක්වා ඇති ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ :
පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම.
ජල සැපයුම අත්හි වූ වීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි ෴
වැඩිම ඩෙංගු ව්‍යාප්තිය පාසල්වලින් – රතු නිවේදන 3000 ක් (23.06.2026)
+
දිනකට රු. ලක්ෂයකට වැඩියෙන් බඩු වික්කොත් වැට් බදු වදී
(23.06.2026 – aruna.lk)
දෛනික පිරිවැටුම (විකුණන භාණ්ඩවල හෝ සේවා වටිනාකම) රුපියල් ලක්ෂය (100,000) ඉක්මවන සෑම වෙළෙඳ ආයතනයක්ම, සේවා සපයන ආයතනයක්ම එළැඹෙන ජූලි මස පළමුවැනිදා (01 වැනිදා) සිට වැට් බදු (VAT) සහ සමාජ ආරක්ෂණ බදු (SSCL) ගෙවීම සඳහා ලියාපදිංචි වියයුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙතෙක් වැට් සහ සමාජ ආරක්ෂණ බදු අය කිරීමට අදාළව ලියාපදිංචිය අනිවාර්ය වූයේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 කට වැඩි (දෛනික පිරිවැටුම රුපියල් 167,000) ක් පමණ) වෙළෙඳ ආයතන සහ සේවා සපයන ආයතනවලටය.
නමුත්, එළැඹෙන ජූලි මස පළමුවැනිදා (01) සිට වැට් බදු අය කිරීමට අදාළ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 36 ක් (කාර්තුවක (මාස 3 ක) පිරිවැටුම රුපියල් මිලියන 09 ක්) දක්වා අඩුකර ඇත.
මේ අනුව, දෛනික වෙළෙඳාමෙන් හෝ සේවා සැපයීමෙන් රුපියල් ලක්ෂය ඉක්මවා පිරිවැටුමක් උපයන සියලු ව්‍යාපාර හිමියන්, සේවා සපයන්නන් වැට් සහ සමාජ ආරක්ෂක බදු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්ය වේ.
මේ අනුව, මාස තුනක (3) (කාර්තුවක) පිරිවැටුම රුපියල් මිලියන 09 ඉක්මවන්නේ නම් වැට් බදු ගෙවීමට අදාළව ලියාපදිංචි විය යුතුය. මීට පෙරදී කාර්තුවකදී වැට් බදු අය කිරීමේ පිරිවැටුමේ සීමාව වූයේ රුපියල් මිලියන 15 කි.
මේ අනුව, මෙතෙක් වැට් බදු ගෙවීමට අදාළව ලියාපදිංචි නොවී සිටි දෛනික පිරිවැටුම රුපියල් ලක්ෂයත්, ලක්ෂ එක හමාරත් අතර පිරිවැටුමක් උපයන සියලු වෙළෙඳ ආයතන, සේවා සපයන ආයතන වැට් බදු ගෙවීම සඳහා අලුතින් ලියාපදිංචි වියයුතු වේ. වැට් බදු අය කිරීමේ සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 ක් දක්වා අඩු කිරීම නිසා අලුතින් මිලියනයක පමණ පිරිසක් වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වනු ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
මේ අනුව, අලුතින් වැට් බදු ලියාපදිංචිය සඳහා ඇතුළත් වන පිරිස අනිවාර්යයෙන්ම මාස තුනකට (3) වරක් වැට් බදු වාර්ථා සම්පූර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුය.
වැට් බදු සඳහා ලියාපදිංචිවීමේ සීමා අඩු කිරීම නිසා, මෙතෙක් එම බදු නොගෙවූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැසකට සියයට 18 ක වැට් බද්ද සහ සියයට 2.5 ක (දෙකයි දශම පහ) සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවන්නේය.
මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අමතර වැය බරක් දැරීමට සිදු වෙතැයි ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති. මෙහිදී, මාස තුනකට (3) වරක් වැට් බදු වාර්තා සකස් කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ගණකාධිකාරිවරයෙකු ඇතුළු අමතර කාර්ය මණ්ඩලයක්ද සේවයට යොදා ගැනීමට සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පවසති. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාර සහ සේවා හිමියන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ.ඩී. කරුණාරත්න කියා සිටියේ කලින් වැට් සඳහා සහ සමාජ ආරක්ෂණ බද්ද (SSCL) සඳහා ලියාපදිංචි වීමට තිබුණු වාර්ෂිකව රුපියල් මිලියන 60 ක්ව තිබුණු වෙළෙඳ පිරිවැටුම් නිර්ණායකය රුපියල් මිලියන 36 ක් දක්වා අඩුවී තිබෙන බවත්, මෙහිදී, නිෂ්පාදනය, සේවා සැපයීම, තොග සහ සිල්ලර වෙළෙඳාම සිදු කරන අය තමන්ගේ බද්දට යටත් පිරිවැටුම වාර්ෂිකව රුපියල් මිලියන 36 ක් ඉක්මවන්නේ නම් වැට් සඳහා සහ සමාජ ආරක්ෂණ බද්ද (SSCL) සඳහා ලියාපදිංචි විය යුතු බවත්ය.
මේ අනුව, දවසකට රුපියල් ලක්ෂය ඉක්මවන වෙළෙඳාමක් තිබෙන සෑම අයෙක්ම ජූලි මස පළමුවැනිදා (01) සිට වැට් බද්දට සහ සමාජ ආරක්ෂණ බද්දට ලියාපදිංචි වියයුතු බවද ඔහු කියා සිටියේය. අදාළ ලියාපදිංචියට අදාළ ක්‍රමවේදයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පහසුකම් සපයා තිබෙන බවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලවලට ගොස් ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.
මෙහිදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් ආදායම් කොමසාරිස් එන්.එස්.පී.සේනාරත්න එම වැඩමුළුවේදී මෙසේ කියා සිටියේය.
“ඝෘජු බදු ප්‍රමාණවත් නොවීම නිසා වක්‍ර බදු අනුපාත අඩුවෙලා වැඩි වටිනාකමක් ගෙවන්න වෙන්නේ. රටේ ආදායම ආරක්ෂා කර ගැනීම සඳහා තමයි වක්‍ර බදු රුපියල් මිලියන 36 ක් දක්වා අඩුවෙලා තියෙන්නේ. ජනතාව වෙනුවෙන් තමයි මේ සියලු බදු මුදල් එකතු කරන්නේ. මේ බද්ද ගෙවන්නේ ව්‍යාපාරිකයෝ නොවෙයි. මේ බද්ද ගෙවන්නේ සාමාන්‍ය මහජනතාව. ව්‍යාපාර ප්‍රජාව කරන්නේ මේ බද්ද එකතු කරලා රජයට පවරා දෙන එකයි.” යැයි ඔහු කීවේය ෴
+++
VAT සහ SSCL පිරිවැය සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවේ
(23.06.2026 – 16:48 +0530 – sinhala.adaderana.lk)
එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාව ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යව නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, VAT සහ SSCL සඳහා දැනට පවතින රුපියල් මිලියන 60 ක වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බලපැවැත්වෙනු ඇත ෴
තෙල්දෙණියේ සැකකරු ගැන දැන් ලැබුණු අතිශය කණගාටුදායක පුවත (23.06.2026)
+
සාමාන්‍ය පෙළ පළමු ස්ථාන සඟවන්නේ ඇයි? හරිනිගේ අලුත්ම තීරණය! (23.06.2026)
+
ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි – අභියාචනය ඉවතට
(23.06.2026 – 10:28 +0530 – sinhala.adaderana.lk)
ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09 ක සිරදඬුවම සහ රුපියල් 1500 ක දඩය කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ.
එම සිරදඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.
නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 වසරේ ජනවාරි මස 09 වනදා මාස 09 ක සිර දඬුවමක් සහ රුපියල් 1500 ක දඩයක් නියම කළේය.
ඉන් අනතුරුව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළේය.
එම අභියාචනයා විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ආගමික සංහිදියාව උල්ලංඝනය වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවය.
එවැනි ක්‍රියා වැළැක්වීම නීතියේ මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ වගකීමක් බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් දඬුවම් පැමිණවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි නොවන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴