තෙල්දෙණියේ ඝාතනය – සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ එළියට
(22.06.2026 – 16:31 +0530 – sinhala.adaderana.lk)
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ විසින් මෙරට විවිධ ප්‍රදේශවල සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවන් සහ අපරාධ රැසක තොරතුරු නුවරඑළිය මූලස්ථාන පොලීසිය මගින් අනාවරණය කරගෙන තිබේ.
නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, මාධ්‍ය ප්‍රකාශකවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
පසුගිය ජූනි 17 වන දින වාර්තා වූ මෙම මනුෂ්‍ය ඝාතන සිද්ධියෙන් පසු සිදුකළ පුළුල් විමර්ශනවලදී මෙම තොරතුරු හෙළි වී තිබේ.
මෙම අපරාධවල ප්‍රධාන සැකකරු ලෙස කොස්ගොල්ල, හොරොම්බාව ලිපිනයේ පදිංචි ‘ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රීයාන් ජයසුන්දර’ නැමැත්තා හඳුනාගෙන ඇති අතර, ඔහුගේ බිරිඳ වන ‘රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක’ නැමැත්තිය ද මෙම වංචාවන්ට සෘජුවම සම්බන්ධ වී ඇති බව පොලීසිය පවසයි.
පොලිස් වාර්තාවලට අනුව ප්‍රධාන සැකකරු විසින් ‘විවාහ වන බව පවසා කාන්තාවන් රැවටීම’, ‘විදේශ වාහන සහ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීම’ ඇතුළු චෝදනා මත දිවයිනේ අධිකරණ රැසක නඩු පවතී.
ඒ අනුව,
- ගම්පහ මහාධිකරණය (නඩු අංක බී 1893/19) – විවාහ වන බව පවසා රුපියල් 11,873,000 ක මුදලක් වංචා කිරීම සහ WP CBG 8532 දරණ කාර් රථය නීති විරෝධී ලෙස භාවිතා කර වංචා කිරීම.
- අලුත්කඩේ අංක 05 අධිකරණය (නඩු අංක බී 98858/05/2018) – විවාහ වන බව පවසා රුපියල් 1,721,000 ක මුදලක් වංචා කිරීම.
- අලුත්කඩේ අංක 05 අධිකරණය (නඩු අංක බී 15191/05/2019) – විවාහ වන බව පවසා රුපියල් 1,376,000 ක මුදලක් වංචා කිරීම.
- තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය (නඩු අංක බී 33176, 33174) – විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් 2,200,000 ක මුදලක් වංචා කිරීම.
- අලුත්කඩේ උසාවිය (නඩු අංක බී 7002/23) – විදේශගත කරන බව පවසා රුපියල් 4,200,000 ක මුදලක් වංචා කිරීම.
මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහුට එරෙහිව අලුත්කඩේ (බී 88175/18, බී 2 1763), හොරණ (බී 35175/18) සහ කඩුවෙල (බී 12025/18) යන අධිකරණවල ද නඩු පවත්වාගෙන යනු ලබයි.
සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය (198333704184) ඔස්සේ VPN හරහා AMIS දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ වංචා විමර්ශන අංශය මගින් 2023.11.13 වන දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදීම රුපියල් ලක්ෂය (100,000) බැගින් වූ මුදල් වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදුකර ඇති බවත් අනාවරණය වේ.
මෙම අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුගේ බිරිඳ වන ‘නෙත්මි අමායා රත්නායක’ යන අයට එරෙහිව ද ආයතන සහ පොලිස් ස්ථාන රැසක විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව,
- විදේශ සේවා නියුක්ති කාර්යාංශය – INV/147/2309/13/09/2023 යටතේ පවතින විමර්ශන.
- පෑලියගොඩ (SCIB): ලේඛන අංක 332/143 යටතේ පවතින විමර්ශන.
- පෑලියගොඩ පොලිසිය (වැලිසර): බී /4270/23 නඩුව.
- ජා-ඇල පොලිසිය: CIB 11 388/75 යටතේ ඇති පැමිණිලි.
- විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් 2,500,000 ක මුදලක් වංචා කිරීම (2023.11.15 දිනැති MOIB -396/48).
උ.පෙළ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ කාලය දිගුවෙයි
(22.06.2026 – 18:10 +0530 – sinhala.adaderana.lk)
අ.පො.ස. (උ.පෙළ) විභාගය 2026 උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.
අ.පො.ස. (උ.පෙළ) විභාගය – 2026 උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා, උත්තරපත්‍ර ඇගයීම් සඳහා මාර්ගගතව අයදුම් කිරීමේ අවස්ථාව 2026.06.26 දින තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, https://onlineexams.gov.lk/eic
සබැඳිය ඔස්සේ 2026.06.26 දින තෙක් මාර්ගගත ව අයදුම් කළ හැකි ය.
අයදුම්පත් යොමු කිරීමේ දී කිසියම් ගැටලුවක් මතුවුවහොත් තාක්ෂණික සහාය සඳහා දුරකථන අංක 011 366 1122, 011 367 1568 ඔස්සේ මාර්ගගත ශාඛාව හෝ දුරකථන අංක 011 278 5231, 011 278 5681 ඔස්සේ පාසල් විභාග ඇගයිම් ශාඛාව අමතන ලෙස වැඩිදුරටත් දනුම් දී ඇත ෴
පෙරහැරට ගෙන ආ අලියෙකු කළ පහරදීමෙන් ඇත්ගොව්වා සහ සහයකයා මරුට
(22.06.2026 – 10:17 +0530 – sinhala.adaderana.lk)
රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පැවැති 78 වන පොසොන් පෙරහැරට ගෙන ආ අලියෙකු කළ පහර දීමකින් ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
20 වනදා පැවැති පෙරහැරට රැගෙන ආ අලි දෙදෙනෙකු (2) විහාරස්ථානය ආසන්නයේ බැඳ දමා ඇති අතර, අද (22) උදෑසන එම අලියෙකුට ජලය ලබාදීම සඳහා ඇත්ගොව්වාගේ සහයකයා විසින් රක්වාන ගඟ දෙසට රැගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී අලියා කුපිත වී සහයකයාට පහරදී පාගා මරා දමා ඇති බව වාර්තා වේ.
සහයකයාගේ කෑගැසීම ඇසී එම ස්ථානයට ගිය ඇත්ගොව්වාට ද එම අලියා විසින් පහර දී ඇති අතර, ඔහුද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධියෙන් පසු අලියා විහාරස්ථානය අසල කුඹුරු යායකට පැන ගොස් තිබේ.
වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
+
මම භාවනා කරන්න පටන් ගත්තේ වයස අවුරුදු දාසයේ දාහතේ දී – නාමල් රාජපක්ෂ (16.06.2026)
+
Hiru TV Salakuna Live | Sagara Kariyawasam | Episode 534 | 2026-06-22
+
TV Derana 360 | ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ | 22.06.2026
+
මාලිමා කෙහෙල් බොඩ ෆැක්ටරිය එලෝන් මස්ක් බලන්න එයි? (22.06.2026)
+
මේ කපේදී එකතු වෙන්නැති, නොකෙරෙන දීගයක් (22.06.2026)
+
ඉස්කෝලේ ළමයින්ට වැඩිය ජේවීපී නම්බුව ලොකු වුණා (22.06.2026)
+
බත් කන්ඩ ඕනෙ කියලා බස් එකේදි අඬපු එවුන්… දැන් හොරකං නොකර ඉඳීද ? (22.06.2026)
+
මිනිස්සුන්ව බෙදලා බලයේ ඉන්නයි ජේවීපීකාරයො හදන්නෙ (22.06.2026)
+
සහරාන්ගේ අන්තිම හමුවීමේ CCTV දර්ශන CID එක ඇතුළෙදි මකල. සලේගේ ගුදේ හෙව්වේ පාස්වර්ඩ් එක නෙවෙයි චමුදිත (22.06.2026)
+
පැලවත්තේ දරුණු ගැටුම් සැකේ නිසා කැපිලි කෙටිලි (22.06.2026)
+
සජබ එජාප එකතුවට එරෙහි පලමු කුමන්ත්‍රණය (22.06.2026)
+
ගොවියන්ට කණකොකා හඬන හැටි සහ එන එල්-නිනෝ අවදානම (22.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴