මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
June 22, 2026 06:29 am
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ලබා ගැනීම් රාශියක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ විවිධ ආයතන සහ පෞද්ගලික නිවාසවල අයවලුන් නොමග යවමින් අයථා ලෙස මුදල් ලබා ගැනීම් රැසක් මේ වන විට වාර්තා වී ඇති බවය.
මේ දිනවල පවතින ඩෙංගු වසංගත තත්ත්වයට අදාළව නිවාස පරීක්ෂා කිරීමේ රාජකාරි සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධ කරගනිමින් මෙම මුදල් ඉල්ලීම් වාර්තා වී ඇති බවත් පෙන්වා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුවත් කර ඇත්තේ කිසිදු හේතුවක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු රාජකාරියට අදාළව මුදල් අයකිරීම් හෝ ලබා ගැනීම් සිදු නොකරන බවය.
ඒ අනුව කිසිදු මුදලක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හෝ ඒ නමින් පෙනී සිටින කිසිදු පුද්ගලයෙකුට ලබා දීමෙන් වළකින ලෙස දන්වා ඇති එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යම් පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් හෝ හඳුන්වාගනිමින් යම් රාජකාරියකට අදාළව මුදල් ඉල්ලා සිටින්නේ නම් පොලීසිය සහ අදාළ ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය ෴
+++
ඩෙංගු වසංගතය ගැන ඇහෙන භායනක කතාව – මහජන සෞඛ්‍ය පරීක්ෂවරු වහාම මාධ්‍ය කැඳවයි (21.06.2026)
+
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
(22.06.2026 – hirunews.lk)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙයට මාස කිහිපයකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසිකර ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලද මෙම සිසුවා විශ්ව විද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත විශ්ව විද්‍යාලිය විනය පාලක අංශය නේවාසිකාගාරයේ ඔහු සිටි කාමරය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණා.
මත්ද්‍රව්‍ය කිරා වෙන්කිරීමට භාවිත කරන ඩිජිටල් තරාදියක් හා රුපියල් 75,000 ක මුදලක් ද සිසුවා සන්තකයේ තිබී විනය පාලක අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිය දී විශ්වවිද්‍යාලය මගින්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.
විශ්වවිද්‍යාලය මගින් සිදුකළ එම පරීක්ෂණ වාර්තාවට අනුව සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණය වී තිබෙන අතර උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගේ නිර්දේශ මත ඊට අදාළ ලිපිය සිසුවා වෙත බාරදී ඇති බවයි වාර්තා වෙන්නේ ෴
කාදිනල්ට එහෙම මොලේ අමාරුවක් නෑ – සලේ නෙවෙයි රවී ශානී මුන් දෙන්නා ඉන්න ඕනේ හිරේ (21.06.2026)
+
අපිව බය කරලා හිරේ දාලා – උඹට බෑ අපිව මට්ටු කරන්න – ඒකාබද්ධ විපක්ෂ ප්‍රබලයෝ මහ රෑ සන්නද්ධ වෙයි (21.06.2026)
+
දොලවත්තත් පොලිස් අත්අඩංගුවට? “මේ රජයේ මුදල් නෙවෙයි… ගෝඨාභයට පෞද්ගලිකව හම්බුණ දීමනා” (21.06.2026)
+
පාස්කුවේ රහසිගත ලිපි පත්තු වෙයි… රවී, ශානිට වැඩ වරදී? පොලිස් මූලස්ථානයට අද වැටුණු පැමිණිල්ල මෙන්න (21.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴