සැක සහිත අයෙකු ගැන සුරේෂ් සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
(21.06.2026 – 19:13 +0530 – sinhala.adaderana.lk)
සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සිටින, සිවිල් ඇඳුමින් සැරසුණු, සැක සහිත නිරීක්ෂණ කටයුතුවල නියැලෙන විශේෂිත පුද්ගලයෙකු තමාව සහ දරු දෙදෙනාව (2) නැවත නැවතත් නිරීක්ෂණය කරන බව පවසමින් ය.
ඒ අනුව, ඊයේ (20) දින සිය 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා ඔවුන්ගේ පියාගේ සුවදුක් විමසීමට ජාතික රෝහලට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා දරුවන් පසුපස ගොස් ඔහුගේ ජංගම දුරකථනයෙන් ළමයින්ගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි.
එසේම, මීට පෙරත් ජාතික රෝහල අසළ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසළ ඔහු ගැවසෙන අයුරු නිරීක්ෂණය කර ඇති බවද ඇය පවසයි.
එවන් තත්ත්වයක් තුළ මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනාගන්නා ලෙසත්, එවැනි ක්‍රියා සිදුකළේ කාගේ උපදෙස් යටතේද යන්න තහවුරු කරගන්නා ලෙසත් මනෝරි සලේ මහත්මිය අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියෙන් ඉල්ලා සිටියි ෴
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
(21.06.2026 – hirunews.lk)
ජාතික පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා දිනපතා සංවිධානය කරන තැඹිලි දානමය වැඩසටහන් හේතුවෙන් මතුව ඇති සෞඛ්‍යාරක්ෂිත සහ ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින්, එම ක්‍රියාවලිය සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කමිටුව සමග සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ද ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහරගම අපේක්ෂා රෝහල සඳහන් කළේ.
පිටස්තර පුද්ගලයින් කිසිදු ආරක්ෂිත මුව ආවරණයක් හෝ අත්වැසුම් භාවිතයකින් තොරව වාට්ටු තුළට ඇතුළු වී ඇති බව ද එම නිව්දනයේ සඳහන්.
එමෙන්ම රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද ගැටලුකාරී වී ඇති බව එමඟින් පෙන්වාදී තිබෙනවා.
කෙසේ වෙතත් රෝහලට දිනකට අවශ්‍ය වන තැඹිලි ගෙඩි ප්‍රමාණය 100 ක් 200 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, පරිත්‍යාගශීලීන්ට එම ප්‍රමාණය පමණක් ආහාර ඇගයීම් නිලධාරී හරහා රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙට ලබා දීමට අවසර ලබා දී තිබෙනවා ෴
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
(21.06.2026 – hirunews.lk)
2026 අපොස උසස් පෙළ විභාගය සැලසුම් කර ඇති පරිදි නියමිත දිනටම ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බැවින්, පෙර සැලසුම් කළ විභාග කාලසටහන සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
ඒ අනුව, 2026 අපොස උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි ෴
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
(21.06.2026 – hirunews.lk)
වැල්ලම්පිටිය නගරයේ පිහිටි බේකරි නිෂ්පාදනාගාරයක අද (21) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවට අයත් ගිනි නිවන රථ දෙකක් (2) වහාම එම ස්ථානයට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ ෴
+++
+
මගේ නංගිව සැලසුම් කරලා මේ මිනිහා මරා ගත්තා – තෙල්දෙණිය අභිරහස් ඝාතනය ගැන ශාමාගේ අයියා කියන කතාව (21.06.2026)
+
බහිරව අපල දුරුකර දෙන බව පවසා රු. ලක්ෂ 42 කට අධික මුදලක් වංචා කළ පිරිසක් කොටු වෙයි
(21.06.2026 – 20:06 +0530 – sinhala.adaderana.lk)
නිවසක පවතින බහිරව දෝෂයක් හේතුවෙන් නිවැසියන් නිතර ලෙඩ වන බව පවසා, ව්‍යාජ ශාන්ති කර්මයක් සිදුකර නිධානයකින් ගොඩගත් බව කියන රන් පැහැති බුද්ධ ප්‍රතිමා සහ මැණික් ගල් ලබා දී කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 42 ක මුදලක් සහ රන් පවුමක් (1) වංචා කළ සැකකරුවන් පස් දෙනෙකු (5) හලාවත කොට්ඨාශ අපරාධ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, මදුරන්කුලිය සහ වනාතවිල්ලුව යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් පස් දෙනෙකි (5).
මෙම සංවිධානාත්මක වංචාවට හසුවී ඇත්තේ හලාවත, කොටවෙහෙර දීගන්වැව ප්‍රදේශයේ පදිංචි පිරිසකි.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, සැකකරුවන් මෙම කාන්තාවගේ නිවසට ගොස් නිවසේ දැඩි අපල උපද්‍රව පවතින බවත්, නිවැසියන් නිතර රෝගාතුර වන්නේ එම භූමියේ බහිරවයෙකු ආරක්ෂා කරන නිධානයක් නිසා බවත් පවසා ඇත.
බහිරවයා ඉවත් කර නිධානය ගොඩගැනීමෙන් පසු නිවැසියන්ට සහනයෙන් ජීවත් විය හැකි බව පවසමින් ඔවුන් නිවැසියන් විශ්වාසය දිනාගෙන තිබේ.
මෙම කරුණ සනාථ කිරීම සඳහා සැකකරුවන් විසින් අදාළ නිවාස භූමිය පරීක්ෂා කිරීමට නවීන ස්කෑනර් යන්ත්‍රයක් ද රැගෙන විත් ඇති අතර, එමගින් නිවැසියන් සම්පූර්ණයෙන්ම රවටා ගැනීමට ඔවුන් සමත්ව ඇත.
නිවැසියන්ගේ එකඟතාවය මත පසුගිය දිනක යකදුරෙකු ද කැටුව පැමිණි සැකකරුවන් නිවසේ ශාන්ති කර්මයක් පවත්වා තිබේ. ශාන්ති කර්මය සිදුවන අතරතුර, නිවැසියන්ට නොදැනෙන පරිදි සූක්ෂ්ම ලෙස රන් පැහැති ව්‍යාජ බුද්ධ ප්‍රතිමා දෙකක් (2) සහ ව්‍යාජ මැණික් ගල් කිහිපයක් මතුකර පෙන්වීමට වංචාවේ ප්‍රධාන සැකකරු කටයුතු කර ඇත.

මෙම බුද්ධ ප්‍රතිමා රන්වලින් නිමවා ඇති බවත්, මැණික් ගල් ඉහළ මිලකට අලෙවි කළ හැකි බවත් පැවසූ සැකකරුවන්, ඒවා පරිහරණය කිරීමට පෙර මුන්නේෂ්වරම කාලි කෝවිලේ විශේෂ පූජාවක් තැබිය යුතු බව දන්වා ඇත. මේ පිළිබඳව දැඩි ලෙස විශ්වාසය තැබූ කාන්තාව, සැකකරුවන් වෙත රුපියල් ලක්ෂ 42 ක මුදලක් සහ රන් පවුමක් (1) ලබා දී තිබේ.
මුදල් සහ රන් පවුම ලබාගත් සැකකරුවන්, පසුදින මුන්නේෂ්වරම කාලි කෝවිලට පැමිණෙන ලෙස දන්වා නිවසින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව අදාළ කාන්තාව ඇතුළු පිරිස නිධානයෙන් ලැබුණු බව කී භාණ්ඩ ද රැගෙන මුන්නේෂ්වරම කාලි කෝවිලට ගොස් බලා සිටියද, සැකකරුවන් එහි පැමිණ නැත. සැකකරුවන්ගේ දුරකථන ද ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් තමන් මහා පරිමාණ වංචාවකට හසුව ඇති බව තේරුම් ගත් නිවැසියන් වහාම ක්‍රියාත්මක වී තිබේ.
අගතියට පත් කාන්තාව ඇතුළු පිරිස හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතා වෙත ගොස් සිදුකළ පැමිණිල්ලකට අනුව වහාම විමර්ශන ආරම්භ කෙරිණි. හලාවත විශේෂ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ කඩිනම් මෙහෙයුමකින් පසු වංචාවට සම්බන්ධ සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන අතර, වංචාව සඳහා යොදාගත් ස්කෑනර් යන්ත්‍රය ඇතුළු භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴