සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්

සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්


සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්

(20.06.2026 – hirunews.lk)

හොට් ඩෝර්ග්, බගර්, පීසා, බිස්කට්, කේක්, බීම පැකට් ඇතුළු අධික සීනි සහිත ආහාර, තෙල් සහිත සහ සැකසූ මස් යොදා නිෂ්පාදනය කරන ලද ආහාර පාසල් ආපනශාලා තුළ විකිණීම තහනම් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පවසනවා.

ඇය මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එසේම ඊට අදාළව පාසල් ආපනශාලා නියාමනය සහ අධීක්ෂණය කිරීම සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක්ද මේවන විට නිකුත්කර තිබෙනවා.

වර්තමානයේ පාසල් දරුවන් තුළ ස්ථූලතාව සහ අධික තරබාරුව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙන්නේ.

2024 ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයට අදාළව අවුරුදු 13 ත් 17 ත් අතර දරුවන්ගෙන් රැස්කරන ලද දත්ත අනුව 12% ක් අධිබරින් පෙළෙන බවයි හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම එම දරුවන් අතරින් 3% ක් ස්ථූලතාවෙන්ද පෙළෙන බව වාර්තා වී තිබෙනවා.

එම සමීක්ෂණය අනුව දරුවන් 17.4% ක් කාබනීකෘත පාන වර්ග භාවිතයට හුරු වී සිටින බවද වාර්තා වනවා.

දරුවන් 28.5% ක් අධික ලුණු සහිත ආහාර පරිභෝජනයටද, 29% ක් දරුවන් අධික තෙල් සහිත ආහාරද පරිභෝජනයටද, 41% ක් දරුවන් අධික සීනි සහිත ආහාර පරිභෝජනයටද හුරු වී තිබෙනවා.

ඒ අනුව පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි කළමනාකරණයකින් පවත්වාගෙන යාම සඳහා පාසල්වල ආපනශාලා නියාමනය සහ අධීක්ෂණය කිරීමද අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

පාසල් පද්ධතිය තුළ පවතින ආපනශාලා සඳහා නව මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වා දීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණේ ඒ අනුවයි ෴


ගෝඨාභය රාජපක්ෂට උපන්දින පණිවිඩයක් (20.06.2026)

+


ෂ් ෂ් ෂ් ෂ්…විදුලි වැටක් ගහපු රිළා දූපතක් දැක්කද ? අපි කවුරුවත් perfect නෑනෙ…ඒකයි (20.06.2026)

+

සොසේජස් මේ පැත්තෙන් දාලා එහා පැත්තෙන් ආපු හරකා දැක්කද ? (20.06.2026)

+


මාලිමා කලා රිටවල් නැටුම් බද්දට (20.06.2026)

+


ඔබ විනාශ වෙලා යන අර්බුදය! මොකක්ද මේ එල් නිනෝ? (20.06.2026)

+

සම්පූර්ණ මුහුදම පාවා දුන් හැටි : සුනිල් හඳුන්නෙත්ති අත්සන් කළ ඉන්දියානු ගිවිසුම (20.06.2026)

+


වංචනික පෙම්වතුන්ගෙන් ආරක්‍ෂා වෙන්න පොලිසියෙන් උපදෙස්…

(20.06.2026 – lankacnews.com)

පසුගිය කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ව මුළා කර ලිංගික අතවරයන්ට ලක් කිරීම සහ දේපළ ලබා ගැනීමේ සිදුවීම් වාර්තා වී ඇත.

මීට අමතරව විවිධ ආහාර වර්ග හා බීම වර්ග පානය කිරීමට සලස්වා මත් කිරීම් හා සිහිසුන් කිරීම් ආදී ක්‍රියා මගින් කාන්තාවන් අතවරයට ලක් කිරීම් හා දේපළ සොරකම් කිරීමේ සිදුවීම් මෙන්ම වංචනික පුද්ගලයින් විසින් විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දෙමින් කාන්තාවන් රවටා ඔවුන්ගේ විශ්වාසවන්ත භාවය ඇති කර ගෙන අනතුරුව මුදල් හා දේපළ ලබා ගැනීම් සිදුකරන අතර අවසානයේ මනුෂ්‍ය ඝාතනයන්ගෙන් කෙළවර වූ අවාසනාවන්ත සිදුවීම්ද නිරීක්ෂණය වී ඇත.

මෙලෙස කාන්තාවන් රැවටීම් වලට සහ මුලාවීම් වලට භාජනය වීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ දැඩි අවධානයට ලක්ව ඇති බැවින් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන, මහජන ආරක්ෂක කමිටු, බුද්ධි සහ සිවිල් නිලධාරීන් හරහා අවධානමට ලක්විය හැකි අයවළුන් පිළිබඳව තොරතුරු එක්රැස් කර ගනිමින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා මේ වන විටත් සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව අවධාරණය කරමි.

ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කල යුතු කරුණු :

  • නාඳුනන පුද්ගලයින්, අන්තජාලය හෝ සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් පිළිබඳ විශ්වාසය තබා මුදල්, ස්වණාභරණ හෝ වෙනත් වටිනා දේපළ ලබා නොදීම.
  • ඔබගේ සංවේදී, ආදරණීය ඇතුළු ඡායාරූප, වීඩියෝ නාඳුනන සහ සැකසහිතපුද්ගලයින් වෙත කිසි විටක ලබා නොදීම.
  • ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් අංක, පෞද්ගලික ලිපිනයන් හෝ වෙනත් පුද්ගලික තොරතුරු නාඳුනන පුද්ගලයින්ට ලබා නොදීම.
  • සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ මගින් යම් ගනුදෙනුවකට හෝ හමුවීමකට කරනු ලබන ආරාධනාවන් ප්‍රතික්ෂේප කිරීම.
  • ඔබ හෝ ඔබ දන්නා අයෙකු මෙවැනි අතවරයකට හෝ වංචාවකට ලක් වී ඇති බව හැඟේ නම්, වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්‌යාංශය වෙත පැමිණිලි කිරීම.
  • 118, 119, 107, 109 අංක හරහාද ඔබට කඩිනමින් පොලිසිය දැනුවත් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙවැනි වංචනිකයන්ගේ රැවටීම්වලට හා උඟුල්වලට හසු නොවී, ඔබේ ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කර ගැනීමට නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය


කුණ්ඩසාලේ කැලඹූ 23 විවාහක තරුණියකගේ මරණය – පොලීසියයි ඥාතින් අතර ලොකු උණුසුම් තත්ත්වයක් (20.06.2026)

+


මහපරිමාණ ඩොලර් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

(20.06.2026 – 20:29 +0530 – sinhala.adaderana.lk)

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් රටින් බැහැර කිරීමේ ජාවාරමක නිරත වූ ප්‍රධාන පුද්ගලයාව මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු නීතිවිරෝධී අයුරින් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළදී රුපියල් කෝටි විසි එක්දහසකට (21,000) අධික මුදලක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වැඩි මුදලක් විදෙස් රටවලට යවා ඇති බවයි විමර්ශනවලදී අනාවරණවී ඇත.

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් රටින් බැහැර කිරීමේ ජාවාරමක් පිළිබඳව ඉකුත් දා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

ඒ පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, 2023 වසරේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇති බවය.

එමෙන්ම කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘A.Y. ඉන්වෙස්ට්මන්ට්’ නම් ආයතනයක් හරහා මෙම මුදල් ප්‍රේෂණය කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණවී ඇත්තේ, ‘ජෙෆ්රි මොහොමඩ්’ නම් පුද්ගලයෙකු අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවය.

ඔහු හරහා කොළඹ ප්‍රධාන පෙලේ භාණ්ඩ ආනයනකරුවන් කූට ලෙස ඩොලර් විදෙස් රටවලට යවා භාණ්ඩ ගෙන්වාගෙන රජයට විශාල වශයෙන් තීරුබදු අහිමිකර ඇති බව ද හෙළි වී ඇත.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

ඒ අනුව මෙරට සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද ඔවුන් ජාවාරමෙන් උපයාගන්නා මුදල් මෙම පුද්ගලයා හරහා විදෙස් රටවලට ගෙන්වාගන්නා බවට තොරතුරු අනාවරණ විය.

සැකකරුව ඊයේ (19) මීගමුවේ පිහිටි නිවාස සංකීරණයක නිවසක සැඟවී සිටියදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මෙම ජාවාරම සඳහා සාක්ෂරතාවය අඩු පුද්ගලයන් 36 දෙනෙකු නමින් බැංකු ගිණුම් ආරම්භ කර යොදාගෙන ඇති අතර ඊට ඇතැම් බැංකු නිලධාරීන්ගෙන් ආධාර අනුබල ලැබී ඇති බවට පොලිසිය සැක පළ කරයි.

එක් අමරිකානු ඩොලරයක් වෙනුවෙන් රුපියල් දෙකක (2) කොමිස් මුදලක් තමා ලබාගන්නා බව සැකකරු පවසා ඇත.

ඒ අනුව ඔහුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබේ.

එමෙන්ම මෙම ජාවාරමෙන් සැකකරු මිලදීගත් රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

මේ අතර මොහු සමග ගනුදෙනු කළ ව්‍යාපාරිකයන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය ෴

+++

+


සලේ මහේස්ත්‍රාත්ට කරුණු කියයි (20.06.2026)

+


චම්පික+නෙත්මි ගහපු ගේම් එකින් එක එළියට එයි – ශ්‍යාමාට හෝටලේදී ඇත්තටම වුණු දේ (21.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *