කටුනායක ගුවන්තොටුපොළේදී (BIA) රු. කෝටි 37.7 ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි : 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළේදී (BIA) රු. කෝටි 37.7 ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි : 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට


කටුනායක ගුවන්තොටුපොළේදී (BIA) රු. කෝටි 37.7 ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි : 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට

(20.06.2026 – hirunews.lk)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී (BIA) රුපියල් මිලියන 377 කට අධික වටිනාකමකින් යුත් ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් මෙරට තුළට රැගෙන ඒමට උත්සාහ කළ විදේශීය ජාතිකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ඩොමිනිකන් (Dominican) ජාතිකයෙක්.

රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සන්තකයේ තිබී සොයාගත් මෙම ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 37 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 377 ක් (රුපියල් කෝටි 37.7 ක්) පමණ වන බවයි රේගුව සඳහන් කළේ.

+++

+

රු. කෝටි හතහමාරක (7½) කුෂ් ගුවන්තොටේදී අල්ලයි (19.06.2026)

+


Fake පෙම්වතා දිනෙත් නෙවේ, ‘චම්පික’ තිදරු පියෙක්, මේ වැඩේට බිරිඳත් හවුල්…? (20.06.2026)

+


මාස 7 කට පසු නානුඔය – අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ

(20.06.2026 – hirunews.lk)

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය ධාවනය අද (20) උදෑසන 09:00 ට නානුඔය දුම්රිය ස්ථානයෙන් යළි ආරම්භ කෙරුණා.

ඒ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මාස 7 කට පසු නායයෑමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමත් සමගයි.

මේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු ඇතුළු පිරිසක් සහභාගී වුණා.

එහිදී නානුඔය දුම්රිය ස්ථානයේ පැවති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව දුම්රිය ධාවනය කිරිමේ කටයුතු ආරම්භ කිරීමේදී පොඩි මැණිකේ දුම්රියෙන් ඇල්ල සහ බදුල්ල දක්වා ගමන් කිරිමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් පැමිණ සිටියා.

මාස 7 ක් පුරාවට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඹේවෙල සහ බදුල්ල අතර පමණක් සිදු කෙරුණා.

අඹේවෙල සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර, පැරකුම්පුර ප්‍රදේශයේ නාය ගොස් තිබූ ස්ථානය දුම්රිය මාර්ග ඉංජිනේරුවන්ගේ අධික්ෂණය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික ආයතනයක් එක්ව ප්‍රතිසංස්කරණය සිදු කර තිබුණා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු දනුෂ්ක පැවසුවේ මේ වසර අවසාන වන විට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට බදුල්ල දක්වා සිදු කිරිමට අපේක්ෂා කරන බවයි.

+++

+


සලේගේ ෆොන් එක ඇපල් 12 එකක්, ලැප් එක HP එකක් | සලේගේ ලැප් එකෙයි, ෆොන් එකෙයි තියෙන දේවල් මෙන්න… (20.06.2026)

+++

සුරේෂ් සලේගේ ආත්ම ගෞරවය රකින්න සලේට සතෙක්ට වගේ සලකන්න එපා (20.06.2026)

+

බෞද්ධ – කතෝලික ගැටුමක් අත ළඟද? මහ මොළකරුවන් 3 ක් කොටු වෙයි! | සලේ මුරපදය සඟවන හේතුව මෙන්න (20.06.2026)

+


හිටි හැටියේම පොලීසිය බස් ඇතුළටම පනී, හයිවේ යන හැමෝම අද හොල්මන් | නීති දැඩි වෙයි, දඩ කන්නයි වෙන්නේ… (20.06.2026)

+++

අධිවේගී මාර්ග ආසන පටි නීතිය : සවි කර ගැනීමට තවත් මාස 3 ක සහනයක්

(20.06.2026 – hirunews.lk)

අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනවලට ආසන පටි නීති ක්‍රියාත්මක කිරීමේදී, නිෂ්පාදනයේදී ඒවා සවිකර නොමැති නම් සවි කර ගැනීමට තවත් කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අමතර මාස 03 ක සහන කාලයක් ලබාදී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා පවසනවා.

+++

+


“ඔයා ඕන එකක් දාගන්න” – සෙනෙහසේ කැදැල්ලේ 6 කගේ මරණ පරීක්ෂණයට මිනී කාමරය නොදුන්නෙ ඇයි? (20.06.2026)

+


සෞඛ්‍ය ක්ෂේත්‍රය කළඹමින් හෙළිවූ වංචාව (20.06.2026)

+


සිසුවියක් දුෂණය කර වීඩියෝව අන්තර්ජාලයට දාලා.. විදුහල්පති, උප විදුහල්පති, සිසුවෙක් අත්අඩංගුවට..

(20.06.2026 – lankacnews.com)

අම්බලන්තොට ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්වීමේ පුවතක් වසන් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිනිය සහ ඊට සම්බන්ධ සැකකාර පාසල් සිසුවා අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 19 වැනිදා සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

පොලිස් විමර්ශනවලට අනුව, ඉකුත් මැයි මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අදාළ පාසලේ පැවැති ක්‍රීඩා උත්සවයක් අතරතුරදී මෙම අපරාධය සිදුව ඇත. එහිදී එම උත්සවයට සහභාගි වීම සඳහා වෙනත් පාසලකින් පැමිණි 15 හැවිරිදි වියේ පසුවන සිසුවකු විසින්, විද්‍යාලීය ගොඩනැගිලි අතර පිහිටි සැඟවුණු ස්ථානයකදී මෙම දැරිය අපයෝජනයට ලක් කර තිබේ.

වඩාත් බරපතළ කරුණ නම්, මෙම අපයෝජන සිදුවීම ජංගම දුරකථන ආධාරයෙන් දර්ශනගත කර, පසුව සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ පුළුල් විමර්ශන අරඹා ඇත.

දැනට වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා වින්දිත දැරිය රෝහල්ගත කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *