225,748 ක් උසස් පෙළට සුදුසුකම් ලබයි – 11,790 කට විෂයන් 9 ටම A සාමාර්ථ
225,748 ක් උසස් පෙළට සුදුසුකම් ලබයි – 11,790 කට විෂයන් 9 ටම A සාමාර්ථ
(20.06.2026 – 09:19 +0530 – sinhala.adaderana.lk)
2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේය.
සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (20) එක්වෙමින් ඇය මේ බව පැවසීය.
මෙහිදී සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790 ක් බවද ඇය සඳහන් කළේය.
එමෙන්ම විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රමාණය පසුගිය වසරට සාපේෂ්ව ඉහළගොස් ඇති බව ඇය මෙහිදී පැවසීය.
ඉන් විද්‍යාව විෂයට පෙනී සිටි සිසුන්න්ගෙන් 70.1% ක් මෙවර සමත්ව ඇති බවත්, පසුගිය වසරේ එය 69.07% ක්ව පැවති බවත් සඳහන් කළේය.
එමෙන්ම ගණිතය විෂය 72.03% කින් මෙවර සමත් වී ඇති අතර, පසුගිය වසරේ එයද 71.06% ක තිබූ බව පැවසීය.
කෙසේ නමුත් විභාග අපේක්ෂකයන් 7419 ක් මෙවර සියලුම විෂයන් අසමත්ව ඇති බවද අනාවරණය කළේය.
මේ අතර 2026 වසරද අදළ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේම දෙසැම්බර් මස 08 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
අද (20) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඊට අදාළ අයදුම්පත් කැඳවීම ජුලි මස පළමු සතියේ සිදුකිරීමට නියමිත බවය.
+++
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24 : සාමාන්‍ය පෙළ දෙසැම්බර් 08 සිට 17 දක්වා – විභාග කොමසාරිස්
(20.06.2026 – hirunews.lk)
12 ශ්‍රේණියට අදාළ තොරතුරු තාක්ෂණ විභාගය එළැඹෙන ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවා.
අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළේ.
එසේම 2026 සාමන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ෴
රථය තුළ මැරී සිටිය කතගේ සහ ගිනිගත් වැඩිහිටියන්ගෙ මරණවලට හේතු | පුනර්භවය, චුති සිත, මග ඵල පහදා දීම.. : ධම්මරාජ මහා බෝසතානෝ (20.06.2026)
+
තණමල්විල මහා ගින්නක් – ගාමන්ට් එකක් සම්පූර්ණයෙන්ම ඉවරයි (20.06.2026)
+
හැම ගමකටම මාලිමා කඩයක් සීනි කඩේ පාඩුව කෝටි සීයයිලු ! (19.06.2026)
+
ඇමති චතුරංග කදුළු සලයි ඩිපෝ ගිනි තියපු ජෙප්පෝ සිනා සෙයි (20.06.2026)
+
ඩොලර් මි. 2.5 අපි සාක්කුවේ දාගත්තෙ නෑ… – රිළා දුපතේ ලැම්බෝගිනි බෝයි (20.06.2026)
+
බොරු කියන්නේ, පල්ලිය ද ආණ්ඩුව ද ? දැන් දෙගොල්ලෝ ටික ටික අමනාපයි නේද ? (19.06.2026)
+
කතා නොකර ඉන්න අයට අවුලක් නැද්ද අනුර සහෝ ? මේක තනිකරම ස්ටාලින්ගේ ගෙස්ටාපෝව (19.06.2026)
+
මට කොහේ ගෙවල් තිබුණාම තමුසෙලාට මොකද ? ශ්‍රීමත් ලාල්කාන්ත තුමා ජාතිය අමතයි (19.06.2026)
+
සුගීශ්වර පැහැර ගත්තෙ ඇයි ? තව පැහැර ගන්න ඉන්න අය කවුද ? (19.06.2026)
+
නාමල්ගෙ බනාන විප්ලවය (19.06.2026)
+
නාමල් කොටු කරන්න හොදම නඩුව අනුරට සුභ පැතුම් (19.06.2026)
+
අනුරට බෑ හේතු තුන හෙලිදරව්ව (19.06.2026)
+
ජොන්ස්ටන්ගේ හෝටලයට පොලීසිය පනී, සුගීශ්වර හිරේට (19.06.2026)
+
අජිත් බණ්ඩාරද? ශිහාන්ද? දේශපාලනයටත් වුණේ මේකයි (19.06.2026)
+
ලෝකයේ තුච්ඡම ගුණමකුවන් ඉන්න රට ආසියාවේ (19.06.2026)
+
හුඟක් දුක හිතුනත් කළකිරුනත් කියන්නම වෙන කතාවක් මේක (20.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴