තෙල්දෙණිය භෞත චිකිත්සකවරියගේ මරණයට පෙම්වතා සැකයි – කැනඩා යවනවා කියා රු. කෝටි එකහමාරක් වංචා කරලා
තෙල්දෙණිය භෞත චිකිත්සකවරියගේ මරණයට පෙම්වතා සැකයි – කැනඩා යවනවා කියා රු. කෝටි එකහමාරක් වංචා කරලා
(19.06.2026 – dinamina.lk)
තෙල්දෙණිය දිසා රෝහල් රථ ගාලේ මෝටර් රථයක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටි අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය, නුවරඑළියේ පිහිටි හෝටල් කාමරයකදී සිදුව ඇති බවත්, එය මිනිස් ඝාතනයක් හෝ සියදිවි හානි කර ගැනීමක් විය හැකි බවත් පොලීසිය සැක කරයි.
මෙම මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය දිසා රෝහලේ දිස්ත්‍රික් අධිකරණ විශේෂඥ වෛද්‍ය කේ.බී.යූ.කේ. බණ්ඩාර මහත්මිය විසින් ඊයේ (18) පවත්වනු ලැබීය. එහිදී එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ඇය විසින් ලබා දී ඇත. බොහෝ විට එම මරණය සියදිවි හානිකර ගැනීමේ ලක්ෂණ පෙන්නුම් කරන බවත්, එය වඩාත් තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිරුරේ කොටස් යොමු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වැලිගම, පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක පතිරගේ ශ්‍යාමා දර්ශනී නමැති 34 හැවිරිදි තැනැත්තියකි. ඇගේ සිරුර ඉකුත් 16 වැනිදා රාත්‍රී කාලයේ නුවරඑළියේ සිට තෙල්දෙණියට මෝටර් රථයකින් රැගෙන විත් ඇත්තේ ඇගේ පෙම්වතා බවද අනාවරණය වී ඇත. ඔහු 35 හැවිරිදි, ගන්නොරුවේ පදිංචිකරුවකු වන ටී.එම්.එස්. දිනෙත් දිසානායක නමැති මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.

ඇගේ සිරුර සමඟ මෝටර් රථය රෝහල් රථ ගාලේ නවතා තබා, පෙරේදා (17) සවස තෙල්දෙණිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබා දෙමින් මළ සිරුරක් මෝටර් රථය තුළ පවතින බව පවසා ඇත්තේද ඔහු විසින් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකාර පෙම්වතා ඊයේ (18) සවස් වන විටත් අතුරුදන්ව සිටි අතර, ඔහුගේ ජංගම දුරකතනය අවසන් වරට ක්‍රියාත්මක වී තිබී ඇත්තේ මාතලේ ආශ්‍රිත ප්‍රදේශයකදීය.
පෙර පෙම්වතියත් රවටා මෝටර් රථය අරන්
මළ සිරුර නුවරඑළියේ සිට රැගෙන ආ මෝටර් රථය සැකකරුගේ පෙර පෙම්වතියට අයත් එකක් බවත්, ඔහු එම පෙම්වතිය රවටා මෝටර් රථය ලබාගෙන ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඇයවද පොලීසියට කැඳවා කළ ප්‍රශ්න කිරීම්වලදී, අතුරුදන්ව සිටින සැකකරු ඇයව රවටා මුදල් ද ලබාගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ.

මියගොස් සිටින භෞත චිකිත්සකවරියට මෙම සැකකරු මුණගැසී පෙම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇත්තේ වසරකට පමණ පෙරදීය. සැකකරු ඇගෙන්ද විටින් විට මුදල් ලබාගෙන ඇති අතර, අවසානයේදී ඔහු ඇයව රවටා ඇත්තේ කැනඩාවේ පදිංචිය සඳහා ඇය සමඟ යන බව පවසමිනි. කැනඩා ගමන වෙනුවෙන් ඇය සිය ඥාතීන්ගෙන් සහ මිතුරන්ගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් විටින් විට ණයට ගෙන සැකකරුට ලබා දී ඇති බවද අනාවරණය වී ඇත. ඔහු කර ඇත්තේ ඇයව රැවටීමට ලක් කර මුදල් ලබාගැනීමක් මිස, කැනඩාවට රැගෙන යෑමට කිසිදු සැලසුමක් තිබී නැති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
රැකියාවෙන් අස්වෙලා
කැනඩා ගමනට සියල්ල සූදානම් බව පවසා සැකකරු ඇයව නුවරඑළියට ගෙන්වා ගෙන ඇති අතර, මාසයක කාලයක් සඳහා ඔහු ඇය සමඟ නවාතැන් ගැනීමට නුවරඑළියේ හෝටලයක් වෙන් කරගෙන තිබේ. බිරිය සහ සැමියා ලෙස පෙනී සිටිමින් ඔවුන් එම හෝටලයේ නවාතැන් ගෙන ඇත්තේ පසුගිය 03 වැනිදාය.
පසුගිය 11 වැනිදා ඇය නුවරඑළියේ සිට අම්පාර රෝහලට ගොස්, කැනඩා යෑමට යැයි පවසමින් රැකියාවෙන්ද ඉල්ලා අස්වී ඇති බව පොලීසිය සඳහන් කළේය. ඇය 2023 වසරේ සිට අම්පාර රෝහලේ සේවයේ නිරතව සිට ඇත. තම රැකියාවෙන් ඉල්ලා අස්වීමට අදාළ ලියකියවිලි භාර දුන් බව අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිස්සංක විජේරත්න මහතා ද පැවසීය.
අනතුරුව ඇය නුවරඑළිය හෝටලයට පැමිණි පසු, ඔවුන් දෙදෙනා හෝටලයෙන් නැවත පිටතට ගොස් ඇත්තේ පසුගිය 16 වැනිදාය. රාත්‍රී 10:15 ට පමණ සැකකරු සිය පෙම්වතිය වූ භෞත චිකිත්සකවරියව වත්තම් කරගෙන හෝටලයෙන් පිටතට ගොස් ඇත්තේ සිය බිරියට අසනීප වී ඇතැයි හෝටල් සේවකයන්ට පවසමිනි. ඒ වන විට හෝටලයේ බිල්පත් පවා ගෙවා දමා තිබූ අතර, ඇයව වත්තම් කරගෙන හෝටලයෙන් පිටතට රැගෙන යන අයුරු ආරක්ෂක කැමරාවලද (CCTV) සටහන්ව තිබී ඇත.
ඔවුන් රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී රුධිරය ස්වල්පයක් තැවරුණු ඇඳ ඇතිරිල්ලක්ද හමුවී ඇති අතර, එම කාමරයේ තට්ටු ඇඳක්ද තිබී ඇත. යම් සිදුවීමක් වී නම් එය එම තට්ටු ඇඳ මතදී සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ඇගේ සිරුර නුවරඑළියේ සිට මෝටර් රථයේ දමාගෙන මහ රෑ තෙල්දෙණියට රැගෙන විත් ඇති බවට සැක කරන අතර, ඒ බව තහවුරු කර ගැනීමට ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.
මළ සිරුර පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (17) තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා විසින් පවත්වනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ එහිදී ලබාදුන් නියෝගයට අනුවය. මියගොස් සිටින භෞත චිකිත්සකවරිය සමඟ පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයා වැලිගම පිහිටි ඇගේ මහගෙදරටද වරින් වර පැමිණ ඇති බවත්, පවුලේ අය ඔහුව හඳුනන බවත් තෙල්දෙණිය රෝහලට පැමිණ සිටි ඇගේ ඥාතීහු පැවසූහ.
මියගිය තැනැත්තියගේ සහෝදරයාගේ ප්‍රකාශය
“මගේ නංගි අම්පාර රෝහලේ සේවය කළේ. පසුගිය දිනක නංගි දුරකතනයෙන් මා සමඟ සම්බන්ධ වී ඇයට අසනීප බව කිව්වා. පසුව දුරකතනය විසන්ධි වූ බැවින් මම නුවරඑළියට ගිහින් ඇය නතර වී සිටි ස්ථානයට ගියා. ඇය එහි නොසිටි බැවින් නුවරඑළිය පොලීසියට ඒ ගැන පැමිණිලි කළා. නංගි සමඟ ප්‍රේම සම්බන්ධකම් පැවැත්වූවා යැයි සැක කරන තරුණයා නංගිව වඩාගෙන මෝටර් රථයකට නංවන අයුරු සී.සී.ටී.වී. කැමරාවල මම දුටුවා” යැයි මියගිය භෞත චිකිත්සකවරියගේ සහෝදරයකු වන ආර්.පී.එස්. සමන්ත කුමාර මහතා පැවසීය.
තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හර්ෂ අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. චන්දුපාල මහතා ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් මෙන්ම නුවරඑළිය පොලීසිය ද මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සැකකරුගේ ඡායාරූප නුවරඑළිය පොලීසිය මඟින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් නුවරඑළිය පොලීසියේ දුරකතන අංක වෙත ලබා දෙන ලෙස නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී (01) චන්දන බස්නායක මහතා ඉල්ලා සිටියි.
ගයාන් කුමාර වීරසිංහ / නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ / කරල්ලියද්ද සමූහ කේ. විජේසිරි නිශ්ශංක
+++
තෙල්දෙණියෙන් සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා තවමත් අතුරුදන්
(19.06.2026 – hirunews.lk)
තෙල්දෙණිය මූලික රෝහල අසළ රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටිනවා.
ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ තෙල්දෙණිය මූලික රෝහලේදී සිදු කෙරුණේ, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගේ අධීක්ෂණයෙන්.
එහිදී විවෘත තීරණයක් ලබා දෙමින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇයගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.
මේ වන විට මෙම භෞත චිකිත්සකවරියගේ මෘත දේහය ඥාතීන් වෙත භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර හමුවී තිබුණේ, පෙරේදා පස්වරුවේදීයි. 34 හැවිරිදි ඇය වැලිගම, කුරුඳු කොරටුව, ප්‍රදේශයේ පදිංචි අයෙක්.
ඇයගේ ගෙල ප්‍රදේශයේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන අතර, මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින ඇගේ පෙම්වතා සෙවීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, අදාළ පුද්ගලයා ජංගම දුරකතන කිහිපයක් භාවිත කර ඇති බවයි.
එමෙන්ම, මහනුවර, මාතලේ, කුණ්ඩසාලේ සහ ගන්නෝරුව යන ප්‍රදේශවල ඔහු වැඩි වශයෙන් කාලය ගතකර ඇති බව සදහන්.
මියගිය භෞතචිකිත්සකවරිය, සිය පෙම්වතා බව කියන පුද්ගලයා සමඟ පසුගිය 03 වැනිදා සිට 16 වනදා දක්වා නුවරඑළියේ නවාතැන්පොළක රැදී සිට තිබෙනවා.
පසුව පෙම්වතා එම කාන්තාවගේ සිරුර 16 වනදා රාත්‍රියේ මෝටර් රථයක දමා පෙරේදා උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවටයි සැක කෙරෙන්නේ.
ඇය ඔසවාගෙන යන අයුරු දැක්වෙන සී.සී.ටි.වී. දර්ශන ද මේ වනවිට නිකුත් වී තිබෙනවා.
සිරුර රථගාලේ තබා ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබුණේ ද පෙම්වතා බව පැවසෙන පුද්ගලයා විසින් බවටයි පොලිසිය පවසන්නේ.
මේ අතර මියගිය භෞතචිකිත්සකවරිය සම්බන්ධයෙන් අම්පාර මහරෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිස්සංක විඡේවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, 2023 වසරේ සිට එම රෝහලේ සේවය කළ ඇය මීට මාසයකට පමණ පෙර රැකියාවෙන් ඉල්ලා අස්වීමට අදාල ලියකියවිලි භාර දුන් බවයි.
එසේම, මෙම භෞතචිකිත්සකවරිය කැනඩාවට යාමේ සැලසුමකින් පසු වී ඇති අතර ඒ වෙනුවෙන් විශාල මුදලක් ණයට ලබා ගෙන ඇති බව සදහන්.
කෙසේ වෙතත්, කැනඩාවට යාමට නොහැකි වීම සහ ණය මුදල් ආපසු ගෙවා ගැනීමට නොහැකිව නිසා ඇය දැඩි මානසික පීඩනයෙන් සිට ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ ෴
+++
පෙම්වතියගේ සිරුර ගෙනිච්චේ තවත් පෙම්වතියකගේ රථයෙන්? පෙම්වතාගේ රහස් එළියට! (19.06.2026)
+
තලවතුගොඩ දී ‘රති මැදුරු’ (ගණිකා නිවාස) 9 ක් වටලා 43 ක් අත්අඩංගුවට
(18.06.2026 – hirunews.lk)
තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ‘රති මැදුරු’ (ගණිකා නිවාස) 9 ක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වටලා තිබෙනවා.
එහිදී කාන්තාවන් 34 ක් ඇතුළු 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ ලබාදුන් සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ සිදු කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර ඒවායේ කළමණාකරුවන් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ ෴
සලේට ඉන්ජෙක්ෂන් ගහන්න පටන්අරන් – සලේගේ අලුත්ම ත්ත්වය මෙන්න (19.06.2026)
+
සිරිල් ගාමිණි පියතුමා කරන්නේ පවුකාර වැඩක් – මිලින්ද මාධ්‍ය හමුවේ හැමෝගෙම සායම යවයි (19.06.2026)
+
අනේ මගේ රත්තරං පුතා බේරලා දෙන්න – පුතාට ගොඩක් අමාරුයි දැන් (19.06.2026)
පියාගේ දුරකථන අංකය : 076 943 8229 / 076 179 1686
බැංකු ගිණුම් විස්තර :
K M S T Ariyarathna
118457198198
Sampath bank
Menikhinna branch
+
ගලෙන්බිඳුනුවැව වෙළදසැලක ගින්නක් – ගින්න නිවන්න ලොකු මහන්සියක් ගත් හැටි (19.06.2026)
+
අද (19) සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි : නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
(19.06.2026 – hirunews.lk)
ආසන පටි නොමැති වාහන සඳහා රජය මගින් ලබා දී තිබූ මාස තුනක (3) සහන කාලය අද (19) දිනයෙන් අවසන් වෙනවා.
ඒ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයට ගැලණිගම පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි පෞද්ගලික වාහන සහ මගී බස් රථවල ගමන් ගන්නා මගීන්, ආසන පටි පැළඳ සිටිනවාද යන්න පරික්ෂා කිරීම අද (19) පෙරවරුවේ සිදු කෙරුණා.
එහිදී පානදුර සිට කඩුවෙල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක මගීන් 33 දෙනාම ආසන පටි පැළඳ නොසිටි බවට පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.
එහිදී පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴