හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමට අද (18) ලැබුණු තීන්දුව – සම්පූර්ණ විස්තරය මෙන්න
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමට අද (18) ලැබුණු තීන්දුව – සම්පූර්ණ විස්තරය මෙන්න
(18.06.2026 – 19:29 +0530 – sinhala.adaderana.lk)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (18) යළි සලකාබැලුණි.
මෙහි වැඩිදුර කරුණු සලකාබැලීම ජුනි 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකාබැලුණි.
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූවේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටුකිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගතකිරීම නොවන බවය.
වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ පදනමක් නොමැතිව සිය සේවාදායකයාට එරෙහිව අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමාකිරීමට කටයුතු කර තිබෙන බවටද චෝදනා කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට ඇප ලබාගැනීමට තිබෙන නිදහස අහිමිකෙරෙන අතර, පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
මෙහිදී විනිසුරු සරත් දිසානායක මහතා විමසාසිටියේ, විමර්ශනයක් පැය 24 ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක මෙවැනි නීතිමය ප්‍රතිපාදන භාවිතාකිරීම සිදුවනවා නේද යනුවෙන්ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පුද්ගල නිදහස අහිමිකිරීම සඳහා එවැනි අණ පනත් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කෙරුණු වත්මන් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසමෙහි වෙළුම් හයකින් යුත් වාර්තාවෙහි හෝ කිසිදු ස්ථානයක පෙත්සම්කරු ගැන සඳහන් නොවූ බවද පෙන්වාදුනි.
එහෙත් ජයකී ද අල්විස් කොමිසම මගින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට නිර්දේශ කර තිබු බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඊට අමතරව 2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට ශානි අබේසේකර කටයුතු නොකළ බවටද ඔහු චෝදනා කළේය.
එවැනි පුද්ගලයෙකු පාස්කු ප්‍රහාර විමර්ශනය මෙහෙයවීම ගැටලු සහගත තත්ත්වයක් බවත්, විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට කරන ඉල්ලීම් හේතුවෙන් එම දෙපාර්තමේන්තුවද අසරණ වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුනි.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූවේ පැමිණිල්ලේ නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව රූකඩයක් ලෙස හඳුන්වාදීමට දරන උත්සාහය හුදෙක්ම ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රකාශයක් බවය.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසූවේ තමා කිසිදු අවස්ථාවක නීතිපතිවරයාට චෝදනා නොකරන අතර, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය පමණක් පෙන්වාදුන් බවය.
පෙත්සම් වැඩිදුරටත් සලකාබැලීම එළැඹෙන 24 වැනිදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.
+
පොලිසිය මගෙන් සමාව ගන්න ඕනෙ – නැත්නම් මම පොලිසියට විරුද්ධව නඩු දානවා (18.06.2026)
+++
අභීත අදත් මාධ්‍ය හමුවේ රටම කළඹවයි – අපෙන් අහගන්න එපා පැටිකිරිය ඔයාලගේ (18.06.2026)
+
ජේවීපී විරුද්ධවාදීන් ත්‍රස්තවාදීන් බවට පත්කරන… අනුරලාගේ ගෙස්ටාපෝ සෙල්ලම (18.06.2026)
+
ජේවීපීකාරයින්ගේ දරුවො කී දෙනෙකුට එහෙම උදව් අරගෙන තියෙනවද? (18.06.2026)
+
නිර්-ප්‍රභූ ජේවීපී සෙට් එක ඇයි දැන් වංසේ කබල් ගාන්නෙ ? ලාල්කාන්ත පාන්දර වෙනකං බීලා ද හිටියෙ ? (18.06.2026)
+
ගෝඨාභය නැතුවත් ගෝඨාභයගේ ලේකම් ලෙස සූගීෂ්වර දීමනා අරගෙන! (18.06.2026)
+
පාස්කුවේ ශානි නොදුටු වීඩියෝ එකක් (18.06.2026)
+
ලීක් උන පැලවත්ත සාකච්ඡාව IMF එකෙන් අයින් වෙලා ගහන්න යන ගේම (18.06.2026)
+
ගොවිතැනටයි බුද්ධි අංශවලටයි කෙළවපු ආණ්ඩුව – උඩදුම්බර උප සභාපතිගෙන් සැර කතාවක්! (18.06.2026)
+
සිරිල් ගාමිණී පියතුමා කියන බොරුව මොකක්ද? | අභීත එදිරිසිංහ සහ චාමර විජේසූරිය (18.06.2026)
+
මෙනන්ජයිටීස් රෝගය පාසැල් ආක්‍රමණය කරලා – හරිණි මාධ්‍ය එක්ක ඩෙංගු සංදර්ශණ වල (18.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴