තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
(18.06.2026 – 21:24 +0530 – sinhala.adaderana.lk)
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
සැකකාර පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත්, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. ඒ හේතුවෙන් ඔහුව සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.
සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහය අවශ්‍ය බවත් පවසමින් කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (17) උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැත.
කෙසේ නමුත් සීසීටීවී දර්ශන පරීක්ෂාකිරීමේදී එහි සටහන්ව තිබී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 09:50 ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරයයි.
එහි මිනිත්තු 40 ක් පමණ රැඳී සිටි අදාළ පුද්ගලයා පසුව රාත්‍රී 10:30 ට පමණ සිහිසුන්වී සිටි තරුණිය ඔසවාගෙන ගොස් තිබේ.
පසුව ඔහු විසින් තරුණිය මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇත.
නුවරඑළිය පොලිසිය අදාළ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති පසුබිමක, තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
එහිදී පවසා ඇත්තේ තෙල්දෙණිය රෝහල අසල රථගාලෙහි නවතා ඇති මෝටර් රථයක මියගිය කාන්තාවගේ මළ සිරුරක් ඇති බවය.
ඒ අනුව තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා දමා තිබූ මළ සිරුර හමුව තිබේ.
මෝටර් රථයේ අගුලු දමා තිබූ දොර විවෘත කළ පොලිස් නිලධාරීන් මෘත ශරීරය ඉන් පිටතට ගනු ලැබීය.
එහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිරුර නුවරඑළියෙන් අනතුරුදන් වූ තරුණියගේ බව ය.
‘ශම්‍යා දර්ශනී’ නමැති 34 හැවිරිදි ඇය ‘අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක’ ලෙස සේවය කළ බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා, තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමද ලබාදී ඇති බව ය.
ඔහු මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අතර ඔවුන්, දෙදෙනා මීට මාස 8 කට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.
අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක (1½) පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකු ගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබේ.
කෙසේවෙතත් මේ දක්වා විදේශගතවීම සිදුවී නොමැති පසුබිමක, ණයහිමියන් මුදල් නැවත ඉල්ලීම මත ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිට ඇති බවයි පොලිසිය පවසයි.
එවන් පසුබිමක ඇය නුවරඑළියේ පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ ඉකුත් ජූනි 03 වැනිදාය.
ඒ අතරතුර ඇය සිය සොහොයුරාට දුරකථනයෙන් අමතා තමන් දින 3 ක් ආහාර ලබාගෙන නොමැති බව පවසා ඇති බවත්, අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් අමතා තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් පවසා ඇතැයි වාර්තා වේ.
එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ, කඩිනමින් ළඟම ඇති රෝහලට ගොස් මානසික වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.
කෙසේවෙතත් ඉකුත් 16 වැනිදා සවස 4 න් පමණ පසුව ඇයගේ ඡංගම දුරකථනය ක්‍රියාවිරහිතව ඇති අතර, ඒ අනුව ඇයගේ සහෝදරයා නුවරඑළිය පොලිසියට පැමිණිලි කර ඇත.
වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ තරුණයගේ දේහය රැගෙන යාමට භාවිත කළ මෝටර් රථය, ඇයගේ පෙම්වතාගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි ‘තවත් පෙම්වතියකට’ අයත් එකක් බවය.
මේ අතර දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.
ඒ අනුව පොලිසිය ඇයගේ පෙම්වතා වන ‘දිනෙත් දිසානායක’ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.
+++

+++
“මගේ වයිෆ්ට ටිකක් අසනීපයි..!” – ශ්‍යාමා 16 වැනිදා හෝටලයටආවේ තනියම, පෙම්වතා ආවේ රෑ (18.06.2026)
+
‘ඩෙංගු තවාන්’ දැමූ ගොතටුවේ පුද්ගලයන් 136 කට සහ ආයතන 23 කට රු. ලක්ෂ 16 යක දඩ
(18.06.2026 – hirunews.lk)
මදුරුවන් බෝවීමට සැලැස්වීමේ චෝදනාව මත මේ මස තුළ පුද්ගලයන් 136 කට සහ ආයතන 23 ක් වටලා රු. දහසය ලක්ෂ හැත්තෑ දහසක (16,70,000) දඩ මුදලක් නියම කළ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
මෙම මස (2026-06) තුළ ගොතටුව බල ප්‍රදේශය කරන ලද වැටලීම්වලින් මදුරුවන් බෝවීමට සැලැස්වීමට කටයුතු කළ පුද්ගලයන් 186 ක් සහ ආයතන 23 ක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල් නියම වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂා කරමින් පෙන්වා දෙන්නේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න විසින් මෙම දඩ මුදල් නියම කර තිබුණා.
ඩෙංගු මැදුරුවන් බෝවන ස්ථාන සොයා තවදුරටත් වැටලිම් සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුවන් දන්නා සිටියේ ෴
බිස්නස්වලට යැයි කියා රු. කෝටි 5 ක් වංචා කළ ‘හොර දොස්තර නෝනා’ අත්අඩංගුවට
(18.06.2026 – hirunews.lk)
ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා රු. කෝටි 05 කට ආසන්න මුදල් වංචාවක් සිදු කළ කාන්තාවක් හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේදී ඊයේ (17) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ හොරණ, ගුරුගොඩ, පෝරුවදණ්ඩ, ‘පර්ත් පැරඩයිස්’ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකාරිය සන්තකයේ තිබී වෙද නලාවක්, ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ව්‍යාජ සහතිකයක්, රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සකස් කළ ව්‍යාජ හැදුනුම්පතක පිටපතක් ඇතුළු ව්‍යාජ ලේඛන රැසක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
රජයේ වෛද්‍යවරයකුට අයත් කිසිදු සහතිකයක් මැය සතුව නොතිබූ බවද පොලිසිය පවසයි.
මෙම සැකකාරිය වෛද්‍ය නිල ඇඳුමෙන් සැරසී වෙද නලාව පැලඳ වෛද්‍ය නිල ලාංඡනය මෝටර් රථයේ අලවාගෙන සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
කුරුණෑගල පදිංචිකාරියක වන මෙම සැකාකරිය අවිවාහක අයෙකු වන බවත්, දැනට පදිංචිව සිටි මෙම හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේ නිවෙස ‘විදේශ රටක පදිංචි ස්වාමීන්වහන්සේ නමකට අයත් සුවිසල් නිවෙසක්’ වන බවත් පොලිසිය පවසනවා.
මැය එම නිවෙසේ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවත්, බටහිර හා දේශීය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විදේශ රටවලින් ඖෂධ වර්ග ආනයනය කරන නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
මෙම සැකකාරිය රේගුව මගින් ඖෂධ මුදා ගැනීම සදහා ආදායම් බදු ගෙවීමට යැයි පවසමින් හිතවතුන් හරහා හඳුනාගත් පුද්ගලයින්ගෙන් මෙලෙස රු. ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
මේ අයුරින් හොරණ, ගල්ඒදඬුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 98 ක මුදලක් ද, හොරණ, මුණගම, නර්තනගල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ද ලබාගෙන ඇති බවට සති කීපයකට පෙර හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන විට ඇය විසින් පුද්ගලිකව නීතිඥවරයෙකු මගින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට දන්වා හොරණ අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ බවත්, මහේස්ත්‍රාත්වරිය විසින් එම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර වහාම ඇයව අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉකුත් (08) දා නියෝග කළ බවත් පොලිසිය පවසනවා.
එම සිද්ධියෙන් පසු මෙම සැකකාරිය සිය පදිංචි නිවෙසින් පලා ගොස් සැඟවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකාරිය මුදල් වංචා කළ බව කියන පොකුණුවිට හා මිල්ලනිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකු (2) ගෙන් ද මේ වන විට පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම සැකකාරිය කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහනවලින් ගමන් බිමන් යමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වමින් ජනතාව මුලා කර ඖෂධ ලබා දී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකාරිය විසින් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 50, 100, 160 වැනි මුදල් ලබාගෙන කාලයක් තිස්සේ මෙම වංචාව සූක්ෂමව සිදු කර ඇති බවට මේ වන විට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
+++
රු. කෝටි 5 ක වංචාවේ ‘ව්‍යාජ වෛද්‍යවරියට’ දැඩි කොන්දේසි මත ඇප
(18.06.2026 – hirunews.lk)
ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිට විදේශ රටවලින් ඖෂධ ආනයනය කර ඔසුසැල් වෙත ලබාදෙන නියෝජිතයෙකු ලෙස රඟපාමින්, ජනතාව මුළාකොට රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් ලබාගත් බව කියන කාන්තාව හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අද (18) නියෝග කළා.
හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය මුදල් වංචාව, සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේ සැකකාරිය සතුව රජයේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වූ කිසිදු සහතිකයක් නොතිබූ බවයි.
ඇය සතුව තිබී ඇත්තේ ව්‍යාජ ආයුර්වේද වෛද්‍ය සහතිකයක් සහ රජයේ වෛද්‍ය හැඳුනුම්පතක් ලෙස සකස් කළ ව්‍යාජ පිටපතක් පමණක් බවත්, මැය පුද්ගලයන් විශාල පිරිසකගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බැවින් සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි උත්පල අතුකෝරල, නලින් ඉඹුලගොඩ සහ රොෂාන් දෙහිවල යන නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ, සිවිල් වැරදි සහ අපරාධ වැරදි වෙන්කර හඳුනාගත යුතු බවයි.
යමෙකු ණයට ගත් මුදලක් ගෙවා ගැනීමට නොහැකි වූ පමණින් එය අපරාධමය වරදක් නොවන බවත්, සැකකාරිය මෙම සියලු මුදල් ලබාගෙන ඇත්තේ වාහනයක් සහ දේපළ ඇපයට තබා බවත් ඔවුහු පෙන්වා දුන්නා.
එමෙන්ම පොලිසිය පවසන මුදල් ප්‍රමාණයෙන්, විශාල මුදලක් පොලී වශයෙන් පැමිණිලිකරුවන්ගේ ගිණුම්වලට බැර කර ඇති බවත්, සැකකාරියට මුදල් වංචා සම්බන්ධයෙන් පෙර වැරදි නොමැති හොරණ ගුරුගොඩ පදිංචිකාරියක බැවින් ඇයට ඇප ලබාදෙන ලෙසත් නීතිඥවරු ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, වෙන් වෙන්ව පවතින චෝදනා දෙකකට (2) රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) ද, අනෙක් චෝදනාව සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) ද බැගින් සැකකාරියට නියම කළා.
මීට අමතරව, සෑම මාසයකම අවසාන ඉරු දින හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත වාර්තා කළ යුතු බවට සැකකාරියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, නඩුව නැවත සැප්තැම්බර් මාසයේ 13 කැඳවීමට ද නියෝග කළා ෴
ටොන් දහයකට (10) අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට
(18.06.2026 – 19:33 +0530 – sinhala.adaderana.lk)
රටම එකට ජාතික මෙහෙයුම ජාතික වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ටොන් දහයකට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
මේ බව අනාවරණ වූයේ, මෙම මෙහෙයුමට අදාළ මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
ඒ අනුව පසුගිය (2025) වසරේ ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 2,100 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම හෙරොයින් කිලෝග‍්‍රෑම් 1,950 කට අධික සංඛ්‍යාවක් ද ගංජා මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 5,800 කට ආසන්න ප‍්‍රමාණයක් ද කොකේන් කිලෝග්‍රෑම් 280 කට අධික සංඛ්‍යාවක්ද මත්පෙති 1,736,349 ක ප‍්‍රමාණයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ ෴
DNA එකටත් කලින්, මහා රෑ පල්ලේගම හිමි රහසේම ගිය ගමන..? ජූනි 14 රෑ මොකද්ද වුණේ..? (18.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴