සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්


සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්

(08.06.2026 – 08:31 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ සිය සැමියා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුට ප්‍රතිකාර ලබා දෙන බව සහ තමන්ට සහ දරුවාට සිය සැමියා දුර සිට දැකීමට අවසර ලබා දී ඇති බවය.

මෙවැනි තත්ත්වයක් යටතේ සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබා දෙන ලෙසද ඇය සිය ලිපිය මගින් ඉල්ලා ඇත.

එමගින් සිය සැමියාට මාරාන්තික උපවාසය අත්හැරීමට පෙළඹවීමට උපකාරි වනු ඇතැයිද ඇය සිය ලිපිය මගින් සඳහන් කර ඇති අතර මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බවද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් :

Document (8).PDF by poornima

+++

අපි කළගුණ දන්නේ නැති ගුණමකු ජාතියක් – යුද්දේ ඉවර කරපු සලේට දැන් දසවධ දෙනවා – දැන් කාලේ හරි නැඟිටින්න (08.06.2026)

+++

සලේට සහය දක්වන සත්‍යග්‍රහය මැදට ආපු මාලිමා පාක්ෂිකයෙක් එලවා දැමෙයි (08.06.2026)

+++

විමල් වීරවංශ උසාවියට එයි – සාක්ෂි තියෙනවනම් එන්න උසාවියට (08.06.2026)

+++

සලේගේ බිරිඳයි නීතිඥවරුයි මහ වැස්සේ – සුරේෂ් සලේව බලන්න ජාතික රෝහලට එයි (08.06.2026)

+++

කොටුව ආයමත් උණුසුම් වෙයි – සත්‍යග්‍රහයේ අට්ටාල ඔක්කොම පොලිසිය කඩා දමයි (08.06.2026)

+++

කොටුවේදී දෙපිරිසක් අතර වචන හුවමාරුවක් – පොලිස් නෝනලා සිද්දිය මැද්දට පනියි (08.06.2026)

+++

සර් තාම කන්නේ බොන්නේ මොකුත් කරන්නේ නෑ – එයාට ගොඩක් අමාරුයි – දොස්තරලා බලනවා (08.06.2026)

+++

විමල් ආවා විතරයි පොලිසිය හට් ගලවන්න එයි – පොලිසියයි මිනිස්සුයි ලොකු වලියක් (08.06.2026)

+++

මට නීතිය උගන්නන්න එන්න එපා ඔයා – පොලිස් ලොක්කා විමල්ගේ මූණටම කියයි (08.06.2026)

+++

අනුර කුමාර හැමදාම ජනාධිපතිකම් කරන්න බෑ – ඔයාටත් සලේව ඇතුලට දැම්මට වන්දි ගෙවන්න වෙයි (08.06.2026)

+++

පාස්කු ප්‍රහාරයට මහ මොලකාරයෙක් නෑ – මේකට වගකියන්න ඕනේ පූජිත් ජයසුන්දර (08.06.2026)

+


අ.ඩො. 600,000 ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සිව්දෙනෙකු (4) අත්අඩංගුවට

(08.06.2026 – 08:16 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකානු ඩොලර් 600,000 ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක (1) ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු (4) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය ෴

+++

+


වාහන අංක තහඩු මුද්‍රණය අද (08) සිට යළි ඇරඹේ

(08.06.2026 – hirunews.lk)

වසරකට වැඩි කාලයක් නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී යි.

වසර 22 ක් තිස්සේ මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීම සිදුකරන ලද පෞද්ගලික සමාගමේ නිල කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මස අවසන් වීමත් සමග මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කෙරුණා.

යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් රථ සහ බස් රථ ඇතුළු සියලු වාහන කාණ්ඩයන්ට අදාල අංක තහඩු මුද්‍රණ කටයුතු අද (08) දින සිට කඩිනම් කර තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැනි අදහසක් :

“විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුල තාක්ෂණික කමිටු ඇගයීම් අනුව අදාල ආයතන තෝරා ගනිමින් ප්‍රමිතිගතව වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මුද්‍රණ කටයුතු නතර තර තිබූ අංක තහඩු ප්‍රමාණයත්, අලුතින් ලියාපදිංචි වන සියලුම වාහන සදහාත් අංක තහඩු දෛනිකව මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරනවා. අංක තහඩුවේ මුද්‍රණ කටයුතු අවසන් වූ විගස ඒ පිළිබද පැය දෙකක් (2) තුල කෙටි පණිවිඩයක් මගින් වාහන හිමියාට දැනුම්දීමටත් නව වැඩපිළිවෙල යටතේ කටයුතු කර තිබෙනවා”.

+++

+


ස්වාමීනි, මේ හොයාගත් මුදල් මැනේජර්ගේ නෙවෙයි, හොරණ ATM කොල්ලය වෙනස්ම අතකට (08.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *