නුවරඑළිය මහ නගර සභාවේ සිදුවූ රු. මිලියන 9.2 ක දැවැන්ත ඩීසල් වංචාවක් ගැන හෙළිදරව්වක්

නුවරඑළිය මහ නගර සභාවේ සිදුවූ රු. මිලියන 9.2 ක දැවැන්ත ඩීසල් වංචාවක් ගැන හෙළිදරව්වක්


නුවරඑළිය මහ නගර සභාවේ සිදුවූ රු. මිලියන 9.2 ක දැවැන්ත ඩීසල් වංචාවක් ගැන හෙළිදරව්වක්

(07.06.2026 – 11:03 +0530 – sinhala.adaderana.lk)

පසුගිය දිට්වා ව්‍යසන කාලසීමාව තුළ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහනවලට ඩීසල් ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීමේදී රුපියල් මිලියන 9.2 ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සහ ‘නුවරඑළිය සුරැකීමේ සංවිධානය’ නියෝජනය කරමින් දිනේෂ් ලංකා ගීගනගේ මහතා පවසා තිබේ.

ඔවුන් මේ බව පවසා ඇත්තේ, නුවරඑළිය මහ නගර සභාව මගින් ඉන්ධන සඳහා මුදල් වෙන් කරමින් රුපියල් මිලියන 9.2 ක මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයාගෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයට ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා පවසා ඇත්තේ, පසුගිය වසර අගභාගයේදී ඇති වූ දිට්වා මගින් හානියට පත්වූ නුවරඑළිය නගරය මැදින් ගලා බසින තලගලඔය සංවර්ධන කටයුතු සඳහා බැකෝ ඇතුළු යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ලබා ගැනීමට සහ ඒවාට ඉන්ධන සැපයීමට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය මහ නගර සභාව විසින් සිදුකළ බවයි.

එහිදී රුපියල් ලක්ෂ විස්සක (20) මුදලක් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මහ නගර සභාවේ නිල බැංකු ගිණුම වෙත යොමු කර ඇති බවත් එම මුදල හැරුණු කොට අනෙක් මුදල් සියල්ලම වියදම් කර ඇත්තේ නුවරඑළිය මහ නගර සභාවේ මුදල්වලින් බවත් එම මුදල් වියදම් කිරීමට ආවරණ අනුමැතිය ලබා දී ඇත්තේ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ මැදිහත්වීමෙන් බව ද ඔහු පවසා ඇත.

මෙලෙස යෙද වූ මුදල්වලින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවත්, රු. ලක්ෂ අනූ දෙකකට (92) වැඩි මුදලක් ඉන්ධන සඳහා වෙන්කල ද ඒ මුදලට සරිලන පරිදි වැඩ කටයුතු සිදුවී නොමැති බවත් ඔහු පවසා තිබේ.

මේ අතර, ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන ලබාගෙන ඒ සඳහා අක්‍රමික ලෙස ඉන්ධන ලබාදීම පිළිබඳව අපක්ෂපාති විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටින ලෙසද වැඩිදුර සඳහන් වෙයි ෴


BMW වංචාවෙන් නීතියේ රෙද්ද ගැලවූ වගයි – නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු (07.06.2026)

+


METRO Low floor after one month – is it a success? (06.06.2026)

+


“දේශපාලන බලය තාවකාලිකයි; මහජන විශ්වාසය එසේ නොවේ” – ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි අලි සබ්‍රිගෙන් සටහනක්

(08.06.2026 – hirunews.lk)

හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.

තමන්ගේ පුද්ගලික නිරීක්ෂණයට අනුව, අතීතයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ එවකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෝෂාභියෝගයකින් ධූරයෙන් ඉවත් කිරීම වැනි සිදුවීම්වලින් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ද ක්‍රමයෙන් පිරිහීමට ලක්වූ බව ඔහු පෙන්වා දෙනවා.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ පුද්ගලයින්ට ගොතන ලද චෝදනා (Concocted charges) මත පදනම්ව අමානුෂික ලෙස සැලකීම සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීම දිගුකාලීන බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන මහා පාපයක් බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඉතිහාසය විසින් ඕනෑම සමාජයකට වටිනා පාඩම් කියා දෙන බවත්, බුද්ධිමත් ජාතීන් එම පාඩම් මනාව ඉගෙන ගත යුතු බවත් අලි සබ්‍රි වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

“පොලිසිය මහජනතාව නොමඟ යවනවා”

එසේම ​හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගැනීම සහ ඔහුට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයක් ද එල්ල කර තිබෙනවා.

එහිදී ​අලි සබ්‍රි පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ, දැනට පසුවන්නේ අධිකරණ අත්අඩංගුවේ (Judicial Custody) නොව, විධායකය සතු බලතල ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝග මත බවයි.

මෙම සැබෑ තත්ත්වය වසන් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කරන බවට ද ඔහු ඍජුවම චෝදනා කර සිටිනවා ෴


සලේ බේරා ගන්න වැඩේ පටන් ගනී, විපක්ෂයේ සෙට් එකක්ම කොටුවවට බහී | අඛණ්ඩ සත්‍යග්‍රහයට ඔක්කොම රෙඩී (08.06.2026)

+++

+++

+++

+++

+++

+++

CID එක ළඟ ලොකු උණුසුම් තත්ත්වයක් – අපි මේක ලේසියෙන් අත හරින්නේ නෑ (08.06.2026)

+++

ජෙනරල් සලේ මැරුණොත් මාලිමා පච ආණ්ඩුව දිනුම් ? (08.06.2026)

+++

සුරේෂ් සලේ සිද්ධිය : ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් රජයට සහ පොලිස්පතිට විශේෂ ඉල්ලීම් කිහිපයක්

(08.06.2026 – hirunews.lk)

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දින 100 කට වඩා රඳවා තබාගැනීම හා කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරනවා.

ඒ අනුව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය රජයෙන්, පොලිස්පතිවරයාගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉල්ලා තිබෙනවා.

සුරේෂ් සලේ සහ සියලු PTA රඳවියන්ට සුදුසු චිකිත්සක පරිසරයක ස්වාධීන, පුළුල් වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ පවුලේ සාමාජිකයින් හා නීතිඥ උපදේශ සඳහා නිතිපතා ප්‍රවේශය සහතික කරන්න යැයි ඉල්ලනවා.

සියලු රැඳවියන් වහාම වෘත්තීය පළපුරුද්දක් සහිත අධිකරණ බලධාරීන්ට ඉදිරිපත් කර හඳුනාගත හැකි කරුණු සහිත නම් ඔවුන්ට චෝදනා ගොනු කරන ලෙස හෝ එසේ නොවේ නම් ඔවුන් නිදහස් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල සහ ජාත්‍යන්තරව අත්සන් කර ඇති සම්මුතිවලට අනුකූලව සියලු රැඳවුම් ස්ථානවල වධහිංසා, අයහපත් සැලකීම් සහ අත්තනෝමතික රඳවා ගැනීම්වලට එරෙහිව මූලික ආරක්ෂාව සහතික කළ යුතු බවද එහි සඳහන්.

අධිකරණ අධීක්ෂණයකින් තොරව දීර්ඝ රැඳවුම් සඳහා ඉඩ සලසන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ඉවත් කිරීම හා අර්ථවත් ප්‍රතිසංස්කරණ හෝ පනත අවලංගු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙසද ඉල්ලා තිබෙනවා.

ඒ අනුව කෲර හිංසා වැලැක්වීමේ යාන්ත්‍රණය ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, රජයේ බලධාරීන් සහ ඉදිරියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ දූත පිරිස සමග තොරතුරු සැපයීමට සහ වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට දායකත්වය සැපයීමට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සූදානම් බවද පවසනවා.

සුරේෂ් සලේ නඩුව තනි හුදෙකලා සිද්ධියක් නොවන බවත් එය පුද්ගලයින්ගේ අභිමානයට සහ අයිතිවාසිකම්වලට තර්ජනයක් වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන ‘රඳවා ගැනීමේ රාමුවේ පද්ධතිමය දුර්වලතා’ පිළිබඳ පිළිබිඹුවක් බවයි එම සංවිධානය පවසන්නේ.

මේ අතර යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට රජය විසින් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙන්නේ.

එමෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අනුව 2026 මැයි 4 වැනිදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද වෛද්‍ය පරීක්ෂණ වාර්තාව (MLEF අංක 50/2026) මගින් හෙළිවන කරුණු එම සංවිධනය උපුටා දක්වනවා.

පැය 24 පුරා ආලෝකමත් කරන ලද (අඩි 6 අඟල් 4 x අඩි 4 පමණ) ක කුඩා සිරකුටියක දින 40 ක් පමණ බිම නිදා ගැනීමට සිදුවීම, කැරපොත්තන් සහ මීයන් සිටීම, වැසිකිළි ප්‍රවේශය සීමා කිරීම, දඬුවම් කුටියක රාත්‍රී 4 ක් තැබීම, අවමන් සහගත ශරීරය පරීක්ෂා කිරීම, ශාරීරික බලපෑම් අතර මාස 2කින් කිලෝ 6-7 ක බර අඩුවීම, සමේ රෝග, පෝෂණ ඌනතා ඇතුළත් විටමින් ඩී ඌනතාව, සුළු වශයෙන් ඉහළ ගිය රුධිර සීනි හා කොලෙස්ටරෝල්, උග්‍ර වූ හිසරදය පැවතීම එහි සඳහන්.

මානසික සෞඛ්‍ය බලපෑම අතර දරුණු අවපාත තත්ත්වයක්, කාංසාව සහ පශ්චාත් කම්පන ආතති ආබාධ ලක්ෂණ හඳුනාගෙන ඇති අතර අධිකරණ මනෝ වෛද්‍යවරයා මේවා වධහිංසා හෝ අයහපත් සැලකීම්වලට ‘විශේෂ ලක්ෂණ’ ලෙස විස්තර කර තිබෙනවා.

එය සියදිවි නසාගැනීමේ ඉහළ අවදානමක් ඇති බවටද සඳහන් අතර අභ්‍යන්තර බිඳවැටීම, දුර්භීති සිහින, ආහාර රුචිය නැතිවීම, වරදකාරී හැඟීම් සහ නිරන්තර ආතතිය ඔහුගෙන් වාර්තා වී ඇති බව සඳහන්.

උග්‍ර බාහිර තුවාල නොමැති නමුත් නඩු විභාගයට සුදුසු බවත් වාර්තාව සඳහන් කළ ද, සුදුසු පරිසරයක වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබාදීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරනවා.

පොලිසිය සලේට සාමාන්‍ය ලෙස සලකන බව පවසන අතර PTA රැඳවුම්වල අයහපත් සැලකීම් සහ නොසලකා හෑරීම, ආහාර ලබානොදීම, ත්‍රස්ත පනතේ විධිවිධාන මගින් විධිමත් චෝදනා නොමැතිව වසරකට වඩා පරිපාලනමය රඳවා ගැනීමට අවස්ථාව පවතී.

මේ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබන පුද්ගලයින් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල අවධානයට යොමු විය යුතු බවයි එම සංවිධානය පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *