ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි


ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි

(07.06.2026 – hirunews.lk)

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සඳුදා දිනයේ පැවැත්වෙන වෙනත් කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා.

මහජන දිනය ලෙස වෙන්කර ඇති සදුදා දිනවල විවිධ අමාත්‍යංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ඉන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි එම සංගමයේ සභාපති ආර්. සෙන්තිල් සඳහන් කළේ.

මේ අතර පවතින මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන දීමනාව ලබාදෙන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් ද යොමුකර තිබෙනවා.

+++

ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්

(07.06.2026 – hirunews.lk)

මින් ඉදිරියට වෙනත් ආයතනවල ක්ෂේත්‍ර රාජකාරි සඳහා ඉන්ධන දීමනාවක් එම ආයතන මගින් ලබා නොදෙන්නේ නම් එකී ක්ෂේත්‍ර රාජකාරි සහ අධීක්ෂණ කටයතුවලින් ඉවත් වීමට සිදුවන බව ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කරන ලද අයවැය චක්‍රලේඛ මගින් රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා 2026 මාර්තු මස පළමුවැනිදා පැවැති මිල ගණන් යටතේ සීමා කිරීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දුෂ්කරතාවලට මුහුණ දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් එම සංගමය පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන් ලිඛිතව දැනුවත් කළ ද මේ දක්වා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් හෝ සහනයක් ලබා දීමට පියවර ගෙන නොමැති බව එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වර්තමානයේ ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බැවින් පවතින ඉන්ධන දීමනාව යටතේ, රාජකාරි සඳහා පරිභෝජනය කළ හැකි ඉන්ධන ප්‍රමාණය සීමිත වී ඇති බවත්, මේ හේතුවෙන් තම පෞද්ගලික මුදල් වැය කරමින් රාජකාරි කිරීමට සිදුව ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා.

එදිනෙදා කොට්ඨාස මට්ටමින් කරන රාජකාරිවලට අමතරව, විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් කැඳවනු ලබන දිස්ත්‍රික්ක සහ කොට්ඨාස මට්ටමේ සම්බන්ධීකරණ හා ප්‍රගති සමාලෝචන රැස්වීම් විශාල ප්‍රමාණයකට සහභාගී වීමට සිදුවන බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ සාධාරණ විසඳුමක් ලැබෙන තුරු මින් ඉදිරියට පැවැත්වෙන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයෙන් පිට රැස්වීම්වලට හා දේශපාලන සහභාගීත්වයෙන් පවත්වන සියලුම රැස්වීම් සඳහා සහභාගී නොවීමට ඒකමතිකව තීරණය කර ඇති බවයි.

මේ අතර මහජන දිනය පවත්වන සඳුදා දිනයේදී පැවැත්වෙන වෙනත් කිසිදු රැස්වීමකට හෙට දිනයේ සිට සහභාගී නොවීමට ද ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

+++

+


පෞද්ගලික බස් ධාවනය හෙටින් (08) පසු සීමාවෙයි

(07.06.2026 – hirunews.lk)

බස් ගාස්තු සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය නිසා හෙටින් (08) පසු ධාවනය සීමා කිරීමට තම සංගමය තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ වනවිටත් බස් රථ සියයට 25 ක් පමණ ස්වයංව ධාවනයෙන් ඉවත්වී ඇති බවයි.

+++

+


මීගොඩ දන්සලේ අනතුරින් පසු සැඟව සිටි අනෙක් සැකකරුත් අත්අඩංගුවට

(06.06.2026 – 22:57 +0530 – sinhala.adaderana.lk)

මීගොඩ දන්සලේ අනතුර සම්බන්ධයෙන් සැඟව සිටි අනෙක් සැකකරු ද අද (06) පස්වරුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘දොන් සරත් හෙට්ටිගේ’ නම් අයෙකි.

සැකකරු අද (06) පස්වරුවේ ගොඩගම ප්‍රදේශයේදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙසක් පොහොය නිමිත්තෙන් පසුගිය මැයි 31 වැනි දින මීගොඩ ප්‍රදේශයේදී සංවිධානයට කර තිබූ රොටි දන්සලක පෝලීමේ සිටි පිරිසක් වෙත බීමත් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩා වැදී පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් පසු පලාගිය රථය ලුහුබැඳ ගොස් ගොඩගම ප්‍රදේශයේදී එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය එහිදී කටයුතු කළේය.

අනතුර සිදුකළ අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) සිටි බවත් ඔවුන් අනතුර සිදුවූ පසු රථයෙන් බැස පලා ගොස් තිබූ බවත් පොලීසියට අනාවරණය වී තිබුණි.

පසුව ඔවුන් සැඟව විටීම හේතුවෙන් ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් සොයාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියේය.

අදාළ සැකකරුවන් තිදෙනා (3) ගෙන් එක් අයෙකු (1) කැබ් රථයේ හිමිකරු වන අතර ඔහු ‘අත්තනායකගේ දොන් වසන්ත’ නම් අයෙකු බවද පොලීසිය හඳුනාගෙන තිබුණි.

ඒ අනුව කැබ් රථයේ හිමිකරු සහ ‘සෙල්ලමුත්තු සෙල්ලකුමාර්’ නම් අයෙකු අද (06) දිනයේදී නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසිය භාර විය.

භාර වූ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

+++

ගොඩගමින් දෙන්නෙක් බැහැලා, වෙරි හිඳුනම ප්ලෑන ගහලා! අනතුරේ වෙනස්ම කතාවක් එළියට (07.06.2026)

+


‘ලැට් ෂුදා’ට නිධානයක් මාසෙට රු. ලක්ෂ 60 ක් ආණ්ඩුවෙන් ? (07.06.2026)

+


ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු සමග විවෘත සංවාදය… Tea Triangle with කුමුදිනී බණ්ඩාර (07.06.2026)

+

වාහන ගේන එක අඩුවෙලා නෑ, රේගුව කියන්නෙ… මෙහෙම ගියොත් ලංකාව පරණ යකඩ ගොඩ වෙයි ද ? (07.06.2026)

+

හදිසි මිළදී ගැනීම්, බාල ගල්අඟුරු සහ බැරිකමද ? හොරකමද ? (07.06.2026)

+


සිරකරුවෝද මනුෂ්‍යයෝය (07.06.2026)

+

IMF ගිවිසුමෙන් ඉවත් වෙයි (07.06.2026)

+


රාජපක්ෂලා ඉදිරියේ මාලිමාවේ පෞරුෂය දියවෙන්නේ ඇයි? (07.06.2026)

+


හොරණ මහජන බැංකුවේ සල්ලි කොල්ලය ගැන සහකාර කළමණාකරු පාපොච්චාරණය කරයි (07.06.2026)

+


මගේ මහත්තයා මැරෙනකම් උපවාසය කරන්න හිටියේ – එයාට දැන් ගොඩක් අමාරුයි – අත් දෙකටම සේලයින් දීලා (07.06.2026)

+


හොරණ බැංකු කොල්ලයේ රහස් එළියට

(07.06.2026 – 20:21 +0530 – sinhala.adaderana.lk)

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5 ක මුදලක් කොල්ලකෑ බවට වූ සිද්ධියට අදාළව කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා අද (07) අදාළ බැංකු පරිශ්‍රය වෙත රැගෙන ආ අතර, එහිදී සොරකම සිදුකළ ආකාරය සම්බන්ධයෙන් පාපොච්ඡාරණයක් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සහකාර බැංකු කළමනාකාරවරයා විවිධ කාන්තාවන්ගෙන් පොලී පදනම මත ලබාගත් මුදල්වල පොලිය පියවීම සඳහා බැංකුවෙන් මුදල් වංචාකර ඇති බවටය.

ඔහු එලෙස ලබාගත් මුදල් පතල් කර්මාන්තය වැනි විවිධ ව්‍යාපාර සඳහා යොදවා ඇති බවද අනාවරණවී තිබේ.

තවද විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ රාජ්‍ය බැංකුවේ ATM යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ මෙම සැකකරු බවය.

ඔහු බැංකුවෙන් නියම කරනලද මුදලට වඩා අඩු මුදලක් ATM යන්ත්‍රවලට ඇතුළත් කර, ඉතිරි මුදල් හොර රහසේ තමන් සන්තකයේ තබාගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

එම බැංකුව දීර්ඝ කාලයකින් භෞතිකව මූල්‍ය විගණනයක් සිදුකර නොමැති වීමෙන් මෙම වංචාව අනාවරණවීමක් සිදුව නොමැත.

මේ අතර අදාළ සහකාර කළමනාකාරවරයාද විවිධ පුද්ගලයන්ට පොලියට මුදල් ලබාදීමද සිදුකර ඇති අතර, ඔහු සමීප සබඳතා පවත්වන නිරූපන ශිල්පිනියන්ද ඇතුළු ළාබාල තරුණියන් කිහිපදෙනෙකුට විශාල වශයෙන් මුදල් වියදම්කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණවී තිබේ.

මෙම රාජ්‍ය බැංකුවේ බාහිර පාර්ශවයක් මුදල් කොල්ලයක් සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලට අනුව කිසිදු අයුරකින් අනාවරණවී නොමැත.

එය සැකකාර සහකාර කළමනාකරු, ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් සැලසුම් සහගතව ගොතන ලද බොරුවක් බවට පොලිසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.ඩබ්.සී. ධර්මරත්න මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *