හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේව බලන්න CID යට ආ බිරිඳ කඳුළු පිරි දෙනෙතින් රටටම කී කතාව

හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේව බලන්න CID යට ආ බිරිඳ කඳුළු පිරි දෙනෙතින් රටටම කී කතාව


හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේව බලන්න CID යට ආ බිරිඳ කඳුළු පිරි දෙනෙතින් රටටම කී කතාව

(07.06.2026 – 10:45 +0530 – sinhala.adaderana.lk)

සිය සැමියා වසර 38 ක් පුරාම රට වෙනුවෙන් ජීවිතය කැප කරමින් සේවය කළ බවත් ඒ වෙනුවෙන් ජනතාවට කෘතගුණ දැක්වීමට කාලය එළැඹ ඇති බවත් හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පවසයි.

මාරාන්තික උපවාසයක් අරඹා සිටින සුරේෂ් සලේ මහතා බැලීමට අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළාය.

එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ මෙම මාරාන්තික උපවාසය අත්හරින ලෙස සිය සැමියාට පැවසුවද ඔහු එය පිළිගැනීමට සුදානම් නොමැති බවත් තමාට සිදුවන අසාධාරණය වෙනුවෙන් ඔහු දිගින් දිගටම පෙනී සිටින බවත් ය.

එමෙන්ම තවමත් සැකකරුවෙකු පමණක් වන සුරේෂ් සලේ මහතාට ඉතාමත් අමානුෂික අන්දමින් සලකන බවත් එහි කිසිඳු සාධාරණයක් නොමැති බවත් ඇය සඳහන් කර සිටී.

රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා බැලීම සඳහා අද (07) ඔහුගේ බිරිඳ, පුතා සහ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.

එහිදී අදහස් දැක්වූ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ :

“මට කියන්න තියෙන්නේ .. මගේ හස්බන්ඩ් ඉනසන්ට් කියලා ඔක්කොමලා දන්නවා. ඉතින් මෙහෙම කරන එක ඉතාමත්ම අසාධාරණයි කියන එක. මොකද එයාව ස්කේප්ගෝට් කෙනෙක් කරගෙන මේ වෙලාවේ තියෙන එක හොඳටම පේනවා. JMO රිපෝට් එකෙත් කියලා තියෙනවා ඉතාම හරිම ‘ඉන්හියුමේන් ට්‍රීට්මන්ට්’ කියලා.. එයා දැන් මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ. කොහොමත්ම නවත්තන්න කැමති නෑ. අපි ගොඩාක් කතා කරලා බැලුවා. පුළුවන් ද කියලා හිත වෙනස් කරන්න.. මොකද අපි ඔක්කොම දන්නවා එයා ඉනසන්ට් කියන එක. ඉතින් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න පුළුවන්. නමුත් මානුෂීය විදිහට සලකන්න ඕනනේ. මොකද ඉතාම අමානුෂික විදිහට තමයි සලකලා තියෙන්නේ.

ඉතින් මට හරි ම දුකයි. මෙච්චර අවුරුදු තිස් අටක (38) කාලයක් රට වෙනුවෙන් කැප කරලා අඩුම ගානේ කවදාවත් ළමයෙකුගේ ඉස්කෝලෙකටවත් යන්ඩ වෙලා තිබුන් නෑ. මොකද හැමවෙලේම රට වෙනුවෙන් කැප වෙලා හිටියේ එයා. ඉතින් ඒ වගේ මනුස්සයෙකුට, මෙච්චර කැපවීම් කරලා රට වෙනුවෙන් කැප වෙච්ච මනුස්සයෙකුට මෙහෙම කරන එක ගැන ඉතාම අසාධාරණයි. අපි දන්නවා කවුද මේකට වගකියන්න ඕන කියලා මේ කැත විදියට සලකන එකට. මට ඉතින් හරිම දුකයි මගේ හස්බන්ඩ් ගැන. නමුත් එයා උපවාසය අතහරින්නේ නැහැ. මොකද එයා කියන්නේ එයා රට වෙනුවෙන් කොහොමත් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. මේ වගේ අසාධාරණයට එරෙහිව කොහොමත් එයා නැඟී සිටිනවා.

හැමවෙලේම එයා කොන්ද කෙලින් තියන් හිටපු මනුස්සයෙක්. ඉතින් මං හරි ආඩම්බර වෙනවා මගේ හස්බන්ඩ් ගැන. මෙහෙම උපරිම සේවයක් කරපු එක ගැන. නමුත් මං ඉල්ලා සිටින්නේ එයාට හාම් එකක් වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි හොස්පිටල් එකකටවත් ගෙනියන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් කියලා. මොකද එයා ඉන්න මානසික තත්ත්වය අනුව එයාට කියන්න බෑනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලා. එතකොට වගකිවයුත්තෝ දැනගත යුතුයි හරි දේ කරන්න. එයාගේ ජීවිතය බේරාලා දෙන්න මම ඔක්කොමලගෙන් ඉල්ලන්නේ එච්චරයි.. කරුණාකරලා කොහොමහරි උපරිම සේවාවක් කරන්න. සුරේෂ් රට වෙනුවෙන් කරා වගේ දැන් මේ ඕගොල්ලන්ගේ අවස්ථාව මේ වෙනුවෙන් – සුරේෂ් වෙනුවෙන් නැගී සිටින්න. මොකද එයාට පුළුවන් උනානම් රට වෙනුවෙන් අවුරුදු තිස් ගාණක් එයාගේ මුළු ජීවිතයම කැප කරන්න. මේක ඕගොල්ලන්ගේ අවස්ථාව. ඕගොල්ලෝ දන්නවා කවුද ඇත්ත කියන්නේ කියලා. ඕගොල්ලෝ නැගී සිටින්න සුරේෂ් වෙනුවෙන්. මං ඉල්ලා සිටින්නේ එච්චරයි.”

+++

+++

සුරේෂ් සලේගේ නීනි උපදේශකගෙන් CID අධ්‍යක්ෂ ශානි අබේසේකරට ලිපියක්

(07.06.2026 – 11:51 +0530 – sinhala.adaderana.lk)

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා ශාරිරික සහ මානසික තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය වන බවය.

සුරේෂ් සලේ මහතාට සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් විසින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දිය හැකි සුදුසු රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බවද නීතිඥවරයා අදාළ ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත දන්වා තිබේ.

එමෙන්ම සුරේෂ් සලේ මහතා විසින් තම අවසන් කැමති පත්‍රය සහ ඊට අදාළ නිතිමය ලේඛණ සකස් කිරීම සඳහා තම නීතිඥවරයා හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලා ඇති බවද අදාළ ලිපියේ සඳහන් වේ.

සුරේෂ් සලේ මහතාගේ මෙම ප්‍රකාශ සහ තත්ත්වයන් ඔහුගේ ශාරීරික හා මානසික තත්ත්වය බරපතළ ලෙස පිරීහි ඇති බව පැහැදිළිව පෙන්වන බවත් ඔහුගේ යහපැවැත්ම, සෞඛ්‍ය සහ ජීවිතය සම්බන්ධයෙන් තාර්කික තීරණ ගැනීමට ඔහුට තවදුරටත් හැකියාවක් නොමැති බව පෙන්වා දෙන නීතිඥවරයා දැනට ඔහු රඳවා තබා ගෙන සිටින තත්ත්වයන් අවම වශයෙන් හෝ ඔහුගේ ජිවිතයට බරපතළ සහ ක්ෂණික අවධානමක් නිර්මාණය කරන බවද පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඉල්ලීමක් යවමින් නීතිඥවරයා සඳහන් කර ඇත්තේ මෙම කරුණු පිළිබඳව සලකා බලා තවදුරටත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් සිය සේවාදාකයාට සිදුවන හානි සම්බන්ධයෙන් අනාගතයේදී ගොනු කළ හැකි අධිකරණ, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය හෝ ජාත්‍යන්තර නඩු කටයුතුවලදී පදනමක් ලෙස භාවිත කරන බවත් අදාළ ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වා තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් :

Letter to Director Cid by poornima

+++

ශානිට පිස්සුනම් ගිහිල්ලා බෙහෙත් ගන්න – හැම ගෙදරකම කළු කොඩි උස්සන්න (07.06.2026)

+


බලංගොඩ තුඹගොඩ කඩ පෙළක ගින්නක්

(07.06.2026 – hirunews.lk)

බලංගොඩ තුඹබොඩ දෙමහල් ගොඩනැගිල්ලක අද (07) අළුයම තුනට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් කඩ හතරක් (4) විනාශ වී ඇති බවයි වර්තා වන්නේ.

බලන්ගොඩ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය, නගරාධිපති ඇතුලු නිධාරින් , පොලිසිය , නගරවාසින් ඇතුලු පිරිස ගින්න නිවීමට කටයූතු කරනූ ලැබුවා.

ගින්නෙන් ජීවිත හානි නැතත් කඩ හතරක් (4) විනාශ වී තිබෙන බවයි වර්තා වන්නේ ෴

+

මහර ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

(07.06.2026 – 10:42 +0530 – sinhala.adaderana.lk)

මහර නගරයේ ඇති ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක් අද (07) පෙරවරුවේ ගිනි ගැනීමට ලක්ව තිබේ.

ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ රථ හතරක් (4) යොමු කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියාසිටියේය.

මේ හේතුවෙන් කඩවත නුවර පාරේ මහර හන්දියෙන් එක් මං තීරුවක් සම්පූර්ණයෙන් වසා දමා ඇත.

මේ වනවිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පවතින බව ද ‘අද දෙරණ වාර්තාකරු’ සඳහන් කළේය.

ගින්නෙන් අදාළ වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඩවත පොලිසිය විසින් සිදු කරනු ලබයි.

+++

+

මොණරාගල කොහු මෝලක බිහිසුණු ගින්නක් – මිනිස්සු පිස්සුවෙන් වගේ හැමතැන දුවයි (07.06.2026)

+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *