මිහින්තලා පොසොන් පිංකමට රජයේ අනුග‍්‍රහය මදි.. ආධාර කරන්නැයි මිහින්තලා හිමි ඉල්ලයි..

මිහින්තලා පොසොන් පිංකමට රජයේ අනුග‍්‍රහය මදි.. ආධාර කරන්නැයි මිහින්තලා හිමි ඉල්ලයි..


මිහින්තලා පොසොන් පිංකමට රජයේ අනුග‍්‍රහය මදි.. ආධාර කරන්නැයි මිහින්තලා හිමි ඉල්ලයි..

(06.06.2026 – lankacnews.com)

මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරනු ලබන ආගමික වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් ආධාර උපකාර කරන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සකලවිධ පින්වතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

පොසොන් උත්සවයේ කටයුතු වෙනුවෙන් රජය පාර්ශවයෙන් වෙන්කර ඇති රුපියල් ලක්ෂ 50 ක ප්‍රතිපාදනය සමස්ත පින්කම් මාලාව සංවිධානය කිරීමට ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා සැදැහැවත් මහජනතාවගේ දායකත්වය සහ මූල්‍ය පරිත්‍යාග අත්‍යවශ්‍ය වී ඇති බව උන්වහන්සේ පෙන්වා දෙති.

ඒ අනුව, මෙම උදාර පුණ්‍යකර්මයට දායක වීමට අපේක්ෂා කරන පින්වතුන්ට “මිහින්තලා රජමහා විහාර අරමුදල” වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පහත සඳහන් බැංකු ගිණුම් වෙත සිය මූල්‍ය පරිත්‍යාගයන් බැර කළ හැකි බව ද විහාරාධිපති නාහිමියෝ වැඩිදුරටත් සන්නිවේදනය කරති.

ආධාර ලබාදිය හැකි බැංකු ගිණුම් විස්තර :

හැටන් නැෂනල් බැංකුව (HNB)
ශාඛාව: මිහින්තලේ
ගිණුම් අංකය: 010010023463

ලංකා බැංකුව (BOC)
ශාඛාව: මිහින්තලේ
ගිණුම් අංකය: 90797118


‘යූ ටියුබ් සුදා’ බුදු දහමටත්, පිරිවෙන් පද්ධතියටත් අපහාස කරලා.. – පොලිස්පතිට පැමිණිල්ලක්

(06.06.2026 – lankacnews.com)

සයිබර් මාධ්‍ය යොදාගෙන මාර්ගගත ක්‍රම ඔස්සේ සැලසුම් සහගතව බුදුරජාණන් වහන්සේට බුදු දහමට හා මහා සංඝයා වහන්සේට අපහාස කිරීම සහ එමගින් බෞද්ධ මහා ජනතාව අතර සිත් රිදවීම් වෛරය සහ අසහනය ඇති කිරීම සඳහා පෙළඹවීම් කිරීම මගින් සිදුකරන අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය’ පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

මුහුණු පොත, වට්සැප් හා යූටියුබ් වැනි සමාජ මාධ්‍ය යොදාගෙන මාර්ගගත ක්‍රම ඔස්සේ බුදු දහම, මහා සංඝයා වහන්සේ, බෞද්ධ සිද්ධස්ථාන සහ බෞද්ධ ඇදහිලි හා විශ්වාසයන් අවඥාවට සහ හාස්‍යයට ලක් කරන, ඒවාට පහර දෙන, බෞද්ධ ජනතාව අතර වෛරය හා අසහනය පතුරවන, දහමට මහා සංඝයා වහන්සේට පහර දෙන ලෙස සහ ගරු සත්කාර කිරීමෙන් වලකීන ලෙස ජනතාව පොළඹවන ප්‍රකාශයන් හා රූපරාමු පළ කිරීම ඓතිහාසිකව ක්‍රමාණුකූලව වැඩි වෙමින් පවතින අතර මේ වන විට උච්ජතම අවස්ථාවකට ළඟා වී ඇතැයිද ලිපියේ දැක්වෙයි.

‘සුදත්ත තිලකසිරි’ හෙවත් ‘සුදා’ ලෙස හඳුන්වන යූටියුබ් මාධ්‍යකරු විසින් ශ්‍රී ලංකාවේ පිරිවෙන් පද්ධතියට එරෙහිව විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස සැලකෙන පැපිලියාන සුනේත්‍රා මහාදේවී මහ පිරිවෙනට සහ එම පිරිවෙනේ පරිවේනාධිපති ලෙස කටයුතු කරන ‘මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ’ට අගෞරව කිරීම සම්බන්ධව ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ’ මහ ලේකම් ‘වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා’ පොලිස්පතිතුමා වෙත ලිපියක් යොමුකර තිබේ ෴


    මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා රිමාන්ඩ්

    (06.06.2026 – 15:35 +0530 – sinhala.adaderana.lk)

    මීගොඩ මංසන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා ලබන16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ, ඔවුන් අද (06) හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    පසුගිය ඉරිදා (31) සිදු වූ මෙම රිය අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු (6) ජීවිතක්ෂයට පත් වූ අතර තවත් හත් දෙනෙකු (7) තුවාල ලැබීය.

    අනතුරෙන් පසුව පලාගොස් සැඟව සිටි, කැබ් රථයේ හිමිකරු සහ එම අවස්ථාවේදී එහි ගමන් කළ පුද්ගලයෙකු අද (06) මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    ඒ අදාළ අනතුරින් දින හයකට (6) පසුව ඔවුන් දෙදෙනා (2) නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුවය.

    අනතුරින් පසු පලාගිය සැකකාර රියදුරු ලුහුබැඳ ගොස් එදින රාත්‍රියේදී ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

    ඒ වනවිට අධික ලෙස බීමත්ව සිටි බව කියන සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක් බව සඳහන් වේ.

    මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා 10 ක් යටතේ ඔහු එදිනම හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    එහිදී හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය, අනතුර සිදුකළ රියදුරු ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

    අනතුර සිදුකළ අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සිටි බවටත්, අනතුරෙන් පසු ඔවුන් රථයෙන් බැස පලාගොස් ඇති බවටත් පොලීසියට තොරතුරු අනාවරණ වී තිබුණි.

    ඒ අනුව පලාගිය පිරිස දින ගණනක් පොලීසියෙන් සැඟව සිටීම නිසා ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් සොයාගැනීමට පොලිසිය ඊයේ මහජන සහාය ද ඉල්ලා සිටියේය.

    ඊට අනුව කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු ලෙස පොලිසිය හඳුනාගෙන තිබුණේ පිළියන්දල, සිද්ධමුල්ලේ පදිංචි ‘අත්තනායකගේ දොන් වසන්ත’ නැමැත්තෙක්ය.

    මීට අමතරව පැලැන්වත්තේ පදිංචි ‘එස්.කේ. කුමාර’ නොහොත් ‘සෙල්ලමුත්තු සෙල්ලකුමාර්’ සහ පන්නිපිටියේම පදිංචි ‘දොන් සරත් හෙට්ටිගේ’ යන අය පිළිබඳ තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    රියදුරුට අමතරව රථයේ අයිතිකරු සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා (2) අනතුර සිදුවන අවස්ථාවේ රථය තුළ සිටි අතර පසුව ඔවුන් රථයෙන් බැස පලාගොස් තිබුණි.

    කෙසේවෙතත් පලාගොස් සිටින තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරයි ෴

    +++

    +


    ඩෙංගු රෝගීන් 35,000 ඉක්මවයි – ඩෙංගු මරණ 19 ක් දක්වා ඉහළට (06.06.2026)

    +


    නීතිඥ නෝනා එළියට? සාක්ෂි වෙනස් වුණේ කොහොමද..? සීඅයිඩී එක පිටුපස අදිසි හස්තයක් (06.06.2026)

    +


    නාමල් රෑ වැටුණු වළේ දවලුත් වැටෙයි ද ? මහින්දගෙන් නාමල්ට ආවෙ ඕරා එක විතරද ? (06.06.2026)

    +

    මේ වගේ ගොබ්බ ඇමතිලාගෙන් රටට වැඩක් තියෙනවද? වල් කපන්න කාට බැරිද ඕයි (06.06.2026)

    +

    මේ වගේ පොඩි සිදුවීම් තමයි, භයානක ත්‍රස්තවාදයක් දක්වා ගමන් කරන්නෙ (06.06.2026)

    +


    යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න! ආණ්ඩුව මොකද කියන්නේ? – අරුන් සිද්ධාර්ත් (06.06.2026)

    +


    බෝම්බ සහ රෝස බිලියන අටේ බොරුව (06.06.2026)

    +

    නාමල් බබාගෙ සෙල්ලම් බඩු විප්ලවේ (06.06.2026)

    +


    රටේ වත්මන් දේශපාලන පෙරළිය, ජීවන බර සහ පාස්කු විමර්ශන වල ඇත්ත නැත්ත (06.06.2026)

    +


    දඩයම මහින්ද-ගොඨා – සලේ තවත් එක වින්දිතයෙක් විතරයි (06.06.2026)

    +


    මිනුවන්ගොඩ රන් භාණ්ඩ කොල්ලයට හිටපු සේවකයෙක් ඇතුලු 4 ක් දැලේ

    (06.06.2026 – hirunews.lk)

    පසුගිය අප්‍රේල් මස 13 වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට ඇතුළු වී, එහි තිබූ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු (4) ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඉන් එක් (1) සැකකරුවෙකු කලකට ඉහතදී මෙම රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයේම සේවය කළ අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

    ඔහු විසින් ලබා දුන් අභ්‍යන්තර තොරතුරු මත මෙම සොරකම සූක්ෂ්ම ලෙස සැලසුම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    එමෙන්ම, කොල්ලකන ලද රන් භාණ්ඩ අතර තිබූ මුදු, මාල, වළලු, චේන් සහ පෙන්ඩන්ට් ඇතුළු රන් පවුම් 12 කට අධික ප්‍රමාණයක් සැකකරුවන් විසින් කොළඹ, හෙට්ටිපොළ, හලාවත සහ කඩුවෙල යන ප්‍රදේශවල උගස් තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

    සොයාගත් මෙම රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 85 කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.

    ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, මෙම කොල්ලකෑමට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි ෴

    +

    ********************* ( නැවත මුල් පිටුවට ….. )

    ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *