බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්


බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

(22.04.2026 – hirunews.lk)

ඉකුත් අලුත් අවුරුදු සමයේ අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබළියන් තිදෙනෙකුට (3) මත්වන සුළු බීම වර්ගයක් පානය කිරීමට ලබාදී සිහිසුන්කොට එම හිටපු හමුදා සෙබළියන් තිදෙනා (3) පැළඳ සිටි රුපියල් ලක්ෂ 17 ක පමණ වටිනාකමකින් යුත් රණ් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවෙකු මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සැකකරු විසින් දිවයිනේ තවත් විවිධ ප්‍රදේශවල සිදුකර ඇති බව කියන මෙවැනිම සංවිධානාත්මක ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ සාලියවැව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියා සිටියේ පසුගිය අලුත් අවුරුදු සමයේ දිනයකදී අනුරාධපුරයේ සිට ඇල්ල මාර්ග ඔස්සේ කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පිටුපස අසුනේ පැමිණිලිකාර කානාතාවන් තිදෙනා (3) සහ මෙම සැකකරු ගමන් කොට ඇති බවයි.

එහිදි තමන් නාවික හමුදාවේ සේවය කරන නිලධාරියෙකු බව අදාල කාන්තාවන්ට තමන් හදුන්වාදී ඇති සැකකරු පසුව ඔවුන් සමග හිතවත්කමක් ගොඩනගා ගෙන ඇති බවද කියා සිටි පොලිසිය පසුව සැකකරු ඔවුනට කෙටි ආහාර වර්ගයක් කෑමට ලබාදී පසුව බීම වර්ගයක් පානය කිරීමට ලබාදී ඇති බවයි සඳහන්කර සිටියේ.

සැකකරු ලබාදුන් බීම වර්ගය පානය කිරීමෙන් අනතුරුව කාන්තාවන් තිදෙනාම (3) සිහිසුන් වු පසුව සැකකරු එම කාන්තාවන් ගෙල බැද සිටි රණ්භාණ්ඩ සියල්ල පැහැරගෙන බසයෙන් බැස පලාගොස් ඇති බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය සිහිසුන් වු කාන්තාවන් තිදෙනා (3) රෝහල්ගත කර ඇති බවද පවසා සිටියා.

සිසිටීව දර්ශන ඔස්සේ මේ පිළිබදව කඩිනම් විමර්ශනක් ඇරඹු බවද සදහන් කළ පොලිසිය ඒ අතර වාරයේ සැක කටයුතු හෝටලයක් පරීක්ෂා කිරීමේදී සැකකරු වෙනත් කාන්තාවක් සමග අදාළ හෝටලයේ කාමරයක් තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

සිහිසුන්වීම නිසා රෝහල්ගත කළ කාන්තාවන්ට සැකකරු විසින් පානය කිරීමට ලබාදී ඇති මත්වන සුළු පානය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා මගින් වාර්තාවක් කැඳවීමට පැමිණිලිකාර කාන්තාවන් ප්‍රතිකාර ලබන රෝහල මගින් කටයුතු කරමින් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


මෙන්න සල්ලිවලට ගේම දුන්න හැකර්කරුවන්ගේ විස්තර – සෞඛ්‍ය අමාත්‍යාංශයටත් හරි – දත්ත් අන්තර්ජාලයේ අලවියට (23.04.2026)

+++

මහා භාණ්ඩාගාරයේ ඩොලර් හොරකමට ලේකම් හර්ෂණ සූරියප්පෙරුමත් හවුල්ද කියලා සැකයි | මෛත්‍රී ගුණරත්න (23.04.2026)

+++

රටේ භාණ්ඩාගාරය කඩලා ඩොලර් හොරා කාලා – ඒකාබද්ධ විපක්ෂය හදිසියේ මාධ්‍ය කැඳවයි (23.04.2026)

+++

මහ දවල් ඩොලර් මිලියන 2.5ක් හොරා කාලා – වරායෙන් කුඩු කන්ටේනර් දෙකක් නිදහස් කරලා (23.04.2026)

+++

හැකර් උස්සපු ආණ්ඩුවේ ඩොලර් මිලියන 2.5 ගැන සජිත්ගෙන් රටම කැලඹෙන අනාවරණයක් (23.04.2026)

+++

හැකර් කවුද බ්‍රදර් ? (23.04.2026)

+++

මහා භාණ්ඩාගාරය බින්ද ‘හැකර්’ කවුදැයි පියවරෙන් පියවර මෙන්න..

(23.04.2026 – lankacnews.com)

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

මහා භාණ්ඩාගාරයෙන් ‘ටර්ම් ලෝන්’ (ණයක්) සම්බන්ධ ගෙවීමකට අනුමැතිය දිය හැකි එකම පුද්ගලයා ST හෙවත් භාණ්ඩාගාර ලේකම් ය. භාණ්ඩාගාර ලේකම් යනු රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සිරිවර්ධන මහතා ගෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර, එම අසුනේ වාඩි කරනු ලැබූ හර්ෂණ සුරියප්පෙරුම මහතා ය.

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ ගේ අනුමැතියෙන් ණය ගෙවීමේ අනුමැතිය ලැබිය යුත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතිනි. ඊලඟට අදාළ කොට්ඨාශයේ (Division) එකේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ADG) අනුමත කළ යුතුය. ඊලඟට එය ඩිවිෂන් එකේ අධ්‍යක්ෂක (Director) වෙතින් අනුමත විය යුතුය.

ඊලඟට එය කොට්ඨාශයේ සහකාර අධ්‍යක්ෂට (AD) එය ඉදිරි කටයුතු සඳහා ලැබේ. ඔහුගෙන් එය ලැබෙන්නේ සංවර්ධන නිලධාරි (DO) හෝ MSO කෙනෙකු වන විෂය භාර ලිපිකරු වෙතය. මුදල් ගෙවීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඊමේල් එක ලියන්නේ විෂය භාර ලිපිකරුවන සංවර්ධන නිලධාරි (DO) හෝ MSO කෙනෙකු විසිනි.

ටර්ම් ණය ගෙවීමක හත්වන පියවර ලෙස එම ලිපිය රාජ්‍ය ණය කළමනාකාරණ දෙපාර්තමේන්තුවේ ADG වරයෙකු වෙත ලැබේ. අටවන පියවර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ (ERD) අධ්‍යක්ෂ වෙත ලැබේ. ඇය විසින් එය නැවත සංවර්ධන නිලධාරි (DO) හෝ කලමනණාකරණ සහකා (MA) කෙනෙකු වෙත ලැබේ.

මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්, ටර්ම් ලොන් එකක් ගෙවීමට මේ කාර්ය පටිපාටිය / පියවර සම්පූර්ණ විය යුතුය.

සුපුරුදු පරිදි ‍රාජ්‍ය නිලධාරීන් ගණනාවක් යටකර ගනිමින් පහත් තැනින් වතුර ගලා යාමට නියමිතය. නමුත් ‘අපරාධමය නොසැලකිල්ල’ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරෙන වගකීම කිසි ලෙසකින් හෝ බැහැර කළ නොහැකිය. අමාත්‍යාංශය ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව ‘ව්‍යාපාරික විද්‍යුත් ලිපියක්’ compromise කර එයට පියවර 13 ක දී, උඩ සිට පහලට නිර්දේශ, අනුමැතිය හා ගෙවීම සිදු කර ඇත්තම් රටේ භාණ්ඩාගාරයක් පැවතිය නොහැකිය. භාණ්ඩාගාරයේ පරිපාලනය පැවතිය නොහැකිය!

ඩොලර් මිලියන 2.5 ක මුදල ඕස්ට්‍රේලියාවට යැයි කියා වෙනත් ගිණුමකට යැවීම තනි විද්‍යුත් ලිපියකට අනුව සිදුව තිබේදැයි විමර්ශනයක හෙළිකර ගත යුතුය. දිත්වා කුණාටු සමයේ සිට මෙම හැකර් සහ භාණ්ඩාගාරයේ ඉහළම නිලධාරීන් අතර පෙම් හසුන් සේ ඊමේල් හුවමාරු වි ඇති ද යන්න විමර්ශකයන් සොයා බැලිය යුතුව ඇත.

ණය ගිවිසුමක ගෙවීම් සිදු වන්නේ, ගිවිසුම්ගත ගිණුම් අංකයකට මිස පෙම් හසුන් වැනි ඊමේල් පණිවුඩයකට නොවේ. පුදුමය නම් ගිවිසුමේ අදාළ බැංකු ගිණුම් අංකය තිබිය දී, එය මේ කළමනාකරණ පියවර 13 අතර තැනක දී වෙනස් වූයේ කෙසේද යන්නය.

මේ සිද්ධිය අනාවරණය වීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලබන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකි. ඔහු මුලින් ස්ථාන මාරුකර පසුව, වැඩ තහනමට ලක් කර ඇත.

අනෙක් අතට මෙම ගෙවීම ඕස්ට්‍රේලියානු රජයට සෘජුව සිදු කරන (රජයෙන් – රජයට) ගෙවීමක් ද යන්න විමර්ශකයින් සොයා ගත යුතුව ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පුද්ගලික ණයකරුවන්ට තවමත් ගෙවීම් කරන්නේ නැත. එනම්, ණය ගෙවන්නේ ‘බහු පාර්ශවීය ණයකරුවන්’ට පමණී. එසේ නම් මේ ගෙවීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ වූ තැන සොයාගත යුතුය.

වත්මන් මුදල් අමාත්‍යවරයාට ‘රාජ්‍ය මුල්‍ය’ පිළිබඳ ව්‍යාවහාරික දැනුමක් තිබේ නම් එය අල්ප ය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම ජීවිත කාලය පුරාම ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපය පුද්ගලික අංශය සමඟ වෘත්තීය අත්දැකීම් ඇත්තෙකි. ඔහුට රාජ්‍ය පරිපාලනය ගැන ප්‍රායෝගිය හා ව්‍යවහාරික අත්දැකීමක් නැත. ඒ නිසාම සියළු කටයුතු සඳහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන් පහල සංවර්ධන නිලධාරීන් දක්වා වන පරාසයක නිලධාරීන් වෙතින් යැපීමට සිදුව ඇත.

මේ හැකර් හා ඔහුගේ ක්‍රියාමාර්ගය සොයා ගැනීමට නම් මෙයට පෙරත් මෙවැනි සිදුවීම් හෝ උත්සාහයන් වාර්තා වී තිබේද යන්න විමර්ශකයින් විසින් සොයා ගත යුතුව ඇත. මෙයට සති කිහිපයකට පෙර ඉන්දියාවට ගෙවීමට නියමිත අති විශාල මුදලක් සම්බන්ධ ගණුදෙනුවේ දී ද, මෙවැනිම පටලැවිල්ලක් සිදුවී තිබේ දැයි සොයා බැලිය යුතුව ඇත. එවැනි උත්සායන් වලක්වා ගෙන ඇත්තේ ඉහළම නිලධාරීන් නොව, ඉණිමගේ පහළම නිලධාරීන් බව විමර්ශකයින් තහවුරු කර ගත යුතුය. මේ වංචාව හෙළිවූයේ එවැනි විමසිලිමත් පොඩ්ඩෙකු නිසා ය.

මුදල් රෙගුලාසි 135 මගින් මුදල් ‍බලතල බෙදීම සම්බන්ධ ලියවිල්ල අතට ගත් විට අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට වැඩේ වැරදී ඇත්තේ කෙසේදැයි අවබෝධ වනු ඇත. මෙය පුද්ගලයෙකු විසින් කළ වරදක් ද? නැතිනම් පද්ධතියේ මෑතක දී සිදු වු වෙනස්කමක් නිසා ඇති වූ තත්වයක් දැයි ගණකාධිකාරීවරයෙකු හෝ බහුතරයක් විශේෂ ශ්‍රේණියේ පරිපාලන සේවා නිලධාරියෙකුට අනුමාන කළ හැකිය.

දැනට වැඩ තහනම් කර ඇති පළමුවැන්නිය සහාකාර අධ්‍යක්ෂිකාවකි. ඇයගේ සේවා ස්ථානයේ කාලය මාස කිහිපයක් පමණී.

දෙවන නිලධාරියා, මේ ගැන පැමිණිල්ල ඉදිරිපත් කළ ණය කලමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ය.

තෙවන නිලධාරියා, සැලසුම් සේවයේ රාජකාරියට අතිශයින් ලැදි, අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ දැඩි දේශපාලන පක්ෂපාතීත්වය වත්මන් රජයට ය.

සිව්වන නිලධාරිනිය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාකාර අධ්‍යක්ෂවරියයි.

මහා භාණ්ඩාගාරය රාජ්‍ය මුල්‍ය කලමනාකරණයේ හදවත යි. එහි බහුතරය ඉහළම සුදුසුකම් සහිත වෘත්තිකයින් විය. ඉතා මෑතක දී එම ව්‍යවහාරය වෙනස් වී ඇත්තේ කුමන අකාරයකට යන්න විමර්ශනකයින් සොයා ගත යුතුව ඇත.

විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ විෂය භාර ලිපිකරු තනතුරු සඳහා පවා නම් නි‍ර්දේශ කිරීමේ බලය පසුගිය කාලය පුරාම තනි නිලධාරියෙකු අත පැවතියේ ද යන්න ත්, එම පුද්ගලයා කවුරුන්ද යන්නත් විමර්ශකයින් සොයා ගත යුතුය.

සැබෑ හැකරා හදුණාගැනීමට එය උපකාර විය හැකිය.

මේ සියළු කරුණු අනාවරණය කර ගන්නට වසර 72 ක් පුරා මහා භාණ්ඩාගාරයේ ගෙවීම් ගැන සොයන්නට කොමිසමක් පත් කළ යුතු නැත.

රාජ්‍ය සේවයේ බහුතරයක් නිලධාරීන් දක්ෂයන් ය. එම දක්ෂතාවය වෙනුවට ‘පක්ෂපාතීත්වය’ ප්‍රමුඛ සුදුසුකම බවට පත් වූ විට ඇති විය හැකි ව්‍යසනය භාණ්ඩාගාරය හැකරුන් අතට පත්වීමය.

ලංකාවට ටර්ම් ලෝන් ගෙවිය යුතුව ඇති රාජ්‍යයන් හා ආයතන ගණන සියයකට වඩා නැත. ඉස්සර මේ ආයතනයන් හි සේවය කළේ එම ගෙවීම් සිදු කරන අනෙක් රටේ, ආයතනයේ නිලධාරියාට නම කියා ආමන්ත්‍රණය කළ හැකි, ඔවුන් සමඟ අධ්‍යාපනය ලැබූ, පුහුණුව ලැබූ හා සම ව කටයුතු කිරීමේ පරිචයක් සහිත පිරිසකි.

සැබෑ හැකරයා දක්ෂතාවය වෙනුවට පක්ෂපාතීත්වය මුලික සුදුසුකම බවට පත් කළ ‘මහමොළකරුවා’ ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

+++

“මේක කම්පියුටර් හැකින් එකක් නෙවෙයි” මුදල් අමාත්‍යංශයේ ලොකු ලොක්කෝ ඉවරයි (23.04.2026)

+++

මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව (23.04.2026)

+++

“වගකියන්න ඕනේ ඔහුයි, ඉල්ලා අස් වෙන්න ඕනේ ඔහුයි” | ඩොලර් හොරකමට මුජිබුර් ෆයර් වී මුදල් ලේකම්ගේ පළු අරී (23.04.2026)

+++

මුදල් ඇමති අනුර කුමාර ඉල්ලා අස්වෙයි ? – හැකර් ප්‍රහාරයක් නෙවෙයි සල්ලි පැලවත්ත ගිණුමකට ? (23.04.2026)

+++

හැකර් ප්‍රහාරයට අහුවෙලා නැති වුණු සල්ලි හොයන්න – දොලවත්ත පොලිසියට පැමිණිල්ලක් කරයි (23.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *