ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව රු. කෝටි 10,000 ඉක්මවනවා : ඩී.වී. චානක

ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව රු. කෝටි 10,000 ඉක්මවනවා : ඩී.වී. චානක


ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව රු. කෝටි 10,000 ඉක්මවනවා : ඩී.වී. චානක

(09.04.2026 – hirunews.lk)

ගල් අඟුරු වංචාවෙන් සිදුවන සමස්ත පාඩුව රුපියල් කෝටි 10,000 කට වඩා අධික වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද (09) දින පාර්ලිමේන්තුවේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අප්‍රේල්, මැයි, ජුනි මාසවලදී පමණක් ගල් අඟුරු වංචාවෙන් රුපියල් කෝටි 2500 කට අධික අලාභයක් සිදුවන බවට ගණන් බලා ඇති බවයි.

මෙම අලාභය ජනවාරියේ සිට ගණන් බලා සමස්ත පාඩුව විමර්ශනය කළ විට එය රුපියල් කෝටි දස දහස (10,000) ඉක්මව බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී. චානක මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.

විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා, අමතර ගල් අඟුරු සඳහා පමණක් රුපියල් කෝටි 220 ක් වැය වෙනවා කියලා.

ඊට අමතරව එම වාර්තාවේ තිබෙනවා, ගල් අඟුරු නැව් නමයෙන් (9) යුනිට් මිලියන 141 ක් අහිමි වෙනවා කියලා.

එතකොට මේ යුනිට් මිලියන 141 නිෂ්පාදනය කරන්න වෙන්නේ ඩීසල්වලින්.

දැන් ඩීසල් මිල ඉහළ ගොස් තිබෙනවා. එතකොට ඩීසල්වලින් මේ අවස්ථාවේදී යුනිට් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 125 ක් වැය වෙනවා.

එම යුනිට් ගණන යුනිට් මිලියන 141 න් වැඩිවුණාම ඒ සඳහා පමණක් රුපියල් බිලියන 11 කට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා.

ජුනි මාසයේදී අනිවාර්යෙන්ම ගල් අඟුරු හිඟයක් එනවා. එතකොට නොරොච්චෝලේ තාප බලාගාරයේ මෙගා වොට් 900 ම දුවන්න වෙන්නේ ඩීසල් වලින්.

එතකොට විදුලි කප්පාදුවකුත් සිදු කරන්න වෙනවා.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා අපි මුල ඉඳලම කිව්වා. නමුත් ජනාධිපතිවරයා, බලශක්ති ඇමති පුණ්‍ය කුමාර ඇතුළු ආණ්ඩුව ඒක වහන්න තමයි හැමවිටම කටයුතු කළේ.

මෙම ගල් අඟුරු මගඩිය වහන්න ආණ්ඩුව ලබැඳියාවන් 7 ක් ඔස්සේ කටයුතු කරලා තියෙනවා.

නව විගනකාධිපතිවරයගේ වාර්තාවෙනුත් කියන්නේ මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා.

+++

ගල් අඟුරු ටෙන්ඩර් දෙකම (2) නීති විරෝධීයි : පුබුදු ජයගොඩ

(09.04.2026 – hirunews.lk)

ගල් අඟුරු නැව් 5 ක, මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක හදිසි ස්ථානීය ටෙන්ඩරයක් ලබා දී තිබෙන සමාගමද ලියාපදිංචි වීමට සුදුසුකම් සපුරා නොමැති බව විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරනවා.

විගණන වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති ආකාරයට එම ටෙන්ඩරය සඳහා ලියාපදිංචි වීමටවත් එම සමාගම අවම සුදුසුකම් සපුරා නොමැති බවද ඔහු විසින් පෙන්වා දෙනු ලබනවා.

ගල් අඟුරුවලින් සිදුවී ඇති පාඩුව විදුලි ගාස්තුවට එකතු කිරීමට එරෙහි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි කාලයේදී අධිකරණය හමුවට යන බවද ඔහු සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද පැවසීය :

2026/26 වර්ෂ සඳහා ගල් අඟුරු සැපයීමට ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගමට ලබාදුන් ගල් අඟුරු නැව් 25 ක දිගුකාලීන ටෙන්ඩරය මෙන්ම, එය ගල් අඟුරු සැපයීමට අසමත් වන විට තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ලබාදුන් ගල් අඟුරු නැව් 5 ක හදිසි ස්ථානීය ටෙන්ඩරය යන ටෙන්ඩර් ගිවිසුම් දෙකම (2) නීති විරෝධීයි.

2026 අප්‍රේල් 02 නිකුත් වූ ජාතික විගණන කාර්‍යාලයේ වාර්තාවෙන්ද තහවුරු කර ඇති ආකාරයට ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගමට ටෙන්ඩරය ලබාදී ඇති ආකාරය අනීතිකයි.

නීතියට අනුව ලංසු ලේඛන යැවිය යුත්තේ ලියාපදිංචි සමාගම්වලට පමණයි. මේ සමාගම ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ලබාදී ඇත්තේ 2025 අගෝස්තු 19 වැනිදා. ඔවුන් ලියාපදිංචි ගාස්තු ගෙවා රිසිට්පතක් ගෙන තිබෙන්නේ අගෝස්තු 22 වැනිදා. නමුත් අගෝස්තු 18 වැනිදා ඔවුන්ට විද්‍යුත් තැපෑලෙන් ලංසු ලේඛන යවා තිබෙනවා. එය නීති විරෝධීයි.

ඒ වගේම මේ ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම සමග ටෙන්ඩර් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2025 නොවැම්බර් 19 වැනිදා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ගිවිසුම සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේ ඊට පසුදින, නොවැම්බර් 20 වැනිදා. නීතිපති අනුමැතියක් නොමැතිව අත්සන් කළ ගිවිසුමක නෛතික වලංගුතාවයක් නෑ. එය ශුන්‍ය වෙනවා.

මේ හේතුව නිසා අදාල සමාගම දඩ ගෙවීම පවා මගහැරීමේ ඉඩක් තිබෙනවා.

ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණය නිසි කලට ලබාදීමට අසමත්වීම නිසා 2026 මාර්තු 19 වැනිදා තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ගල් අඟුරු නැව් 5 ක, මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක හදිසි ස්ථානීය ටෙන්ඩරයක් ලබා දුන්නා.

විගණන වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති ආකාරයට එම ටෙන්ඩරය සඳහා ලියාපදිංචි වීමටවත් එම සමාගම අවම සුදුසුකම් සපුරා නැහැ.

කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5900 ට වැඩි තාපජනක ධාරිතාවයෙන් යුතු ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක්වත් (10) ගෙවුණු මාස 36 තුළ වෙළඳාම් කර අත්දැකීමක් තිබීම මූලික නිර්නායකයක්.

නමුත් එම සමාගම එම ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු බිඳක්වත් ගෙවුණු මාස 36 තුළ විකුණා නෑ. ඒ නිසා තරන්ජොට් සමාගමේ ලියාපදිංචිය අනීතිකයි. ඒ නිසාම එම සමාගමට දුන් හදිසි ටෙන්ඩරයත් නීතිවිරෝධීයි.

මෙම ගල් අඟුරු ටෙන්ඩර් දෙකම (2) නෛතික වශයෙන් අවලංගු බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා, මෙහි පාඩුව විදුලි ගාස්තුවට එකතු කිරීමට එරෙහි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි කාලයේදී අධිකරණය හමුවට යනවා ෴

+++

කුමාර ජයකොඩි ගෙදර යවන විශ්වාස භංගය හෙට (10) – අද (09) ඒකාබද්ධ විපක්ෂය ප්ලෑන් එක හෙළි කරයි (09.04.2026)

+


පැලැන්වත්ත, ඇරැව්වල ඇතුඵ ප්‍රදේශ කිහිපයකට හෙට (10) පැය 12 ක ජල කප්පාදුවක්

(09.04.2026 – hirunews.lk)

පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදු කරන ජල සැපයුම් කළමණාකරණය යටතේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර සහ රත්මල්දෙණිය යන ප්‍රදේශවලට හෙට (10) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එමෙන්ම මහරගම – පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දොලේකඩේ හංදිය, කුඩමාදුව සිට 255 බස් මාර්ගයේ වෙල දක්වා සහ පුබුදු මාවත සිට 255 ලිස්මාර්ගයේ වෙල දක්වා ද ජල සැපයුම අත්හිටවනු ඇති.

මේ අතර හෝමාගම, වෑකන්ද පාර, පින්කෙත පාර, වලවට පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිලවත්ත, නියඳ ගල, මහකටුවාන, මාගම්මන, දෙණිය, දියගම විශ්වවිද්‍යාලය ප්‍රදේශ වලට අද (09) රාත්‍රී 8 සිට හෙට (10) උදෑසන 8 දක්වා ජල සැපයුම අත්හිටවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ ෴


ඉරානෙ යුද්දෙන් පස්සෙ ඊශ්‍රායලේ ලංකාවට බහියිද ? (09.04.2026)

+


හනීෆ්, මම කැමතියි ඔයා එක්ක ‘ඕපන් ඩීල්’ එකක් දාන්ඩ – ලක්ෂ ගණන්වලින් බෑ, මිලියන්වලින් කතා කරමු (09.04.2026)

+

පැලවත්ත පාරට ‘රෝඩ් බ්ලොක්’ එකක් දාගත්තොත් හොඳ නැද්ද ? දැම්මම ඒ ගැන හිතලා බලන්න සහෝදරවරුනි (09.04.2026)

+

බස්නාහිර ආණ්ඩුකාරයා යූටියුබ්කාරයින්ට දුන්නු පගාව.. ලැප්ටොප් 1 යි, රුපියල් 15,000 ද 100,000 ද ? (09.04.2026)

+

හොර බොරු වංචා කරලම නැති පැලවත්තෙ ත්‍රාඩ පරම්පරාව (09.04.2026)

+


කාපු ගල් අඟුරු වල තරම විගණකාධිපතිගෙන් එලියට – සංඛ අබේවික්‍රමගේ හෙළිදරව්ව! (09.04.2026)

+

නවීකරණය කළ මධ්‍යම බස් නැවතුම නිසා කල් යන අපේ ප්‍රවාහන හීන (09.04.2026)

+


ලාල්කාන්තට අපහාස කල අයට වැඩ වරදින හැටි මෙන්න (09.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *