අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න – ජනතාවට අනතුරු ඇඟවීමක්

අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න – ජනතාවට අනතුරු ඇඟවීමක්


අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න – ජනතාවට අනතුරු ඇඟවීමක්

(13.03.2026 – 08:20 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, මේ වසරේ ගත වූ මාස දෙක (2) තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වෙත වාර්තා වී ඇති බවය.

ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේ පැමිණෙන උත්සව සමයත් සමඟ, විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙනෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක් අන්තර්ජාලය හරහා පැතිර යාමේ අවදානම වැඩි බවය.

එවැනි ලින්ක් හරහා ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරමින් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් දත්ත සොරා ගැනීමේ අවදානම පවතින බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම වෙසක් සහ පොසොන් උත්සව සමයන් සමඟ ‘පොසොන් මහා ඩේටා දන්සල’ වැනි විවිධ නාමයන් යටතේ ද පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන වංචා ක්‍රියා සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, අන්තර්ජාලය හරහා ලැබෙන අනියම් ලින්ක් හෝ වෙළෙඳ දැන්වීම් වෙත පිවිසීමේදී සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටී ෴


මහනුවර මහදවල් මැණික් කොල්ලයක් : ව්‍යාපාරිකයාගේ මුහුණට දියරයක් ඉස රු. ලක්ෂ 60 ක මැණික් අරන් පලායයි

(13.03.2026 – hirunews.lk)

මහනුවර, ඊ.එල්. සේනානායක වීදියේ පිහිටි මැණික් පරීක්ෂා කිරීමේ සහ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයකට මහදවල් ඇතුළු වූ පුද්ගලයෙකු, එහි හිමිකරුගේ මුහුණට කිසියම් දියරයක් ඉස රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා මැණික් තොගයක් කොල්ලකා පලාගොස් තිබේ.

මෙම කොල්ලකෑම අද (13) පෙරවරු 10:00 ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසයි.

මැණික් මිලදී ගන්නා මුවාවෙන් ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වූ සැකකරු, ව්‍යාපාරිකයා සමඟ කතාබස් කරමින් සිටින අතරතුර එක්වරම හිමිකරුගේ මුහුණට කිසියම් දියරයක් ඉස ඇත.

ඉන් අනතුරුව ව්‍යාපාරිකයා අසරණ වූ මොහොතේ මැණික් තොගය අඩංගු පෙට්ටිය රැගෙන ඔහු පලාගොස් ඇති බව වාර්තා වන්නේ.

කොල්ලකන ලද මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරු ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වන ආකාරය සහ කොල්ලයෙන් පසු පලායන ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල (CCTV) සටහන්ව ඇති අතර, එම දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා ෴


කරවනැල්ලේ මුද්‍රණ ආයතනයක බිහිසුණු ගින්නක් | (14.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *