පුද්ගලයකුට පහරදුන් සුරාබද්දන් 7 කට රු. ලක්ෂ 5 ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
පුද්ගලයකුට පහරදුන් සුරාබද්දන් 7 කට රු. ලක්ෂ 5 ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
(12.03.2026 – 17:42 +0530 – sinhala.adaderana.lk)
= පුද්ගලයකුට පහරදුන් සුරාබදු නිලධාරීන් 7 කට රු. ලක්ෂ 5 ක වන්දි ගෙවීමට නියෝග =
මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකුට පහරදී හිරිහැරයට ලක්කිරීම තුළින් සුරාබදු නිලධාරීන් හත් දෙනෙකු (7) ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.
ඒ අනුව එක් එක් සුරාබදු නිලධාරියාට රුපියල් 75,000 බැගින් අදාල නිලධාරීන් හත්දෙනා (7) විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 525,000 ක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය නියෝගයේ සඳහන් කර ඇත.
අදාළ වන්දි මුදල තීන්දුව ලබාදුන් දින සිට මාස 3 ක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවද අධිකරණ නියෝගයේ සඳහන්ය.
එම පෙත්සම විභාග කළ ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
පෙත්සම්කරු කියා සිටින්නේ, 2023 වසරේ ජනවාරි මස 04 වනදා තමන්ගේ අවන්හල පිටත කිසියම් කලබලයක් සිදුවන ආකාරය ඇසුණු බවත් ඒ අනුව තමා ආයතනයේ සවිකර තිබූ CCTV කැමරා පරීක්ෂා කළ බවය.
එහිදී වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු විසින් තම සේවකයින්ට පහරදෙන ආකාරය දුටු බවත් ඔහු සඳහන් කරයි.
පසුව තම ආයතනය තුළට කඩා වැදුණු එම නිලධාරීන් පොලීසිය බව පවසමින්, බැටන් පොලුවලින් තමන්ට පහර දුන් බවත් පසුව ඇඳ ඇතිරිල්ලකින් ඇස් බැද පහරදීම් සිදුකළ බවත් මත්පැන් බෝතල් පිළිබඳව වරින්වර ප්‍රශ්න කළ බවක් ඔහු චෝදනා කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ, මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවය.
මෙම අනීතික ක්‍රියාව හරහා වගඋත්තරකරුවන් පෙත්සම්කරුට නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිලුකා දිසානායක මහත්මියගේ උපදෙස් මත නීතිඥ හෆීල් ෆාරිස් මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය පෙනී සිටියේය ෴
නීතිවිරෝධී ඉන්දීය චන්ද්‍රිකා රූපවාහිනී සේවා අලෙවි කළ යාපනයේ ව්‍යාපාරික ස්ථාන වටලයි
(13.03.2026 – hirunews.lk)
නීතිවිරෝධී ලෙස ඉන්දීය චන්ද්‍රිකා රූපවාහිනී සේවා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වටලා, එහි විකිණීමට තිබූ උපකරණ අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) උපදෙස් පරිදි මෙම වැටලීම් ඊයේ (12) සිදුකර තිබෙනවා.
බලපත්‍ර රහිතව මෙවැනි සේවා අලෙවි කරන සහ භාවිත කරන පිරිස්වලට එරෙහිව පියවර ගන්නා ලෙස එම කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ ඉන්දීය චන්ද්‍රිකා රූපවාහිනී සේවා නැරඹීම හෝ ඒවා සඳහා ගෙවීම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
Sun Direct, Videocon, Tata Sky සහ Dish TV වැනි සේවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති අතර, ඒවායේ උපකරණ දිවයින පුරා බහුලව අලෙවි කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන ගණනක මුදලක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇදී යන බවයි නිලධාරීන් ප්‍රකාශ කරන්නේ.
මෙම සේවාවන් අලෙවි කරන පුද්ගලයන් මෙන්ම ඒවා භාවිතා කරන්නන් ද හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පොලිසියට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව, අදාළ වෙළඳසැල් පරීක්ෂා කිරීමටත්, වැරදිකරුවන්ට සහ එම උපකරණ භාවිතා කරන පාරිභෝගිකයන්ට එරෙහිව නඩු පැවරීමටත් පොලිසිය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ ෴
සහන් ඔෂාන් කිව්වේ,මම ලක්ෂ 10 හමාරක් දැම්මා|ක්‍රිප්ටෝ වංචාවක් නිසා පොළොන්නරුව උසාවිය ඉදිරිපිට උණුසුම් (13.03.2026)
+
මෙයාලා සිංහලයෝ එක්ක හරි ඇරියස් – මිහින්තලේ හිමි අදත් සැරටම අමතයි (13.03.2026)
+
අනුර කුමාර දැන්ම බඩු ටික පැක් කරගන්න – 2022 අරගලයේ ඉතුරු කොටස එනවා (13.03.2026)
+
මෙරට විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් සොයා ගැනේ
(13.03.2026 – hirunews.lk)
මෙරට විශාලතම ජල මූලාශ්‍රය අකුරැස්ස – පිටබැද්දර නගරය ආශ්‍රිතව සොයාගෙන තිබෙනවා.
මිනිත්තුවකට ලීටර් දසදහසක (10,000) පමණ ජල ගලනයක් එහිදී සිදුවන බවටයි සොයාගෙන ඇත්තේ.
මීට පෙර එවැනි විශාලතම ජල මූලාශ්‍රයක් පිළිබද වාර්තා වුණේ මඩු ප්‍රදේශයෙන්.
ඒ අනුව, නළ ලිඳක් කැනීමේදී මිනිත්තුවකට ලීටර් 10,000 ක් අඛණ්ඩව ලබා ගැනීමට හැකි අයුරින් නිෂ්පාදනය වන ජල මූලාශ්‍රයක් සොයා ගත් පළමු අවස්ථාව මෙය බව ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ සඳහන් කළා.
+++
+
අපි දැකලා නෑ ජනාධිපතිතුමා පවුලත් එක්ක එකට සිංහල අලුත් අවුරුද්ද සමරනවා (13.03.2026)
+++
නියෝජ්‍ය ඇමති චතුරංගගේ පරණ පෝස්ට් අරගෙන මිලින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවට එයි (13.03.2026)
+
ඉරාන – ඊශ්‍රායල් යුද්ධය පුටින් දිනයි | හෝමූස් වල වැරදුණු ඉරාන උපාය (12.03.2026)
+
ගල් අඟුරු විතරක් නෙමේ ගෑස් තෙල් වලිනුත් ගහනවා ! (13.03.2026)
+
ගල්අඟුරු සෙල්ලම දැන් එළිපිටම හෙලුවෙන්… යාලු ටෙන්ඩරේට ආණ්ඩුව නීතිය නවනවා (13.03.2026)
+
විදුලියෙ අලුත් හාමුලා ජනතාවට නවලම අරී වගේ – ලයිට් බිලටත් බුදු සරණයි (13.03.2026)
+
අපි ඕවට නෑ, අපිට ඕවා බෑ… කුමාර ජයකොඩි බබා වීම (13.03.2026)
+
ටෙන්ඩර් උගුල (14.03.2026)
+
සංස්ථාවේ අකාර්‍යක්ෂම පරිපාලනය නිසා තෙල් බෙදා හැරීම අවුලෙන් අවුලට (13.03.2026)
+
ගල් අඟුරු වංචාව මුල සිට සරලව ඉලක්කම් එක්ක.. දැවැන්තම හෙළිදරව්ව ! (14.03.2026)
+
පෙට්‍රල් වලින් සමාගම් ලබන රුපියල් 24 ක යුතු ලාභය බෙදෙන හැටි අනුර කියයි! (13.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴