දික්ඕවිටට ගෙනා බෝට්ටුවේ හෙරොයින් කිලෝ 103 ක් සහ කොකේන් ග්‍රෑම් 916
දික්ඕවිටට ගෙනා බෝට්ටුවේ හෙරොයින් කිලෝ 103 ක් සහ කොකේන් ග්‍රෑම් 916
(08.03.2026 – hirunews.lk)
දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බෝට්ටුවේ හෙරොයින් පාර්සල් 92 ක් තිබූ බව පොලිසිය පවසනවා.
එම පාර්සල්වල බර කිලෝග්‍රෑම් 103.28 ක් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ යාත්‍රාවෙන් කොකේන් ග්‍රෑම් 916 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.
+++
+++
බහුධින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවයි
(08.03.2026 – 12:39 +0530 – sinhala.adaderana.lk)
දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුධින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.8 කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අදාළ ධීවර යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී හෙරොයිනි කිලෝ 103 ක් සහ කොකේන් කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක්ද ආරක්ෂක අංශ භාරයට ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයට පැමිණ සිදුකළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරා මේ බව පැවසුවේය.
“දැනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කළා මුළු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය හෙරොයින් සහ කොකේන්. හෙරොයින් කිලෝග්‍රෑම් 103 කුත්, කොකේන් කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයකුත් තියෙනවා. එහි වටිනාකමම වෙනවා රුපියල් බිලියන 02.08 ක්. මේක මහා විශාල ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් සැකකරුවන් 6 සැකපිට අරන් තියෙනවා මේ කටයුතුවලට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක වෙනවා.”
+
මහරගම කඩ පෙළක ගින්නක්
(08.03.2026 – hirunews.lk)
මහරගම නගරයේ කඩ පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ 04 ක් යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
+++
+++
+++
ජීවිත භීතියට පත්කර රු. ලක්ෂ ගණනක් දේපල විනාශ වු මහරගම ගින්න ඇතිවූ හැටි? (08.03.2026)
+
අකුරණ ගෘහ භාණ්ඩ අළෙවිසැලක ගින්නක් (08.03.2026)
+
අපි හිටියේ සිංදු කිය කිය, එයාලා බලන්න ආසාවෙන් හිටියේ, එකපාරම නැව ඉස්සුණා (07.03.2026)
+++
සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුරට
(08.03.2026 – 10:27 +0530 – sinhala.adaderana.lk)
ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ.
පසුගිය මාර්තු 04 වෙනිදා ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ දුරින් අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය.
පසුව ඔවුන්ව ගාල්ල, කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබීය.
ඒ අනුව තවත් දස දෙනෙකු (10) මේ වනවිටත් රෝහල්ගත ප්‍රතිකාර ගන්නා බවට සඳහන්ය.
IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84 කගේ දේහයන් පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු පසුගිය දා ගාල්ල ජාතික රෝහලේදී සිදුකෙරිණි.
මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයන්ගෙන් 8 දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ඉන්දියාවේ විශාකාපට්නම්හී පැවැති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් එකක් වන ‘IRIS Bushehr’ යුද නෞකාව පසුගියදා පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පැමිණියේය.
ඒ අනුව පසුගිය මාර්තු 05 වෙනිදා රාත්‍රියේ නෞකාවේ කාර්ය මණ්‍ලය ඇතුළු නැවියන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එනු ලැබීය.
ඒ අතර නිලධාරීන් 53 ක්, කැඩෙට් නිලධාරීන් 54 ක්, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48 ක් හා නාවිකයන් 23 දෙනෙකු සිට තිබේ.
එලෙස ගොඩබිමට රැගෙන ආ නාවිකයන් පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේය.
මේ අතර ඉරාන නෞකාවන් පිළිබඳ තත්ත්වය හැසිරවීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනය ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයාවරයා සඳහන් කර සිටී.
එමෙන්ම, ‘IRIS Bushehr’ නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ මුදාගත් ඉරාන නාවිකයන් පිළිබඳ අවසන් තීරණය ගැනීම ශ්‍රී ලංකාවේ දේශීය නීති සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකාව සතු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ ෴
+
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නැන්දම්මාගේ ගෙදරට ජා ඇල දී වෙඩි (07.03.2026)
+
ඇමති විජිතට ‘බිග් කුච්චන්’ එකක් වෙලා – ඔල මොට්ටල ඇමතිගේ තරම මිනිස්සු දන්නේ නෑ (08.03.2026)
+
ආන්දෝලනාත්මක කතා රැසක් එළිවුණු, ගායක ගායිකාවන්ගේ සම්පූර්ණ මාධ්‍ය හමුව මෙන්න (21.02.2026)
+++
“මම කාගෙවත් දේවල් හොරකම් කරන්න තරම් බංකොලොත් වෙලා නෑ…” Plz රෝහණ අයියේ, දැන්වත් මේක නවත්වන්න.. (08.03.2026)
+
ඊයේ (07) තමයි ‘බිග් කුච්චන් පාට් ටූ’ ආවේ – චාමර සම්පත් රැස්වීම් භූමිය දෙවනත් කරයි (08.03.2026)
+
වෙට්ටු දදා බයික් පැද්ද 19 කොල්ලා 24 දක්වා රිමාන්ඩ් කරන්න තීන්දුව ලැබෙයි (09.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴