ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ දුරින් තිබෙන අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35 ක් බේරාගැනේ

ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ දුරින් තිබෙන අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35 ක් බේරාගැනේ


ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ දුරින් තිබෙන අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35 ක් බේරාගැනේ

(04.03.2026 – 11:21 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එමින් පවතී.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන් අනතුරුව ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවය.

තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා නිරීක්ෂණ ගුවන් යානයක් යොමු කර තිබේ.

මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ IRIS Dena නම් අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ බවය.

අදාළ නෞකාව ගිලෙමින් පවතින බවට නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කළ බවද අමාත්‍යවරයා පැවසීය ෴

+++

ඉරාන නැවකට ගාලු මුහුදේදී ප්‍රහාරයක් ? සජිත් සහ චාමර ආණ්ඩුවෙන් ඇත්ත සිද්දිය අහයි (04.03.2026)

+++

IRIS Dena

Photo from en.wikipedia.org :
On 4 March 2026, amid the 2026 Iran conflict, Dena was reported to be sinking just outside of Sri Lankan territorial waters.

+++

+++

+

(04.03.2026 – hirunews.lk)

අනතුරට ලක්වූ ඉරාන නෞකාවේ සිටි 32 දෙනෙකු මුදාගෙන මේ වනවිට ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යු.එම්. රංග කියා සිටියේ.

මෙහි සිටි තවත් පිරිසක් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් කියා සිටියා.

+++

+++

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුව (සජීව – 04.03.2026)

+++

අපේ මුහුදු සීමාව ඇතුලේ ඉරාන නෞකාවට මොකද වුණේ | එකසිය ගාණක් මිසින් | නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිකරයි (04.03.2026)

+++

+++

+++

“ඉරාන යුද නෞකාව ගිලි ගිය ස්ථානයේ මළ සිරුරු 80ක් සොයා ගත්තා” – ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්

(04.03.2026 – hirunews.lk)

ගාල්ලට නුදුරු මුහුදේදී ඉරාන යුද නෞකාව ගිලි ගිය ස්ථානයේ මළ සිරුරු 80 ක් පමණ සොයා ගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේ ‘ඉරාන නාවික යාත්‍රාවක්’ ‘ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ’ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් තහවුරුකර සිටියේ.

අද (04) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහා කළේ, අදාළ අනතුර සම්බන්ධයෙන් අද (04) අලුයම් කාලයේදී ආපදා ඇමතුමක් ලැබුණු බවත්, ඒ අනුව ගුවන් හමුදාව හා ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අනතුරට පත් නෞකාවේ සිටි නාවිකයන් බේරා ගැනීමට කටයුතු කළ බවයි.

ඒ අනුව එහි සිටි නාවිකයන් 32 ක් බේරාගෙන ගාල්ල ජාතික රෝහල වෙත ඇතුලත් කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

+++

ඉරාන නෞකාවේ මිනිස්සුන්ගේ සිරුරු – ලොරිවල දාගෙන කරාපිටිය රෝහලට අරන් එයි (04.03.2026)

+++

ඉරාන යුද නෞකාවට අමෙරිකානු සබ්මැරීනයකින් ප්‍රහාර එල්ල කළ අයුරු වීඩියෝව එළියට (04.03.2026)

+++

+


ආමි එකේ සාජන් කෙනෙක් ගහපු ගේම චාමර සම්පත් හෙළිකරයි (04.03.2026)

+


විමල් රුසියානු තානාපති හමු වෙන්න යයි – ඇතුළේ වුණු දේවල් සේරම එළියට ඇවිත් කියයි (04.03.2026)

+


CIA ඉරානයට රිංගුවේ කොහොමද? | අපිට තෙල් නැති වෙයිද? | ඉරානයේ මීලඟ නායකයා කවුද? (04.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *