ජපන් භාෂා මධ්‍යස්ථානයක් මුවාවෙන් කළ මහා පරිමාණ රැකියා ජාවාරමක් අල්ලයි
ජපන් භාෂා මධ්‍යස්ථානයක් මුවාවෙන් කළ මහා පරිමාණ රැකියා ජාවාරමක් අල්ලයි
(03.03.2026 – hirunews.lk)
- ව්‍යාජ උපාධි සහ සේවා සහතිකත් හදලා – අඹුසැමි යුවළක් මහවදී කොටුවෙයි
ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින්, ජපානයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ සහ ව්‍යාජ සහතික සකස් කළ ව්‍යාජ රැකියා ඒජන්සියක් වටලා අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.
කුරුණෑගල, මහව, දළදාගම හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ආයතනය මගින් ජපානයේ ඉදිකිරීම්, හෝටල් සහ රියැදුරු රැකියා සඳහා පුද්ගලයින් යොමුකරන බව පවසා වංචනික ලෙස මුදල් ලබාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසවා.
ජපානයේ රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 750,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශය වෙත ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකළ බව එම කාර්යාංශය සඳහන් කරනවා.
විමර්ශන නිලධාරීන් විසින් උපායදූතයෙකු යොදා ගනිමින් සිදුකළ සූක්ෂම මෙහෙයුමකදී අනාවරණය වී ඇත්තේ, භාෂා පුහුණුව මුවාවෙන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.
එහිදී සුදුසුකම් නොමැති පුද්ගලයින් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල ව්‍යාජ උපාධි සහතික සහ ප්‍රසිද්ධ ඉදිකිරීම් ආයතනවල ව්‍යාජ සේවා සහතික කූට ලෙස සකස් කරන බව ද හෙළි වී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සන්තකයේ තිබී ජපානයේ රැකියා ලබාදෙන බවට වූ ගිවිසුම්, මුදල් කුවිතාන්සි, ප්‍රචාරක පත්‍රිකා සහ ලැප්ටොප් පරිගණක නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
එම පරිගණකය පරීක්ෂා කිරීමේදී විවිධ පුද්ගලයන්ගේ නම්වලට සකස් කළ ව්‍යාජ සහතිකවල ආකෘති (Templates) රැසක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වූ බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබෙනවා.
එසේම එම යුවළට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ද පනවා ඇති බවයි එම කාර්යාංශය පවසන්නේ.
මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ අධීක්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී. ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස් සහ නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ශ්‍රිනිකා කරුණාරත්න මෙම වැටලීමට සහභාගී වුණා ෴
පැලවත්තේ තියෙනවා, බොරු තෙල් ළිඳක්… මේ ආණ්ඩුවම පට්ට ජෝක් එකක් (03.03.2026)
+
තෙල් සබාපතියා ජනාධිපති කරමු… ගැලිලියෝ ගැලිලි නලින්දට කියාපු දේ (03.03.2026)
+
කෝ මේ ජනාධිපති සහෝ හැංගිලා ද ? කියලා අහනකොටම… මෙන්න යකෝ හුණ්ඩුවෙන් එළියට පැන්නා (03.03.2026)
+
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකාරයෙක් නැහැ – සලේ අත්අඩංගුවට ගත්තේ ඩයස්පෝරාවට අවශ්‍ය මහමොළකාරයා හදන්න (03.03.2026)
+
මේක රටක්ද? හුන්ඩුවක්ද ? රට මදි උන අනුර, පුලුවන් නම් මේවට උත්තර දෙන්න (03.03.2026)
+
අනුර දිසානායක ජනපතිගේ සියළු අපල දුරුවේවා! (03.03.2026)
+
තෙල් පෝලිම් ඇති උනේ ජනාධිපති නිසා (03.03.2026)
+
හුණ්ඩුවේ ජනාධිපති මේ ඉන්නේ… රටට හුණ්ඩුවක් කියනව නම් ලැජ්ජ වෙන්න ඕනේ (03.03.2026)
+
රටට අපහාස කරනවා හුණ්ඩුවේ ජනාධිපති – මෙයා ඉන්නේ හුණ්ඩුවේ ජනාධිපති වුණා කියලා දන්නේ නැතුව (03.03.2026)
+
සලේ මිනිස්සුන්ට අභය දානය දුන්න නායකයෙක් – මේවට උඹලට වන්දි ගෙවන්න වෙනවා කවදා හරි (03.03.2026)
+
කමේනිටත් පැය දෙකෙන් වැඩේ දුන්නේ – බුද්ධි අංශේ දුර්වල වුණු නිසා – චාමර ෆයර් වෙයි (03.03.2026)
+
අනුර කුමාර අපි ආවා තිස්ස විහාරයට සිල් ගන්න – සිංහල බෞද්ධයෝ තිස්ස විහාරයට එයි (03.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴