බන්ධනාගාර නිලධාරියෙකුගේ අත කපා යතුරුපැදි කොල්ලකෑ ‘සන්නද්ධ තුනේ කල්ලිය’ හොරණ දී දැලේ

බන්ධනාගාර නිලධාරියෙකුගේ අත කපා යතුරුපැදි කොල්ලකෑ ‘සන්නද්ධ තුනේ කල්ලිය’ හොරණ දී දැලේ


බන්ධනාගාර නිලධාරියෙකුගේ අත කපා යතුරුපැදි කොල්ලකෑ ‘සන්නද්ධ තුනේ කල්ලිය’ හොරණ දී දැලේ

(23.02.2026 – hirunews.lk)

තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයින් බියගන්වා යතුරුපැදි, ජංගම දුරකථන, මුදල් ඇතුළු වටිනා දේපළ කොල්ලකෑමේ නිරත වූ තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් ඊයේ (22) අත්අඩංගුවට ගැනීමට හොරණ මූලස්ථාන පොලිසිය සමත් වී තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ විස්සකට (20) ආසන්න වටිනාකමකින් යුත් යතුරුපැදි දෙකක් (2) සහ යතුරුපැදි අමතර කොටස් ඇතුළු දේපළ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගෝනපල, වැලිකල සහ තලගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 ත් 35 ත් අතර පසුවන පුද්ගලයින් තිදෙනෙක්.

මොවුන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ති‍බෙනවා.

කල්ලියේ ප්‍රධාන සැකකරු වැලිකල, තිබ්බොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හොරණ නගරයේ සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් විසින් මොහුව හෙරොයින් මිලිග්‍රෑම් 6300 ක් සමග මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගේ හැඩරුව අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකුගේ හැඩරුවට සමාන බවට පොලිසිය විසින් හඳුනාගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, යතුරුපැදි තුනක් (3) සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසක තොරතුරු හෙළි කරගැනීමට පොලිසියට හැකි ව තිබුණා.

ඒ අනුව, සෙසු සැකකරුවන් දෙදෙනා (2) හොරණ බටුවිට සහ මොරගහහේන තලගල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කල්ලිය විසින් සිදු කළ දරුණු අපරාධ රැසක් පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය වී තිබෙනවා.

හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියෙකුට මන්නා පිහිවලින් පහර දී ඔහුගේ අත වෙන්වන ලෙසම කපා දමා යතුරුපැදියක් කොල්ලකෑම මොවුන් විසින් සිදුකර ඇති අපරාධයක් බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය පවසනවා.

ඊට අමතරව, පසුගිය දිනක හොරණ නගරයේ නවම් මහ පෙරහැර පැවති අවස්ථාවේදී යතුරුපැදියක් සොරාගෙන, එම යතුරුපැදියෙන් හේනේගම ප්‍රදේශයේ නිවසකට ගොස් ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකා ඇති බවද හෙළි වූ බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් කොල්ලකන ලද එක් යතුරුපැදියක් බුලත්සිංහල, ඈගල්ඔය, අමරගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා කොටස් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සෙසු යතුරුපැදි දෙක (2) සැකකරුවන් දෙදෙනෙකු (2) සන්තකයේ තිබියදීම සොයාගැනීමට විමර්ශකයන්ට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

කහතුඩුව, මොරගහහේන සහ හික්කඩුව ප්‍රදේශවල මොවුන් සිදුකළ අපරාධ රැසක් මෙලෙස අනාවරණය වී ඇති අතර, හොරණ ප්‍රදේශයේ සිදු කළ තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න පාදුක්කගේ ගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශන සිදු කර තිබෙනවා.

ඒ සඳහා පොලිස් සැරයන්වරුන් වන ජනක (14934), රත්නසිරි (36638), පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (78834), ලහිරු (23022), සඳරුවන් (88126), යසිත් (94014), කුමාරසිරි (96978), රන්දික (102460), රංග (104417), විජේසිංහ (107820) සහ සංචිත පොලිස් සැරයන් රණසිංහ (1422) යන නිලධාරීහු එක්ව සිටියහ.

+++

+


ජලභීතිකා රෝගය හේතුවෙන් පසුගිය වසරේදී මෙරටින් පුද්ගල මරණ 14 ක්

(23.02.2026 – hirunews.lk)

ජලභීතිකා රෝගය හේතුවෙන් පසුගිය වසරේදී මෙරටින් පුද්ගල මරණ 14 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එම මරණවලින් වැඩි සංඛ්‍යාවක් සුරතලු‍න් ලෙස නිවසේ ඇති කරන සත්ත්වයින් නිසා සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අතර, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පුත්තලම, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වනවා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට රෝග ලක්ෂණ පහළවීමක් සිදුවුවහොත් එහි සියයට සියයක මාරාන්තික අවදානමක් පවතින බවයි ෴


බාල ගල්අඟුරුවලින් තක්සේරුගත සෘජු පාඩුව රු. මිලියන 7672 ක් – ලංවිම

(23.02.2026 – 21:50 +0530 – sinhala.adaderana.lk)

ලංකා විදුලිබල මණ්ඩලය, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාව වෙත යොමුකළ ලිපියේ දැක්වෙන පරිදි රජය ගෙන්වූ ගල්අඟුරු නැව් අටේ (8) බාල ගල් අඟුරුවලින් තක්සේරුගත සෘජු පාඩුව රුපියල් මිලියන 7,672 කි.

මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක වන්නේ ගල්අඟුරු දහනයෙනි.

ඒ සඳහා ආනයනය කෙරුණු නෞකා 8 ක ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව පසුගියදා ඊට අදාළ රසායානාගාර තත්ත්ව වාර්තා මගින් අනාවරණ වීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය.

මෙවන් පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාව වෙත ලිපියක් යොමුකර ඇත.‍

මෙම නෞකා අටේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතයෙන් සිදුකරන විදුලි ජනනය මගින් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවිය හැකි තක්සේරුගත සෘජු පාඩුව එමගින් වාර්තා කර තිබුණි.

ඒ අනුව පළමු (1) නෞකාවෙන් රුපියල් මිලියන 595.1 ක්, දෙවන (2) නෞකාවෙන් රුපියල් මිලියන 288.5 ක් සහ තුන්වන (3) නෞකාවෙන් රුපියල් මිලියන 1,047.4 ක් , සිව්වැනි (4) නෞකාවෙන් රුපියල් මිලියන 865 ක් වශයෙන් සෘජු පාඩුවක් සිදුවන බවට ගණනය කර ඇත.

එමෙන්ම පස්වන (5) නෞකාවෙන් රුපියල් මිලියන 1,144.2 ක් , හයවන (6) නෞකාවෙන් රුපියල් මිලියන 1,197.7ක් , 7 වන නෞකාවෙන් රුපියල් මිලියන 974.9 ක් සහ 8 වන නෞකාවෙන් රුපියල් මිලියන 1,559.3 ක් වශයෙන් සෘජු පාඩුව තක්සේරු කර තිබේ.

මෙලෙස එම නෞකා අටේ (8) ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවලින් සිදුකෙරෙන විදුලි උත්පාදනයේදී ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවෙතැයි ගණන් බලා ඇති සෘජු අලාභය රුපියල් මිලියන 7600 කට අධිකය.

මෙවන් පසුබිමක අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා අනාවරණය කළේ, බාල ගල්අඟුරු සහිත නැව් 8 ක් ගෙන්වා තිබියදී රජය ගෙන්වූ 9 වැනි නෞකාවේ ගල්අඟුරු ද ප්‍රමිතියෙන් තොර බව දත්ත කේන්ද්‍රීය වාර්තා මගින් තහවුරු වී ඇති බවය.

+++

හොරකම වැහුවා ඇති – ඇමති එළියට දාන්න – මුජිබර් ආණ්ඩුවට රතු එළි දල්වයි (23.02.2026)

+++

කුමාරවරුන්ගේ ගල් අඟුරු ඩීල් එක දිලිත් සහ පාඨලී රටටම කියයි (23.02.2026)

+


අපිට බනින හැමෝටම මම නඩු දානවා – නඩු කියන්න මට සල්ලි නෑ – මේ එකවුන්ට් එකට සල්ලි දාන්න (23.02.2026)

+


අනුර ! රාජාංගණේ පිස්සු බල්ලා බැඳලා දාන්න (23.02.2026)

+


කළාට වඩා ලොකුවට තවත් සඝ සමුළුවක් අපි ඉක්මණටම ආපහු කරන්න ඉන්නේ (23.02.2026)

+


ගූගල් මැප් එකෙන් ලොකේෂන් හොයාගෙන අමුතු පන්නයේ හොරකමක් කරපු කල්ලිය (23.02.2026)

+


අම්මෝ මට නම් බෑ ලක්මාලිට උත්තර දෙන්න – පුදුම විකාර කතා ලක්මාලී කියන්නේ (23.02.2026)

+


දිනනතුරු සිල්වයි කුමාරයි පන්නන්න ඕන – ජනතාව දැන් පන්නන මෙහෙයුමට ලෑස්ති වෙන්න (22.02.2026)

+


ජාතික ආරක්ෂාව මනින ‘ඔමායා මීටරය’ | ආණ්ඩුවෙන් ඉවත් වූ සභාපතිලා ගම්මන්පිලට කී කතාව (23.02.2026)

+


“මාව එලෙව්වේ CIA ගේමකින්. මගේ වටේ හිටපු සෙට් එක බාගෙනයි ගේම ගැහුවේ” – ගෝඨාභය රාජපක්ෂ ප්‍රබල අනාවරණය (23.02.2026)

+


පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සියල්ල හෙළිකරයි (22.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *