අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් නීතිය කැඩූ 9,000 කට දඩ
(21.02.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී අනිවාර්ය කර ඇති ආරක්ෂිත පටි (Seatbelts) පැළඳීමේ නීතිය උල්ලංඝනය කළ රියැදුරන් සහ මගීන් 9,000 කට ආසන්න පිරිසකට දඩ පනවා ඇති බව පොලිසිය පවසනවා.
අධිවේගී මාර්ග රථවාහන පොලිස් කොට්ඨාසය සඳහන් කරන්නේ මෙතෙක් සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස හඳුනාගෙන දඬුවම් නියම කර ඇති බවයි.
අධිවේගී මාර්ගවලට ඇතුළුවන සහ පිටවන සියලුම ස්ථානවලදී පොලිස් නිලධාරීන් විසින් රියැදුරන් සහ මගීන් ආරක්ෂිත පටි පැළඳ සිටීද යන්න දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරනවා.
පසුගිය (2025) සැප්තැම්බර් 01 වැනිදා සිට අධිවේගී මාර්ගවල ගමන් කරන රියැදුරන්ට මෙන්ම ඉදිරිපස සහ පසුපස අසුන්වල සිටින සියලුම මගීන්ට ආරක්ෂිත පටි පැළඳීම අනිවාර්ය කෙරුණා.
මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සහ හදිසි අනතුරක් සිදුවුවහොත් සිදුවන තුවාල හෝ මරණ අවම කරගැනීම මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණයි.
මේ නිසා පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ දඩ මුදලින් බේරීමට වඩා තමන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතියට ගරු කරන ලෙසයි ෴
මහවැලි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
(22.02.2026 – 00:19 +0530 – sinhala.adaderana.lk)
මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට පසුගිය ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
තවද මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල් ප්‍රදේශයෙන්ද, සෝමාවතිය රජමහා විහාර පිවිසුම් මාර්ගයද, සෝමාවති රජමහා විහාරය අවට ප්‍රදේශයටද සුළු ගංවතුර තත්ත්යක් ඇතිවීමේ අවධානමත් මතුව ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවති රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් මෙන්ම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවද ඒ සම්බන්ධව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සියලු පාර්ශ්වයන් වෙත දැනුම්දී තිබේ.
එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය 23 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දෙක් බලපැවැත්වෙන බවද සඳහන් කර ඇත ෴
+++
අයහපත් කාලගුණය නිසා මහනුවර මාර්ග කිහිපයක් වසා දැමේ
(22.02.2026 – hirunews.lk)
පවතින අධික වර්ෂාවත් සමඟ සිදුවූ ගල් පෙරළීම් සහ ජලයෙන් යටවීම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිවේදනය කරනවා.
ඒ අනුව, ගුහාගොඩ – හල්ඔළුව හරහා පේරාදෙණිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
එමෙන්ම, මුරුතලාව – ගන්නොරුව මාර්ගය ගල් පෙරළීමේ අවදානම සහ සිදුවූ ගල් පතිත වීම් හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
තවද අධික වර්ෂාව හේතුවෙන්, පැණිදෙනිය – දිවුලගල මාර්ගය ජලයෙන් යට වී ඇති අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෴
ඔයාගෙන් අහලා යුද්ධ කරන්න ? – කවුද අනේ ඔයා ? – ඒ කාලේ බලයේ හිටිය නම් රට පවලා දීලා (21.02.2026)
+
NPP නඩේට කඩේ යන ‘ත්‍රී ඉන් වන් මෑන්’ ලෑස්තිවෙලා ඉන්න – ඔහේව අපි ගේනවා නීතිට ඉස්සරහට (21.02.2026)
+
දැන් මුන් ‘කස්සප’ කියලා නමින් කතා කරනවා – විමල් අදත් දුම්මල වරම අතට ගනියි (21.02.2026)
+
යුද්ධය අවසන් වන දිනය ෆොන්සේකා දැන සිටියේ නෑ | යුද රහස් රැසක් මෙන්න (21.02.2026)
+
එක එකාට බෑ හාමුදුරුවරු මට්ටු කරන්න – සජිත් පන්සල් ඇවිත් හොඳටම සැරවෙයි (21.02.2026)
+
ටොයිලට් එකට යන්නත් පෝලිමේ ඉන්න ඕන – අපායක් වුණු රිජ්වේ ආර්යා ළමා රෝහල (21.02.2026)
+
ෆොන්සේකා සර් කට අරී – කොටි ආයෙත් දිනුම් ! (21.02.2026)
+
පුණ්‍යසිරි නිල්පාට බස් එකේ යන්නේ කවදාද ? ඩී වී චානකගේ අභියෝගය හමුවේ පුණ්‍යසිරි ඇඳයට රිංගයි (21.02.2026)
+
සල්ලි නැන්දම්මගේ බැංකු පොතේ කියලා කියන කතා බොරු… මිනිස්සු ඉරිසියාවට කියන කතා (21.02.2026)
+
හිටපු ජේවීපීකාරයා සහ ඉන්න ජේවීපීකාරයා මරාගැනීම (21.02.2026)
+
ඇමතිව පාවා දුන් නියෝජ්‍ය ඇමති. මාලිමාව ගිනි ගනී උත්තරීතර නායකයා එලියට (21.02.2026)
+
නාමල් ගියේ හොර ඔක්ස්ෆර්ඩ් ලෙක්චරේකටද? ඇත්ත කතාව මෙන්න (21.02.2026)
+
ගෑස් හිඟය ආණ්ඩුවේ ප්‍රෝඩාවක් බව අනුර දිසානායක කියයි! (21.02.2026)
+
1984 කියන්නේ රාජකුමාරයෙකුගේ උපන් අවුරුද්ද – ටෙන්ඩරේ අරන් තියෙන්නේ රාජ්‍ය නායකයාගේ පුතාගේ හිතමිතුරන් (21.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴