දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී වෙඩි තැබීමක් – අයෙක් මරුට
දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී වෙඩි තැබීමක් – අයෙක් මරුට
(21.02.2026 – 13:28 +0530 – sinhala.adaderana.lk)
ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය.
අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් (2) මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකකරයි.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ ‘සිරිල් හෙන්දාවිතාරණ’ නොහොත් ‘ඩිලයිට්’ නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව සඳහන්.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴
ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළෙඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ ෴
+++
+++
දෙවිනුවර වෙඩි තැබීමේ සැකකරුවන් පැමිණි මෝටර් රථය අකුරැස්සෙන් සොයාගැනේ
(21.02.2026 – hirunews.lk)
දෙවිනුවර ප්‍රදේශයේ අද (21) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ගමන් කළ බවට සැක කෙරෙන මෝටර් රථය අකුරැස්ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
දෙවිනුවරදී වෙඩි තැබීම සිදු කිරීම සඳහා සැකකරුවන් මෙම වාහනයෙන් පැමිණ ඇති බවටයි පොලිසිය සැක පළ කරනු ලබන්නේ.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ ‘සිරිල් හෙන්දාවිතාරණ’ හෙවත් ‘ඩිලයිට් මුදලාලි’ නැමැති 55 හැවිරිදි මත්ස්‍ය ව්‍යාපාරිකයෙක්.
වෙඩි වැදී මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
වෙඩි තැබීම සඳහා මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා ෴
+++
+++
ජීවිත තර්ජන මැද මාතර – දෙවුන්දරදී අද (21) පස්වරුවේ වෙඩි කෑ ‘ඩිලයිට්’
(21.02.2026 – 21:01 +0530 – sinhala.adaderana.lk)
මාතර – දෙවුන්දරදී අද (21) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයාට තිබෙන ජීවිත තර්ජන මැද බවට මේ වන විට අනාවරණය වී තිබේ.
අද (21) පස්වරු 01:00 ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 55 හැවිරිදි ‘සිරිල් හෙන්දවිතාරණ’ නොහොත් ‘ඩිලයිට්’ නමින් හැඳින්වෙන මාළු ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය.
පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීම මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවය.
ඔහුට අයත් හෝටලයකට 2023 වසරේදීද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී ඔහුට කිසිදු හානියක් සිදුව නොමැත.
එවැනි වාතාවරණයක් මත ඔහු විසින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාතික අධිකාරියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් සංචාරක අත්පොතක් ද තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය විසින් අදාළ පුද්ගලයාට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන්න ද ඔහු ඒ පිළිබඳව වැඩි තැකීමක් නොකර ප්‍රදේශයේ විවිධ ස්ථාන වෙත ගමන් කර තිබේ.
අද (21) දිනයේද ඔහු ගන්දර සිට දෙවුන්දර දක්වා ගමන් කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම සම්බන්ධව චෝදනා පවතින බවද පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව පොලීසියට අවශව සිටින අයෙකු බවය.
මෙම පුද්ගලයාව ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් වන අතර ඔවුන් මොහු ඝාතනය කර පළා ගොස් තිබුණි.
ඒ අනුව පොලිස් කණ්ඩායම් 6 ක් අනියුක්ත කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබීය.
එවැනි වාතාවරණයක් තුළ ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි බව පැවසෙන මෝටර් රථයය මාතර අමලගොඩ ප්‍රදේශයේදී දමා ගොස් තිබියදී පොලීසිය අද (21) පස්වරුවේ සොයාගනු ලැබීය.
අද (21) ඝාතනයට ලක්වූ ‘සිරිල් හෙන්දවිතාරණ’ හෙවත් ‘ඩිලයිට්’ නැමැත්තා විසින් මින් වසර 20 කට පමණ පෙර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි කැලෑබද ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘දෙවුන්දර තමිල්’ නැමැත්තාගේ සමීපතමයෙකු වන ‘ජුංගයියා ලාල්’ නම් අයෙකු ඝාතනය කර තිබුණි.
එම ඝාතනයත් සමග ‘දෙවුන්දර තමිල්’ නැමැත්තා විසින් ‘ඩිලයිට්’ නැමැත්තාගේ පාර්ශ්වයේ පිරිසක් ඉලක්ක කරමින් ඔවුන් ගමන් ගත් වෑන් රථයකට වෙඩි තබා ඇති අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්විය.
කෙසේ නමුත් එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට අදාළ චෝදනා සම්බන්ධව මරණීය දණ්ඩනයද හිමිව තිබූණද ඔවුන් සිදුකල අභියාචනයයේදී ඔවුන් නිදහස් වී තිබුණි.
මෙවැනි වාතාවරණයක් තුළ ‘ඩිලයිට්’ නැමැත්තා ‘දෙහිගෙදර බාලේ’ නම් සංවිධානාත්මක අපරාධකරු සමග ද සමීප සබඳතාවයක් පවත්වාගෙන ඇතැයිද විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
නමුත් පසුකාලීනව ‘දෙහිගෙදර බාලේ මල්ලි’ විසින් සිදුකරන හෙරොයින් ජාවාරමෙන් ප්‍රමාණයක් ‘ඩිලයිට්’ නැමැත්තා විසින් සොරකම් කර ඇති බවටද චෝදනා එල්ල වී ඇති බවත් අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම පුද්ගලයා විසින් ‘දෙහිගෙදර බාලේ මල්ලි’ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන ‘උනාකූරුවේ ශාන්ත’ නම් පුද්ගලයා සමග ද සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ අනුව දෙපාර්ශ්වයේ තොරතුරු දෙපාර්ශ්වයටම ලබා දීම මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය මේ වන විට සැක පළ කර තිබේ.
මේ අතර ගන්දර ප්‍රදේශයේදී මෙම ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට අමතරව තවත් පුද්ගලයින් 16 දෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ ඔවුන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් ලද පැමිණිලි අනුවය.
ඒ අනුව අදාළ පුද්ගලයින් වෙත පොලීසිය විසින් සිය ආරක්ෂාව ලබා දී ඇති බවද වාර්තා වේ ෴
අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
(21.02.2026 – hirunews.lk)
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකුට හා ඔහුගේ බිරියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරුවෙක් (1) අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර තුවක්කුකරුවෙකුට ප්‍රවාහන පහසුකම් සැපයූ බවට සැක කෙරෙන පිරිමින් දෙදෙනෙකු (2) සහ කාන්තාවන් දෙදෙනෙකු (2) ගාල්ල කහදූවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව සැක සහිත වාහන දෙකක් (2) ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ ෴
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබෙනවා.
අදාළ වෙඩික්කරු අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදීයි.
එමෙන්ම, මෙම ඝාතනයට ආධාර අනුබල දුන් සහ වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් සැපයූ බවට සැකකෙරෙන පිරිමින් දෙදෙනෙකු (2) සහ කාන්තාවන් දෙදෙනෙකු (2) ද අද (21) පස්වරුවේ ගාල්ල, කහදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා ෴
කොළඹ වරාය තුල බහාලුම් පැටවූ රථ 500 ක්
(21.02.2026 – hirunews.lk)
කොළඹ වරාය තුළ මේ වනවිට බහාලුම් පටවන ලද රථ පන්සියයකට (500) අධික සංඛ්‍යාවක් ඇති බවත් වරායේ බහාලුම් තදබදය හේතුවෙන් මෙම තත්ත්වය ඉදිරියේදී වැඩිවීමට ඉඩ තිබෙන බවත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල ප්‍රකාශ කරනවා.
කොළඹ වරාය තුළ මෙම බහාලුම් රථ තිබෙන නිසා ඒවායේ තදබදය පිටතට පෙනෙන්නේ නැති බවත් ඇතැම් විට මෙම බහාලුම් රථ ඉදිරියේදී කොළඹ වරායෙන් පිටතට යැවීමට ඉඩ තිබෙන බවත් එසේ වුවහොත් ඉඟුරු කඩේ හන්දියේ සිට ඔරුගොඩවත්ත දක්වාම මෙම රථ පෙළ ගැස්වීමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කරනවා.
එම බහාලුම් රථ වරාය සීමාවෙන් පිටතට යැවීමට ක්‍රියා කළහොත් ඒවායේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බවත් එම නිසා මෙම බහාලුම් කොළඹ වරායෙන් පිටතට යැවීමට කටයුතු නොකරන ලෙස රේගුවෙන් තමා ඉල්ලා සිටින බවත් බහාලුම් තදබදය කඩිනමින් විසඳන ලෙසට අදාල වගකිවයුත්තන්ගෙන්ද තමා ඉල්ලා සිටින බවද සභාපතිවරයා කියා සිටිනවා.
තදබදය වැඩිවී බහාලුම් රථ වරායේ තබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවුවහොත් එම රථ ගාල්කිරීමට වෙන්කර තිබෙන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තිබෙන බහාලූම් අංගනය ලබාදෙන ලෙසත් එසේ නොකොට එම බහාලූම් මාර්ගයේ පෙළගැස්වීමට ක්‍රියා නොකරන ලෙසට තමා රේගුවෙන් ඉල්ලා සිටින බවද සනත් මංජුල සඳහන් කරනවා.
කොළඹ වරායේ මෙම බහාලුම් තදබදය පසුගිය වසරේ (2025) නොවැම්බර් මාසයේ සිට පවතින බවත් ඒවා නිෂ්කාශනය කර ඉන් පසුව පිටතට යන ප්‍රධාන ගේට්ටුව ස්මාට් කර එය පරිගණක ගත කර කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු කරනවා නම් මෙම තදබදය කඩිනමින් අවම කිරීමට හැකිවන බව ද සනත් මංජුල විසින් පෙන්වා දෙනු ලබනවා.
සාමාන්‍යයෙන් දිනකට බහාලුම් 1200 ක් පමණ නිෂ්කාශනය කළ යුතු වුවද මේ වන විට දිනකට නිෂ්කාශනය කෙරෙන්නේ 500 ක් වැනි සංඛ්‍යාවක් නිසා මෙම තදබදය දිනෙන් දින වැඩි වන බව ද ඔහු සඳහන් කරනවා.
සාමාන්‍යයෙන් එක් බහාලුමක් නිදහස් කර ගැනීම සඳහා සතියක පමණ කාලයක් මේ වන විට අවම වශයෙන් ගතවන නිසා බහාලුම් රියැදුරන් ඇතුළු සහායකයින් දැඩි අසීරුතාවන්ට මුහුණපා ඇති බවද සනත් මංජුල පෙන්වා දෙනවා.
ඔහු කියා සිටින්නේ බහාලුම් රථ පිටවන ගේට්ටුවේ කටයුතු තාවකාලිකව හෝ නාවික හමුදාවට බාර දෙනවා නම් මෙම තදබදය යම් මට්ටමකින් හෝ අවම කර ගැනීමට හැකි බවයි.
මෙම බහාලුම් තදබදය හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නැව්වල ප්‍රමාදයන් සිදුවීමට ඉඩ තිබෙන බවත් එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හිතකර නොවන බවත් සනත් මංජුල වැරදුරටත් ප්‍රකාශ කළා ෴
+++
+
මහනුවරට ආයෙත් වැස්ස – එන්න එන්නම වැඩි කරයි – තවත් විනාශයක් අත ළඟද ? (21.02.2026)
+++
පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර ගමන් කරන රියදුරන්ට විශේෂ අනතුරු ඇඟවීමක්
(21.02.2026 – hirunews.lk)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්භාවයකින් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) දැනුම් දෙනවා.
එම මාර්ග කොටස ආශ්‍රිතව පස් කඳු කඩා වැටීමේ හෝ ගල් පෙරළීමේ අවදානමක් පැවතිය හැකි බැවින් රථවාහන ධාවනය කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ෴
මෙරට නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමන ඇරඹේ : අමෙරිකාවෙන් ලැබුණු P628 නෞකාව ගමන් අරඹයි
(21.02.2026 – hirunews.lk)
ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඇමරිකා එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද සිව්වන (4) වෙරළාරක්ෂක නෞකාව වන P628 නෞකාව අද (21) දින බැල්ටිමෝර් නාවික ජැටියෙන් ශ්‍රී ලංකාව බලා සිය ගමන ආරම්භ කර තිබෙනවා.

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, සිය නිල ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මීට පෙර ඇමරිකානු වෙරළාරක්ෂක බලකායට අයත් ‘Decisive’ නෞකාව ලෙස හැඳින්වුණු මෙම නෞකාව, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නාවික සැතපුම් 14,775 ක දැවැන්ත දුරක් ගෙවා දැමීමට නියමිත බවයි.
එමෙන්ම, මෙය ශ්‍රී ලංකා නාවික නෞකාවක් විසින් සිදු කරනු ලබන දීර්ඝතම තනි මුහුදු ගමන ලෙස ඉතිහාසයට එක් වනු ඇති අතර, පැනමා ඇළ (Panama Canal) හරහා ගමන් කරන පළමු ශ්‍රී ලාංකික නෞකාව බවට ද P628 නෞකාව පත්වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ගයාන් වික්‍රමසූරිය, නිලධාරීන් 14 දෙනෙකු සහ නාවිකයින් 72 දෙනෙකු ඇතුළුව මුළු සාමාජිකයින් 86 දෙනෙකුගෙන් යුත් විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් මෙම නෞකාව මෙරට බලා රැගෙන ඒමට නියමිතයි.
එමෙන්ම, දින 77 ක මුහුදු ගමනකින් පසු, නෞකාව 2026 මැයි 08 වන දින සිය අවසන් නැවතුම්පොළ වන ත්‍රිකුණාමලය වරාය වෙත ළඟා වීමට නියමිත බවත් එම සටහනේ සඳහන් ෴
මිනිස්සු අපිව කොන් කරනවා අපිව පච කරනවා – අරගලකරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි (21.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴