6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුල විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුල විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග


6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුල විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

(20.02.2026 – 20:19 +0530 – sinhala.adaderana.lk)

ගැටලු සහගත මොඩියුලය පිළිබඳ සිදුකෙරන විමර්ශන කඩිනම් කර එයට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20) නියෝග කර තිබේ.

ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් වූ නිතී කෘත්‍යය අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටී.

+++

මාලිමා මහාචාර්යවරු කියන හිඟන ඩෝබිලා වරෙව් – මාලිමා මහාචාර්යවරු කියන හිඟන ඩෝබිලා වරෙව් (20.02.2026)

+


වැලන්ටයින් සැමරීමට රු. ලක්ෂ 8 ක් වැය කළ හොරා කොටු වෙයි : රු. කෝටියක රන් භාණ්ඩ සොයා ගැනේ

(20.02.2026 – hirunews.lk)

කිසිදු රැකියාවක නිරත නොවී, නිවාස බිඳ රන් භාණ්ඩ සොරාගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ සැකකරුවෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, විවිධ උකස් මධ්‍යස්ථානවල තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් අද (20) දින සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු පසුගිය පෙබරවාරි 12 වන දින නිවසක් බිඳ රන් භාණ්ඩ සොරාගෙන ඇති බවයි.

එම භාණ්ඩ උකස් කර ලබාගත් රුපියල් ලක්ෂ 8 ක මුදලක් වැය කරමින්, පෙබරවාරි 14 වන දින සිය බිරිඳ සමඟ සුඛෝපභෝගී ලෙස වැලන්ටයින් උත්සවය සමරා ඇති බව පොලිසිය පවසනවා.

නිට්ටඹුව, රන්පොකුණගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මෙම තිදරු පියා දැඩි ලෙස ‘අයිස්’ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් වන බවත්, ඔහුට දිනකට මත්ද්‍රව්‍ය සඳහා රුපියල් 50,000 ක් පමණ අවශ්‍ය වන අතර, එම මුදල් සොයා ගැනීම සඳහා ඔහු රාත්‍රී කාලයේදී නිට්ටඹුව සහ අත්තනගල්ල ප්‍රදේශවල නිවාස බිඳ මෙම සොරකම් සිදු කර ඇති බවත් පොලිසිය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදියක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොහු ගෙවල් බිඳුම් සහ සොරකම් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු 08 ක් සහිත පුද්ගලයෙකු බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුගෙන් ලද තොරතුරු මත, සොරකම් සඳහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 2200 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


වීසා උපදේශන මුවාවෙන් කළ මහා පරිමාණ රැකියා ජාවාරමක් මාට්ටු

(20.02.2026 – hirunews.lk)

වීසා උපදේශන ආයතන ලෙස පෙනී සිටිමින් ව්‍යාජ විදේශ රැකියා ජාවාරම්වල නිරත වූ ආයතන දෙකක් (2) වැටලීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය සමත්ව තිබෙනවා.

ජාඇල සහ මීගමුව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම් සිදුකළ බවයි එම අංශය පවසන්නේ.

ජාඇල, කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක් වැටලූ නිලධාරීන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, රුමේනියාවේ ට්‍රක් රථ රියැදුරු රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් දෙදෙනෙකුගෙන් (2) රුපියල් ලක්ෂ 36 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇතැයි එම ඒකකය සඳහන් කරනවා.

වැටලීමේදී රැකියා ගිවිසුම් සහ ලැප්ටොප් පරිගණක ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම ජාවාරමට සහය දුන් කාන්තාවක ද පෙරේදා (18) අත්අඩංගුවට ගත් අතර, ඇය සතුව තිබී පැමිණිලිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද සොයාගෙන තිබූ බව එම ඒකකය සඳහන් කරනවා.

සැකකරු සහ සැකකාරිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර, මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් ආයතනයක් ඉකුත් (17) වැනිදා වටලූ බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය සඳහන් කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ කැනඩාවේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 55 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහි හිමිකරු එහිදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වරද පිළිගත් අතර, රුපියල් ලක්ෂ 2.5 ක මුදලක් ගෙවීමට එකඟ වීම මත ඇප මත මුදාහැර තිබෙනවා ෴


අගමැති ගැහැණුන්ගෙන් සමාව ගන්න ඕන – නිදහස් පක්ෂයේ කාන්තාවෝ මාධ්‍ය කැඳවයි (20.02.2026)

+


ඔයාව රස්සාවෙන් අස් කරලා දැම්මා නේද ? අපි කබ්බෝ නෙවෙයි – පිරිමියෙක් වගේ උත්තර දෙන්න (20.02.2026)

+


අපි උඹලා වගේ හිල් ජොක්කු ඇන්දේ නෑ බං – සජබේ මරික්කාර් අද වරම අතට ගනියි (20.02.2026)

+


බහාලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක් නිසා නැවතත් තදබදයක්

(20.02.2026 – 20:26 +0530 – sinhala.adaderana.lk)

බහාලුම් නිෂ්කාශන කටයුතුවල මතුවී ඇති ප්‍රමාදයක් හේතුවෙන් නැවතත් බහාලුම් තදබදයක් හටගෙන තිබේ.

බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පෙන්වා දෙන්නේ, බහාලුම් නිෂ්කාශන කටයුතු සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැතිකම ඇතුළු කරුණු මීට බලපා ඇති බවය.

කොළඹ වරාය පරිශ්‍රයේ ආනයනික බහාලුම් පිටකිරීමේ සහ ඒවා වරායෙන් පිටත අංගනවලදී පරීක්ෂා කිරීමේ මෙලෙස දැඩි ප්‍රමාදයක් මතුවී තිබේ.

ඊට අමතරව ඔරුගොඩවත්ත බහාලුම් පරිශ්‍රයේද තදබදයක් මතුවී තිබූ අතර, ඒ හේතුවෙන් බහාලුම් රථ රියදුරන්ද දැඩි අපහසුතාවට පත්වී සිටී.

මේ අතර, බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, ඉදිරි මාසයේදී බහාලුම් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට නියමිත බැවින් මෙම තදබදය තවත් උග්‍රවනු ඇති බවය.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශ යොදවා හෝ මෙම තදබදය අවම කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, මේ වනවිට බහාලුම් නිෂ්කාශනයේ යම් තදබදයක් පැවතියද එය සාමාන්‍ය තත්ත්වයක් බවය ෴


කොළඹ කසාවතින් බැබලේ සංඝ සමුළුවට ආණ්ඩුව කෙලීද ? (20.02.2026)

+


ලාල්කාන්තට ඔය දේවල් කියන්නෙ, අර හාමුදුරුවොලු (20.02.2026)

+

ලංකා සීනි සභාපතිනිය ඉල්ලා අස්වුණේ ඇයි ? හඳුන්නෙත්තිගේ නම්බුව හොක් ගාලා ගිය නේද ? (20.02.2026)

+

හාමුදුරුවො කොළඹට එනවට ලාල්කාන්ත බයවෙලා… මරු කියවනවා නේද ? (20.02.2026)

+


දැලි ගාගන්න බෑ ගල් අගුරු ඇවිලෙයි මාලිමාවෙන්ම විරෝධය (20.02.2026)

+

කොට මිනිහයි නැන්දම්මයි නිසා ඇමතිකම නැතිවෙයිද? යෝෂිතයි බල්තසාරුයි මාට්ටු (20.02.2026)

+


දිට්වා සහනාධාර පොදි ගහපු මීරිගම සභාපති. Video සහිතයි ! (20.02.2026)

+


මහා සංඟරත්නයට කෙනෙහිලි කම් කල කිසිදු පාලකයෙකුට ආයුෂ නැත! (20.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *