අකුරේගොඩ හා ජින්තුපිටියේ ඝාතනවල ප්‍රධාන වෙඩික්කරු හඳුනාගනී
(20.02.2026 – hirunews.lk)
අකුරේගොඩදී පසුගිය 13 වැනිදා නීතීඥවරයෙක් සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ එක් වෙඩික්කරුවෙකු ඊට පසු දින එනම් පසුගිය 14 වැනිදා ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මෙම වෙඩික්කරු අත්තනගල්ල – මීවල ප්‍රදේශයේ පදිංචි ‘රූබස් සුරේෂ්’ නමැත්තෙකු වන අතර, අකුරේගොඩ ඝාතනය මෙහෙයවා ඇත්තේ ‘මල්වානේ ටුටූ’ නමැත්තා විසින් බවටද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
එමෙන්ම, 2024 සහ 2025 වර්ෂයේ ‘කරන්දෙණිය සුද්දා’ මෙහෙය වූ සියලු ඝාතනවල ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේද ‘රූබස් සුරේෂ්’ නමැති මොහුයි.
අදාල වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) පැමිණ තිබූ අතර ඔවුන් ඝාතනය සඳහා ටී-56 ගිනි අවියක් සහ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර තිබූ අතර, එම රිවෝල්වර් ගිනි අවිය භාවිතා කර ඇත්තේ මෙම වෙඩික්කරු විසින් බවයි මේ වන විට සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ.
ඊට අමතරව පසුගිය වසරේ නොවැම්බර් 18 වැනිදා උණාකූරුව – කපුහේන ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේද මෙම වෙඩික්කරු විසින් බවයි පොලිසිය සඳහන් කළේ.
අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මෙම වෙඩික්කරු අත්තනගල්ල – මීවල ප්‍රදේශයේ පදිංචි ‘රූබස් සුරේෂ්’ නමැත්තෙකු වන අතර, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ගේ ප්‍රධාන වෙඩික්කරුද බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම ‘දිලින ප්‍රමෝද්‍ය හපුආරච්චි’ හෙවත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවුණා.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති පරිදි ඝාතනය සිදු කිරීමට ආසන්න දිනකදී දැනට විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘කරන්දෙණිය සුද්දා’, ‘මල්වානේ ටුටූ’, ‘මෝදර නිපුන’ සහ ‘කොණ්ඩ රංජි’ වට්සැප් හරහා ඔහුට සමූහ දුරකථන ඇමතුමක් ද ලබා ගෙන ඇති බවයි.
“මල්ලි වැඩේ කොහොමද…? කට්ටිය රෙඩි නේද…” යනුවෙන් ‘කරන්දෙණිය සුද්දා’, ‘ඩිලා’ නමැත්තාගෙන් විමසා ඇති අතර ඝාතනයට ඇති සූදානම පිළිබඳ ඔහු එම පිරිස දැනුවත් කර ඇති බවයි විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ.
අනතුරුව ඝාතනය සිදු කළ දින සවස් වරුවේද ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැත්තාට ‘කරන්දෙණියේ සුද්දා’ සහ ‘මල්වානේ ටුටූ’ වට්සැප් මාර්ගයෙන් ඇමතුමක් ගෙන අවස්ථා දෙකකදී (2) තොරතුරු විමසා තිබෙනවා.
මේ අතර කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට රථ ගාලේදී ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැත්තාට රතු පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණ පාසැල් බෑගයක දමා ගිනිඅවි භාර දෙන ආකාරය සීසීටීවී කැමරාවක ද පටිගත වී තිබෙනවා.
එම රතු පැහැති ත්‍රිරෝද රථය සහ එහි සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
මේ අතර අකුරේගොඩ වෙඩි තැබීමට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතා තිබෙනවා. උස අඩි 5 යි අඟල් 5 ක් පමණ වන සහ අවුරුදු 44 ක් පමණ වයසැති එම සැකකරුගේ වර්තමාන ස්වරූපය දැක්වෙන ‘ඒ-අයි තාක්ෂණය’ ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
+++
අකුරේගොඩ ඝාතනයේ සැකකරුවකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
(20.02.2026 – hirunews.lk)
පසුගිය පෙබරවාරි 13 වන දින අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජන සහය අපේක්ෂා කරනවා.
ඒ අනුව, සැකකරුගේ වර්තමාන ස්වරූපය පෙන්වීම සඳහා AI (කෘතිම බුද්ධිය) තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක්ද පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් සඳහන් කර ඇති තොරතුරු අනුව,
උස : අඩි 05 අඟල් 05 ක් පමණ
වයස : අවුරුදු 44 ක් පමණ
කළු පැහැති ශරීර වර්ණයක් සහිත අතර, ඇස් කහ පැහැයට හුරු බොර පැහැයකින් යුක්ත අතර, දකුණු පස කම්මුලට පහළින් මුහුණේ කැපුම් තුවාල කැළලක් පවතින බවත් සඳහන් කර ඇත්තේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්,
- නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත උතුර) : 071 859 8008
- කොට්ඨාස භාර නිලධාරී (නුගේගොඩ) : 071 859 1641
- අධ්‍යක්ෂ (බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය) : 071 859 2279
වෙත දැනුම් දෙන්න ෴
+++
+++
නීතිඥයා සහ බිරිඳගේ ඝාතනයේ සියල්ල එළියට – ‘ටුටූ’ ගහපු මාස්ටර් ප්ලෑන් එක පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (20.02.2026)
+
මිනිස්සුන්ට අභය දාන්න දුන්න ජනාධිපතිගේ පුතාට – පිටරට කොටිත් බයයි – ලංකාවේ නරිත් බයයි… (20.02.2026)
+
ඇමතිතුමෝ කවුද ඔය කොට මිනිහා ? පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ අනේ (20.02.2026)
+
ගෑස් හිගය ඇමරිකානු ගිවිසුම් නිසා.. අලුත් සමාගමට ගෑස් ගේන්න නැව් නෑ..
(21.02.2026 – lankacnews.com)
රට තුළ නැවත වතාවක් මතුව ඇති ගෑස් හිඟයට සහ බාල ගල් අඟුරු ආනයනයට රජයේ විනිවිදභාවයකින් තොර ගනුදෙනු සහ ටෙන්ඩර් කොන්දේසි කඩකිරීම් සෘජුවම බලපා ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
වර්තමාන ගෑස් හිඟය පිළිබඳව අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ, 2026 අගෝස්තු දක්වා ගෑස් සැපයීම සඳහා අලුතින් තෝරාගත් ‘ජියෝ ගෑස්’ (Geo Gas) නැමති ඇමරිකානු සමාගම ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කර ඇති බවයි.
ගෑස් සැපයීමේදී කුඩා නෞකා (Tankers) 4 ක් යොදාගත යුතු බවට තාක්ෂණික ඇගයීම් කමිටුව හමුවේ එකඟ වුවද, එම සමාගම දැනට යොදාගන්නේ නෞකා 2 ක් පමණක් බව රණවක මහතා අනාවරණය කළේය.
දිනකට මෙට්‍රික් ටොන් 1300 ක අවශ්‍යතාවයක් පවතින පසුබිමක, ප්‍රමාණවත් නෞකා සංඛ්‍යාවක් නොමැති වීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම ටෙන්ඩරය ඇමරිකානු සමාගමකට ලබා දීම පිටුපස රජය රටට හෙළි නොකළ රහස් ආරක්ෂක හෝ වෙළඳ ගිවිසුම් පවතින බවට ඔහු සැක පළ කරයි. විශේෂයෙන්ම ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීම සහ ආරක්ෂක ගිවිසුම්වලට එළඹීම වැනි කොන්දේසි මත තීරුබදු සහන ලබා දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ගෙන ඇති තීරණ මෙයට බලපා ඇති බව ඔහුගේ අදහසයි ෴
+++
+++
‘ගල් අගුරු ටෙන්ඩරේට මං සම්බන්ධ නෑ.. ප‍්‍රතිවිපාකවලට මා වගකියන්නෑ..’ ලියා දන්වා ගල් අගුරු සභාපති ඉල්ලා අස්වෙයි..
(20.02.2026 – lankacnews.com)
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති එම ධුරයෙන් එහි ඉල්ලා අස්වෙමින් ඒ හිටපු සභාපතිවරයා යොමු කරන ලද ලිපියක් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සිය සමාජ ජාල ගිණුමේ ප්‍රකාශයට පත් කර තිබේ.
එහි සඳහන් වන්නේ විදුලිබල අමාත්‍යංශ ලේකම්ගේ අත්තනෝමතික මැදිහත් වීම් සමඟ ගැටලුකාරී ගල් අඟුරු ගෙන්වීමට අදාළ ටෙන්ඩර් කටයුතු සිදු වූ බවය.
රණවක මහතා ප‍්‍රසිද්ද කර ඇති කොටස මෙසේය :
”I wish to note that, although I have never previously engaged in political activities until my recent involvement with the NPP, I accepted this role with the sincere intention of uprooting corruption and working for the betterment of my country. Unfortunately, my efforts did not yield the positive outcomes I had hoped for.
During my tenure, I observed that all major decisions were made by Mr. Udayanga Hemapala and his team according to their wishes and requirements. Therefore, neither I nor the Board of Directors of the LCC can be held responsible for any forthcoming consequences arising from tender procedures.”
“ජාතික ජන බලවේගය සමඟ මෑතකදී සම්බන්ධ වන තුරු මා මීට පෙර කිසි දිනෙක දේශපාලන කටයුතුවල නියැලී නොසිටියද, දූෂණය මුලිනුපුටා දමා මගේ රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමේ අවංක අභිප්‍රාය ඇතිව මම මෙම භූමිකාව භාර ගත් බව මම සඳහන් කරනු කැමැත්තෙමි. අවාසනාවකට මෙන්, මගේ උත්සාහයන් මා බලාපොරොත්තු වූ ධනාත්මක ප්‍රතිඵල ලබා දුන්නේ නැත.
මගේ ධුර කාලය තුළ, සියලුම ප්‍රධාන තීරණ උදයංග හේමපාල මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් ඔවුන්ගේ කැමැත්ත සහ අවශ්‍යතා අනුව ගනු ලැබූ බව මම නිරීක්ෂණය කළෙමි. එබැවින්, ටෙන්ඩර් ක්‍රියා පටිපාටිවලින් පැන නගින ඕනෑම ඉදිරි ප්‍රතිවිපාක සඳහා මා හෝ LCC හි අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු නොවේ.”
+++
පච කියන්න එපා ඇමතිතුමා ඔයා පච කියන්න එපා – පොහොට්ටුවේ චානක අදත් වරම අතට ගනියි (20.02.2026)
+++
සජබයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධයක – බුද්ධි අංශයෙන් ඇවිත් තත්ත්වය උණුසුම් (20.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴