මහා සඟ සමුළුව අද (20) කොළඹදී
(20.02.2026 – 06:19 +0530 – sinhala.adaderana.lk)
වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.
එම සමුළුව අද (20) පස්වරු 02:00 ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ.
උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවය.
මේ අතර, බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (19) ආරම්භ විය.
එම මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන පරිශ්‍රයේදී ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙම වැඩසටහන මැදගොඩ අභයතිස්ස හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මල්වානේ චන්දරතන හිමි යන මහචාර්ය පූජ්‍ය හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට ගුණදාස අමරසේකර සහ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.
මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සංවිධායකවරුන් සඳහන් කළහ ෴
ලන්ඩන් කොටි නැගිටියි නාමල්ගෙන් ගේම ඉල්ලයි ! (19.02.2026)
+
තරික් සහ දියණිය බංගලිදේශය චීනයට දෙයි ද? ඇමෙරිකාවට දෙයි ද? (18.02.2026)
+
ලාල්කාන්ත ආයෙත් කියන්න බලන්න, සිවුර / කලුකොට් සහ ජාතික ඇඳුම ගැන (19.02.2026)
+
ත්‍රිකුණාමලේ ජේවීපීකාරයා හාමුදුරුවන්ට කතාකරන විදිය… අනුරලා කතා කරන්නෙත් එහෙමද? (19.02.2026)
+
රට ආපහු ICU ද නැත්නං කෙළිම්ම මෝචරියටද ? රටේ සමහර තැන්වල ගෑස් හිඟයක් ? (19.02.2026)
+
20 වැනිදා මහා සංඝරත්නය මේවාට උත්තර දේවි… ඡන්දයක් තිබ්බොත් ජනතාවත් උත්තර දෙයි (19.02.2026)
+
ඒදණ්ඩේ යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොන්ඩම් දැන්වීම (19.02.2026)
+
ඉන්දියාවෙ ඉදල, ගෙදර යන ගමන් කරන්නම ඕනෙ වැඩක් (19.02.2026)
+
ගෑස් පෝලිම් එයිද? (19.02.2026)
+
මාලිමාවේ අක්මීමන රොෂාන් සහ පාරාජික භික්ෂූන් (19.02.2026)
+
අරගලකරුවන්ගේ සිංහ නාද, බලු කෙඳිරිලි බවට පත් වෙයි ! (19.02.2026)
+
ජවිපෙ වනචාරී මැති ඇමතිලා නිසා දිසාපතිලා අසරණයි, ලිපියකින් දැනුම් දෙයි! (19.02.2026)
+
කොළඹ වරාය පරිශ්‍රයේදී ‘බර අඩු එසවුම් යන්ත්‍රයක’ට යතුරුපැදියක් යටවී පසුපැදිකරු ජීවිතක්ෂයට
(20.02.2026 – hirunews.lk)
කොළඹ වරාය පරිශ්‍රය තුළ ඊයේ (19) සවස් කාලයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙරළබඩ පොලිසිය පවසනවා.
වරාය පරිශ්‍රයේ අදියර තුනේ (3) සිට අදියර දෙක (2) දෙසට ධාවනය වූ ‘බර අඩු එසවුම් යන්ත්‍රයක’ (Straddle Carrier) යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ රිදීගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
‘බර අඩු එසවුම් යන්ත්‍රය’ ධාවනය වෙමින් තිබූ දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක මෙම යන්ත්‍රය ගැටී ඇති බවත්, එම අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පසුපැදිකරු ලෙස ගමන් කළ පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසනවා.
තුවාලකරු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට වරාය බලධාරීන් කටයුතු කර තිබුණත් ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
අනතුරට සම්බන්ධ ‘බර අඩු එසවුම් යන්ත්‍රයේ’ රියදුරු මේ වන විට වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත ෴
කණ්ඩලම ජලාශය වාන් දමයි : දඹුල්ල – වෑවලවැව මාර්ගය ජලයෙන් යටවෙයි
(20.02.2026 – hirunews.lk)
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම ජලාශය යළිත් වරක් වාන් දැමීම ආරම්භ කර ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.
අද (20) සිට මෙලෙස වාන් දැමීම ආරම්භ වූ අතර, මේ හේතුවෙන් දඹුල්ල – වෑවලවැව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.
පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න සඳහන් කළේ, අද (20) උදෑසන වන විට වර්ෂාව යම් මට්ටමකින් අඩු වී ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වන විටත් තත්පරයට ඝන අඩි 780 ක පමණ ජල කඳක් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔයට වැටී කළාවැව දෙසට ගලා බසින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ජලාශයේ වාන් ජලය දඹුල්ල – වෑවලවැව මාර්ගය හරහා ගලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
විශේෂයෙන් එම ප්‍රදේශයේ සංචාරක හෝටල් බහුලව පවතින බැවින්, විදේශික සංචාරකයින් රැගත් බස් රථ රැසක් දැඩි අවදානම නොතකා මාර්ගය හරහා ගලා යන වාන් ජලය මතින් ගමන් කරන අයුරු දැකගත හැකි බව ද අප වාර්තාකරු පවසනවා.
කණ්ඩලම ජලාශයේ වාන් ජලය තවදුරටත් මාර්ගය හරහා ගලා බසින බැවින්, එම මාර්ගය භාවිතා කරන රියැදුරන් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි බලධාරීන් දැනුම් දී සිටින්නේ ෴
රුපියල් තිස්දාහසක් (30,000) සහ මත්පැන් බෝතලයක් (1) අල්ලස් ලෙස ලබා ගත්තැයි බීට්ටු වන නිලධාරියාට ඇප
(20.02.2026 – hirunews.lk)
රුපියල් 30,000 ක මුදලක් සහ මත්පැන් බෝතලයක් (1) අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බීට්ටු වන නිලධාරියෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේශාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා.
රු. ලක්‍ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක (2) මත සැකකරු මුදා හරින ලැබු අතර විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණයෙන් නියම වුණා.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ හුලංනුගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
අදාල පුද්ගලයාගේ නමට වෙන් වෙන් වශයෙන් ඇති අක්කර 04 ක ඉඩමෙන් නෙළු වැවයාය නම් රක්ෂිතයට වෙන් කර ඇති කොටසේ වගා කටයුතු සිදු කිරීමේ වරද සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම සඳහා එම නිලධාරියා මෙසේ අල්ලස් ලබා ගෙන තිබෙන බවද අල්ලස් කොමිස අධිකරණයට දැන්වූවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරු ඇප මත මුදා හැරිමට නියෝග කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴