ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08 පවත්වාගෙන ගිහින් සීඅයිඩීය අධිකරණයට කියයි
(19.02.2026 – hirunews.lk)
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින ‘තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය, ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් කඩවත ප්‍රදේශයේ බැංකුවක ගිණුම් අටක් (08) පවත්වාගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, මෙම සැකකාර නීතිඥවරිය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සකස් කළ ගිණුම් හරහා විශාල වශයෙන් මුදල් ගණුදෙනු සිදු කර ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ බැංකු ගිණුම් අට පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙම ඝාතන සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනෙක් සැකකරුවන් තිදෙනා ලබන මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අධිකරණය මෙහිදී නියෝග කළා.
එසේම, මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහේෂ් ඔබේසේකර නමැති සැකකරු සන්තකයේ තිබී සොයාගත් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට ද අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දුන්නා.
මෙම සිද්ධිය යළි ලබන මස 05 වැනිදා කැඳවීමට අධිකරණයෙන් නියම කෙරුණා ෴
බම්පරයකින් යතුරුපැදිය උඩගොස් පසුපැදිකාරිය බිමට වැටී මරුට
(19.02.2026 – hirunews.lk)
බණ්ඩාරවෙල, කොන්තහෙල මාර්ගයේදී යතුරුපැදියක් මාර්ග බාධකයක් (බම්පරයක්) මතින් ගමන් කිරීමේදී ඉන් ඇද වැටුණු පසුපැදිකාරියක ජීවිතක්ෂයට පත්ව ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.
ඊයේ (18) සවස මෙම අනතුර සිදුව ඇත්තේ කොන්තහෙල ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ‘වේග පාලක බම්පරයක්’ මතින් ගමන් කිරීමේදී බව ද පොලිසිය සඳහන් කරනවා.
එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාව ඉන් ඉවතට විසි වී මාර්ගයට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.
අනතුරින් පසු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් ඇයව බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබුණා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා ෴
ගෑස් හිඟය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්
(19.02.2026 – hirunews.lk)
අනපේක්ෂිත ලෙස ඉල්ලුම ඉහළ යාම සහ පසුගිය සෙනසුරාදා (14) දින සිට දින දෙකක් (2) සැපයුම් අඩාල වීම හේතුවෙන් ඇති වූ තාවකාලික හිඟයෙන් පසුව, ඉදිරියේදී අඛණ්ඩව ගෑස් සැපයීමට ලිට්රෝ ගෑස් සමාගම සහතික වී තිබෙනවා.
මේ සතිය තුළ වැඩිපුර ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරන අතර, මේ මස අග භාගයේදී තවත් ගෑස් නෞකා කිහිපයක් මෙරටට ළඟා වීමට නියමිත බවයි එම සමගම සඳහන් කරන්නේ.
එබැවින්, අනවශ්‍ය ලෙස බිය වී ගෑස් තොග රැස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴
+++
ගෑස් පෝලිම් ගැන චාමර සම්පත් කැට තියලා – මාස තුනකට (3) පෙර කරපු ප්‍රබල අනාවරණය (19.02.2026)
+
ව්‍යාජ ඔප්පු සකසා රු. කෝටි 3 ක ඉඩම් වංචාවක් කළ නීතිඥයාට සහ ඔහුගේ කළමණාකරුට වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
(19.02.2026 – hirunews.lk)
ව්‍යාජ ලෙස ඔප්පු සකස් කර රුපියල් ලක්ෂ 300 ක මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා තුනකට (3) වරදකරුවන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ‘නීතිඥ වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු’ සහ ඔහුගේ කළමණාකරුට වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි තමාරා වික්‍රමසේකර ඊයේ (18) නියෝග කළා.
මෙසේ සිරදඩුවම් නියම වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ‘නීතිඥ වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු’ සහ ඔහුගේ කළමණාකරු වන ‘රන්පටි දේවගේ සමන් කුමාර’ යන දෙදෙනාටයි (2).
2009 වසරේ මාර්තු මස 03 වන දින හෝ ඊට ආසන්න දිනකදී වයික්කාල ප්‍රදේශයේ පිහිටි ‘වර්ණකුලසූරිය ජෝන් සරත් කුමාර තිසේරා’ නමැත්තෙකුට අයත් ඉඩමක්, ව්‍යාජ විකුණුම්කරයක් මගින් පවරා දෙන බව පවසා ‘කරුණාචාරිගේ සුසන්තා’ නැමැති කාන්තාව රවටා රුපියල් ලක්ෂ 300 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොවුන්ට එරෙහිව චෝදනා පහක් (5) යටතේ නඩු පවරා තිබුණා.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයන් වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් දෙදෙනාට (2) ඊයේ (18) අධිකරණයෙන් දඩුවම් නියම කෙරුණා.
චුදිතයින් දෙදෙනාට (2) එරෙහි පළමු චෝදනාවට වසර 03 ක සිරදඩුවම් සහ රුපියල් 30,000 ක දඩයක් සහ එම දඩය නොගෙවන්නේ නම් මාස 03 ක ලිහිල් සිරදඩුවම් ද, දෙවන/තෙවන චෝදනාවටව වසර 03 ක සිරදඩුවම් සහ රුපියල් 50,000 ක දඩයක් ද එම දඩය නොගෙවන්නේ නම් මාස 03 ක ලිහිල් සිරදඩුවම් ද, හතරවන/පස්වන චෝදනාවට වසර 10 ක සිරදඩුවම් සහ රුපියල් ලක්ෂයක (100,000) දඩයක් ද එම දඩය නොගෙවන්නේ නම් මාස 02 ක සිරදඩුවම් ද අධිකරණයෙන් නියම කෙරුණා.
මීට අමතරව, විත්තිකරුවන් දෙදෙනා (2) විසින් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ 08 බැගින් වන්දි ගෙවිය යුතු අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 12 ක සිරදඩුවම් නියම කෙරිණා.
නියමිත සිරදඩුවම් සියල්ල එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරිය නියෝග කළා.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අධිනීතිඥ ඔස්වෙල්ඩ් පෙරේරා කරුණු දක්වමින් කියා සිටියේ, වයඹ පළාතේ ඉඩම් ජාවාරම් බහුලව සිදුවන බැවින් සහ නීතිඥ වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හැරීමෙන් ජනතාව තුළ පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය පලුදු වන බැවින් විත්තිකරුවන්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සඳහන් කළේ මොවුන්ට පෙර වැරදි නොමැති බවත්, දෙවන (2) විත්තිකරු වසර 29 ක සේවා කාලයක් සහිත මහජන නියෝජිතයෙකු සහ නීතිඥයෙකු බවත්ය. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ සාක්ෂි හා කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මෙම විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩු 25 කට ආසන්න ප්‍රමාණයක් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර ඒවා ලබන මැයි මස 12 වන දින නැවත කැඳවීමට නියමිතයි ෴
UGC චක්‍රලේඛයට විරෝධය
(19.02.2026 – 20:49 +0530 – sinhala.adaderana.lk)
විශ්වවිද්‍යාල සිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා ආචාර්යවරුන් මැදිහත්විය යුතු බව පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛයට සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේද දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ, චක්‍රලේඛයේ අරමුණ නවකවදය වැළැක්වීම වුවත් මේ හරහා එම අරමුණ කිසිසේත් ඉටුනොවන බවය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉකුත් පෙබරවාරි 6 වැනිදා 2026/02 චක්‍රලේඛය නිකුත් කළේ විශ්වවිද්‍යාල සිසුන් සංවිධාන කරන විෂය බාහිර කටයුතු ඇතුළු සියලු ක්‍රියාකාරකම් ආචාර්යවරුන් සහ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව පවසමින්ය.
ඒ, නවකවදය වැළැක්වීම අරමුණ කරගනිමින්ය.
ඊට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් රාත්‍රී 10 ට අවසන් කළ යුතු බවට පරිපාලනය ගත් තීරණයකට එරෙහිව ඉකුත් අඟහරුවාදා එම විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වුණි.
මේ අතර, පේරදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය සඳහා ආණ්ඩුව මෙවැනි අණපනත් ගෙන එන බවය.
එවැනි පසුබිමක 2026/02 චක්‍රලේඛය සුදුසු පරිදි සකස් කරන ලෙස හෝ අවලංගු කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලිපියක් යොමුකර තිබේ.
මේ අතර, 2026/02 චක්‍රලේඛයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් අද (19) පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.
අනතුරුව ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකුට විශ්වවිද්‍යාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණි.
+
බෙදුම්වාදයට එරෙහිව කටයුතු කරන ලෙස ජනපතිට බලකෙරෙන මහජන පෙත්සමක්
(19.02.2026 – 19:21 +0530 – sinhala.adaderana.lk)
බෙදුම්වාදයට හා බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (19) ආරම්භ විය.
එම මහජන පෙත්සමට අත්සන් ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී අද (19) උදෑසන ආරම්භ වූ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.
ඒ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමිගේ මූලිකත්වයෙනි.
මෙම අවස්ථාවට ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60 ක සාමාජිකයින් ද සහභාගි වී සිටියේය.
මෙම මහජන පෙත්සම ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.
මේ අතර වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මහා සඟ සමුළුව හෙට (20) පස්වරු 2 ට කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී ආරම්භ වීමට නියමිතය.
මොනරාගල එක්සත් භික්ෂු සංසදය ද අද පැවසුවේ බුදුදහම නොසලකාහරින වත්මන් ආණ්ඩුවට විරෝධය පාමින් මෙම සඟ සමුළුවට හෙට (20) සහභාගී වන බවය ෴
+++
එළාර යුගය නැවත ආරම්භ වුණාද සැකයි – භික්ෂූන් වහන්සේලාට අද කහකඩයෝ කියනවා (19.02.2026)
+++
මහා සංඝ සමුළුවට තව පැය කීපයක් තියෙද්දී – අමරපුර නිකායේ හිමිවරු පෝලිමට ජනපති කාර්යාලයට (19.02.2026)
+
දේශපාලන බලපෑම් ගැන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් කළකිරීමෙන්
(19.02.2026 – 17:56 +0530 – sinhala.adaderana.lk)
ඉඩම් රාජකාරී ඉටු කිරීමට අදාළව සිදුකරන අහිතකර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් විසින් ඇතැම් අවස්ථාවන්හි විවිධ ප්‍රාදේශීය ලේකම්වරු වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන බවය.
ඉඩම් රාජකාරී සඳහා අහිතකර දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ද එම සංගමය ඉල්ලා සිටියි.
ඒ සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු හෝ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ කාර්යාලයේ ඒ සඳහා නම් කළ නිලධාරීවරයෙකු යොමු කරන ලෙස ඔවුහු පවසති.
එසේ නොවන්නේ නම් දේශපාලන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලිපියක් රැගෙන අදාළ ගැටලු නිරාකරණය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමේදී අදාළ ආරවුල් සම්බන්ධයෙන් තීරණ ගැනීම විනිවිධභාවයෙන් සිදු කිරීමට නොහැකිය.
එමඟින් ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තබා ඇති විශ්වාස පළුදුවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය අවධාරණය කරයි.
එමෙන්ම ඉඩම් රාජකාරීවලදී සිදු කරනු ලබන මෙවැනි අනිසි මැදිහත්වීම් වළක්වා ගැනීමට දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් වන ඉඩම් ගැටලු අදාළ කාර්යාල වෙත යොමු කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසට ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති ෴
ෆොන්සේකා මහත්තයෝ මජර වැඩ එපා – කිව්වොත් කියන්නේ මහ මෝඩ කතාවක් (19.02.2026)
+
මාලිමා මන්ත්‍රීගේ ගංජා සිද්දියට ගෙදර යැවූ පොලිස් නිලධාරියාට ආපහු රැකියාව ලැබෙයි (19.02.2026)
+
ආරක්ෂක කමිටු කේස් එක ගැන සජිත්ට තොරතුරු දුන්නු අයව CID කැඳවලා – සජිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි (19.02.2026)
+
මාලිමාවට අනුව පාතාලේ දේශපාලනිකයි – ආණ්ඩුවේ ආශිර්වාදයෙන්ද පාතාලේ රඟන්නේ (19.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴