අමරකීර්ති අතුකෝරළ ඝාතනයට දේශපාලන නායකත්වය දුන් පිරිසට ඉදිරි ආණ්ඩුවකදී නීතිය ක්‍රියාත්මකයි : සුගීශ්වර බණ්ඩාර
(14.02.2026 – hirunews.lk)
අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයාගේ ඝාතනයට ගාලු මුවදොර අරගලයේ සිට උපදෙස් ලබා දුන් දේශපාලන නායකත්වය ඇතුළු ඒ අදාල දේශපාලඥයන්ට එරෙහිව ඉදිරි ආණ්ඩුවකදී අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් ඊට අදාල සාක්ෂි මේ වන විට තමන් සතු බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් අමරකීර්ති මන්ත්‍රීවරයාගේ ඝාතන නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි.
එම ඝාතන සිද්ධියට ඔහුද වග කිවයුතු කෙනෙකු බවට ඔහු විසින්ම ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය අනුව 2022 මැයි 09 වෙනිදා නිට්ටඹුවේ නොසන්සුන්කාරී තත්ත්වය ඇතිකිරීමට අවශ්‍ය මතය හා උපදෙස් ලබාදීමට දේශපාලනමය වශයෙන් පිරිසක් කටයුතු කර ඇති බවට එම ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත් ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් නිර්මල් රංජිත් දේවසිරි මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට හැකියාව පවතින බවද සුගීශ්වර බණ්ඩාර පෙන්වා දෙනවා.
මැයි 09 වැනිදා අරගල භූමියට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ප්‍රහාරයක් එල්ල කළේ එතන සිටි නළුවෙකු බවත් ඔහු දැන් මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත් ඔහුට එරෙහිව සාක්‍ෂි තිබෙන බව ද හෙතෙම සදහන් කරනවා.
නමුත් ඔහු සම්බන්ධයෙන්ද නීතිය දැනට ක්‍රියාත්මක නොවන බවත් ඉදිරි ආණ්ඩුවකදී ඔහුට එරෙහිව ද අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද සුගීශ්වර බණ්ඩාර කියා සිටියා.
මැයි 09 වැනිදා අමරකීර්ති මන්ත්‍රීවරයාට පෙර තව පොඩ්ඩෙන් ප්‍රහාරය එල්ලවන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් එය සජිත් ප්‍රේමදාස මහතාගේ කුමක් හෝ වාසනාවක් නිසා එම ප්‍රහාරය සාර්ථක නොවූ බවත් සුගීශ්වර බණ්ඩාර කියා සිටියා.
මැයි 09 වැනිදා රටපුරා ගෙවල් ගිනි තැබීම් සිදුකරමින්, පහර දීමේ සිද්ධි ඇතුළු රටපුරා ඇති කළ භීෂණයට ගාලු මුව දොර අරගලයේ සිට දේශපාලන නායකත්වයක් විසින් උපදෙස් ලබා දුන් බවත් ඒ ගැන තමන් එදා සිට ප්‍රකාශ කළ බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ ප්‍රකාශයෙන් ඒ බව තවදුරටත් පැහැදිලි වන බවද සුගීශ්වර බණ්ඩාර සඳහන් කරනවා.
මැයි 09 වැනිදා කොළඹට පැමිණි එකම වාහනයකටවත් කොළඹින් පිටවීමට ඉඩ නොදී වටකර පහර දෙන ලෙසට ගාලු මුව දොර සිට ක්‍රියාත්මක වූ දේශපාලන නායකත්වය රට පුරා ඔවුන්ගේ සංවිධාන ජාලයට දැනුම් දුන් බවත් ඒ දැනුම් දුන් whatsup පණිවිඩ ඇතුළු සන්නිවේදනවල සාක්ෂි ද තමන් සතු බවත් ඒ අනුව මෙය සිතාමතාම කරන ලද භීෂණයක් බවට සාක්ෂි ඇති බවත් සුගීශ්වර බණ්ඩාර කියා සිටිනවා.
මැයි 09 වැනිදා උදෑසන ගාලු මුව දොර ඇතිවූ සිද්ධියට පෙර මුලින්ම භීෂණය ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ අරගලකරුවන් බවත් 2022 මාර්තු 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල බස් රථ ගිනි තබා භීෂණය ඇති කර සිද්ධිය ඔවුන්ට අමතක ද යන්න කියා තමන් ප්‍රශ්න කරන බවද සුගීශ්වර බණ්ඩාර සඳහන් කරනවා.
මීට අමතරව අප්‍රේල් 03 වැනිදා බැසිල් රාජපක්ෂ, රේණුක පෙරේරා, රොෂාන් රණසිංහ. ගාමිණී ලොකුගේ එස්.එම්. චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාසවලට ප්‍රහාර එල්ල කළේ අරගලකරුවන් බවත් ඒ නිසා භීෂණය මුලින්ම ආරම්භ කර තිබෙන්නේ ඔවුන් බවට සාක්‍ෂි ඕනෑ තරම් පවතින බවත් ඒ අනුව මැයි 09 වැනිදා උදෑසන සිද්ධිය ආරම්භයක් කොට ගෙන අසත්‍ය චෝදනා එල්ල කිරීමට අරගලයට සහයෝගය දුන් පිරිස් අසාර්ථක උත්සාහයක යෙදෙන බවද සුගීශ්වර බණ්ඩාර විසින් පෙන්වා දෙනු ලබනවා.
මීට අමතරව අරගලය දිනවලදී පාර්ලිමේන්තුව ගිනි තැබීමට සැලසුම් කරපු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සිව් දෙනකු (4) වර්තමාන කැබිනට් මණ්ඩලය නියෝජනය කරන බවත් එම සියළු දෙනා පාර්ලිමේන්තුව ගිනි තැබීමට පැමිණෙන ලෙසට ප්‍රසිද්ධියේ කරන ලද ඉල්ලීම් වල වීඩියෝ දර්ශනද සාක්ෂි වශයෙන් තිබෙන බවත් එම නිසා එම සිව් දෙනාට එරෙහිව ද ඉදිරි ආණ්ඩුවකදී අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා ෴
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට වෙඩික්කරුවන් ආ මෝටර් රථය ගාල්ලේදී ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ
(15.02.2026 – 02:11 +0530 – sinhala.adaderana.lk)
තලන්ගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවය.
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථයක ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී නිලධාරීන් දැක ඇත්තේ අදාළ මෝටර් රථය ගිනි ගනිමින් තිබෙන බවය.
මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජයලත් සිල්වා’ නොහොත් ‘කරන්දෙණියේ සුද්දා’ නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.
අදාළ නීතීඥවරයා මීට පෙර ‘කරන්දෙණිය සුද්දා’ගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට අනතුරුව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ‘ලොකු පැටී’ නැමැති අපරාධකරුගේ නඩු කටයුතු සඳහා පෙනී සිට ඇති බවත් ඒ අනුව, ‘කරන්දෙණිය සුද්දා’ගේ තොරතුරු ‘ලොකු පැටී’ නැමැත්තාට ලබාදී ඇති බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය මින් පෙර සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ෂණ පවත්වයි.
+
අනුර කරන්නෙම මහින්දව අනුකරණය කරන එක (14.02.2026)
+
මිනීවළවල් හාරන සිංහල කොටියා ලොකු ජරාවක් ගිලලා ඉන්නෙ… සේපාල් අමරසිංහත් මේවට වගකියන්න ඕනෙ (14.02.2026)
+
නාගානන්දගේ පැටිකිරිය එළියට! (14.02.2026)
+
ප්‍රියංකර UNPය දාල ගියේ ඇයි (14.02.2026)
+
දූෂිත ලේබලයෙන් රට ගලවාගත් මාලිමාව (14.02.2026)
+
අකුරේගොඩ වෙඩි තැබීම ගැන ඔබ නොහිතන තොරතුරු මෙන්න (14.02.2026)
+
ද්‍රෝහීන්ට පාවාදෙන්නන්ට උන් වෙනුවෙන් පෙනී සිටින්නන්ට මරණයද මේ? (14.02.2026)
+
නිවසක තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී
(15.02.2026 – 11:09 +0530 – sinhala.adaderana.lk)
කන්තලේ, රජඇළ, යුනිට් 05 හි නිවසක නවතා තිබූ මෝටර් රථයක් අද (15) අලුයම හදිසියේ ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අද (15) අලුයම 5 ට පමණ සිදුව ඇති මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර මහත් කැලඹීමක් ඇති වී තිබුණි.
මෝටර් රථය දැවෙන බව දුටු පවුලේ අය සහ අසල්වැසියන් වහාම රැස්වී ගින්න පාලනය කිරීමට උත්සාහ කළද, ගින්න වේගයෙන් පැතිර ගොස් මෝටර් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇතැයි ‘අද දෙරණ වාර්තාකරු’ පැවසීය.
ගින්නට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, කවුරුන් හෝ විසින් හිතාමතාම ගින්න ඇති කළාද? නැතහොත් විදුලි කාන්දුවක් හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය ගිනි ගත්තේ දැයි සොයා පරීක්ෂණ සිදුකෙරේ.
කන්තලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
+
අහංගම කබලාන වෙරළේ තාවකාලික කුටි පවත්වාගෙන යාමට කොන්දේසි සහිත අවසරයක්
(15.02.2026 – hirunews.lk)
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (13) දින ඉවත් කරන ලද අහංගම කබලාන වෙරළ තීරයේ පිහිටි විදේශිකයන් සඳහා වූ තාවකාලික කුටි, දැඩි කොන්දේසි කිහිපයක් මත නැවත පවත්වාගෙන යාමට ඊයේ (14) අවසර ලබා දී තිබෙනවා.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ පුෂ්පකුමාර සහ වැල්හේන්ගොඩ වෙරළ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් අතර අහංගම පොලිස් ස්ථානයේදී පෙරේදා (13) සවස පැවති විශේෂ සාකච්ඡාවකදී එම දෙපාර්තමේන්තුව මෙම එකඟතාවට පැමිණ ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

අලුතින් ඇති කරගත් එකඟතාව අනුව කබලාන වෙරළ තීරයේ තුනෙන් දෙකක (2/3) ප්‍රමාණයක් මහජනයා වෙනුවෙන් නිදහස්ව තිබිය යුතු අතර, ඉතිරි තුනෙන් එකක (1/3) කොටසේ පමණක් මෙම තාවකාලික ඇඳ සහිත කුටි පවත්වාගෙන යාමට අවසර හිමිව තිබෙනවා.
එමෙන්ම, වැල්හේන්ගොඩ වෙරළ සුරැකීමේ සංවිධානයේ පැරණි සාමාජිකයන් 20 දෙනාට එක් අයෙකුට ඇඳන් 05 බැගින් ද, අලුත් සාමාජිකයන්ට එක් අයෙකුට (01) ඇඳන් 03 බැගින් ද පවත්වාගෙන යාමට අනුමැතිය ලැබී තිබුණා.
මෙම ඇඳන් පහක් (05) සඳහා අඩි 10 ප්‍රමාණයේ ‘සමර් හට්’ එකක් (01) බැගින් භාවිත කිරීමට ද සහකාර අධ්‍යක්ෂවරයා අවසර ලබා දී තිබෙනවා.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (13) දින මෙම කුටි ඉවත් කිරීමට පියවර ගත් අවස්ථාවේදී එහි අයිතිකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණා. අනතුරුව පොලිසිය මැදිහත් වී අදාල පාර්ශ්වයන්ට සාකච්ඡාවක් සඳහා පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.
මෙම අවස්ථාව සඳහා හබරාදුව ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති රවිෂාන් ගමගේ, අහංගම පොලිස් ස්ථානාධිපති නාලක ජයවීර යන ඇතුළු පිරිසක් සහභාගී වූණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴