පාර්ලිමේන්තුව ගිනි තැබීමට උත්සාහ කළ දැන් ඉන්න සමහර ඇමතිවරුන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි : මරික්කාර්

පාර්ලිමේන්තුව ගිනි තැබීමට උත්සාහ කළ දැන් ඉන්න සමහර ඇමතිවරුන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි : මරික්කාර්


පාර්ලිමේන්තුව ගිනි තැබීමට උත්සාහ කළ දැන් ඉන්න සමහර ඇමතිවරුන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි : මරික්කාර්

(12.02.2026 – hirunews.lk)

අරගල සමයේදී පාර්ලිමේන්තු සංකීර්ණයට ගිනි තැබීමට උත්සාහ කළ අයටද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළ අයට මෙන් නීතියෙන් දඬුවම් නියම විය යුතු බව බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද (12) ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණුයි ඔහු මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මන්ත්‍රීවරයා :

“අරගල සමයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූවන්ට අධිකරණය විසින් ලබා දුන් තීන්දුව අපි අගය කරනවා.

ඒවගේම අරගලය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තබමින් දේපලවලට විනාශ කරපු කට්ටියට ඒ වාගේම පාර්ලිමේන්තු සංකීර්ණයට ගිනි තැබීමට උත්සාහ කළ අයට ද නීතියෙන් දඬුවම් ලබා දිය යුතුය.

පාර්ලිමේන්තුවට ගිනිතියන්න උත්සාහ කරපු අවස්ථාවේදී ඒ පිටුපස හිටියෙත් වර්තමානයේ ඉන්න සමහර කැබිනට් අමාත්‍යවරුන්.

අරගලකරුවන්ට එක්රැස්වෙන්න කියලා පණිවිඩ දුන්නේත් වර්තමාන ආණ්ඩුවේ ඉන්න සමහර කැබිනට් අමාත්‍යවරුන්.

ඒ නිසා ඔවුන්ට එරෙහිවත් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි ෴


බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටි සිසුන් තිදෙනෙකු (3) රෝහලට

(12.02.2026 – 12:16 +0530 – sinhala.adaderana.lk)

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු (3) තුවාල ලබා තිබේ.

කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයට අයත් බැකෝ යන්ත්‍රයක් එම වැඩ ඒකක භූමිය සහ පාසල වෙන් කෙරෙන තාප්පයේ ගැටීමෙන් තාප්පය කඩා වැටී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු (3) ඊට යටවී ඇති අතර ඔවුන් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් එක් (1) සිසුවෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකි (3).

සිද්ධියට අදාළ 48 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

+++

+


දෙහිවල නීතිඥ නිවසින් රු. කෝටියක රන් භාණ්ඩ සොරාගත් සැකකරු මසකට පසු දැලේ

(12.02.2026 – hirunews.lk)

දෙහිවල – මුහුදු පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නීතිඥවරයෙකුගේ නිවසකට ඇතුළු වී රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න රන් භාණ්ඩ සොරාගත් සැකකරුවෙකු සිද්ධියෙන් මාසයකට පමණ පසු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවය කරනු ලබන අදාළ නීතිඥවරයා ඇතුළු නිවැසියන් නිවසේ තද නින්දේ පසුවූ අවස්ථාවේදී ඉකුත් (17) වැනිදා අලුයම් කාලයේදී මෙම සොරකම සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ජනේලයකින් නිවස තුළට ඇතුළු වී ඇති සැකකරු නිවැසියන්ට නොදැනෙන සේ ඉතා සූක්ෂම ලෙස මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් රන් පවුම් 20 කට ආසන්න ප්‍රමාණයක් සොරාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, ඔහු විසින් මොරටුව සහ කළුතර ප්‍රදේශවල මූල්‍ය ආයතන වෙත උකස් කර තිබූ රන් භාණ්ඩ පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.

එහෙත් එම අවස්ථාව වන විටත් අදාළ ආයතන විසින් එම රන් භාණ්ඩ උණු කර තිබූ බව වාර්තා වේ.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකරගේ උපදෙස් මත, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය මෙහෙයවනු ලැබුවා ෴


මත් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 7 ක් දැලේ

(12.02.2026 – hirunews.lk)

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය පානය කර සේවයේ යෙදී සිටි පෞද්ගලික බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන සහ නගරය හරහා ධාවනය වන පෞද්ගලික බස් රථවල කාර්ය මණ්ඩල ඉලක්ක කරගනිමින් මෙම පරීක්ෂාව සිදු කළ බවයි පොලිසියි පවසන්නේ.

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පිළියන්දල පොලිසිය ඒකාබද්ධව සංවිධානය කළ මෙම මෙහෙයුම පැය පහකට (5) ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ බව ද පොලිසිය සඳහන් කරනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට අයත් විශේෂ බස් රථයක් තුළදී සිදුකළ මෙම පරීක්ෂාවේදී, බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 දෙනෙකු දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී පුද්ගලයින් හත් දෙනෙකුගේ (7) ශරීර තුළ විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම පරීක්ෂාවට ලක්වූවන් අතර 120 (කැස්බෑව – පිටකොටුව), 255 (ගල්කිස්ස – කොට්ටාව), 162 (පිළියන්දල – බණ්ඩාරගම), 341 / 341-2 (පිළියන්දල – මහරගම), 342 (පිළියන්දල – කොට්ටාව) සහ 157 / 157-1 (පිළියන්දල – කහපොල / මාකන්දන) යන මාර්ගවල ධාවනය වන බස් රථ සේවකයින් යොදා ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මගී ජනතාවගේ ජීවිත අවදානමට ලක් කරමින් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන්නන් හඳුනා ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පිළියන්දල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනවා ෴


ගල්කිස්සේ නිවෙසක ගිනි අවියක් සමග ව්‍යාජ අංක තහඩු තොගයක්

(12.02.2026 – hirunews.lk)

ගල්කිස්ස, පිරිවෙන පාර ප්‍රදේශයේ නිවෙසක තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සමග මුදලක් රුපියල් ලක්ෂ 08 ක්, ව්‍යාජ අංක තහඩු 30 ක් ඇතුළු දේපල රාශියක් සොයා ගත් බව ගල්කිස්ස පොලිසිය පවසනවා.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටිමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකාරියකගෙන් ලද තොරතරු මත කළ වැටලීමකදී මේවා සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

සොයා ගත් ‍ඒවා අතර ‘ෂොට් ගන්’ වර්ගයේ ගිනි අවියක්, ජීවි ප‍තරොමක්, යතුරුපැදි ඉදිරිපස හා පිටුපස ව්‍යාජ වාහන අංක තහඩු 08 ක්, ත්‍රීරෝද රථ ඉදිරිපස හා පිටුපස ව්‍යාජ අංක තහඩු 04 ක්, මෝටර් රථ ඉදිරිපස හා පිටුපස ව්‍යාජ අංක තහඩු 18 ක්, ඉලෙක්ට්‍රොනික තරාදියක්, රන්මාල 02 ක්, රන්වළලක් (01) සහ රන් මුදුවක් (01) වෙයි.

මෙම දේපල සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවකුගෙන් අදාල සැකකාරියට ලැබී තිබූ බවට සිදුකරන ලද විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා ෴


මත්ද්‍රව්‍ය ජාවාරමකුගේ රු. කෝටි 2 ක් වටිනා නිවසක් තහනම් කරයි

(12.02.2026 – hirunews.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේවන විට බන්ධනාගාරගතව සිටින ‘අජිත් පෙරේරා’ හෙවත් ‘දීගල සමන්‘ නැමැත්තාගේ රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබෙනවා.

අවිස්සාවේල්ල – ඉහළ තල්දූව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිවස නීතිවිරෝධි ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවටයි සැකකරන්නේ.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඊයේ (11) සිට දින 07 ක කාලයක් සදහායි මෙම දේපළ තහනම් කර ඇත්තේ ෴


ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

(12.02.2026 – 20:48 +0530 – sinhala.adaderana.lk)

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

මාධ්‍ය නිවේදනය : [පිටුව 1][පිටුව 2]

+++.

The quickest way to find your Android IMEI number is to open the phone app, dial *#06# , and the 15-digit code will appear automatically. Other methods include checking Settings > About Phone, inspecting the SIM tray, or looking at the original box.


CID අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක්

(12.02.2026 – 11:34 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මේ දිනවල මහජනතාව වෙත යොමු කරන බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර (Shani Abesekara. Director of the Criminal Investigation Department (CID), Colombo 07, Sri Lanka, NationWide Could, Protection 24/7) යනුවෙන් ව්‍යාජව සකස් කළ email පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙලෙස මහජනතාව වෙත යොමු කරන බව පොලීසිය පවසයි.

මෙම email පණිවිඩය කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොමු කරනු ලැබූ විද්‍යුත් තැපැල් පණිවිඩයක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

noucinatacha20@gmail.com, police.cid.lk@gmail.com යන විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කර ඇති ඉහත ව්‍යාජ විද්‍යත් පණිවිඩ මහජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු ලබාගැනීම යන වංචනික ක්‍රියාවන් සිදුකිරීමේ අරමුණින් යොමු කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

එමෙන්ම ඉහත පණිවිඩය යොමු කරනු ලැබූ පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම හා ඒ හා සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින් යොමු වන පණිවිඩයේ ඇතුලත් අන්තර්ගතයට අදාළ ඔබගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසට පොලීසිය මහජනතාව වෙත දැනුම් දී තිබේ ෴


ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා පුද්ගලික රෝහලක බෙහෙත් ලබා දෙනවා (12.02.2026)

+


මේක තමයි ලෝකේ තියෙන භායානකම මත්ද්‍රව්‍ය – එක පාරක් ගත්තොත් ඇබ්බැහි වෙනවා (12.02.2026)

+


මන්ත්‍රීගේ ගංජා කේස් එකට වැඩ තහනම් වූ පොලිස් නිළධාරියා මානව හිමිකම් කොමිසමට එයි (12.02.2026)

+


බාල ගල් අගුරු ප්‍රශ්නයට සජිත් එන්ටර් වෙයි – නිලධාරීන්ගෙන් කෙලින්ම ප්‍රශ්න කරයි (12.02.2026)

+


මේ කථානායක අශෝක රන්වලට වඩා හපන් | කථානායක කොහොමද නීතියට උඩින් ඉන්නේ..? | මරික්කාර් (12.02.2026)

+++

ලයිම් ගෙදරක කෑම කන ෆොටෝ එකක් නෑ – ඒ වුණාට දකුණු ඉන්දියානු නළුවෝ පරාදයි මෙයාට (12.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *