කතානායකගේ පෞද්ගලික ලේකම්ට එරෙහිව සජබය අල්ලස් කොමිසමට
(11.02.2026 – hirunews.lk)
පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාලව, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් සාක්ෂි වසන් කරන බව කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (11) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් අල්ලස් කොමිසමට මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එහි විභාගයට අදාල සාක්ෂි වසන් කරන බවයි සමගි ජන බලවේග මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්නේ.
පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළේ අල්ලස් කොමිසමේ පරීක්‍ෂණවලට අදාලව සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමට කිසිවෙකුට නොහැකි බවයි.
අපි හිතනවා අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් එයට සාක්ෂි වසන් කරන්න හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න බෑ.
මෙවැනි ක්‍රියා අපි හෙළා දකිනවා. අපි නැවත කියනවා මෙහි නිවැරදි පරීක්ෂණයක් කරන්න කියලා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළා.
අල්ලස් කොමිසමේ ඇති ස්වාධීනත්වය ජනතාවට පෙන්වන්න පුළුවන් හොඳම අවස්ථාව මෙය බවයි මෙම අවස්ථාවට එක් වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රකාශ කළේ.
එම නිසා මෙම පරීක්ෂණවලට බාධා වෙන ලෙස ක්‍රියා කිරීමට කාටවත් අයිතියක් නෑ. මේ ආණ්ඩුව ගල් අඟුරු සිද්ධිය, විදුලිබලය විකිණීමේ සිද්ධිය ඇතුළු සිද්ධීන් ගණනාවකදී වංචාවන් සිදු කර තිබෙනවා. යනුවෙන්ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මුජිබර් රහුමාන් , චතුර ගලප්පත්ති , එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරුන්ද අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.
+++
+
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ
(11.02.2026 – hirunews.lk)
2026 වර්ෂයට අදාළව ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක සඳහන් කළේ, එම ක්‍රියාවලිය සඳහා ග්‍රාම නිලධාරීන් නිවෙස් වෙත නොපැමිණෙන බවයි.
මේ අනුව 2025 ඡන්ද හිමි නාමලේඛනයේ ඉවත්වන සහ 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය කෙරෙනු ඇති.
මීට අමතරව https://elections.gov.lk/ වෙබ් අඩවිය හරහා ද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීමට අස්ථාව සලසා ඇතැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා ෴
කිව්ව දේ කරන්න බෑ, මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕන – දිලිත් ජයවීර කියයි
(11.02.2026 – 20:23 +0530 – sinhala.adaderana.lk)
රටේ ජනතාවට ධනය ලැබීමේ ක්‍රම නිර්මාණය කළ යුතු බවත්, ඒ සඳහා ඇති විසඳුම ව්‍යවසායකත්ව රාජ්‍යය සංකල්පය බවත් ‘සර්වජන බලය’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (11) කොටගල පැවති ජන හමුවකට එක්වෙමිනි.

“කොච්චර අසරණ වෙලාද මේ දිස්ත්‍රික්කේ. කිව්ව දේ කරන්න බෑ. දැන් එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ, මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕන. ඒ වෙනුවට ජනපති දැන් මොනවාද දිගින් දිගටම කියාගෙන යන්නේ? මේ රටේ ජාතිවාදයක් තියෙනවාලු, අන්තවාදයක් තියෙනවාලු, ඒකට හිස ඔසවන්න ඉඩදෙන්නේ නැහැලු. මේ ජනාධිපතිවරයාට ඕනේ වෙලා තියෙනවා එයාගේ බලය තියාගන්න නැති ජාතිවාදයක් මේ පොළොවේ හදන්න.
මේ රටේ හැම මනුස්සයෙක්ගේ අතටම සල්ලි යන්න ඕන. ඔබ හිතන් ඉන්නවා මෙවර පඩි වැඩිවෙයි කියලා. මම එක දෙයක් කියන්නම් – ලංකාවේ පඩි වැඩිවෙනවා නම් හරි අස්වැසුම වැඩිවෙලානම් හරි එක දෙයයි කරන්න තියෙන්නේ. ඊට සතියකට කලින් කඩේට ගිහින් බඩුවල ගණන් ලියාගන්න පඩි වැඩිවුණාට පසු නැවත කඩේට ගිහින් ගණන් ලියාගන්න අනිවාර්යයෙන් බද්දක් ගහලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට.
ධනය ලැබෙන්න ක්‍රමයක් ඕන – ඒ ක්‍රමය තමයි අපි කියන මේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය. ඒ විදියට තමයි ලෝකේ රටවල් රැසක් දියුණු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට සල්ලි එන ක්‍රමයක්, දුප්පත්කම නැතිවෙන ක්‍රමයක් සොයාගත යුතුයි. ඒකට තමා අපි මේ මහන්සි වෙන්නේ. අපි සර්වජන සභාවක් හදමු මේ කොටගල කොට්ඨාසයේ. එකා එකා ගොඩ අරගෙන. විශේෂයෙන්ම මේ කාන්තා ව්‍යවසායකත්වය ගොඩඅරගෙන අපි ගොඩඑන්න ඕන.”
මේ අතර දිට්වා සුළි කුණාටුව හමුවේ දැඩිව විනාශ වූ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු එම ප්‍රදේශයේ ගැටලු විමසා බැලීමටද දිලිත් ජයවීර මහතා කටයුතු කළේය ෴
මොඩියුල අකුලා ගත්තේ නැහැ – ක්‍රියාත්මක කරනවා – හරිනිගේ උද්ධච්ච ප්‍රකාශය (10.02.2026)
+
අනුර බිමල්ට බිමල් අනුරට මොලෙන් ගහන හැටි (10.02.2026)
+
ගම්පහින් හෙලිවූ මාලිමාවෙ මෝඩකම හොරකම සහ බොරුව (10.02.2026)
+
මාලිමා මන්ත්‍රීනි නොදන්න මාලිමාවේ කුණුහරප සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ! (10.02.2026)
+
ආණ්ඩුවේ ආයුෂ ඉවර බව පෙන්වන සමුපාකාර ඡන්ද වල ඇත්ත කතාව මෙන්න (10.02.2026)
+
ඕයි ඕයි දයාසිරි, මොනවද ඔය කියන්නේ ? කට තිබුණු පළියට ඕවා කියන්ඩත් එපා, කරන්ඩත් එපා (11.02.2026)
+
තඹුත්තේගම අනුර දැන් ලෝක බලවතෙක්… ජේවීපී මෝල්ලු මේවටත් අහුවෙනවා (11.02.2026)
+
ක්‍රිකට් ගැන කුණු ජෙප්පන්ගේ මරිමෝල් බොරු කතා (11.02.2026)
+
අද නඩු තීන්දුව, දේශපාලන ලණු කන හැමෝටම හොඳ පාඩමක් (11.02.2026)
+
මේක නිදහස සැමරීමට බෞද්ධ කොඩිය බාධාවක් වන යුගයක් – ආචාර්ය චමිල ලියනගේ (11.02.2026)
+
12 කට මරණ දඬුවම අමරකීර්ති නඩු තීන්දුව (11.02.2026)
+
අනුර සහ රෝස මල (11.02.2026)
+
අමරකීර්ති ඝාතණයේ තීන්දුව, රටට කියා දුන් අමුතු පහේ පාඩම! (11.02.2026)
+
කොරෝනා වෛරසයට වඩා භයානක වෛරසයක් රට තුල (11.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴