2019 ට පෙර ලබාගත් සියලුම සිම්පත් යළි ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙයි : රජයෙන් නව රෙගුලාසි

2019 ට පෙර ලබාගත් සියලුම සිම්පත් යළි ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙයි : රජයෙන් නව රෙගුලාසි


2019 ට පෙර ලබාගත් සියලුම සිම්පත් යළි ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙයි : රජයෙන් නව රෙගුලාසි

(10.02.2026 – hirunews.lk)

2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සියලුම සිම්පත් සඳහා පාරිභෝගික තොරතුරු යළි ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා.

2019 අගෝස්තු 02 දින ප්‍රකාශයට පත් කළ සිම්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි බලපැවැත්වූයේ ඉන් පසුව නිකුත් කළ සිම්පත් සඳහා පමණක් බැවින්, ඊට පෙර නිකුත් කළ බොහෝ සිම්පත්වල හිමිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු විදුලි සංදේශ සේවා සපයන්නන් සතුව නොමැති බව රජය පෙන්වා දෙනවා.

සිම්පත්වල හිමිකරුවන් පිළිබඳ නිසි තොරතුරු නොමැති වීම නීතිමය සහ අපරාධ විමර්ශන කටයුතුවලදී බරපතල බාධාවක් වී තිබෙනවා.

ව්‍යාජ හෝ අනවසර තොරතුරු මත ක්‍රියාත්මක වන සිම්පත් මගින් සිදුවන අයථා ක්‍රියා පාලනය කිරීම මෙහි අරමුණක්.

වයස අවුරුදු 16-17 අතර පසුවන්නන් සඳහා සිම්පත් ලියාපදිංචි කිරීම සහ විදේශිකයන්ට සිම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය මේ අනුව විධිමත් කෙරෙනු ඇති.

එබැවින් දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා ෴


කුරුණෑගල හෙල්මට් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

(10.02.2026 – 13:05 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක අද (10) හදිසි ගින්නක් ඇතිවී තිබේ.

ඇතිවූ ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වෙයි.

ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

+++

+++

+


වහාම මහා සංඝරත්නයට හිංසා කරන එක නවත්තනු සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක් (10.02.2026)

+


දිලිත් කස්සප හිමිගේ නඩු ෆයිල් එකත් අරන් – වහාම මහ නා හිමිවරු හමුවට (10.02.2026)

+


අනුරාධපුරෙන් මහා සංඝයා ත්‍රී’මලේට වඩී – මුතු කුඩේ දෙකට කැඩෙන්න හිමිවරුන්ට ගැහුවා (10.02.2026)

+


විදුලි සේවකයෝ රටම අඳුරට යවන්න – දැඩි තීන්දු රැසක් වහාම අර ගනියි (10.02.2026)

+


මම සිංහල බෞද්ධ – මම කාටවත් බය නෑ – නාමල් රාජපක්ෂ අද හොඳම එකෙන් අමතයි (10.02.2026)

+


ස්මාර්ට් බෝඩ් ගන්න 18,000 ගාණේ එකතු කරලා – සල්ලි දුන්න නොදුන්න ළමයි පන්ති දෙකකට කඩලා (10.02.2026)

+


යාපනය කැලඹූ පොලිස් වෙඩි තැබීම – 17 හැවිරිදි රියදුරා වෙඩි පහරින් ජීවිතයට සමු දෙයි (10.02.2026)

+


මේ නොන්ඩි ආණ්ඩුව චණ්ඩි වෙලා – යටියන්තොටට ගිය දිලිත්ට යකා වැහෙයි (10.02.2026)

+


වයසක අම්මලා තාත්තලා රවට්ටලා ඔන්ලයින් ගහන ගේම් මෙන්න… රැවටිලා සේසතම නැති කරගන්නනම් එපා (10.02.2026)

+


ලක්ෂ 50 ක රන්මාල කොල්ලයේ ඇග හිරිවැටෙන සීසීටීවී එළියට, කඩු පෙන්නලා ගම්පහ හෙල්ලූ මැරයින් දෙන්නා මාට්ටු (10.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *